නිවසේදීම ඔබේ නියපොතු වලට කලහැකි පුදුමාකාර දේවල් 10 ක්

මිනිස් නියපොතු අශ්වයෙකුගේ කුර තරම් ශක්තිමත් බව පර්යේෂන වලින් සොයාගෙන තිබෙනවා.නමුත් මේ නියපොතු වල විවිධ ගැටළු තවමත් අපිට ඇති වෙනවා. වියළි බව, අධික තෙතමනය, නිය ආලේපන ඉවත් කරන ද්‍රවයය භාවිතා කිරීම වැනි දෑ නිසා නියපොතු ඉරිතැලීම වැනි දෑ සිදු වෙනවා. ඉතින් ඔබ මේ සදහා කරන්නේ මොකද්ද ? ඔබ බොහෝ දෙනා සිදු කරන්නේ රූපලාවන්‍යගාර වලට යනව නේද. ඒත් ඇත්තටම ඔබට මේ සදහා රූපලාවන්‍යගාර වලටම යන්න ඕන නෑ. ඔබේ නියපොතු සුන්දර කර ගැනීම ඔබට නිවසේ සිටම සිදු කරන්න පුළුවන්. අද අපි ඔබට අරගෙන ආවේ ඔබේ නිය සුන්දර කර ගැනීම සදහා ඔබට නිවසේ සිටම සිදු කර ගත හැකි දේවල් කිහිපයක්. ඔබේ සුන්දරත්වය ගැන බොහෝ වද වෙන ඔබටත් මෙය බොහෝ වැදගත් වේවි. කියවලම බලන්නකෝ. 

01. පිපිඤ්ඤා ආලේප කරන්න. 

ඔබට බොහෝ නියපොතු වල ගැටලු තිබෙන කෙනෙක්ද,  ඔබට ස්වභාවිකවම මේ ගැටලු වලින් මිදීමට නම් ඔබ ඔබේ නිය වල පිපිඤ්ඤා ආලේප කිරීම සිදු කරන්න . එය විටමින් A, E, B1, B2, B3 සහ C වලින් පොහොසත් ආහාරයක් වගේම කැල්සියම් සහ යකඩත් මෙහි අන්තර්ගත වනවා. ඔබ මෙහිදී කල යුත්තේ නියපොතු පිපිඤ්ඤා යුෂ නිස්සාරණයෙ විනාඩි 5 ක් පමණ පොඟවා තැබීමයි.

02. Vicks VapoRub භාවිතා කරන්න. 

මෙය බොහෝ ප්‍රසිද්ධ වෙලා තිබෙන්නේ කැස්ස සහ සෙම්ප්‍රතිශ්‍යාව සුව කිරීම සඳහාය.නමුත් මෙය නියපොතු දිලීර සම්බන්ධයෙන්ද පුදුම සහගත ලෙස ක්‍රියා කිරීම සිදු කරනවා.  වික්ස් වාපෝරබ් භාවිතා කිරීමෙන් නියපොතු සුව කළ හැකි බව වගේම දිලීර සමඟ සටන් කළ හැකි බවත් ඇමරිකානු පවුල් වෛද්‍ය මණ්ඩලයේ ජර්නලයේ ප්‍රකාශයට පත් කරන ලද අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා. ඔබ කල යුත්තේ දිනකට එක් වරක් මෙය ඔබේ බලපෑමට ලක් වූ ප්‍රදේශයට ආලේප කිරීම පමණ‍‍යි. 

03. tea-tree oil යොදාගෙන නිය ඇතිල්ලීම සිදු කරන්න. 

ටී ට්‍රී ඔයිල් නියපොතු නිරෝගීව තබා ගැනීමට බොහෝ උපකාරී වෙනවා. මීට හේතුව වන්නේ විශ්මයජනක ප්‍රති-දිලීර ගුණ මෙහි පැවතීම. නියපොතු දිලීර ගැටළුවක් ඇත්නම් ඔබ මෙය භාවිතා කරන්න. ඔබ මෙහිදී කල යුත්තේ කපු පුළුන් මත මෙම ඔයිල් ආලේප කර ඔබේ නිය වල මේවා ඇතිල්ලීමයි. 

04. ලෙමන් යුෂ සහ බේකිං සෝඩා යොදා ගෙන ස්ක්‍රබ් කිරීම. 

රූපලාවණ්‍යාගාරයට නොයා නිවසේ නියපොතු සුදු කර ගැනීමට ඔබට අවශයයද එසේනම් ඔබ ලෙමන් ලෙල්ලක් භාවිතා කල ඔබේ නිය ස්ක්‍රබ් කර ගැනීම සිදු කර ගත හැකී.  ගැඹුරු පිරිසිදු කිරීමක් ඔබට  අවශ්‍ය නම් ලෙමන් යුෂ වලට බේකින් සෝඩා ‍යොදා  තුනී පේස්ට් එකක් සාදා දත් බුරුසුවක් භාවිතයෙන් නියපොතු ස්ක්‍රබ් කිරීම සිදු කරන්න. 

05. horsetail tea භාවිතා කරන්න. 

ප්‍රතිඔක්සිකාරක සහ ප්‍රති-ගිනි අවුලුවන ගුණ මෙම  horsetail tea වල අන්තර්ගත වනවා. ශක්තිමත් නියපොතු පවත්වා ගැනීමටත් ඒවා නිතර නිතර කැඩී යාමෙන් වළක්වා ගැනීමටත් සරල හා පහසු ක්‍රමයක් ලෙස මෙම horsetail tea දිනකට දෙවරක් භාවිතා කිරීම ගත හැකී. 

06. oregano oil භාවිතා කරන්න. 

අසල ඇති සුපිරි වෙළඳසැලකින් පහසුවෙන් ඔබට මේවා ලබා ගැනීමට හැකියාවක් තිබෙනවා. මේවා ඔබට ටී ට්‍රී ඔයිල්  වෙනුවට භාවිතා කරන්න පුළුවන්. නියපොතු නඩත්තු කිරීම සදහා මෙය අනගි තේරීමක්.  එය පුදුමාකාර බැක්ටීරියා නාශක පවතින තෙල් වර්ගයක් ඒ වගේම මෙහි තයිමෝල් අඩංගු වනවා.  ඔරිගානෝ ඔයිල් ආලේප කළ කපු පුළුන් වලින් ඔබේ නියපොතු මෘදු ලෙස ඇතිල්ලීම ඔබට කල හැකී නියපොතු දිලීර හෝ බැක්ටීරියා ගැටළු වලින් ඔබ පීඩා විඳිනවා නම්. 

07. බයෝටින් බහුල ආහාර පරිභෝජනය කරන්න

විටමින් බී වර්ගයක් වන බයෝටින් බහුල ආහාර පරිභෝජනය කිරීම තුළින් ඔබේ නියපොතු වේගයෙන් වර්ධනය කර ගැනීමට හැකියාවක් තිබෙනවා.  සති කිහිපයකින් දුර්වල නියපොතු ශක්තිමත් නියපොතු බවට හැරවීමට බයෝටින්ට වලට හැකියාවක් තිබෙනවා. මෙය අධ්‍යනයකින් ඔප්පු වෙලා තිබෙනවා.ඇට වර්ග, වට්ටක්කා, පිසූ බිත්තර, කෙසෙල් සහ හතු වැනි දෑ වල මේ විටමින් අන්තර්ගත වෙලා තිබෙනවා. ඔබේ දෛනික ආහාර වේලට මේවා ඇතුළත් කිරීමට අමතක කරන්න එපා.

08. පොල්තෙල් සමඟ සම්බාහනය කරන්න.

 ඔබේ නියපොතු පෝෂණය කර මොයිස්චරයිසින් කර ඔබේ නිය නිරෝගීව තබා ගැනීමට මෙම පොල්තෙල් ඔබට බොහෝ උපකාරී වනවා. මෙහිදී ඔබ කල යුත්තේ පොල්තෙල් බින්දු කිහිපයක් ගෙන නියපොතු අවශෝෂණය වන තෙක් සම්බාහනය කිරීමයි. ඔබේ නියපොතු සුවපත් කර ගැනීමටත්  ශක්තිමත් කර ගැනීමටත් මේවා ඔබට බොහෝ සහාය වේවි. 

09. ඇපල් සයිඩර් විනාකිරි සහ ජලයෙහි පොගවා තබන්න.

ජලය හා ඇපල් සයිඩර් විනාකිරි සමාන කොටස් වලින් සාදන ලද ද්‍රාවණයක ඔබේ ආසාදිත නිය පොඟවා  තබා ගැනීම තුළින් ඔබට වඩා හොද ප්‍රතිඵල ලබා ගැනීමට හැකියාවක් තිබෙනවා. ඔබේ නියපොතු විනාඩි 30 ක් පමණ මෙසේ පොගවා තබා ගන්න. ඔබේ ආසාදිත නියපොතු වලට කපු පුළුන් වලින් ඇපල් සයිඩර් විනාකිරි යෙදීම ඔබට කල හැකී ඔබට ඉක්මන් පිළියමක් අවශ්‍යය නම්. 

10. සුදුළූණු භාවිතා කරන්න.

නියපොතු දිලීර සුව කිරීම සඳහා සුදුළූණු කියල කියන්නේ විශිෂ්ට ද්‍රව්‍යයක්. සුදුළූනු  වල ප්‍රති-ක්ෂුද්‍ර ජීවී ගුණ  අන්තර්ගත වන නිසා කරදරකාරී දිලීර වළක්වා ගැනීමට එය ඔබට යොදා ගැනීමට පුළුවන්. සුදුළූනු ස්වල්පයක් කුඩු කර පේස්ට් එකක් සාදා ආසාදිත ප්‍රදේශයට ‍යෙදීම ඔබට සිදු කර ගත හැකී. 

දුර්වල නියපොතු බොහෝ රෝග වල පෙර සලකුණක් වන්නටත් පුළුවන්. ඔබේ ගැටලුව රූපලාවණ්‍යයක් කරුණක් නොවේ යැයි ඔබට දැනෙනවා නම් , මෙම ස්වාභාවික ප්‍රතිකර්ම අත්හදා බැලීමට පෙර වෛද්‍යවරයෙකුගෙන් උපදෙස් ලබා ගැනීම බොහෝ වැදගත් වෙනවා. 

Leave a Reply

Your email address will not be published.