නිවසේම කලහැකි පැලුනු විලුඹ සුව කර ලස්සන පාද ලබාගැනීමට ක්‍රම 10 ක්

දෙපතුල් පැළී තිබෙන නිසා පොදු ස්ථානවල පාවහන් ගලවන්න ඔයාට ලැජ්ජා හිතෙනවද? මුහුණට සත්කාර කිරීමට බොහෝ වෙලාවක් ගත කළත් අපිට දෙපා මඟ හැරෙනවා. රැකවරණය සහ සනීපාරක්ෂාව අවම වීමේ ප්‍රතිඵලයක් ලෙස මෙලෙස දෙපතුල් පැලෙනවා.  

පැලුණු දෙපතුල් ඇතුළු ගැටළු රැසක් සඳහා අවශ්‍ය වන දිනපතා සත්කාර සඳහා අවශ්‍ය අරුම පුදුම ඖෂධීය නිෂ්පාදන අන්තර්ගත වන නිධානයක් ලෙස මුළුතැන්ගෙය හඳුන්වන්න පුළුවන්. සෘජුවම මුළුතැන්ගෙයින් සොයාගත හැකි අමුද්‍රව්‍ය භාවිතා කර පරිපූර්ණ දෙපතුල් ලබාගන්නා ක්‍රම 10ක් මෙහි සඳහන් වෙනවා.

01. ලිස්ටරින් සහ විනාකිරි 

ක්‍රමය:

ලිස්ටරින් සහ සුදු විනාකිරි කෝප්පය බැගින් සහ ජලය කෝප්ප 2ක් මිශ්‍ර කරන්න.

මිශ්‍රණයේ දෙපා පොඟවාගෙන විනාඩි 15ක් ඉන්න.

දෙපා ඉවතට ගෙන, සමේ මැරුණු සෛල ඉවත් කර ගැනීමට පමිස් ගලකින් ස්ක්‍රබ් කරගන්න.

පිරිසිදු වතුරෙන් සෝදා හරින්න.

තෙතමාත්තු කර මොයිස්චරයිස් කරන්න.

දෙපතුල් සුව වනතෙක් හැමදාම කරන්න.

ලිස්ටරින්වල තයිමෝල් සහ මධ්‍යසාර අන්තර්ගත වන නිසා, කකුල්වල ඇඟිලි වල දිලීර සමඟ සටන් කිරීමට සහය වන අතර, පැළුණු දෙපතුල් සුව කර, සම සනසවා, ගල්තැලුම් ද සුව කරනවා. විනාකිරිවල අඩංගු මෘදු අම්ල මඟින් වියළි සහ මැරුණු සෛල මෘදු කරන අතර ඒවා ඉවත් කිරීම පහසු කරවනවා. 

02. හාල් පිටි, මී පැණි සහ විනාකිරි   

ක්‍රමය:

හාල් පිටි තේ හැඳි 3ක්, මී පැණි තේ හැන්දක් සහ ඇපල් සයිඩර් විනාකිරි බින්දු 2-3ක් මිශ්‍ර කර ස්ක්‍රබ් එකක් සකස් කරගන්න. ඝන ආලේපයක් ලැබෙනතුරු හොඳින් මිශ්‍ර කරන්න. විනාඩි 10ක් දෙපා ඇල්මැරුණු ජලයේ පොඟවා, මැරුණු සෛල ඉවත් කරගැනීමට මිශ්‍රණය භාවිතා කර මෘදුව ස්ක්‍රබ් කරන්න.

සතියකට 2-3 වතාවක් කරන්න.

හාල් පිටි මඟින් සමෙහි සිවිය ඉවත් කර, පිරිසිදු කර, නැවත ඛනිජ භවනය කරනවා. මී පැණි යනු පැලුණු දෙපා සුව කරන ස්වභාවික විෂබීජ නාශකයකි. විනාකිරිවල අඩංගු මෘදු අම්ල මඟින් වියළි සහ මැරුණු සෛල මෘදු කරන අතර ඒවා ඉවත් කිරීම පහසු කරවනවා. 

03. කෙසෙල් 

ක්‍රමය:

ඉදුණු කෙසෙල් ගෙඩි දෙකක් හොඳින් පොඩි කර මෘදු ආලේපයක් සකස් කරගන්න. මේ සඳහා භාවිතා කරන කෙසෙල් ඉදී තිබිය යුතුයි. ඉදී නැති කෙසෙල්වල අන්තර්ගත වන අම්ල සම සඳහා රළු වෙන්න ඉඩ තියෙනවා.

නියපොත්තට පහලින් ඇති නිය ඇඳ සහ දෙපා ඇඟිලිවල දෙපස ඇතුළු සම්පූර්ණ පාදයේම මෙය මෘදුව අතුල්ලා,  විනාඩි 20ක් තබන්න.

ඉන්පසු පිරිසිදු ජලයෙන් සෝදා හරින්න.

සති දෙකක් හෝ සෑහෙන ප්‍රතිඵලයක් ලැබෙන තුරු නින්දට යාමට පෙර සෑම රාත්‍රියකම සිදු කරන්න.   

කෙසෙල් යනු ස්වභාවික සම තෙතමනකාරකයකි. එහි සමේ ප්‍රත්‍යස්ථතාවය පවත්වාගැනීමට සහ තෙතමනය රඳවා ගැනීමට සහය වන විටමින් A, B6 සහ C

අඩංගු වෙනවා.

04. මී පැණි 

ක්‍රමය:

උණු වතුර ටැබ් එකකට මී පැණි කෝප්පයක් දමන්න.

පිරිසිදු දෙපා මෙම මිශ්‍රණයේ පොඟවා, විනාඩි 20ක් මෘදුව සම්බාහනය කරන්න.

පුමිස් ගලකින් මෘදුව අතුල්ලා සමේ සිවිය ඉවත් කරගන්න.

දෙපා තෙතමාත්තු කර, ඝන මොයිස්චරයිසර් එකක් ආලේප කරන්න.

නින්දට යාමට පෙර දිනපතාම කරන්න.

මී පැණි ස්වභාවික තෙතමනය උරාගන්නා සංයෝගයක්, එනම් අභ්‍යන්තර පටකවල ඇති ජලය පිටතට ඇද, සමේ පිටත ස්ථරවලට ලබාදෙනවා. මේ ආකාරයට සිදුවන තරල හුවමාරුව මඟින් ස්ථූලභාවයක් ලැබෙන අතර පිටත සම සුව වීමට හේතු වෙනවා.

05. එළවලු තෙල් 

ක්‍රමය:

දෙපා හොඳින් පිරිසිදු කරගෙන මෘදු තුවායකින් පිසගන්න.

පතුල්වල සහ දෙපා ඇඟිලිවල එළවලු තෙල් ඝන ස්ථරයක් ආලේප කරන්න.

පිරිසිදු සැපපහසු මේස් දමා රාත්‍රියක් තබාගන්න.

ඇඳට යාමට පෙර දිනපතාම කරන්න.

එළවලු තෙල් ක්ෂණිකව සමට උරාගන්නවා. බොහොමයක් එළවලු තෙල්වල ප්‍රෝ විටමින් A, D සහ E වැනි විටමින් වර්ග අන්තර්ගත වන අතර, එමඟින් සම පෝෂණය කර අලුත් සෛල නිෂ්පාදනයටද සහයෝගය ලබා දෙනවා.

06. වික්ස් වේපරබ් 

ක්‍රමය:

ඇඳට යාමට පෙර, ලෝභ නැතිව මේවායින් ස්ථරයක් දෙපාවල ආලේප කරගන්න.

විනාඩි 5ක් සම්බාහනය කර කපු වැනි සැපපහසු මේස් කුට්ටමක් පැළඳ ගන්න. 

ඊළඟ උදෑසන ඇල්මැරුණු ජලයෙන් දෙපා සෝදන්න.

හැමදාම නින්දට යාමට පෙර සිදු කරන්න.

වික්ස් වේපරබ් වල ටර්පන්ටයින් තෙල් පාදමක් තුල කපුරු, යුකැලිප්ටස් සහ මෙන්තොල් අන්තර්ගත වෙනවා. මේ වර්ගයේ සත්කාරයක සුමුදුකර වන නිසා තෙතමනය රඳවා ගන්නවා. මෙන්තොල් සහ යුකැලිප්ටස් මඟින් සිසිල් බවක් දැනෙනවා.

07. බේකින් සෝඩා 

ක්‍රමය:

ඇල්මැරුණු ජලය සහිත භාජනයකට බේකින් සෝඩා මේස හැඳි 3ක් දමන්න. බේකින් සෝඩා දියවන තෙක් හොඳින් කලවම් කරන්න.

විනාඩි 15ක් දෙපා පොඟවා ගන්න.

දෙපා ඉවත් කර පමිස් ගලකින් ස්ක්‍රබ් කරන්න.

පිරිසිදු ජලයෙන් යන්තමට සෝදාගෙන, පිරිසිදු තුවායකින් වියළාගන්න.

සතියකට දෙවරක් කරන්න.

බේකින් සෝඩා සමේ සිවිය ඉවත් කරනවා. එමඟින් මැරුණු සෛල ඉවත් කරන අතර ප්‍රති-ඉදිමුම් ගුණ පවතිනවා. බේකින් සෝඩාවලට පිළිිකුල් ගන්ධයද ඉවත් කිරීමේ හැකියාව පවතිනවා.

08. කෝමාරිකා ජෙල් 

ක්‍රමය:

උණු ජලයේ දෙපා පොඟවාගෙන, පමිස් ගලකින් ස්ක්‍රබ් කරන මැරුණු සම ඉවත් කරගන්න.

තෙතමාත්තු කර, දෙපාවල කෝමාරිකා ජෙල් ඝන ස්ථරයක් ආලේප කරන්න.

ඇඳට යාමට පෙර කපු මේස්‌ පළඳින්න.

උදෑසන ඇල්මැරුණු ජලයෙන් සෝදා හරින්න.

ප්‍රතිඵල දැක ගැනීමට දින 4-5ක් සෑම රාත්‍රියකම කරන්න. 

කෝමාරිකා වල විටමින් A (බීටා-කැරොටීන්), C සහ E අඩංගු වෙනවා. මේවායේ ප්‍රතිඔක්සිකාරක ගුණ ඇති අතර, කෝමාරිකා වල අන්තර්ගත වන  කොලෙස්ටරෝල්, කැම්පෙස්ටරෝල්, β- සයිටොස්ටෙරෝල් සහ ලුපෙයෝල් සතුව ප්‍රති-ඉදිමුම් ගුණාංග පවතිනවා. ඒ වගේම Lupeol විෂබීජ නාශක සහ විශ්ලේෂක විදියටත් ක්‍රියා කරනවා. එහි ඇති ඇක්සින් සහ ගිබෙරෙලින් තුවාල සුව කරන්නත් උදව් වෙනවා. 

09. වැස්ලීන් සහ ලෙමන් යුෂ 

ක්‍රමය:

විනාඩි 20ක් පමණ උණු ජලයේ දෙපා පොඟවාගෙන, යන්තමින් සෝදා තෙතමාත්තු කරගන්න. 

වැස්ලීන් තේ හැන්දකට නැවුම්ව මිරිකාගත් ලමන් යුෂ බින්දු 3-4ක් යොදා මිශ්‍ර කරන්න.

පතුල්වල සහ පාදයේ පැලීම් දක්නට ලැබෙන අනෙකුත් ප්‍රදේශවල මෙය ආලේප කරන්න.

ලොම් මේස් කුට්ටමක් පැළඳගෙන රාත්‍රියක් තබාගන්න.

උදෑසනම උණු ජලයෙන් සෝදා හරින්න.

නිතිපතා නින්දට යාමට පෙර සිදු කරන්න.

වැස්ලීන් තෙතමනකාරකයක් ලෙස ක්‍රියා කරන අතර, ලෙමන් වල ඇති සිට්‍රික් අම්ලයෙන් සමේ සිවිය ඉවත් කර නව සෛල පුනර්ජනනය වර්ධනය කරනවා.

10. එප්සම් ලුණු 

ක්‍රමය:

දෙපා සත්කාර සඳහා යොදාගන්නා බේසමට උණු ජලය දමා එප්සම් ලුණු කෝප්ප 1/2ක් එකතු කර හොඳින් මිශ්‍ර කරන්න.  

 මිනිත්තු 15ක් දෙපා පොඟවාගෙන මැරුණු සෛල ස්ක්‍රබ් කර ඉවත් කරගන්න.

සතියකට 2-3 වරක් කරන්න.

එප්සම් ලුණු මඟින් සමේ ඉදිමුම් අවම කර සම මෘදු කරවනවා. සල්ෆේට මඟින් සෛල වල ඇති විෂ සහ බැර ලෝහ ඉවත් කිරීමට සහය වන අතර වේදනාව අවම කරනවා. ඒ වගේම ශරීරයේ හානිකර ද්‍රව්‍ය ඉවත් කිරීමට සහය වෙනවා.
පෙති වර්ග බොනවාට වඩා නිතරම නිර්දේශ වන්නේ මෙවැනි ස්වභාවික පිළියම් වඩා හොඳ බවයි. එවැනි පිළියම් බොහොමයක් අපගේ මුළුතැන්ගෙයින් සොයාගත හැකියි.

Leave a Reply

Your email address will not be published.