නීරෝගීමත් දිලිසෙන ශක්තිසම්පන්න කොණ්ඩයක් ලබා ගැනීමට ක්‍රම 16 ක්

සුන්දරත්වය බොහොමයක් දේවල් එකතු වීමෙන් ලැබෙන දෙයක්. තමන්ටම ආවේනික වූ ආකර්ශනීය පෙනුමක් ලබාදීමට නිරෝගී සහ හොඳින් සාත්තු කල කෙස් කලඹකට හැකියාව පවතිනවා. ඉතින් මේ කෙස් කළඹ ලබා ගැනීමට බොහෝ දේ සිදු කරනවා ගැහැණු ලමයි. මොන දේ සිදු කලත් ඒ හීන මවන කෙස් කළඹ ලබා ගන්නේ කීයෙන් කී දෙනාද. මීට විවිධ හේතු බලපානවා.

බොහොමයක් කාන්තාවන් සිහින මවන කෙස් කළඹ නොලැබීමට බලපාන පොදු හේතු කිහිපයක් මෙහි දැක්වෙනවා.

16. නිවැරදි ෂැම්පු එකක් තෝරා ගැනීම 

හිසකෙස් සත්කාර සඳහා වඩාත්ම තීරණාත්මක වන්නේ ෂැම්පු වර්ගය තෝරාගැනීමයි. හානිකර ප්‍රතිඵල වලින් වැලකීම සඳහා හිසකෙස් වර්ගයට ගැලපෙන ෂැම්පු එකක් තෝරාගත යුතුයි. 

15. අවශ්‍ය පරිදි හිසකෙස් සේදීම.

සතියකට හිසකෙස් සේදිය යුතු වාර ගණන කෙනෙකුගෙන් තවත් කෙනෙකුට වෙනස් වෙනවා. ඔයාගේ හිසකෙස් වර්ගය, භාවිතා කරන වතුරවල ගුණාත්මක බව යනාදී දේවල් මේ සඳහා සැලකිල්ලට ගත යුතුයි. ඔයාට තියෙන්නේ තෙල් සහිත හිසකෙස් නම්, සෑම දවස් 1-2කට වරක් සෝදන්න. 

14. නිවැරදිව ෂැම්පු යොදන්න. 

සේදීමට පෙර හිසකෙස් හොඳින් පීරන්න. යෙදිය යුතු ෂැම්පු ප්‍රමාණය තීරණය වන්නේ හිසකෙස් වල දිග අනුවයි. අනවශ්‍ය පරිදි වැඩියෙන් ෂැම්පු යොදන්න එපා. සම්මතය නිර්ණය කරගැනීමට අත්හදා බැලීමේ ක්‍රමයක් උත්සහ කර බලන්න.

අත්ලට ෂැම්පු දමා, පෙණ නැගෙන තෙක් අතුල්ලා කේශ මූලවල ආලේප කරන්න. නියපොතුවලින් සීරීමට ලක් නොවන පරිදි ඇඟිලි තුඩු සමෙහි ස්පර්ශ වන ආකාරයට සම්බාහනය කරන්න. සෝදන අතරතුර හිස සම්බාහනය කරන්න. මෙමඟින් හිසකෙස් වැටීම අවම කරගත හැකියි.

13. හිසකෙස් පෝෂණය කිරීමට සහ මොයිස්චරයිස් කිරීමට අමතක කරන්න එපා.

හිසකෙස්වල තෙතමනය ඉක්මනින්ම නැතිවී යනවා. මෙයට පිළියම් ලෙස විශේෂ බාම් සහ මාස්ක් පාවිච්චි කරන්න පුළුවන්. මෙම නිෂ්පාදන භාවිතා කිරීමට පෙර ඔයාගේ කොණ්ඩයට එයින් හානි නොවන බවට සහතික කරගන්න. බාම්, ෂැම්පු සමඟ එකවර හෝ සෝදා ඉවත් කල වහාම භාවිතා කරන්න. මෙම බාම් භාවිතා කරන නිවැරදි ආකාරය සමෙහි ආලේප නොවන පරිදි කොණ්ඩය දිගට තැවරීමයි.  

මාස්ක් එකක් නම් සතියකට එක් වරකට වඩා භාවිතා කරන්න එපා.

12. නිවැරදි උෂ්ණත්වයෙන් ජලය භාවිතා කරන්න.

බොහෝ දෙනා හිසකෙස් සෝදන විට අධික උෂ්ණත්වයෙන් යුත් ජලය භාවිතා කරනවා. ඇත්තටම මේක බොහොම බරපතල වැරැද්දක්. උණු වතුර මඟින් හිසකෙස් ගැලවී යන අතර තෙල්-නිපවදන ග්‍රන්ථි ක්‍රියාත්මක කරවනවා. මේ නිසා මද උණුසුම් හෝ ඇල්මැරුණු ජලය භාවිතා කල යුතුයි. මෙය තෙල්- ග්‍රන්ථිවල ස්‍රාවයන් තනුක කිරීමට, කුණු දුහුවිලි ඉවත් කිරීමට සහ රුධිර සංසරණය වර්ධනය කිරීමට උපකාරී වෙනවා.   

ස්නානය අවසාන කරන විට සිසිල් ජලයෙන් හිසකෙස් සෝදන්න, මෙමඟින් කේශ මූලවල සංසරණය උත්තේජනය කර හිසකෙස් වලට මෘදු සහ දිදුලන පෙනුමක් ලබාදෙනවා.

11. තුවායක් භාවිතා කර කොණ්ඩය වියළන්න එපා.

කොණ්ඩය සේදීමෙන් අනතුරුව, කේශ මූල සිට කෙළවර දක්වා තුවායක් භාවිතා කර මෘදුව තෙත මාත්තු කරගන්න. කේශ මූලයට හානිවිය හැකි බැවින් ඔළුව වටා තුවාය බැඳගන්න එපා. හදිසියේම හිසකෙස් වියළාගත යුතු නම් තුවායක් වෙනුවට කපු කමිසයක් ආදේශ කරගන්න!

10. නිතරම සහ ආක්‍රමණශීලි ලෙස තදින් කොණ්ඩය පීරන්න එපා.

අනවශ්‍ය පරිදි හැමවෙලේම කොණ්ඩය පිරීම නිසා කොණ්ඩය ඇදීමට සහ කැඩී යාමට ඉඩ තියෙනවා. සේදූ වහාම කොණ්ඩය පීරන්න එපා. හිසකෙස් වියලෙන තුරු ඉඳ ඇඟිලිවලින් ප්‍රවේශමෙන් හිසකෙස් වෙන් කරන්න. එසේ කල පසුවයි කොණ්ඩය පීරිය යුත්තේ. ඒ වගේම දැති අතර පරතරය වැඩි පනාවකින් පීරන්න.

අග සිට මුල දක්වා කොණ්ඩය පීරන්න.

09. නිතරම විලාසිතා ගැන්වීමේ උපකරණ පාවිච්චි කරන්න එපා.

කොණ්ඩය වියලන යන්ත්‍ර(Hairdryers), විලාසිතා ගැන්වීමේ විදුලි ඉස්තිරික්ක(styling irons) ඇතුළු අනෙකුත් උපකරණ භාවිතයෙන් ඔයාගේ හිසකෙස්  තරල නැතිවීමට, වියලීමට සහ කැඩී යාමට හේතු වෙනවා. නිතරම මෙම උපකරණ පාවිච්චි කිරීමට සිදු වනවා නම් මුලින්ම තාප ආරක්ෂණ ස්ප්‍රේ එක මුළු කොණ්ඩයටම යොදන්න.   

08. කොණ්ඩය වියලන යන්ත්‍රය නිවැරදිව පාවිච්චි කරන්න.

කොණ්ඩය වියලනය වැරදි ආකාරයට භාවිතා කිරීම මඟින් ඔයාගේ හිසකෙස්වලට හානි වෙන්න පුළුවන්. මෙම වැරදි මඟහරවා ගැනීමට පහත පියවර අනුගමනය කරන්න.

ආරම්භයේදී තුවායක් භාවිතා කර හිසකෙස් තෙත මාත්තු කරගන්න. පැතලි නොසල් එක කොණ්ඩය වියලනයට සවි කරන්න. වියලනය හිසකෙස්වලට තීව්‍ර කෝණයකින් පවතින බවට තහවුරු කරගෙන කේශ මූලයේ සිට අග දක්වා වියළන්න පටන් ගන්න, මෙම උපක්‍රමයෙන් පිටත සිවිය වසාගැනීමට උපකාරී වෙනවා.

ආරම්භයේදී, හිසකෙස් තවමත් තෙත විට, උපරිම උෂ්ණත්වයෙන් වියලනය භාවිතා කළාට කමක් නැහැ. උවමනාවට වඩා වියලීමට ඉඩ නොදී ටිකෙන් ටික උෂ්ණත්වය අඩු කරන්න. උපදෙස: වියලනයක් මිලදී ගන්නා විට, විවිධ උෂ්ණත්ව වලට වෙනස් කරගත හැකි වන ආකාරයට සැකසුමක් ඇති එකක් තෝරාගන්න.

අවසාන වශයෙන් ඔයාගේ කොණ්ඩයට සිසිල් වාතයෙන් සංග්‍රහ කරන්න.

07. සෞඛ්‍ය සම්පන්න ආහාර පරිභෝජනය 

සමබරතාවය අවම ආහාර වෙල් පරිභෝජනය සහ සෞඛ්‍යයට හිතකර නොවන ආහාර ගැනීමේ කාලසටහන් පිළිපැදීම නිසා ජීවියෙකුට විටමින් සහ ඛනිජ ලවණ අවශ්‍යතාවය පිරිමසාගත නොහැකි වෙනවා. මේවා පුරුද්දක් වශයෙන් කරනවා නම්, සාරවත් සහ ආකර්ෂණීය කෙස් කළඹක් ලබා ගැනීම අමතක කරන්න! දිනපතා ලබාගන්නා ආහාරවලට සත්ව සම්භවයක් සහිත ප්‍රෝටීන් අඩංගු ආහාර එකතු කරගන්න.

කොණ්ඩයට හිතකර පෝෂණ නියමයේ අන්තර්ගත වන සුවිශේෂී අංගයක් ලෙස සින්ක් දැක්විය හැකියි. සින්ක් ඌණතාවයක් ඇති වීම වැලැක්වීමට නම්, බිත්තර, මුහුදු ආහාර, කොල්රාබි, කැඳ, අලිගැට පේර හෝ පෲන් ඔයාගේ ආහාර වේලට එකතු කරගන්න. අමතක නොකර යකඩ සහ කැල්සියම් එකතු කරගන්න! මෙම පෝෂ්‍ය පදාර්ථ රනිල කුලයේ ශාක නිෂ්පාදන, මසුන්, කුකුළු සහ තාරා මස්, පීකුදු, බක්වීට් තිරිඟු හා ඇට වර්ග වලින් ලබාගත හැකියි.

06. ඔයාගේ සෞඛ්‍ය පිළිබඳව සලකා බලන්න.

සමහර විට අධික ලෙස කොණ්ඩය පිරිහීමට ලක් වීමට හේතුව දරුණු රෝගයක් වෙන්න පුළුවන්. ජඨර ආන්ත්‍රික කාර්ෂයේ හෝ තයිරොයිඩ් ග්‍රන්ථියේ ගැටළුවක්, හෝමෝන ආබාධ, ආතතිය සහ දියවැඩියාව මීට හේතු විය හැකියි. මිනිස් ක්‍රියාකාරිත්වයට අනුව ශරීරයට ලැබෙන පෝෂ්‍ය පදාර්ථ අවසානයටම සැපයෙන්නේ හිසකෙස්වලටයි. මේ නිසා හිසකෙස් වල ගැටළු මඟින් ඉඟි වන්නේ වෙනත් අවයවක් සම්බන්ධ ගැටළුවක් විය හැකියි. මේ නිසා හොඳම විසඳුම වන්නේ කේශ විද්‍යාව පිලිබඳ පප්‍රවීණයෙකු හමුවීමයි.

05. තොප්පි පළඳින්න.

කැප් එකක් හෝ තොප්පියක් භාවිතා කිරීමෙන් හිරු එළියෙන් හිසකෙස් ආරක්ෂා කරගත හැකියි. සෝනා එකකදී හුමාලයෙන් කොණ්ඩයට සිදු වන හානි වළක්වා ගැනීමට විශේෂ තොප්පියක් භාවිතා කරනවා. තොප්පියක් තෝරාගන්නා විට එය ගොඩක් තදයි ද සහ පහසුයිද යන්න සලකා බලන්න.

04. පනාව සෝදන්න.

සතියකට වරක්වත් උණු ජලයෙන් පනාව සෝදා පිරිසිදු කරගත යුතුයි. ඒ වගේම නිතරම පැරණි පනා ඉවත් කර අලුත් ඒවා ලබාගන්න.

03. කොණ්ඩය කප්පාදු කරන්න. 

මාස දෙකකට වතාවක් හිසකෙස් කප්පාදු කිරීම ඉතාම වැදගත්. අග පැලුණු හිසකෙස් කපා ඉවත් කිරීමෙන් තවදුරත් හිසකෙස් පැලීම වලක්වා ගත හැකියි.

02. කොණ්ඩය ගැටගසා ගෙන නිදාගැනීම.

ඔයාගේ කොණ්ඩයේ දිග මධ්‍යස්ථයි නම්, නින්දට යාමට පෙර ගොතාගන්න. එමඟින් හිසකෙස් ගැටගැසෙන්නේ හෝ අවුල් වෙන්නේ නැහැ. මෙහි ප්‍රතිඵලයක් ලෙස උදෑසන ලෑස්ති වීමට වැඩි කාලයක් ගත වන්නේ නැහැ.

01. හිසකෙස් වර්ධනය සඳහා වැස්ලීන් පාවිච්චි කරන්න.

කෙස් පැලීමට සහ කැඩී යාමට හේතුව වියළීමයි. සමට මෙන්ම හිසකෙස්වලටත් නිරෝගීව, සවිමත්ව සහ දීප්තිමත්ව පැවතීමට තෙතමනය අවශ්‍ය වෙනවා.  වැස්ලීන් කියන්නේ මේ සඳහා වඩාත්ම සුදුසු නිෂ්පාදනයයි. එමඟින් හිසකෙස්වලට පෝෂණය ලබාදී, කෙස් අග පැලීම නවත්වන අතරම හිසකෙස් සවිමත් වෙනවා.

Leave a Reply

Your email address will not be published.