පට්ටම ලස්සන කාෆ් දෙකක් ලබා ගන්න ඵලදායී ක්‍රම 11 ක්

කාෆ් දෙක කියන්නෙ වෙනස් කරන්න අමාරුම මාංශපේශියක්, නමුත් එ‍ය කල නොහැකි දෙයක් නොවේ. කිසිදු උපකරණයක් භාවිතා නොකර මෙය කිරීමට ඵලදායී ව්‍යායාම තිබේ. අනෙක් මාංශපේශීන් වර්දනය කරනවා මෙන් ඉක්මනින්නම් මෙය කල නොහැක. නමුත් මෙය ඉවසීමෙන් කිරීමෙන් ඔබට ජය ලබා ගත හැක. වැදගත්ම කොටස තමයි ආටිකල් එකේ අන්තිමටම අපි ඔබට ලබා දී ඇති බෝනස් එක ඒකත් අනිවා කියවන්න.

01. ඩම්බල් භාවිතා කරමින් ස්ප්ලිට් ජම්ප් කරන්න.

මෙය ඉතාම සරල ඵලදායී ව්‍යායාමයක්. මෙය කල යුත්තේ රූපයේ ඇති පරිදි ඩම්බල් දෙක පොලවට ලම්බකව අල්ලාගෙන රූපයේ පරිදි දනහිස් නවමින් කකුල් මාරු කිරීමෙන් කිරීමයි.

02. කාෆ් රයිසස්

මෙය කරන්නේ යටි පතුල හොදින් සාමාන්‍ය ලෙස පොලවේ තබා ඇගිලි තුඩු මතට බර තබා රූපයේ පරිදි ඉහලට එසවීමයි. මෙය ඔබට ඩම්බල් භාවිතා කරමින් බර වැඩි කර ඔබට අවශ්‍ය පරිදි ප්‍රතිඵල ලබා ගත හැකිය.

03. පඩිපෙලේ දිවීම

මෙම ව්‍යායාමය ඔබට ඕනම තැනක ඕනම වෙලාවක කල හැකි දෙයක්. මෙය සතියට විනාඩි 10 – 15 අතර කරන්න නමුත් ඔබගේ දණහිස්, වළලුකර වල ගැටළු ඇතිනම් මෙය කරන්න එපා.

04. පිස්ටල් ස්කොට්

මෙය කරන්නේ රූපයේ පරිදි ඔබේ දෑත් උරහිස් මට්ටමින් තබාගෙන එක් කකුලකින් ශරීරය බැලන්ස් කර ගනිමින් අනෙක් කකුලට ශරීරයේ බර ලබා දී ඔබට පාලනය කල හැකි මට්ටමට ශරීරය පහත් කරන්න. පසුව විරාමයක් ලබාගෙන කකුල් මාරු කරමින් මෙය කරන්න.

05. රිවර්ස් ඩම්බල් ලන්ග්

ඩම්බල්ස් දෙපත්තට කර තබා පපුව ඉස්සරහට ගෙන අංශක 90 ට රූපයේ පරිදි කකුල නවා ශරීරය ඉදිරියට ගන්න මෙය කකුල් මාරු කරමින් කරන්න.

06. ගොබ්ලට් ස්කොට්

මෙම ව්‍යායාමය මාංශපේශීන් කිහිපයක් ආවරණය කරන සංකීර්ණ ව්‍යායාමයක්. රූපයේ පරිදි පපුව ලගට ඩම්බල් එකක් තබාගෙන ශරීරය හැකිතාක් දුරට පහත් කරන්න මද වෙලාවක් පහතම සිට නැවත ආරම්භක ස්ථානයට ශරීරය ගන්න.

07. ටිප් ටෝ ඇවිදීම

ඩම්බල් දෙකක් අත් දෙකට ගෙන රූපයේ පරිදි ඇගිලි තුඩු වලින් විනාඩියක් පමන සිට ඇවිදින්න විවේකයක් ගෙන නැවත කරන්න.

08. සීටඩ් කාෆ් රයිසස්

මෙම අභ්‍යාසය කිරීමට ව්‍යායාම කට්ටලයක් හෝ පුටුවක් භාවිතා කල හැකිය. පුටුවේ උස ඔබේ දනහිස අංශක 90 ට නැමෙන ගානට තිබිය යුතුය. පසුව පින්තූරයේ පරිදි විලුඹ ඉහලට ඔසවන්න පහලට දමන්න.

09. ගොවි ඇවිදීම

මෙම ව්‍යායාමය ඉහත අපි ලබාදුන් ටිප් ටෝ ව්‍යායාමයට සමානයි. නමුත් මෙහෙදී ඔබේ ඇගිලි වෙනුවට ඔබේ සම්පූර්න පාදවලින් ගමන් කලයුතුය. ඔබේ ශරීරය කෙලින් තබාගෙන ඩම්බල් දෙක පොලවට ලම්බකව ඇවිදින්න.

10. ජම්ප් රෝප්

මෙම ව්‍යායාමය ඔබේ කාෆ් සෑදීමට පමනක් නොවේ, කාඩියෝ සහ බැලන්සින් වලටත් නියමෙට වැඩ කරන ව්‍යායාමයක්. ඔබ ආසම සින්දුවක් දාගෙන මෙම අභ්‍යාසය කරන්න.

11. කදු නැගීම

මෙම ව්‍යායාමට ඔබේ කාෆ් වලට වගේම කෝර් මාංශපේශීන් වලටත් ඉතාම ඵලදායී වේ. මෙය කරන්නේ පින්තූරයේ පරිදි ඩිප්ස් ගසන ඉරියව්වට සිට එක් කකුලක් පපුව දෙසට ගෙන ඉක්මනින් දිගු කරන ගමන් අනෙක් කකුලත් පපුව ලගට ගන්න අනිවාර්‍යයෙන් ඔබේ සිරුර රිජුව තබා ගන්න අමතක කරන්න එපා.

බෝනස් එක – ස්ට්‍රෙට්චින්

සෑම පුහුනුකරුවෙකුම දන්නා දෙයක් තමයි මේ ස්ට්‍රෙට්චින් ව්‍යායාමය ශරීරයට ඉතාම වැදගත් බව. එය මාංශ පේශී නම්‍යතාව වැඩි කර රුදිර ප්‍රවාහනය වැඩි කරයි. තුවාල සිදු වීමට ඇති අවස්තාවත් අඩු කරයි. මේ ව්‍යායාමයත් කරන්න කියල යුවතිය අපි යෝජනා කරනවා. නැවතත් මෙවැනි වටිනා ආටිකල් එකක් සමග හමුවෙන තුරු ඔබට සුබම සුභ දවසක්.

Leave a Reply

Your email address will not be published.