පර්යේෂණ වලට අනුව ආතතිය නිසා ඔබේ කැලරි දෙගුන කරන බවට හේතු

කාන්තාවන්ට ආතතිය හෙවත් ස්ට්‍රෙස් එක දැනෙන්න හේතුවන ප්‍රධානම කරුණු තුන තමයි මුදල්, රැකියාව සහ පවුලේ වගකීම් කියන්නෙ. අධ්‍යයනයකින් හෙළිවුණේ මේ ආතතිය මිනිසුන්ගෙ මානසික සෞඛ්‍යයට විතරක් නෙවෙයි, ශාරීරික සෞඛ්‍යයටත් අහිතකට ලෙස බලපෑම් ඇතිකරන බවයි.

මේ පර්යේෂණයේ සොයාගැනීම් හරහා ආතතිය ඔයාගෙ ශරීරයේ බර වැඩි කරන්න හේතු වෙන්නෙ කොහොමද කියලා තමයි අද අපි ඔයාට කියන්නෙ.

01. ආතතිය ශරීරයේ කැලරි ප්‍රමාණයට බලපාන ආකාරය

යේල් විශ්ව විද්යාලයේ විශේෂඥයන් පිරිසක් ජනතාව ආතතියෙන් සිද්ධීන් සහ බර වෙනස්කම් අතර සම්බන්ධය අධ්‍යයනය කිරීමෙන් එම බැඳීම ධනාත්මක නොවන බව සොයා ගනු ලැබුවා. ආතතිය සහ කාංසාව මිනිස් සිරුරට හානි කරනවා විතරක් නෙවෙයි, පාලනයකින් තොරව ශරීරයේ බර වැඩි කරන්නත් හේතු වෙනවා. ආතතිය නිසා ශරීරයට කැලරි 300 ක් වගේ ප්‍රමාණයක් ලබා දිය හැකි අතර ඒක ඩබල් හැම්බර්ගර් එකක අඩංගු කැලරි ප්‍රමාණයට සමානයි.

02. හෝමෝන වල කාර්යභාරය

මේ පර්යේෂණය එළිදරව් කළේ ආතතිය නිසා කෝටිසෝල් හෝමෝන මට්ටමේ වැඩිවීමකුත් සිදුවෙන බවයි. රුධිරයේ සහ මේද ගබඩා ප්‍රදේශ දෙකෙහිම පිහිටා ඇති මේ කෝටිසෝල් අතිරික්තය කැලරි 300ක් පමණ උත්පාදනය කරනවා. එය දළ වශයෙන් ඩබල් චීස් බර්ගර් එකක තියන කැලරි සංඛ්‍යාවට සමානයි. ඒ වගේම ආතතිය මගින් ආහාර රුචිය වැඩි කරන්නත් හේතු වෙනවා. එතකොට පුද්ගලයා දුකෙන් ඉන්නවා වගේම, බරත් වැඩිවෙනවා.

03. මේ අමතර මේදය යන්නේ කොතැනටද?

මේ අමතර මේදය, විශේෂයෙන් කාන්තාවන් සඳහා, නොගැලපෙන ප්‍රදේශයක ස්ථානගත වෙන්න් පුලුවන්. ඔහියෝ ප්‍රාන්ත විශ්ව විද්‍යාලයේ ප්‍රවීණයන් විසින් මෙහෙයවන ලද පරීක්ෂණයකට අනුව, ආතතියට පත් සහ අධික කැලරි හා මේද ආහාර පරිභෝජනය කරන කාන්තාවන්ගේ ඉණ වටා මේදය වෙනවා. කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ, නිව් යෝර්ක් විශ්ව විද්‍යාලයේ සහ යේල් විශ්ව විද්යාලයේ විද්‍යාඥයන් විසින් සිදු කළ තවත් පරීක්ෂණයකිනුත් මේ බව තහවුරු කරනු ලැබුවා.

04. ආතතිය කියන්නෙ දහනය වන කැලරි ප්‍රමාණය අඩු වීමයි

ආතතිය සහ අධික කැලරි ආහාර ගැනීම නිසා ශරීරයේ පරිවෘත්තීය ක්‍රියාවලිවල වේගය අඩු කරනවා. එමගින් සිරුරේ වැඩිපුර මේදය ගබඩා කිරීමට හේතු වෙනවා. මේකට හේතු වෙන්නෙ ආතතියෙන් පෙළෙන කාන්තාවන්ගේ ශරීරවල, මේදය ගබඩා කිරීම වැඩි කරන හෝමෝනයක් වන ඉන්සියුලින් ඉහළ මට්ටමක පැවතීමයි.

වඩාත් ආතති සහගත සිදුවීම්වලට මුහුණ දුන් කාන්තාවන්, කනස්සල්ලට පත්වන අවස්ථාවන්ට මුහුණ නොවුන් කාන්තාවන්ට වඩා කැලරි 104 ක් අඩුවෙන් දහනය කිරීමට නැඹුරු වූ බව පරීක්ෂණයෙන් අනාවරණය වුණා. ඒක ලොකු දෙයක් වගේ පෙනුණෙ නැතත්, කාලයක් තිස්සේ එකදිගට මේ කැලරි එකතු වීමෙන් ශරීරයේ ප්‍රමාණය වගේම බරත් ගොඩක් වැඩි වෙනවා.

ඩබල් චීස් බර්ගර් එකක් කෑම, ලාර්ජ් පීසා එකක් කෑම සහ ඔයාගෙ බොස් එක්ක දැඩි කතාබහක යෙදීම කියන මේ තත්ව තුනෙන්ම එකම විදිහට ඔයාගෙ ශරීරයට අහිතකර බලපෑම් ඇති කරන්න පුලුවන්. අපට අපගේ එදිනෙදා වගකීම් වලින් ගැලවෙන්න බෑ. හැබැයි, දිනපතා විවේක ගැනීමට මොහොතක් හොයාගන්න එක ගොඩක් වැදගත්. සංගීතය, ඇවිදීම, ව්‍යායාම වගේම හොඳ විනෝදාංශයක නිරත වීමෙනුත් ආතතියෙන් මිදෙන්න පුලුවන්.

Leave a Reply

Your email address will not be published.