පළපුරුදු නේල් ආටිස්ලා කියන ඉතාම වටිනා දේවල් 12 ක්

මෙනිකියෝ හා පෙඩිකියෝ කියන්නෙ දැන් දත් මැදීම හා කොණ්ඩෙ පීරීම වගේ සාමාන්‍ය දෙයක්. රූපලාවණ්‍ය ශිල්පීන්ව විශ්වාස කරලා අපි අපේ නියපොතු ලස්සනට හදාගන්න රූපලාවණ්‍යාගාරවලට යනවා. ඒත් සමහර වෙලාවට මේ සත්කාර ඇතුළේ හැංගිලා තියන අනතුරුදායක දේවල් ගැන අපි දන්නෙ නෑ.

අද අපි ඔයාට කියන්න යන්නෙ හානිකර බවක් පෙනෙන්නෙ නැති වුණත් අපේ සෞඛ්‍යයට අනතුරුදායක වෙන්න පුලුවන් සමහර රූපලාවණ්‍ය සත්කාරවල ප්‍රතිවිපාක ගැනයි.

01. උපකරණ

ගුණාත්මක බවින් අඩු රූපලාවණ්‍යාගාරවලට යන එකේ ප්‍රධානම ප්‍රතිවිපාකය තමයි ආසාදන ඇති වීම. හෙපටයිටිස් බී සහ සී හා එච්අයිවී සිට භයානක බව අඩු වුණත් ඉතා අප්‍රසන්න දිලීර දක්වාම ආසාදන ඇති වෙන්න පුලුවන්. ආසාදනය වීම වළක්වා ගැනීමට වෛද්‍යවරු කියන්නෙ ඔයාගෙ මෙනිකියෝ හා පෙඩිකියෝ කිරීමට ඔයාගෙම උපකරණ රූපලාවණ්‍යාගාර වෙත ගෙන යන එකයි. ඒ වගේම ස්ථානය කොච්චර පිරිසිදුද කියන එක ගැන අවධානය යොමු කිරීම හා උපකරණ කොතරම් පිරිසිදුද කියලා අහන්න ලැජ්ජා වෙන්නත් එපා.

02. කෝලස් ඉවත් කිරීම

කෝලස් කියන්නෙ කකුලේ සම මතුපිටින් තවත් සමක් ඇති වීමනිසා එතන සමේ ගණකම වැඩි වෙන එකයි. රූපලාවණ්‍යාගාරවලට ගිහින් කැලස් ඉවත් කිරීම නම් වෛද්‍යවරුන් නිර්දේශ කරන්නෙ නෑ. ඔයාට තියෙන්නෙ සිහින් සමක් නම් හෝ ඔයාගෙ රුධිර සංසරණ ක්‍රියාවලියේ ප්‍රශ්න තියනවා නම් රූපලාවණ්‍ය ශිල්පීන් පාවිච්චි කරන මෙවලම් මගින් ඔයාගෙ පාදයට තුවාල ඇති වෙලා ආසාදනය වෙන්නත් පුලුවන්. මේ තත්වය වළක්වා ගන්න නම්, ඔයා කකුලට ගොඩක් තද නැති සපත්තු පළඳින්න ඕන. ඒ වගේම ඔයාගෙ සම ප්‍රමාණවත් විදියට මොයිස්චරයිසින් කරන්නත් වෙනවා.

03. නොවැඩුණු නියපොතුවලට ප්‍රතිකාර කිරීම

මේ ප්‍රතිකාරය කරගන්න නම් වෘත්තීය වෛද්‍යවරයෙක් හමුවෙන්න යන්නම වෙනවා. රූපලාවණ්‍යාගාර ශිල්පීන්ට මේකට දැනුමක් හෝ සුදුසුකමක් නෑ. නියපොතු වලට වැරදියට ප්‍රතිකාර කිරීමෙන් ප්‍රතිජීවක ඖෂධ මගින් විතරක් ප්‍රතිකාර කරන්න පුලුවන් ආසාදන තත්ව හෝ සම්පූර්ණ නියපොතු ඉවත් කිරීමට පවා සිදු වෙන දරුණු තත්ව ඇති වෙන්නත් පුලුවන්. ඔයාට මේ වගේ තත්වයක් තියනවා නම් ඉක්මනින්ම වෛද්‍යවරයෙක් හමුවෙන්න.

04. නියමල ඉවත් කිරීම

නියමල මගින් නියපොතුවලට ආසාදන අති වෙන එකෙන් ආරක්ෂා කරනවා. ඒවා ඉවත් කරනකොට රූපලාවණ්‍ය ශිල්පියා අතින් නියපොතවලට ආසාදන හෝ තුවාල ඇති වෙන්න පුලුවන්. මෙහි ප්‍රතිඵලයක් විදියට අලුත් නියපොතු ගණ, වර්ණ රහිත හෝ රැළි සහිත වෙන්න පුලුවන්. එතකොට ඔයාට ලස්සන නියපොතු වෙනුවට කැත නියපොතු ලැබෙනවා. නියමල ඉවත් කරන එක වෛද්‍යවරු අනුමත කරන්නෙ නෑ. කරන්න පුලුවන් එකම දේ තමයි, නියමල මෘදු කරලා පිරිසිදු උපකරණයකින් කපා ඉවත් කිරීම.

05. නියපොතු යටින් හැදීම වැලැක්වීම

අඩු ගුණාත්මක බවකින් යුත් මෙනිකියෝ හෝ පෙඩිකියෝ මගින් නියපොතු යට හිස් බවක් පෙනෙන්නට පුලුවන්. වෘත්තීය භාෂාවෙන් මේ තත්වයට ඔනිචොලිසිස් කියලා කියනවා. ඒක නියපොතු වල පහළ ස්ථරයට හානි කිරීමේ ප්‍රතිඵලයක්. මේ සඳහා ප්‍රතිකාර කරන්න පුලුවන් චර්ම රෝග විශේෂඥයින්ට විතරයි.

06. නියපොතු කැඩෙනසුළු වීම

ඕනම කාන්තාවකටම කැඩෙන සුළු නියපොතු තියෙන්න පුලුවන්. පේන විදියට නම් වැරදියට කරපු මෙනිකියෝ එකක් මේකට හේතු වෙන්න පුලුවන්. නේල් ෆයිල් එකක් නිතරම පාවිච්චි කිරීම විශේෂඥයන් නිර්දේශ කරන්නෙ ඒකයි. මුලින්ම කතුරෙන් නියපොතු කපා හැඩය සකස් කිරීමට නේල් ෆයිල් එකක් පාවිච්චි කරන්න. ස්වාභාවික නියපොතු වලට ගත හැක්කේ ග්‍රිට් 240 ක් හෝ ඊට වැඩි ෆයිල් විතරයි. ඇත්තටම, වියළි නියපොතු විතරයි හැඩ කරන්න පුලුවන්. තෙත් නියපොතු හැඩ කරන එක නම් අවදානම්.

07. කහ නියපොතු

නියපොතු වල කහ පාට සෞඛ්‍ය ගැටලුවල ප්‍රතිඵලයක් විතරක් නෙවෙයි, අඩු ගුණාත්මකභාවයකින් යුත් මෙනිකියෝ නිසාත් ඇති වෙන්න පුලුවන්. නියපොතු ශිල්පීන් නිර්දේශ කරන්නේ වර්ණවත් නිය ආලේපන ආරක්ෂිත තට්ටුවට ආලේප කරලා මිල අධික නිය ආලේපන විතරක් භාවිතා කරන්න කියලයි. නියපොතු වලට අයඩින් යොදන්න එපා. දන්තාලේප, ලුණු වලින් හදන ලද ස්ක්‍රබ්, ලෙමන් හා හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් මගින් සේදීමෙන් වර්ණය යථා තත්ත්වයට පත් කර ගන්න පුලුවන්.

08. හැන්ග් නේල්ස්

වෘත්තීමය නොවන මෙනිකියෝ එකක්, එල්ලෙන නියපොතු වලට හේතු වෙන්න පුලුවන්. විශේෂඥයන් කියන්නෙ එල්ලෙන නියපොතු කපන්න ඕන ඒකාකාරව පමණක් කියලයි. ඒවා ඉරා දමන්න එපා. එල්ලෙන නියපොතු වළක්වා ගන්න නම් විටමින් ඊ තියන විශේෂ ක්‍රීම් එකකින් ඔයාගෙ සම තෙත් කරලා වෘත්තීය හා වගකිවයුතු නියපොතු ශිල්පියෙක් හමුවෙලා මෙනිකියෝ එකක් කරගන්න.

09. පෙඩිකියෝ කිරීමට පෙර කකුල්වල රෝම ඉවත් කිරීම

රූපලාවණ්‍යාගාරයකට යන්න කලින් අපි නිතරම කකුලේ රෝම ඉවත් කරනවා. නියපොතු ශිල්පීන් කියන්නෙ ඔවුන් මේ දේවල් වලට අවධානය යොමු කරන්නෙ නැති බවයි. ඒ වගේම සමට තුවාල කර ගන්න එපා කියලයි. ලඟදි රෝම ඉවත් කරපු කකුල් වල සිදුරු වඩාත් විවෘතව පවතින නිසා ආසාදනයක් ඇතිවීමේ අවදානම වැඩියි.

10. නියපොතු ආවරණය

නිය ආලේපන වල අඩංගු දේවල්වල භයානක රසායනික ද්‍රව්‍ය තියනවා. මේවා නියපොතු වලට හානි කළ හැකි අතර අසාත්මිකතා හෝ ඇදුම රෝගයට පවා හේතු වෙන්න පුලුවන්. ඔයාගෙ ආරක්ෂිත බව තහවුරු කර ගැනීමට, හැම සති 3-4 කට වරක් ඔයාගෙ නිය ආලේපන වෙනස් කරන්න. ඒ වගේම හැම මාස 6-8 කට වරක් නිය ආලේපන ඉවත් කරලා නියපොතුවලට විවේකයක් ලබාදෙන්න කියලා විශේෂඥයින් නිර්දේශ කරනවා. මේ විවේකය දින 105 ක් විය යුතුයි. අලුත් නියපොතු වැඩීමට ගතවන කාලය තමයි මේ.

11. පාරජම්බුල ලාම්පු

ෂෙලැක් වියළීමට භාවිතා කරන පාරජම්බුල ලාම්පු සෞඛ්‍යයට අහිතකරයි. පාරජම්බුල කිරණ සමට රිදවන අතර වෛද්‍යවරුන්ට අනුව එය සමේ පිළිස්සීමට පවා හේතු විය හැක. එබැවින්, ඔයා රූපලාවණ්‍යාගාරයකට යන්න කලින් ඔයාගෙ සමට ආරක්ෂිත ක්‍රීම් එකක් හෝ LED ලාම්පු සහිත රූපලාවණ්‍යාගාර තෝරන්න.

12. උණුසුම් පාද ස්නාන

පාදවල ඉරිතැලීම් ඇතිවීමට හේතු වන්නේ උණුසුම් වතුරෙන් පාද සේදීම වෙන්න පුලුවන්. කකුල් ඉදිමී ඇති අය හෝ ගොඩක් වෙලාවට වියළි සමක් තියන අය උණු වතුරේ ගොඩක් වෙලා පාද ස්නානය කිරීමෙන් වැළකෙන්න ඕන. සමේ සෞඛ්‍යය වැඩි දියුණු කිරීමට විශේෂඥයන් නිර්දේශ කරන්නේ මොයිස්චරයිසින් ක්‍රීම් හා දියර නිතිපතා භාවිතා කරන්න කියලයි.

Leave a Reply

Your email address will not be published.