පාද සහ නියපොතු වලට මනරම් පෙනුමක් ලැබෙන පුදුමාකාර ක්‍රම 6 ක්

වර්තමාන ජීවිතයේ හදිසි වැඩ කටයුතු, පීඩනය, දිගු පෝලිම්, සහ අපහසු පාවහන් පැළඳීම හේතුවෙන් දිනපාතම අපේ දෙපා දුෂ්කර අවස්ථාවන්ට මුහුණ දෙනවා. මෙමඟින් ඉක්මනින්ම අපහසුතාවයට පත් වන අතර සම්පූර්ණම සෞඛ්‍ය සඳහාම බලපෑම් ඇති වෙන්න පුළුවන්. මේ නිසා දෙපා සහ නියපොතු කෙරෙහි වැඩි අවධානයක් යොමු කර උපරිම තත්වයකට ගෙන ආ යුතුයි.

වඩාත් ප්‍රයෝජනවත් දෙපා සහ නියපොතු සත්කාර හය මෙහි දැක්වෙනවා.

01. දෙපා වියලිව තබා ගැනීම.

සනීපාරක්ෂාවේ මූලික මූලධර්ම අතරින් එකක් ලෙස දෙපා වියලිව තබා ගැනීම සැලකිය හැක්කේ තෙතමනය සහිත තත්ව යටතේ දිලීර සඳහා හිතකර පරිසරයක් ගොඩනැගෙන බැවිනි. මේ නිසා පහත ක්‍රියාවලිය අනුගමනය කරන්න. 

සැමට හුස්ම ගත හැකි වන පරිදි ස්වභාවික ද්‍රව්‍ය වලින් නිපදවූ සපත්තු පළඳින්න.

දින කීපයක් එක දිගටම එකම සපත්තු ජෝඩුව පැළඳීමෙන් වළකින්න.

ඇඟ සේදීමෙන් අනතුරුව තුවායක් ආධාරයෙන් දෙපා හොඳින් පිස දමන්න.

02. නිසි පරිදි නියපොතු කපාගන්න. 

නුසුදුසු ලෙස කපන ලද නියපොතු වල ප්‍රතිඵලය ලෙස දෙපාවල හෑරී වැඩුණු නියපොතු ඇතිවිය හැකියි, මෙය වේදනාකාරී තත්වයකි. මෙය වලක්වා ගැනීමට පහත පිළියම් යොදන්න:

මතක ඇතිව නියපොතුවල කෙලවර වක්‍ර නොකර කෙළින් කපන්න. 

නියපොතු ගොඩක් කොට කිරීමෙන් හෑරී වැඩුණු නියපොතු හෝ ආසාදන ඇතිවීමට ඉඩ තිබෙනවා.

නියමහ කපන්න එපා. තැඹිලි දැව කෝටුවක් භාවිතා කර නියපොතු පාදම දෙසට ඒවා මෘදුව තල්ලු කරන්න.

03. පාදයේ නියපොතු සෞඛ්‍ය සම්පන්නව තබාගන්න. 

හෑරී වැඩුණු නියපොතු වේදනාව සමනය කරගැනීමට මෙම ක්‍රියාවලිය අනුගමනය කරන්න:

උණුසුම් ජලයේ විනාඩි 15-20ක් දෙපා පොඟවාගෙන ඉන්න. ලුණු මේස හැන්දක් ජලය ලීටරයකට එකතු කරන්න.

නියපොතුවල දාරයට පහලින් පිරිසිදු දන්ත ෆ්ලොස් තබා, මෘදුව ඉහලට කරන්න.

එම ප්‍රදේශයට විෂබීජ මර්දක යොදා, ආසාදනය වීමෙන් වලක්වා ගැනීමට නියපොත්තට වෙළුම් පටියක් දමන්න.

පාදයේ ඇඟිල්ල සුව වන තෙක් මෙම ක්‍රියාවලිය දිනපතා සිදු කරන්න.  

මේ සත්කාරයෙන් පාදයේ ඇඟිල්ල සුව අතට හැරෙන්නේ නැතිනම් සහ ආසාදන ලක්ෂණ පෙන්නුම් කරනවා නම්, වහාම වෛද්‍යවරයෙකු හමුවන්න.

04. උණු ජලයේ දෙපා පොඟවා ගන්න. 

දෙපාවලට සුන්දර පෙනුමක් ලබාගැනීමට සහ යටිපතුල් ළදරුවෙකුගේ මෙන් මෘදු කරගැනීමට සතියකට වතාවක් විනාඩි 15-20ක් උණු ජලයේ දෙපා පොඟවාගෙන ඉන්න. දෙපාවලට නැවත ශක්තිය ලබා දීමට ලුණු, අත්‍යවශ්‍ය තෙල් හෝ ශාකසාර වැනි විවිධ අමුද්‍රව්‍ය භාවිතා කල හැකියි.

ඉන්පසු පාදවල වියලි සහ මැරුණු සම ඉවත් කිරීමට ස්ක්‍රබ් එකක් හෝ පමිස් ගලක් පාවිච්චි කරන්න.

05. දෙපා මොයිස්චරයිස් කරන්න.

ඩයිමෙතිකෝන්, ලැනොලින් සහ වැස්ලින් වගේ සුමුදුකාරක සහ ග්ලිසරින් සහ ලෙසිතින් වගේ මොයිස්චරයිසින් අමුද්‍රව්‍ය අන්තර්ගත ක්‍රීම් වර්ග ආලේප කරන්න. දිලීර හටගත හැකි නිසා පාදයේ ඇඟිලි අතර ප්‍රදේශ මොයිස්චරයිස් කරන්න එපා. 

06. දෙපා සම්බාහනය.

තෙහෙට්ටුවෙන් මිදීමට කල හැකි හොඳම සත්කාරය සම්බාහනයයි, එමඟින් රුධිර සංසරණය වර්ධනය වන අතර දෙපා නිරෝගී කරනවා. මේ සඳහා විශේෂ සම්බාහන යන්ත්‍රයක් මිලදී ගැනීම හෝ සරලවම සාමාන්‍ය ටෙනිස් බෝලයක් නැතිනම් ගෝලාකාර වස්තුවක් පාදයට යටින් තබා යටිපතුලෙන් සහ පාදයේ ඇඟිලිවලින් ඉදිරියට සහ පිටුපසට රෝල් කරන්න.

One Comment on “පාද සහ නියපොතු වලට මනරම් පෙනුමක් ලැබෙන පුදුමාකාර ක්‍රම 6 ක්”

Leave a Reply

Your email address will not be published.