පාන් ආහාරයට ගැනීම නැවැත්වීමේන් පසුව ඔබට සිදු වන දේ

බොහෝ පුද්ගලයින් පාන් ආහාරයට ගැනීම නවත්තල තිබෙනවා පමණක් නෙමේ කාබ් අන්තර්ගත නොවන ආහාර අනුගමනය කිරීමට මොවුන් බොහෝ උත්සාහ කරනවා. ඔබ බොහෝ ලිපි කියවා ඇති මේ පුද්ගලයින්ගේ සිදු වූ වෙනස්කම් පිළිබදව. ඔවුන්ගේ ප්‍රතිඵල වලින් ඔබ පුදුම වෙන්න ඇති. ඔවුන්ගේ සම සෞඛ්‍ය සම්පන්න වී, බර අඩු වී, ඔවුන් වඩාත් ජවසම්පන්න වූවා කියා ඔවුන් පවසනවා. 

අද අපි ඔබට අරගෙන ආවේ මේ පිළිබද කරුණු කිහිපයක්. ඔබටත් මෙය වැදගත් වේවි. 

සුදු සහ දුඹුරු පාන්

හොද පාන් ලෙස හදුන්වන්න පුළුවන් ඔබට සම්පූර්ණ තිරිඟු පිටි වලින් සෑදූ පාන්. මෙම නිෂ්පාදන ඇත්තෙන්ම සෞඛ්‍ය සම්පන්න යි, නමුත් සුදු පාන් නම් ඔබට එතරම් හොඳ දෙයක් නෙමේ. සුදු පාන් ආහාරයට ගැනීම නැවැත්වීමට ප්‍රධාන හේතුව වක් පවතිනවා. 20 වන ශතවර්ෂයේදී පිටි සහ යීස්ට් වෙනස් කිරීම තමා මීට හේතුව. මේ පිළිබද වැඩිදුර කරුණු අපි පහතින් සදහන් කර තිබෙනවා. 

හේතුව # 8: නිෂ්ඵල නිෂ්පාදනයක් වීම. 

තිරිගු යනු විටමින් ඩී වලින් සමන්විත වෙන ඉතාමත් වටිනා ද්‍රවයයක් වේ. නමුත් ධාන්‍ය සැකසීමේ ක්‍රියාවලියේදී මෙහි පවතින සියලුම ප්‍රයෝජනවත් ද්‍රව්‍ය අතුරුදහන් වී යෑම සිදු වෙනවා. තරමක් ගුණාත්මක සුදු පිටි පවා සැකසීමට පෙර ඒවායේ අන්තර්ගත වන ද්‍රව්‍යවලින් 30% ක් පමණ‍යි රදවා ගැනීම සිදු කරන්නේ. නමුත් මෙම ප්‍රමාණයත් අවාසනාවකට සති 2 කට පසුව අක්‍රිය වීම සිදු වෙනවා. පිටි වල ආයූ කාලය පවතින්නේ මාස 12ක් වැනි කාලයක් පමණි. 

හේතුව # 7: රසය නොමැතිකම

අපි කවුරුත් දන්න දෙයක් තමා සුදු පාන් වල රසයක් නොමැති බව. නමුත් මෙයම තමා හේතුව මීට බොහෝ අය කැමති වීමටත්. ඔබ අනුභව කරන අනෙකුත් ද්‍රවයය වල රස එසේම පවතිනවා ඔබ මෙම ආහාරය සමග අනෙකුත් ආහාර ලබා ගත් විට.

හේතුව # 6: විෂ වීම

අද ලෝකයේ තිරිගු වල ඉල්ලුම බොහෝ වැඩි වෙලා තිබෙනවා. මිනිසුන් හැකි තරම් තිරිගු සැමවිටම ඉල්ලා සිටිනවා. මේ නිසා කෙටි කාලයක් තුළ වැඩි තිරිඟු වගා කිරීමට තමා ගොවීන් සැමවිටම උත්සහ කරන්නේ. මේ නිසා ගෝවීන් මීට පළිබෝධනාශක ඉසීම සිදු කරනවා. මීයන් සහ දිලීර වලින් එය ආරක්ෂා කිරීම සඳහා තමා මෙය සිදු කරන්නේ.පසුව මොවුන් පිටි සුදු බවට පත් කිරීම සදහා එය බ්ලීච් කිරීම සිදු කරනවා. බෙන්සොයිල් පෙරොක්සයිඩ්, පර්සල්ෆේට් සහ ක්ලෝරීන් ඩයොක්සයිඩ් වැනි ද්‍රවයය යොදා ගෙන තමා ඔවුන් මෙය සිදු කරන්නේ.ඔබ පාන් මිලදිී ගැනීමට පෙර අද සිට සිතා බැලිය යුතු දෙයක් තිබෙනවා. ඒ තමා ඔබ පාන් මිලදී ගැනීම සිදු කරන්නේ පිරිපහදු කල පිටි වලින් සෑදූ ඒවාද නැතහොත් කාබනික පිටි වලින් සෑදූ ඒවාද කියන එක. කාබනික පිටි වලින් සෑදූ පාන් මිලදී ගැනීමට සැමවිටම උත්සහ කරන්න.  ඉහත විස්තර කර ඇති ක්‍රියා පටිපාටිවලට භාජනය වන්නේ පිරිපහදු කල පිටි පමණයි. 

හේතුව # 5: සමේ ගැටළු

ඔබත් බොහෝ පිටි නිෂ්පාදන ආහාරයට ගන්න කෙනෙක් නම් ඔබටත් සමේ ගැටළු තිබෙනවා ඇති. කුරුලෑ ඇති වීම සිදු වෙන්නේ සාමාන්‍යයෙන් පාන් වල අඩංගු ග්ලූටන් නිසා. ශරීරයට ග්ලූටන් නම් ද්‍රවයය බැහැර කිරීමට හැකියාවක් නෑ, මේ නිසා මෙය බඩවැල් වලටද හානි කිරීම සිදු කරනවා. ඔබ රූපලාවණ්‍ය වෛද්‍යවරයකු හෝ චර්ම රෝග  වෛද්‍යවරයකු වෙත යාමට ප්‍රථමයෙන් ඔබේ ආහාර වේල වෙනස් කර බලන්න අමතක කරන්න එපා. 

හේතුව # 4: ජීර්ණ ගැටළු

අප කලින් සදහන් කල ග්ලූටන් නිසා ඔබට බොහෝ ජීරණ ගැටලුද ඇති වෙන්න පුළුවන්. ඔබ සම්පූර්ණ පිටි සහිත පාන් ආහාරයට ගන්න. එය ඔබේ ශරීරයට අවශ්‍ය තන්තු ලබා දීම සිදු කරනවා. දිනකට මෙම පාන් පෙති 5-6 ක් ඔබ දෛනිකවම ලබා ගතහොත් සම්මතයට සරිලන තරම් තන්තු ලබාගැනීමට ඔබට හැකියාවක් තිබෙනවා. පලතුරු සහ එළවළු ආහාරයට ගැනීමෙන් වුවත් ඔබට මෙය ලබා ගැනීමට හැකියාවක් තිබෙනවා. ඔබට ඇපල් 14 ක්, කැරට් 21 ක්, තක්කාලි 25 ක් හෝ පිපිඤ්ඤා රාත්තල් 5 ක් පමණ ආහාරයට ගැනීමෙන් මෙය ලබා ගන්න පුළුවන්. 

හේතුව # 3: නොමේරූ වයසට යාම

දැන් ඔබට තේරෙනවා ඇතිනේ සුදු පාන් කියල කියන්නේ ඇත්තටම කිසිම ප්‍රයෝජනයක් නොමැති ද්‍රවයයක්. විටමින් අන්තර්ගත ද්‍රවයය ඔබේ ශරීරයට බොහෝ වැදගත් වෙනවා.අපගේ ශරීරයට තරුණ බව එක් කරන්නේ විටමින් අන්තර්ගතයන්. මේ නිසා පිරිපහදු කළ පිටි නිෂ්පාදන වලට කැමති පුද්ගලයින්ට ඉක්මනින් වයසට යාමත් සිදු වෙනවා. 

හේතුව # 2: ඇබ්බැහි වීම

පාන් ඇත්තටම බෙහෙතක් වගේ. සුදු පිටි මගින් රුධිරයේ සීනි මට්ටම ඉහළ යාම සිදු වෙනවා. මේ නිසා ඉන්සියුලින් මට්ටම ඉහළ යනවා. ඔබ පාන් පෙත්තක් ආහාරයට ගැනීමෙන්ම ඔබේ රුධිරයේ සීනි වේගයෙන් ඉහළ යාම සිදු වෙනවා. මේවා ආහාරයට ගෙන අවසන් වූවාම මෙය වේගයෙන් පහළ බැසීම සිදු වෙනවා. රුධිරයේ සීනි මට්ටම්වල මෙවැනි විශාල වෙනස්කම් දියවැඩියාවට පවා හේතු වෙන්න පුළුවන්.

හේතුව # 1: අතිරික්ත බර හා තරබාරුකම

ඔබ මෙම පිරිපහදු කල පිටි සහිත පාන් අනුභව කිරීමෙන් ඔබේ බර විශාල ලෙස වැඩි වීම සිදු වෙන්න පුළුවන්. පාන් ආහාරයට ගැනීම නවත්තන බොහෝ දෙනා සති කිහිපයක් ඇතුළත තමන්ගේ බර අඩු කර ගැනීම සිදු කරනවා. එක් මධ්‍යම ප්‍රමාණයේ පාන් පෙත්තක තන්තු ග්‍රෑම් 0.6 ක් පමණ ප්‍රමාණයක් අන්තර්ගත වනවා. අනෙක් අමුද්‍රව්‍ය සියල්ලම ශරීරයේ මේදය බවට පත් වෙනවා. පාන් සඳහා ග්ලයිසමික් ​​දර්ශකය චොකලට් වලට වඩා වැඩි අගයක තමා පවතින්නේ. පේස්ට්‍රි වල අන්තර්ගත වන පිෂ්ඨය ආහාර ජීර්ණ පද්ධතිය බිඳ වැටී රුධිරයට ඇතුළු වී ග්ලූකෝස් බවට පත්වෙනවා. මේ නිසා ඔබට ඉක්මනින් කුසගිනි වීම සිදු වෙනවා.

ඔබත් අදින් පසු කුමන හෝ නිෂ්පාදනයක් මිලදී ගැනීමට පෙර එහි අමුද්‍රවයය පිළිබද බොහෝ සැලකිලිමත් වන්න. 

දැන් ඔබ පාන් ආහාරයට නොගෙන සිටීමට කැමතී නේද ? ඔබේ අදහසුත් අපට කියාගෙනම යන්න. 

Leave a Reply

Your email address will not be published.