පැළදීමෙන් පසුව ඔබේ කකුල් සිහින්ව පෙනෙන සපත්තු වර්ග 7 ක්

ශරීරයේ හඩය අනුව අපි පළඳින සපත්තු වර්ගයත් ගලපගන්න වෙනවා. සමහර විට අපි කොච්චර කැමති සපත්තුවක් වුණත් අපේ ඇඟේ ප්‍රමාණයට ගැලපෙන්නෙ නැති වෙන්න පුලුවන්. විලාසිතා කරනකොට මේ දේවල් දැනගෙන ඉන්න එකත් ගොඩක් වැදගත්. මහත කෙනෙක්ට ටිකක් කෙට්ටුවට පේන්න උදව් කරන සපත්තු වර්ග ඕනතරම් තියනවා.

හැම කාන්තාවකගෙම ඇඟේ හැඩයට හා ප්‍රමාණයට ගැලපෙන සපත්තු වර්ග වෙළඳපොළේ තියනවා. ඉතින් අද අපි ඔයාට කියන්නෙ ටිකක් මහත ඇඟක් තියන කෙනෙක් කෙට්ටුවට පේන්න නම්, පාවහන් තෝරාගැනීමේදී සැලකිලිමත් විය යුතු දේවල් ගැනයි.

01. චූටි හීල් එක සහිත සරල සපත්තු

වළලුකර පටි සහිත හීල්ස් එතරම් හොඳ නෑ. ආධාරය සඳහා වළලුකර අසල බොහෝ විට තබා ඇති පටිය, කොයිතරම් සිහින් වුණත්, මෙම ප්‍රදේශය බෙදී ඇති නිසා කකුල් කොට බවට හැඟීමක් ඇති කරනවා. ඔයා මිටියි නම් සහ ඔයාගෙ කකුල් කොටයි නම් ඒක වඩාත් අදාළයි. මේ වර්ගයේ සපත්තු පැළඳීමෙන් ඔයාගෙ කලවා සහ කකුල් ලොකුවට පේනවා.

මහත කකුල් තියන කාන්තාවන්ට චූටි හීල් එක තියන සපත්තු ගැලපෙනවා. වඩා හොඳ ප්‍රතිඵල ලබා ගැනීමට සහ ඔයාගෙ රූපයට වඩාත් සිහින් පෙනුමක් ලබා ගැනීමට, විලුඹ ලඟින් මහත සහ පහළට යන විට සිහින් වන හීල් එකක් පළඳින්න.

02. ස්ටිලෙටෝ හීල්ස්

සමහර විට, පටි සහිත පැතලි සපත්තු මගින් කකුල්වල අමුතු ගැටිති ඇති කරනවා. විශේෂයෙන් ඔයාට මහත කකුල් තියනවා නම්. මහත කකුල්වලට මේ සපත්තු දැම්මම ඒවගෙ පටි අතරින් තියන කුඩා සිදුරු අස්සෙන් ඔයාගෙ කකුලේ කොටස් පිම්බිලා එලියට එනවා. ඒකට අනිත් අයගෙ අවධානයත් ඉක්මනින් යොමු වෙනවා.

ඒ නිසා පටි සහිත සෙරෙප්පු වෙනුවට ස්ටයිලෙටෝ හීල් සහිත සෙරෙප්පු තෝරගන්න. කකුල් දෙක සිහින් කරලා ඔයාව උසින් පේනවට ඔයා කැමති නම් මේ වගේ සෙරෙප්පු දෙකක් නියමයි. හීල් එක තුනී වෙන තරමට, ඔයාව වඩාත් ආකර්ෂණීය ලෙස පෙනුණත්, ඒවායේ සුවපහසුව අඩුයි. ඒ නිසා මැද ප්‍රමාණයේ හොඳ හීල් එකක් තෝරගන්න.

03. වේදිකා සහිත සපත්තු

“ටී-ස්ට්‍රැප් සපත්තු” කියලා හඳුන්වන හීල් එකේ පටිය “ටී” හැඩැතියි. ඒ නිසා තමයි ඒවට ටී ස්ට්‍රැප් කියලා කියන්නෙ. හැබැයි මේ T ස්ට්‍රැප් මගින් ඔයාගෙ කකුල් ඇත්තට තියනවට වඩා පළල් කරලා පෙන්වනවා. ඔයාට තියෙනෙ කෙටි කකුල් නම් මේ වගේ සපත්තු වලින් ඈත් වෙන එක හොඳයි.

ඒ වෙනුවට ඔයාට, ඔයාගෙ කකුල්වලට ගැළපෙන වේදිකාවක් තියන හීල් එකක් තෝරගන්න පුලුවන්. මේවා මගින් සුවපහසු සහ හොඳ පෙනුමක් ලබා දෙනවා. ඔයාගෙ කකුල් මහතයි නම්, මේ සපත්තු තෝරා ගැනීමෙන් කකුල්වලට වඩාත් ලස්සන පෙනුමක් ලැබෙනවා.

04. ඇඟිලි තුඩු ප්‍රදේශය කොටු හැඩයට තියන සපත්තු

සපත්තුවේ ඇඟිලිවලට තියන ප්‍රදේශය කොටු හැඩයට තියනවා නම්, ඒ සපත්තු ගැලපෙන්නෙ සිහින් කකුල් තියන අයටයි. හැබැයි මහත කකුල් සහ මහත ඇඟිලි තියන අයට එයාලගෙ කකුල්වලට වඩාත් සිහින් පෙනුමක් ලබාගන්න ඕන නම්, ඉදිරිපස වෙනත් හැඩයක් තියන සපත්තු තෝරගන්න වෙනවා.

මිටි කෙනෙක්ට නම් ඇඟිල්ලේ අග සුළු වශයෙන් පමණක් පෙන්වන සපත්තු ගැලපෙනවා. ඒවායින් ඔයාට උස පෙනුමක් ලබා දෙන අතර දිගු කකුල් ඇති බවත් පෙන්වනවා.

05. උස බූට්ස්

වළලුකර දක්වා උස සපත්තු මගින් ඔයාගෙ කෙණ්ඩා දෙසට මිනිසුන්ගේ අවධානය යොමු කරවනවා. එමඟින් ඔබේ වළලුකර ඇත්ත වශයෙන්ම පවතිනවාට වඩා මහත ලෙස පෙනෙන්න ඉඩ තියනවා.

ඒ වගේම ඉයාගෙ කකුල්වල කෙණ්ඩා තරමක් මහතින් වැඩියි නම් ඔයාට ගැලපෙන්නෙ දිගු බූට්ස් පලඳින එකයි. බූට් සපත්තු මුදුනේ කුඩා මෝස්තරයකුත් තියනවා නම් තවත් ලස්සනයි. එතකොට ඔයාට මිනිසුන්ගෙ අවධානය කෙණ්ඩාවලින් ඉවතට ගන්න පුලුවන්.

06. බැලරිනා ෆ්ලැට් සපත්තු

රෝමන් සැන්ඩල්ස් නිර්මාණය කරලා තියෙන්නෙ අනිත් අයගෙ අවධානය ඔයාගෙ කකුල්වල කෙණ්ඩ දෙසට යොමු වෙන විදිහටයි. මේ වර්ගයේ සපත්තුවල උඩටම තියන පටිය නිසා ඒවා මහත කකුල් තියන කාන්තාවන්ට ගැලපෙන්නෙ නෑ. ඒ වගේම ටික වේලාවක් ඇවිදීමෙන් පසු එයාලව අපහසුතාවයට පත් වෙනවා.

මේ වගේ බැලරිනා ෆ්ලැට්ස් මහත කකුල් තියන අයට සිහින් කකුල් තියන ලෙස පෙනීමට ගොඩක් සුදුසුයි. ඒ වගේම ඒවා වඩාත් සුදුසු වෙන්නෙ කෙටි සායක් ඇන්දමයි.

07. මේස් හෝ ස්ටොකිංග්ස් වල පාටින්ම සපත්තු

පේන විදිහට, පැතලි බූට් සපත්තු මගින් ඔයාගෙ කකුල්වලට කෙටි පෙනුමක් ඇති කරනවා. ඒ නිසා ඒවා පරිස්සමින් භාවිතා කිරීම සුදුසුයි.

කොහොම වුණත්, ඔයාට ඔයාගෙ කකුල් සිහින් කර ගැනීමට අවශ්‍ය නම්, ඔයාගෙ කලිසමේ පාටටම සපත්තු තෝරගන්න. නැත්නම් තද පාටක සපත්තු දෙකක් පළඳින්න.

Leave a Reply

Your email address will not be published.