පුද්ගලයෙකු ඔබට රහසින් කැමති බව පෙන්වන ලකුණු 6ක්

කෙනෙක් ඔයාට ආදරෙයි කියලා වචනෙන්ම කියනකම් බලාගෙන ඉන්න ඕනෙ නෑ. ඔයාට කරන්න තියෙන්නෙ ටිකක් ඒ කෙනාගෙ හැසිරීම අධ්‍යයනය කරන එක විතරයි. ඇත්තටම එයා ඔයාට ආදරෙයිද නැද්ද කියලා තේරුම් ගන්න මේක හොඳම ක්‍රමයක්.

ආදරය ප්‍රකාශ කරනකොට ස්ත්‍රී පුරුෂ බව හෝ වයස ගැන එයාලා ලොකුවට හිතන්නෙ නෑ. අද අපි ඔයාට කියන්නෙ කෙනෙක් ඔයාට රහසින්ම ආදරය කරනවද කියලා දැනගන්න පුලුවන් රහස් ක්‍රම 6ක් ගැනයි.

01. හිනාව පාලනය කරගන්න බැරිවීම සහ හිනාවෙන්න උත්සාහ කිරීම

• හැඟීම් ඕනෑවට වඩා ශක්තිමත් නම්, තමන් ආදරය කරන කෙනාව දැක්කම පිරිමි ළමයි නොදැනුවත්වම ඇහිබැම ටිකක් ඉහළට ඔසවනවා. එහෙමත් නැත්නම් එයාලට දන්නෙම නැතුව හිනා යනවා.

• යාලුවො ඒ ගැන කියමින් විහිලු කරන වෙලාවටත් එයාලට නොදැනිම එයාලා කැමති කෙනා දිහා බැලෙනවා.

ආදරය කරන මිනිස්සු වර්ග දෙකක් ඉන්නවා.

• පළමු වර්ගයේ පුද්ගලයා හැම විටම එයාගෙ හැඟීම්වල ඉන්න කෙනාට ලං වෙන්න උත්සාහ කරනවා. එයාලා පුලුවන් හැම වෙලාවෙම බොරු හේතුවක් හදාගෙන හරි තමන්ගෙ ආදරණීයයාව ස්පර්ශ කරන්න කැමතියි. හොඳම උදාහරණය තමයි, බොරුවට තල්ලු කරලා සමාව ඉල්ලලා ඊට පස්සෙ බදාගැනීම.

• දෙවන වර්ගයේ අය, තමන් කැමති කෙනාව මග හරින්න උත්සාහ කරනවා. එයාලා හිතන්නෙ ඒකෙන් එයාලගෙ හැඟීම් අනෙකාගෙන් සඟවන්න පුලුවන් කියලයි. හැඟීම් නොපෙන්වා ඉන්න සමහර විට එයාලා රළු විදිහට කතා කරන්නත් ඉඩ තියනවා.

• කෙනෙක් මෑතකදී ඔයාව මගහැරියා නම් හෝ ඔයත් එක්ක ඕනවටත් වඩා එකට ඉන්න උත්සාහ කරනවා නම් ඒකට හේතුවක් තියනවා.

නිතරම පෙනෙන දුරකින් සිටීම

•ආදරය කරන අය ගොඩක් වෙලාවට අනිත් කෙනාව පේන දුරකින් ඉන්න කැමතියි. ඒක පාර්ශවිකව ආදරය කරන කෙනෙක් නම් තමන් ආදරය කරන කෙනා දිහා එහෙම හරි බලන් ඉන්න ලැබෙන එක සතුටක් කියලා හිතනවා.

• කොහොම වුණත් එයා දැක්කොත් ඔයා එයාගෙ දිහා බලන් ඉන්නවා කියලා, එතකොට එයා ඉක්මනින් වෙන දෙයක් දිහා බලනවා.

කතා කරන විදිහ වෙනස් වීම

• කතා කරන ආකාර දෙකක් තියනවා.

• මෙහිදී ඔහුට කවියෙකුගේ, දාර්ශනිකයෙකුගේ සහ මාධ්‍යවේදියෙකුගේ කතා කරන ලක්ෂණ ඇති වෙනවා. මීට පෙර කවදාවත් කතා නොකරපු වඩාත් සංකීර්ණ හා රසවත් විෂයයන් ගැන කතා කරන්න ඔහුට ලේසි වෙනවා.

• ඒත් කතාවෙන් හිත් ඇදගන්න දන්නෙ නැති කෙනෙක් නම් ඒ ක්‍රමය අත්හදා බලන්න යන්න එපා. මොකද ඔයාගෙ වැරදි කතා විලාසයෙන් ඔයා ආදරය කරන කෙනාට ඔයාව එපා වෙන්න පුලුවන්.

ආදරය කරන කෙනා ගැන අනිත් අය එක්ක කතා කිරීම

• මිනිසුන් ගොඩක් වෙලාවට තමන් කැමති කෙනා ගැන අනිත් අය එක්ක කතා කරනවා. යාලුවොත් එක්ක කතා කරනකොට වුණත්, වෙන දෙයක් ගැන කතා කරමින් ඉන්නකොට තමන් කැමති කෙනාගෙ නම ඇහුණත් එයාලා ඒ ගැන කතා කරන්න යොමු වෙනවා.

• තවත් එක දෙයක් තමයි කතා කරමින් ඉන්න අතරතුරදි එයා ඔයා කැමති දේවල්වලටම කැමති බව පෙන්වා දෙනවා.

කැමති අකමැති දේවල් වෙනස් වීම

• ආදරය කරන කරන කෙනෙක් හදිසියේම අනිත් කෙනා කැමති දේවල්වලට කැමති බව පෙන්වනවා. කවදාවත් නොකරපු දේවල් පවා කරන්න උත්සාහ කරනවා.

• සම්බන්ධයක් පටන් ගන්න කලින් අනිවාරෙන්ම ඒ කෙනාගෙ සමාජීය තත්වය, ආශ්‍රය කරන අය වගේ දේවල් ගැන හොයලා බලන්නත් අමතක කරන්න එපා.

බෝනස්: ශරීර භාෂාව

පිරිමියෙක් කාන්තාවක් එක්ක ඇවිදිමින් ඉන්නකොට ඇයගෙ කොන්දට අතක් තිබ්බොත්, ඔහු හැමවිටම ඇයත් එක්ක ඉන්න බව එයින් අඟවනවා. ඒ වගේම හැමවිටම ඇයව රැකබලාගන්න බවත් ඇයට පෙන්නුම් කරනවා. ඇත්තටම ඔහු ඇයට ආදරය කරන බව ඒකෙන් පේනවා.

Leave a Reply

Your email address will not be published.