පෝනිටේල් දැම්මට ඔබ නොදන්නා ඔබට සිදුවිය හැකි දේවල් කිහිපයක්

පෝනිටේල් එක කියන්නෙ ගැහැණු ළමයින්ගෙ කැමතිම කොණ්ඩා මෝස්තරයක්. පහසුවෙන් දාගන්නත් පුලුවන් වගේම සරල බව නිසාත්, ඕනම ඇඳුමකට ගැලපෙන නිසාත් ගොඩක් ගැහැණු ළමයි කොණ්ඩෙ පෝනිටේල් එකක් විදිහට දාගන්නවා. හැබැයි මේකෙ හානිකර පැත්තකුත් තියනවා. පෝනිටේල් එක දානකොට අපි ගොඩක් තදින් අපේ හිසකෙස් පිටිපස්සට අදිනවා නම්, ඒක අපේ කෙස්වලට ගොඩක් හානිකරයි. දවස පුරාම තදින් පෝනිටේල් එක දාගෙන ඉන්න කෙනෙක්ට ඇතිවෙන්න පුලුවන් තවත් සෞඛ්‍යමය ගැටලු බොහොමයක් තියනවා.

ඉතින් අද අපි ඔයාට පැහැදිලි කරන්න හිතුවෙ, ගොඩක් අය නොහිතන දෙයක් ගැනයි. ඒ තමයි, නිතරම තදින් පෝනිටේල් දාගෙන වැඩි වෙලාවක් සිටීම අපේ සෞඛ්‍යයට බලපාන්නෙ කොයි විදිහටද කියලයි.

01. ඉරුවාරදය ඇති වීම

පෝනිටේල් දාන ගොඩක් අයට හිසරදය තියනවා. අපේ හිසකෙස් වේදනාවලට සංවේදී නැහැ. ඒත් රෝම කූප යට දැඩිලෙස ඇදීම මගින් ප්‍රේරණය කළ හැකි ස්නායු ඇති අතර ඒවාට වේදනාව දැනෙනවා.

02. හිස්කබල රිදෙන්නට පටන් ගැනීම

පෝනිටේල් නිසා හිසේ කැක්කුම ඇතිවෙනවා වගේම, හිසේ සම අධික ලෙස ඇදීමෙන් ප්‍රේරණය වන ස්නායු හිස්කබලේ තුවාල ඇති කරන්න ඉඩ තියනවා. මේක සිදුවෙන්නෙ සම සහ හිස්කබලේ පෙරිෆොලිකුලර් ප්‍රදේශයෙන්. ඒ කියන්නෙ කෙස්ගස, කේශ මූලය හෝ ෆොසිලය වටා තිබෙන ප්‍රදේශයයි. ඉතින් තදින් දැමූ පෝනිටේල් එකකින් හිසකෙස් ලිහිල් කරපු ගමන්ම හිස්කබලට වේදනාවක් දැනෙනවා.

03. පිටුපස වේදනාවක් ඇතිවීම

ගොඩක් වෙලාවට ඝන කෙස් කළඹක් තියන අයට පෝනිටේල් එකක් දැම්මම කෙස් ඇදීම සහ කෙස් කළඹේ බර නිසා හිසේ වේදනාවක් ඇතිවෙන්න පුලුවන්. ඉන් පසුව මේ වේදනාව බෙල්ල දක්වා සහ පිට දක්වාම පැතිර යනවා.

04. මුහුණේ සම ඇදීම

ගොඩක් තද පෝනිටේල් අපේ සමට හොඳ නෑ. මොකද එමගින් මුහුණේ සමේ ඇදෙනසුළු බව වැඩිවෙනවා. මේ සම ඇදීම නිසා කාලයත් එක්ක, ඔයාට වයසින් වැඩි පෙනුමක් ලබා දෙනවා. හැමදාම ගොඩක් තදට පෝනිටේල් එකක් දාගෙන ඉන්නකොට, ඔයාගෙ සම දිගු කාලයක් පුරා ඇදී තිබෙන නිසා ඒක සමට අහිතකරයි.

05. හිසකෙස් අවුල් වීම

දිගු කාල සීමාවක් තුළ තද පෝනිටේල් එකක් පැළඳීමෙන් හිසකෙස්වල ඝර්ෂණයක් සහ ආතතියක් ඇතිවෙනවා. එතකොට අපි කොණ්ඩෙට දාන කොණ්ඩ බූල්, බෑන්ඩ් වගේ දේවල් කොණ්ඩෙන් ඉවත් කරන්න අමාරුයි. ඒ වගේම කොණ්ඩ බූල් ගලවනකොට ඒකෙ පැටලිලා කෙස් ගස් ගොඩක් කැඩෙනවා.

06. හිසකෙස් වඩාත් පහසුවෙන් කැඩී යාම

සාමාන්‍යයෙන් අපේ හිසකෙස් තරමක් බිඳෙන සුළුයි. ඒ නිසා නිතරම කෙස් ගස් ඉහළට ඇදීම හෝ කොණ්ඩ බූලෙන් අල්ලලා දෙපැත්තට ඇදීමෙන් වළකින්න. එම ආතතිය මගින් කෙස්ගස් කැඩෙනවා. හිසකෙස් වලට බූලක් දාගෙන නිදාගන්න එකෙනුත් කෙස්ගස් කැඩිලා ඒවට හානි වෙනවා.

07. ඇලෝපසියා වර්ධනය වීම

ට්‍රැක්ෂන් ඇලෝපසියා කියන්නෙ හිසකෙස් රේඛාව දිගේ ඇති විශේෂිත හිසකෙස් ගැලවී යාමටයි. එය සිදුවෙන්නෙ කෙස්වලට ආතතියක් ඇති වුණාමයි. හිස්කබලේ කුඩා ගැටිති තියනවද කියලා පරීක්ෂා කරලා බලන්න. ඔයාට මුදු මොළොක් බවක් හෝ කබොල හැලීමක් වගේ තත්වයක් දැනෙන්න පුලුවන්. වාසනාවකට වගේ, ඔයා දිගු කලක් පෝනිටේල් එකක් පැළඳීමේ පුරුද්ද වෙනස් කළොත් ඔයාගෙ හිසකෙස් සාමාන්‍ය ලෙස වර්ධනය කර ගන්න හැකියාව තියනවා.

Leave a Reply

Your email address will not be published.