බතල කොටේ වගේ තියන ඇග බස්සගන්න පුලුවන් බීම වර්ග 7 ක්

කවදාක හෝ ඩයට් කර ඇති ඕනෑම කෙනෙක් දන්නා දෙයක් තමයි බර කිලෝවකින් හරි අඩු කරගන්න කොච්චර මහන්සි වෙන්න ඕනෙද කොච්චව කාලයක් යනවද කියල. කෙසේ වෙතත් අද යුවතිය අපි ඔයාට දෙන්න යන්නෙ කෙටිම ක්‍රමයක්. මේකට අවශ්‍ය වෙන්නෙත් මූලික නිශ්පාදන කිහිපයක් පමනයි.

01. වියළි මිදි පානය

‌වියළි මිදි ග්‍රෑම් 100 ක් හිස් ජොග්ගුවකට දමා ජලය ලීටර් දෙකකින් පුරවා වසා තබන්න. ඉන්පසු සතියකට පසු පෙරාගන්න.

  • ෆ්‍රිජ් එකේ දමා තියන්න.
  • උදේට වීදුරුවක් එක හුස්මට පානය කරන්න

‌වියළි මිදි විශ ද්‍රව්‍ය ඉවත් කරයි, බර අඩු කිරීම වේග්වත් කරයි. විටමින් ඒ අඩංගුයි, පැටෑසියම්, මැග්නීසියම්, සහ යකඩ නිසා අපව නියමිත හැඩයක් ලබාදෙයි. මෙය ප්‍රබල විරේචයක් වන බැවින් දිනකට වීදුරුවකට වඩා පානය කරන්න එපා.

02. කුරුදු සහ මී පැනි පානය

කාමර උශ්ණත්වයට ඇති වතුර වීදුරුවක් පුරවන්න, මී පැණි මේස හැන්දක් එයට දමන්න, කුරුදු මේස හැදි භාගයක් එයට දමා හොදින් කලවම් කරන්න.

  • උදේට වීදුරුවක් එක හුස්මට පානය කරන්න.

කුරුදු රුධිරයේ සීනි මට්ටම අඩු කරන අතර ඔබේ ආහාර ජීර්ණයද පහසු කරයි. පරිවෘත්තීය ක්‍රියාවලියද වැඩි කරයි. විද්‍යාත්නයින් පවසන්නේ මී පැණි වෙනුවට සීනී භාවිතා කිරීමෙන්ද බර වැඩිවීම පාලනය කල හැකි බවයි.

‌03. තිරිගු බීජ පානය

ලීටරයේ ජොග්ගුවක 4 න් එකකට තිරිගු බීජ පුරවන්න. ඉනපසුව ජොග්ගුවට ජලය පුරවන්න. දින දෙකකට පසුව පෙරා ගන්න.

  • ඉර එළියෙන් ඈතට කර තබන්න.
  • ‌ආහාර ගැනීමට කලින් මිලි ලීටර් 150 පානය කරන්න.

මෙම පානය ඔබේ පරිවෘත්තීය වැඩි දියුණු කරන අතර ඔබේ ආහාර ජීරණයද පහසු කරීමට උපකාරී වෙයි. සිරුරේ විෂ ද ඉවත් කරයි. වඩාත් ප්‍රතිඵල ලභා ගැනීමට හැකිවන්නේ මෙම පානය ඩයට් ආහර වේලක් සමග පානය කිරීමෙනි.

04. ලෙමන් සහ ඉගුරු පානය

වතුර කෝප්පයකට ලෙමන් ගෙඩි බාගයක් මිරිකගන්න. පසුව එයට ප්‍රමානවත් වන පරිදි ඉගුරු දමා හොදින් කලවම් කරගන්න.

  • උදේට වීදුරුවක් පානය කරන්න.

බොහෝමයක් ආහාර වේදීන් ඉගුරු බර අඩු කර ගැනීමට හොදම දෙයක් විදියට සලකන්නේ එහි ශරීරයේ ඉදිමීම සහ අමතර දියර ඉවත් කිරීමට උපකාරී වන නිසාය. ලෙමන් වකුගඩු උත්තේජනය කරන අතර විෂ ඉවත් කිරීමට උපකාර කර ආහාර දිරවීමද පහසු කරවයි.

05. ඩැන්ඩලියන් තේ

ලීටරයේ ජොග්ගුවක් ගෙන ඩෑන්ඩලියන් කොල නැතුව මල් පමනක් ජොග්ගුවට දමා උනු වතුර පුරවන්න. මී පැණි හැදි කිහිපයක්ද එකතු කර පැය 4 ක් ෆ්‍රිජ් එකේ තබන්න. ඉන්පසුව හොදින් පෙරාගන්න.

  • තේ වෙනුවට පානය කරන්න.

ඔබ සෞඛ්‍ය ගැන වැඩියෙන් හිතල ආහාර ගැනීම කරන කෙනෙක්නම් මෙම පානය ඔබට වඩාත් සුදුසුයි. ඩැන්ඩලියන් තේ ඔබේ ශරීරයේ ඇති හානිදායක ද්‍රව්‍ය ඉක්මනින්ම ඉවත් කර ඔනෑම ඩයට් ආහාර වේලක් වේගයෙන් වැඩ කිරීමට මාර්ගය සාදා දෙයි. නමුත් මෙය ශක්තිමත් බෙහෙතක් වන නිසා ප්‍රවේශමෙන් කල යුතුය.

06. අන්නාසි ජූස්

‌හොදින් පැසුනු අන්නාසි ගෙඩියක් ගෙන එයින් ජූස් එකක් සාමාන්‍ය විදිහට සදා ගන්න.

  • වතුර සමග පානය කරන්න.
  • ඕන තරමක් පානය කරන්න.

අන්නාසි යුශ වලින් ඔබට විටමින් සී බහුලව ලබා දෙන අතර ඔබේ සිරුරේ අතිරික්ත ජලය ඉවත් කිරීමටද උපකාරී වෙයි. මෙම දියරය බර වැඩි වීමට හේතුව මේදය නොවේ.

07. සැසී වතුර

පිරිසිදු ලීටර දෙකේ වතුර ජොග්ගුවක් ගෙන එයට ලෙමන් භාගයක් මිරිකගන්න. ඉනපසුව එයට සිහින්ව කැපූ පිපිඤ්ඤ එකතු කර ඉගුරු ස්වල්පයකුත් දමන්න. මින්ට් කොල දහයකුත් දමන්න. ඉන්පසුව පැය 15 ක් ශීතකරණයේ තබන්න.

  • දවසට වීදුරු 8 බැගින් දවස් 4 ක් බොන්න.
  • ‌දිනකට කැලරි 1400 වඩා පරිභෝජනය නොකරන්න.

සැසී ජලය යනු ඉතාම ඵලදායී බර අඩු කරගැනීමේ වට්ටෝරුවකි. එය ඉක්මනින් මේදය වෙන්කර ගැනීමටත්, ඉදීමීම නැති කිරීමටත් උපකාරී වේ. කෙසේ වෙතත් වෙනත් ඔනෑම ඩයට් පානයක් මෙන්ම ක්‍රියාකරයි.

One Comment on “බතල කොටේ වගේ තියන ඇග බස්සගන්න පුලුවන් බීම වර්ග 7 ක්”

Leave a Reply

Your email address will not be published.