බල්ලෙක් ඇති කිරීමෙන් ඔබගේ ආයුකාලය වැඩිවන අයුරු

සුරතල් සතුන් ඇති කරන්න ඔනම කෙනෙක් කැමතියි. සමහරු පූසො ඇති කරනවා, තවත් අය බල්ලන් ඇති කරනවා, ඒ වගේම හාවන්, ගිරවුන් වගේ සත්තුත් හුරතලේට ඇතිකරන අය ඕනතරම් ඉන්නවා. සුරතල් සතෙක් ඇති කරන එකෙන් මිනිසුන්ට වාසි ගොඩාක් ලැබෙනවා. ඒ අතරිනුත් සුරතල් බල්ලෙක් ඇති කරන අයට විශේෂ ප්‍රතිලාභ රැසක් ලැබෙන බව පර්යේෂකයන් හොයාගෙන තියනවා.

ඉතින් අද අපි ඔයාට කියන්නෙ හුරතල් බල්ලෙක් ගෙදර ඇති කරන අයට ලැබෙන සෞඛ්‍යයමය වාසි මොනවද කියලයි.

01. ඔයාගෙ පෙනුම අවුරුදු 10කින් තරුණ වෙනවා.

සුරතල් බල්ලෙක් ඉන්න අය අනෙක් අයට වඩා සෞඛ්‍ය සම්පන්නයි. පර්යේෂකයන් විසින් බල්ලෙකු හදා වඩා ගැනීම කෙනෙකුගේ ජීවිතයට ඇති කළ හැකි ධනාත්මක බලපෑම මැන බැලීමට වෙනත් ක්‍රමයක් හොයාගෙන තියනවා. බල්ලන් හිමි වයස අවුරුදු 65ට වැඩි අය එයාලගෙ සැබෑ වයසට වඩා අවුරුදු 10ක් තරුණ වෙලා පේන බව විද්‍යාඥයන් හොයාගෙන තියනවා.

02. ඔයාගෙ ආත්ම අභිමානය ඉහළ නැංවෙනවා.

තමන්ගෙ සුරතල් සතුන් එක්ක ශක්තිමත් බැඳීමක් ඇති සුනඛ හිමිකරුවන්ට බල්ලෙකු නොමැති අයට වඩා සංවේදනය සහ ආත්ම අභිමානය ඉහළ මට්ටමක පවතිනවා. ඊට අමතරව, සිනිඳු සුරතලෙක් එක්ක ඉන්න එකෙන් එයාලගෙ පීඩනය අඩු වෙලා සතුටින් ඉන්න ලැබෙනවා.

03. නිදන්ගත රෝග අවදානම අඩු වෙනවා.

සංඛ්‍යාලේඛනවලට අනුව, තම සුනඛයන් සමග නිතිපතා ඇවිදින සුනඛ හිමිකරුවන් දියවැඩියා රෝගයෙන් පීඩා විඳීමේ සම්භාවිතාව තුනෙන් එකක් අඩුයි. ඒ වගේම එයාලට, දද සහ ඇදුම ඇති වීමට තියන ඉඩකඩත් අඩුයි .

04. ඔයාව යෝග්‍යව තබා ගන්නවා.

වැස්ස තියන වෙලාවට ඇවිදින්න යන්න අපි කවුරුත් කැමති නෑ. හැබැයි ඉතින් සුරතල් බල්ලෙක් ඉන්න අයට නම්, එයාලගෙ සුරතලාව හැමදාම ඇවිද්දවන්න එක්කගෙන යන්න වෙනවා. අධ්‍යයනයකින් පෙනී යන්නේ බල්ලෙකු සිටින අය දවසකට ඇවිදින ප්‍රමාණය වැඩි නිසා එයාලට අනිත් අයට වඩා හොඳ යෝග්‍යතාවයක් තියන බවයි.

05. ඔයාගෙ ආතති මට්ටම් අඩු කරනවා.

අධ්‍යයනයන් පෙන්වා දී ඇත්තේ සුරතල් සතෙකු සිටීම නිසා හිමිකරුට එදිනෙදා ආතතියට එරෙහිව සටන් කිරීමට සහ හිමිකරුගේ මනෝභාවය වැඩි කිරීමට උපකාරී වන බවයි. ඒ විතරක් නෙවෙයි, තවත් අධ්‍යයනයකින් පෙනී යන්නේ ඔයාට කනස්සල්ලක් හෝ ආතතියක් දැනෙනවා නම්, සතෙකු ස්පර්ශ කිරීම හෝ බදා ගැනීම මගින් ඉක්මනින් සන්සුන් විය හැකි බවයි.

06. එමගින් සතුටු හෝර්මෝන මුදාහැරෙනවා.

බල්ලන් අසල සිටීමෙන් ඔයාට සතුට ගෙන දෙන ඔක්සිටොසින්, සෙරොටොනින් සහ ඩොපමයින් වගේ හෝමෝන මුදා හැරෙනවා. මේ හෝමෝන මගින් ඔයාව ප්‍රීතියෙන්, ආතතියෙන් තොරව සහ තරුණව තබා ගන්න උදව් වෙනවා.

07. ඔයාගෙ ආයු කාලය වැඩි කරනවා.

අධ්‍යයන පෙන්වන්නේ සුනඛ හිමිකරුවන් සුනඛයන් ඇති නොකරන අයට වඩා සාමාන්‍යයෙන් වැඩි කාලයක් ජීවත් වන බවයි. ඒ වගේම, එයාලා තනිවම ජීවත් වෙනවා නම්, ගොඩක් වෙලාවට හෘදයාබාධ හෝ ආඝාත වගේ බරපතල සෞඛ්‍ය අර්බුදවලින් ඉක්මනින් සුවය ලබන බවත් වෛද්‍යවරු කියනවා.

Leave a Reply

Your email address will not be published.