බ්ලැක් සහ වයිට් හෙඩ්ස් වේගයෙන් ඉවත් කරන ස්වභාවික ක්‍රම 8 ක්

පුද්ගලයෙකුගේ සුන්දරත්වය සඳහා බලපාන ප්‍රධාන සාධකය පැහැදිලි සුන්දර සමයි. නිරෝගී සහ පරිපූර්ණ සමක් ලබාගැනීමට තිබෙන විශ්වසදායීම ක්‍රමය දිනපතාම සත්කාර කිරීමයි.

 පහත ලැයිස්තුවේ සඳහන් වන්නේ ස්වභාවිකව මුහුණේ සහ නාසයේ බ්ලැක් හෙඩ්ස් සහ වයිට් හෙඩ්ස් ඉවත් කරගැනීමට යොදාගත හැකි හොඳම පිළියම් කීපයකි.

ලෙමන්, මී පැණි සහ සීනි 

ලෙමන් ගෙඩිය දෙකට කපා එකක කැපුම් මතුපිට වැසෙන පරිදි මී පැණි වත් කරන්න. දැන් සීනි ස්වල්පයක් ඉසින්න (උක් සීනි නම් වඩාත් සුදුසුයි). මෙම ස්වභාවික ස්පොන්ජ් එකෙන් ගැටළු සහගත ප්‍රදේශය වෘත්තාකාර ව මෘදුව අතුල්ලන්න.

මේ ආකාරයට සතියකට වතාවක් නොඅඩු වන පරිදි කරන්න.

වැස්ලින් සහ ප්ලාස්ටික් දවටනය 

මෙය භාවිතා කල හැකි හොඳම අවස්ථාව ස්නානය කළ වහාම, ඊට හේතුව ජලයේ උෂ්ණත්වය මඟින් සමේ සිදුරු විවර වන බැවිනි. සත්කාරය කල යුතු ප්‍රදේශයේ වැස්ලින් ආලේප කරන්න. එය අවසන් කල පසු, ප්ලාස්ටික් දවටනයෙන් ආවරණය කරන්න. එයට උඩින් උණුසුම් තුවායක් තබා එය කාමර උෂ්ණත්වයට පැමිණෙන තෙක් තබන්න. දැන් ටිෂූ එකකින් මුහුණේ ඇති අතිරික්ත වැස්ලින් ඉවත් කර, සමේ සිදුරු අවහිර කරගෙන සිටින බ්ලැක් හෙඩ්ස් ඉවත් කරගැනීමට සම මෘදුව මිරිකන්න. අවසාන වශයෙන් ලෝෂන් වලින් පොඟවා ගත් කපු පෑඩ් එකකින් සම පිස දමන්න.

මසකට වරක් හෝ දෙවරක් කරන්න.

පොල් තෙල් සහ essential තෙල් 

පොල් තෙල් කෝප්ප 1/4ක් බඳුනකට දමා තරමක් මෘදු කරගන්න ( තත්පර 10-15ක් මයික්‍රෝවේව් කරන්න). දැන් එයට ලෙමන් බින්දු 10ක්, ලැවෙන්ඩර්, තේ ශාකයේ තෙල් එකතු කර මෘදු වන තෙක් හොඳින් මිශ්‍ර කරන්න. කපු බෝලයක් භාවිතා කර උදෑසන සහ සවස් වරුවේ මුහුණ සේදීමෙන් අනතුරුව ද්‍රාවණය සමෙහි ආලේප කරන්න.  

මිශ්‍රණය බඳුනකට දමා මුද්‍රා තබා කාමර උෂ්ණත්වයේ තැන්පත් කල යුතුයි.

කුරුඳු සහ ඕට් පිටි 

කුරුඳු සහ ඕට් පිටි තේ හැන්ද බැගින් මිශ්‍ර කරන්න. උණු ජලය ස්වල්පයක් එකතු කර හොඳින් කලවම් කරන්න. මිශ්‍ර කල පසු ඝන ක්‍රීම් එකක් ලැබිය යුතුයි. මිශ්‍රණය ඇඟිලි තුඩුවලින් ගෙන වෘත්තාකාර චලනවලින් මෘදුව මුහුණේ ආලේප කරගන්න. මිනිත්තුවක් පමණ ස්ක්‍රබ් කර සිසිල් ජලයෙන් මුහුණ හොඳින් සෝදා ගන්න. 

සටහන: සම මත ආලේප කළ විට කුරුඳු මඟින් දැවිල්ලක් ඇතිවන අතර, මුහුණ සේදීමෙන් අනතුරුව එය නැති වෙනවා. 

මාසයකට දෙවතාවකට නොඅඩුව සිදු කරන්න.

සක්‍රීය අඟුරු සහ කොළ මැටි 

සක්‍රීය අඟුරු තේ හැඳි 1/2ක්, කොළ මැටි තේ හැන්දක් සහ උණු ජලය තේ හැඳි 1/2ක්  දමා මිශ්‍ර කරන්න. කැටි නැති මෘදු මිශ්‍රණයක් ලැබෙන තෙක් හොඳින් මිශ්‍ර කරන්න. ස්පොන්ජ් එකක් හෝ බ්‍රෂ් එකක් ආධාරයෙන් මුහුණේ මාස්ක් එක ආලේප කරගන්න. සම්පූර්ණයෙන්ම වියලෙන තෙක් මිනිත්තු කීපයක් තබා සිසිල් ජලයෙන් සෝදා හරින්න. 

සතියකට වරක් හෝ දෙවරක් මෙය කිරීමෙන් බොහෝ විට සමේ සිදුරු පිරිසිදු ව පවත්වාගත හැකියි.

පොල් තෙල් සහ අඹරාගත් කෝපි 

මයික්‍රෝවේව් එකකින් මදක් රත් කරගත් පොල්තෙල් කෝප්ප 1/2කට නැවුම්ව අඹරාගත් කෝපි කෝප්ප 1/2ක් මිශ්‍ර කරන්න. සකස් කරගත් වහාම මිශ්‍රණයෙන් කොටසක් ගෙන මෘදුව, වෘත්තාකාර චලනවලින් මුහුණ සම්බාහනය කරන්න. ස්ක්‍රබ් කිරීමෙන් පසු, මිශ්‍රණය විනාඩි 5ක් මුහුණේ තියෙන්නට හරින්න, දැන් සිසිල් ජලයෙන් මුහුණ හොඳින් සෝදා හරින්න. මෙම ක්‍රියාවලිය සතියකට වරක් කරන්න. 

මිශ්‍රණයේ ඉතිරි කොටස මෆින් ටින් වලට හෝ අයිස් කැට තැටියට දමා ශීතකරණයේ තබන්න. 

ඕට්මීල්, මී පැණි, යෝගට් සහ ඔලිව් තෙල්  

ඕට්මීල් කෝප්ප 1/4ක්, යෝගට්, මී පැණි සහ ඔලිව් තෙල්  තේ හැඳි 2 බැගින් ආහාර සකසනයකට දමා හොඳින් මිශ්‍ර වන තෙක් බ්ලෙන්ඩ් කරගන්න. පිරිසිදු කරගත් මුහුණේ මෙය ආලේප කර, වෘත්තාකාර චලනවලින් මිනිත්තු 1-2ක් ස්ක්‍රබ් කරගන්න. දැන් උණු වතුරෙන් සෝදා හරින්න. අධික සංවේදී සමක් තියෙන කෙනෙක් නම්, ස්ක්‍රබ් කිරීමෙන් සම පීඩාවට පත්වන බව දැනෙනවා නම්, ස්ක්‍රබ් කරන්න එපා. ෆේෂල් මාස්ක් එකක් ලෙස මුහුණේ ආලේප කරගෙන, මිනිත්තු 5-7ක් සම මත තබාගන්න.    

මෙම උපක්‍රමය සතියකට වතාවක් හෝ දෙවතාවක් භාවිතා කරන්න.

සීනි, මී පැණි, ඔලිව් තෙල් සහ වැනිලා සාරය 

සුදු සීනි කෝප්ප සහ දුඹුරු සීනි කෝප්ප 1/4 බැගින් බඳුනකට දමා මිශ්‍ර කරන්න. එයට ඔලිව් තෙල් කෝප්ප 1/4ක් එකතු කර මිශ්‍ර කරන්න. මී පැණි මේස හැන්දක් සහ වැනිලා සාරය මේස හැඳි 1/2ක් මිශ්‍ර කරන්න. අමුද්‍රව්‍ය සියල්ලම මෘදු වන තෙක් කලවම් කර, ගැටළු සහගත ප්‍රදේශ ස්ක්‍රබ් කිරීමට යොදා ගන්න. උණු ජලයෙන් සෝදා හරින්න.සතියකට වරක් මෙම පිළියම භාවිතා කරන්න. මෙම මිශ්‍රණය කාමර උෂ්ණත්වයේ වායුරෝධක බඳුනක ගබඩා කරන්න.

ඔබට මේවා සකස් කිරීමට නොහැකි අයෙක්නම් ඔබ කාර්‍යබහුලනම් හෝ ඔබට අඩංගු දේවල් සොයාගැනීමට අපහසුනම් අපගේ ක්‍රීම් එකක් ඔබට ලබාගත හැකිය. රු 2000 ක් පමණයි ගෙදරටම ගෙන්වා ගැනීමට 0752500320 අංකයට වට්සැප් හෝ කෝල් කරන්න.

Leave a Reply

Your email address will not be published.