බැදපු කසාදෙ වැඩිකල් පවතින් නැති බව පෙන්නුම් කරන දේවල් 9 ක්

මිනිසුන් වන අපට ජීවිත කාලය පුරාවටම ආදරය අවශ්‍යයි. ඒත් ආදරෙන් ඉඳලා හදිසියේම දික්කසාද වෙන ජෝඩු දැක්කම නම් අපට ඒක ලොකු ප්‍රශ්නයක්. යුරෝපයේ, පසුගිය වසර 50 තුළ මිනිසුන් 2.5 ගුණයකින් දික්කසාද වීමට සහ 2 ගුණයකින් අඩුවෙන් විවාහ වීමට පටන් ගෙන ඇති බව පරීක්ෂණවලින් හොයාගෙන තියනවා. සහකරුවන්ගේ යම් යම් ගති ලක්ෂණ අනුව එයාලා විවාහ වුණාම දික්කසාද වෙයිද නැත්ද කියලා හොයාගන්න පුලුවන් විදිහේ පරීක්ෂණ, විද්‍යාඥයන් විසින් සිදු කර තිබෙනවා.

ඉතින් අද අපි ඔයාට කියන්නෙ මේ පරීක්ෂණවල ප්‍රතිඵල මගින් හෙළි වුණු, දික්කසාද වෙන්න ඉඩ තියන පුද්ගලයන්ගේ ලක්ෂණ මොනවද කියලයි.

01. ළමා කාලයේ ඡායාරූපවල තියන හිනාව

මනෝවිද්‍යාඥයින් ළමා කාලය සහ තරුණ කාලයේ ඡායාරූප වලින් දික්කසාද වීම ගැන කලින් කියන්න පුලුවන්ද කියලා දැනගන්න පරීක්ෂණ මාලාවක් පැවැත්වුවා. එයින් එක අධ්‍යනයක දී, විද්‍යාඳයින් විශ්ව විද්‍යාල වාර්තා පොතක තිබුණු පින්තූර දිහා බලලා 1 සිට 10 දක්වා පරිමාණයකින් ලකුණු ලබා දුන්නා. මේ අධ්‍යයනය පදනම් වුණේ මාංශ පේශි 2 ක දුරක් ගැනයි. එකක් කට තද කරගෙන සිටීම සහ අනෙක ඇස් වටා රැළි එන විදිහට සිනාසීමයි.

සිනහවට ලකුණු “10” ම ලැබුණු අය කවුරුත් දික්කසාද වෙලා නෑ. පොදුවේ ගත්තම, මේ අධ්‍යයනයේ ප්‍රතිඵල මගින් පෙන්නුම් කරන්නේ ඡායාරූපවල අඳුරු ලෙස පෙනෙන පුද්ගලයන් සිනහවෙන් සිටින අයට වඩා 5 ගුණයකින් දික්කසාද වීම වැඩි බවයි.

02. කටහඬේ හැඟීම්බර බව

එකිනෙකා සමඟ සන්නිවේදනය කිරීමේදී, සහකරුගේ කටහඬ කියන්නෙ ඉතාම වැදගත් දෙයක්. විද්‍යාඥයින් වසර 5ක් පුරා විවාහක ජෝඩු 100කට වැඩි පිරිසකගේ සංවාද විශ්ලේෂණය කිරීමෙන් මේ බව පරීක්ෂා කර තිබෙනවා.

මෙමගින් හෙළි වුණේ, කියන දේට වඩා කියන ආකාරය වඩාත් වැදගත් වන බවයි. මෙය විවාහ ජීවිතයේ පැවැත්මටත් බලපාන බව ඔවුන් සොයාගත්තා.

03. විරුද්ධ ලිංගික මිතුරන් වැඩිපුර ආශ්‍රය කිරීම

ඩෙන්මාර්ක පර්යේෂකයන් කියන්නෙ, බොහෝ දුරට විරුද්ධ ලිංගයේ සාමාජිකයන් වටකරගෙන වැඩ කරන පුද්ගලයන් 15%කට වඩා නිතර දික්කසාද වෙන බවයි. 1981 සිට 2002 දක්වා ඩෙන්මාර්කයේ විවාහ වූ සියලුම ජෝඩු අධ්‍යයනය කිරීමෙන් ඔවුන්ගෙන් 100,000ක් දැනටමත් දික්කසාද වී ඇති බව සොයා ගන්න පර්යේෂකයන් ට හැකි වුණා.

04. මවගේ ගති ලක්ෂණ

ගොඩක් වෙලාවට දික්කසාද නඩු ගොනු කරන්නේ කාන්තාවන් විසින්. ඒ විතරක් නෙවෙයි, ගොඩක් ජෝඩු තම දෙමාපියන්ගේ, විශේෂයෙන්ම ඔවුන්ගේ මව්වරුන්ගේ හැසිරීම් පිටපත් කරන බත් අධ්‍යයනයන් මගින් හෙළිවෙලා තියනවා. සමාජ විද්‍යාඥයන් පුද්ගලයන් 7,000කගේ හැසිරීම් අධ්‍යයනය කිරීමෙන් තමයි මේ බව හොයාගත්තෙ.

05. ගැටුම් නොසලකා හැරීම

කාලෙක ඉඳන් ඔයාට කරදරයක් වෙලා තිබුණු ප්‍රශ්නයක් ගැන ඔයා ඔයාගෙ සහකරු එක්ක කතා කරන්න ලෑස්ති වෙනකොට, ඔයාගෙ සහකරු හදිසියේම ඒ ගැන කතා කරන එක මගහැරියොත් ඒක ලොකු ප්‍රශ්නයක්. ප්‍රශ්න මගහැරීම සහ ප්‍රශ්න ගැන කතා කිරීම නොසලකා හැරීම කියන්නෙ සම්බන්ධතාවයක පැවැත්මට බාධාවක්.

ඒත් සමහර විට සහකරුවන්ට හිතෙන්න පුලුවන් ප්‍රශ්න ඇදලා අරගෙන ඒවා ගැන කතා නොකරන එකෙන් සම්බන්ධතාවයේ සාමය පවත්වගන්න පුලුවන් කියලා. ඒත් ඒක වැරදියි. නොවිසඳුණු ගැටළු හඳුනගන්න වාද විවාද සහ ආරවුල් තියෙන්නත් ඕන. කෙනෙක් මෙම තත්වයන් නොසලකා හරිනවා නම්, හිතේ කලකිරීමක් එක්කම සම්බන්ධය පවත්වගෙන යන්න සිදුවෙනවා.

06. බිරිඳගේ මිතුරන් ගැන ස්වාමිපුරුෂයාගේ තියන වැරදි ආකල්පය

විද්‍යාඥයන් විසින් වසට 16කට වඩා වැඩි කාලයක් එකට ඉන්න විවාහක යුවලවල් 373ක් අරගෙන කරපු පරීක්ෂණයකින් හෙළිවුණේ, විවාහයේ 16 වන වසර තුළ මේ යුවළයන්ගෙන් 46% ක් දික්කසාද වී ඇති බවයි. විවාහයේ මුල් වසර තුළම සැමියා බිරිඳගේ යාලුවන් විවේචනය කිරීම නිසා අනාගතයේදී ඔවුන් දික්කසාද වෙන්න තියන ඉඩ වැඩි බවත් මෙහිදී හොයාගන්න ලැබුණා.

විද්‍යාඥයින් ඉයන විදිහට, කාන්තාවන් සහ එයාලගෙ මිතුරන් අතර තියන සබඳතා චිත්තවේගීය සමීපත්වය සහ සහයෝගය මත රඳා පවතින අතර, පිරිමි මිත්‍රත්වය බොහෝ විට විවිධ ක්‍රියාකාරකම් මත රඳා පවතිනවා. ඒ අනුව, පිරිමින්ට එයාලගෙ සන්නිවේදන කවය වෙනස් කිරීම පහසු වන අතර කාන්තාවන්ට එසේ කිරීම අපහසුයි.

07. අලුත විවාහ වූවන් එකිනෙකා කෙරෙහි ඇති අධික සෙනෙහස

මනෝවිද්‍යාඥ ටෙඩ් හස්ටන් විවාහයෙන් වසර 13ක් ඇතුළත ජෝඩු 168ක් අධ්‍යයනය කළා. එහි ප්‍රතිඵල 2001 අන්තර් පුද්ගල සම්බන්ධතා සහ කණ්ඩායම් ක්‍රියාවලි සඟරාවේ ප්‍රකාශයට පත් කරන ලද අතර, එහි සඳහන් වුණේ, “විවාහ වීමෙන් වසර 7  හෝ ඊට වැඩි කාලයකට පසුව දික්කසාද වූ ජෝඩු බොහොමයක් දික්කසාද වීමට හේතු වුණේ විවාහ වූ අලුත තිබුණු සෙනෙහස පස්සෙ කාලෙදි අඩු වෙලා යාම” බවයි.

ප්‍රබල ආදර හැඟීම් ඇතිව සම්බන්ධතාවයක් පටන් ගත්ත ජෝඩු, ඉක්මනින් වෙන් වීමට ඉඩ තියන බවත් මේ පරීක්ෂණය මගින් හොයාගෙන තියනවා.

08. දුප්පත්කම සහ විරැකියාව

දුෂ්කර තත්වයන් තුළ ජීවත් වීම පහසු දෙයක් නෙවෙයි. මේ වගේ පවුල්වල සම්බන්ධතා මූල්‍යමය වශයෙන් ස්ථාවර පවුල්වලට වඩා බොහෝ විට ඉක්මනින් නතර වෙනවා.

වෙන්වූ සහ දික්කසාද වූ පිරිමින් ගොඩක් අඩු ආදායම් ලබන අය වන අතර, එයාලා බිරිඳගේ සහ දරුවන්ගේ යහපැවැත්ම සඳහා ගෙවන්නේ ඉතා සුළු මුදලක් බවත් පරීක්ෂණ කිරීමේදී හෙළිවෙලා තිබෙනවා.

09. පටු ඇඳ

එකිනෙකාගේ මානසික සහ ශාරීරික සෞඛ්‍යයට, හොඳ නින්දක් ලබා ගැනීමට සහ පවුල තුළ සෞඛ්‍ය සම්පන්න පරිසරයක් ඇතිකර ගැනීමටත් සහකරුවන් වෙනම හෝ ඉතා පුළුල් ඇඳක් මත නිදාගන්න ඕන. නින්දේ ගැටලු අධ්‍යයනය කරන විද්‍යාඥයින් හොයාගෙන තියෙන්නෙ, විවාහක ජෝඩු වලින් 30-40% ක් ඇඳන් දෙකක නිදා ගන්නා බවයි. දුර්වල ගුණාත්මක නින්ද දික්කසාද වීමට හේතු විය හැකි නිසා ඇත්තටම ඒක හොඳ අදහසක්. ඒ නිසා ඔයාට ඔයාගෙ සම්බන්ධතාවය ශක්තිමත්ව තබා ගැනීමට අවශ්‍ය නම්, හොඳින් නිදා ගැනීමට වග බලා ගන්න.

Leave a Reply

Your email address will not be published.