මකනයකින් මැකුවා මෙන් අත් යට අදුරු පැල්ලම් යැවීමට ක්‍රම 8 ක්

අත් යට අවපැහැ වීමට හේතුව බලපතල සෞඛ්‍ය ගැටළුවක් වීම බොහොම කලාතුරකින් වෙන දෙයක්. ගොඩක් වෙලාවට මෙයට හේතුව acanthosis nigricans (AN) නමින් හඳුන්වන චර්ම රෝග තත්වයයි. මෙමඟින් සම ඝන වී අහපැහැ වෙනවා. කොහොම වුණත් අත් යට අඳුරු වීම නිසා අත් නැති ඇඳුම් අඳින්න වගේම නාන ඇඳුම ඇඳගෙන මුහුද වෙරළේ හිරු එලිය විඳිමින් දිනයක් ගත කිරීමට ලැජ්ජා වෙනවා.

මේ සඳහා පිළියම් වශයෙන් ගෙදරදීම සකස් කරගත හැකි සත්කාර 8ක් මෙහි සඳහන් වෙනවා.

01. ඇපල් සයිඩර් විනාකිරි සහ බේකින් සෝඩා 

අමුද්‍රව්‍ය:

  • ඇපල් සයිඩර් විනාකිරි තේ හැඳි 2ක් 
  • බේකින් සෝඩා තේ හැඳි 2ක්

සිදු කරන ආකාරය:

ඇපල් සයිඩර් විනාකිරි සහ බේකින් සෝඩා හොඳින් මිශ්‍ර කරගන්න. එය බුබුළු දමන්නට පටන් ගනීවි. බුබුළු අවම වූ පසු මිශ්‍රණය අත් යට ආලේප කර වියලෙන්නට ඉඩ දෙන්න. වැඩිපුර විනාඩි කිහිපයක් තියෙන්නට හැර සිසිල් ජලයෙන් සෝදා පිරිසිදු කරගෙන, අතින් තට්ටු කරමින් වියලා ගන්න.

අනෙක් සෑම දිනකම (සතියකට තුන් වතාවක්) සිදු කරන්න.

02. රෝස වතුර සහ බේකින් සෝඩා

අමුද්‍රව්‍ය:

  • රෝස වතුර                       
  • බේකින් සෝඩා

සිදු කරන ආකාරය: 

රෝස වතුර සහ බේකින් සෝඩා මිශ්‍ර කර ඝන ආලේපයක් සකස් කරගන්න. අත් යට ආලේප කර විනාඩි 10ක් තබන්න. ඉන්පසු  සිසිල් ජලයෙන් සෝදා පිරිසිදු කරගෙන, අතින් තට්ටු කරමින් වියලා ගන්න.

සතියකට දෙවතාවක් මෙම ප්‍රතිකාරය සිදු කරන්න.

03. කිරි, කහ කුඩු සහ මී පැණි 

අමුද්‍රව්‍ය:

  • කිරි මේස හැන්දක්
  • කහ කුඩු තේ හැන්දක්
  • මී පැණි තේ හැන්දක්

සිදු කරන ආකාරය:

අමුද්‍රව්‍ය සියල්ලම හොඳින් මිශ්‍ර කර අත් යට ආලේප කරගන්න. වියළීමට ඉඩ හැර සෝදා හරින්න. 

අනෙක් සෑම දවසකම (සතියකට තෙවරක්) සිදු කරන්න. 

04. දුඹුරු සීනි සහ ඔලිව් ඔයිල්  

අමුද්‍රව්‍ය:

  • දුඹුරු සීනි මේස හැඳි 3ක් 
  • පිරිසිදු ඔලිව් ඔයිල් මේස හැඳි 2ක් 

සිදු කරන ආකාරය: 

අමුද්‍රව්‍ය සියල්ලම හොඳින් මිශ්‍ර කරන්න. මෙය භාවිතා කර අත් යට සම විනාඩි 2ක් ස්ක්‍රබ් කර විනාඩි 5ක් තියෙන්නට හරින්න. ඉන්පසු ඇල් ජලයෙන් සෝදා හැර මෘදු තුවායක් භාවිතා කර අතින් තට්ටු කරමින් වියලාගන්න. 

සතියකට දෙවරක් මෙම සත්කාරය කරන්න.

05. ආමන්ඩ් තෙල් 

අමුද්‍රව්‍ය:

  • ආමන්ඩ් තෙල් බින්දු කීපයක් 

සිදු කරන ආකාරය:

තෙල් භාවිතා කර විනාඩි 8-10ක් අවපැහැ වී ඇති අත් යට සම්බාහනය කරන්න. 

මෙම සත්කාරය දිනපතාම කරන්න.

06. Fuller’s earth මැටි, ලෙමන් යුෂ සහ වතුර

අමුද්‍රව්‍ය:

  • Fuller’s earth මැටි මේස හැඳි 2ක් 
  • ලෙමන් යුෂ තේ හැන්දක් 
  • වතුර

සිදු කරන ආකාරය: 

මෘදු ආලේපයක් ලැබෙන තෙක් අමුද්‍රව්‍ය සියල්ල මිශ්‍ර කරන්න. අත් යට ආලේප කර විනාඩි 15ක් තියන්න. ඇල් වතුරෙන් සෝදා හරින්න.

සතියකට දෙවරක් මෙම සත්කාරය කරන්න.

07. අර්තාපල් 

අමුද්‍රව්‍ය:

  • පොඩි අර්තාපල් ගෙඩියක් 

සිදු කරන ආකාරය: 

අර්තාපල් ගෙඩියෙහි පොතු ඉවත් කර කුඩා කැබලිවලට ග්‍රේට් කරගන්න. හොඳින් මිරිකා අර්තාපල් යුෂ ලබාගන්න. අත් යට ආලේප කර විනාඩි 15ක් තිබෙන්නට හැර සිසිල් ජලයෙන් සෝදා හරින්න.

දිනකට දෙවතාවක්, එනම් උදෑසන සහ රාත්‍රියේ නින්දට යාමට පෙර සිදු කරන්න. 

08. තේ ශාඛයේ තෙල් සහ වතුර 

අමුද්‍රව්‍ය:

  • තේ ශාඛයේ තෙල් බින්දු 4-5ක් 
  • වතුර කෝප්පයක් 

සිදු කරන ආකාරය:

ස්ප්‍රේ බෝතලයකට කෝප්පයේ වතුර ටික දමන්න. එයට තේ ශාඛයේ තෙල් බින්දු 4-5ක් දමා හොඳින් සොලවා මිශ්‍ර කරගන්න. අත් යට අවපැහැ වී ඇති ප්‍රදේශවලට ස්ප්‍රේ කර වියලෙන්නට හරින්න. 
දිනපතාම මෙම සත්කාරය සිදු කරන්න.

Leave a Reply

Your email address will not be published.