මවුත් වොශ් එකෙන් ගන්න පුලුවන් පුදුමාකාර ප්‍රයෝජන 16 ක්

ඔබත් මවුත් වොශ් භාවිතා කරන කෙනෙක්ද ? ඔබ මවුත් වොශ් භාවිතා කරන්නේ ඔබේ මුඛය සේදීම සදහාම විතරද ? බොහෝ දෙනා නොදන්න දෙයක් තමා මවුත් වොශ් භාවිතා කරන්න පුළුවන් විවිධ විදි. ඇත්තටම මවුත් වොශ් වලින් කරන්න පුළුවන් එකම දේ ඔබේ මුඛය සේදීමම පමණක් නොවේ. තවත් ටොන් ගණනක් දේවල් තිබෙනවා ඔබට මවුත් වොශ් භාවිතා කරල කරන්න පුළුවන්. කුරුලෑ සහ හිසරදයට ප්‍රතිකාර කිරීම, ඔබේ කණ්නාඩි පිරිසිදු කිරීම, ඔබේ දෙපා වල ගන්ධයෙන් තොර වීම වැනි බෝහෝ දේ අපිට මෙම මවුත් වොශ් භාවිතා කරල කරන්න පුළුවන්. එදිනෙදා දේවල් බොහෝමයක් සදහා මෙහි අන්තර්ගත විෂබීජ නාශක සහ ප්‍රති-දිලීර ගුණ බොහෝ උපකාරී වනවා. 

අද අපි ඔබට අරගෙන ආවේ මවුත් වොශ් වලින් ලබා ගත හැකි මෙවැනි දේවල් කිහිපයක් පිළිබදව. ඔබටත් මෙය බොහෝ වැදගත් වේවි. කියවලම බලන්නකෝ.

 01. ගන්ධය ඉවත් කරයි

ඕනෑම දුර්ගන්ධයක් නැති කිරීමට මෙය බොහෝ සහාය වෙනවා. 

මුළුතැන්ගෙයෙහි ළූණු, සුදුළූණු හෝ මාළු කැපීමෙන් පසුව ඔබට මෙම මවුත් වොශ් ටිකක් අතට දමා අත අතුල්ලා ගැනීම සිදු කල හැකී.  රෙදි කඩකට මුඛ සේදුම් ටිකක් දමා ස්නානය කිරීමෙන් පසු ඔබේ පාද සම්බාහනය කර ගැනීම ඔබට කරන්න පුළුවන්. ඔබේ මුළුතැන්ගෙයි කුණු දුර්ගන්ධය වළක්වා ගැනීම සදහා ඔබ මවුත් වොශ් ආලේප කරන ලද කඩදායි කොලයක් ඔබේ කුණු දමන කූඩයට දමන්න. 

02. ඔබේ නියපොතු සහ පාදවල දිලීර සුව කිරීමට උපකාරී වේ

මවුත් වොශ් සහ විනාකිරි සමාන කොටස් 2 ක් එකට මිශ්‍ර කරගන්න. කපු බෝලයක් මෙම මිශ්‍රනයෙන් තෙත් කර නියපොතු  හෝ පාදවලට දිනකට 2 වරක් හෝ 3න් වරක් පමණ යොදන්න. ඔබ මෙය නොකඩවා කළහොත් සති කිහිපයකින් ඔබට හොද ප්‍රතිඵල ලබා ගත හැකිය. 

03. හිසේ කැක්කුම වළක්වයි

 දිලීර නාශක ගුණ මවුත් වොශ් වල අන්තර්ගත වනවා. මේ තුළින් හිසරදයට එරෙහිව සටන් කිරීමට මීට හැකියාව ලැබෙනවා. ස්නානය කිරීමට පෙර මවුත් වොශ් කොටසක් ජලය සමග මිශ්‍ර කරන්න. ඔබේ සාමාන්‍ය ෂැම්පූ වලින් ඔබේ හිස සෝදන්න, පසුව මෙම මිශ්‍රණය ඔබේ හිස්කබලට යොදන්න, මිනිත්තු කිහිපයක් මෙය මෙසෙ තබන්න. 

04. මදුරු දෂ්ට කිරීම් සමනය කරයි

මදුරුවන් දෂ්ට කිරීම ඉතින් අපි හැමෝටම වගේ නිතරම වෙන දෙයක්නේ. ඒ වගේම මේක ඉතා කරදරකාරී. ඔබට මේ සදහාත් මේ මවුත් වොශ් භාවිතා කරන්න පුළුවන්. ඔබ කල යුත්තේ බලපෑමට ලක් වූ ප්‍රදේශය මත මවුත් වොශ් වලින් පොඟවා ඇති කපු බෝලයක් භාවිතා කිරීමයි. මෙය ඉදිමීම සහ කැසීම ඵලදායීව අවම කිරීමට සමත් වෙනවා. 

05. මුහුණේ ටෝනර් ලෙස භාවිතා කළ හැකිය

ඔබ මුහුණට භාවිතා කරන ටෝනර් එක ඉවර වෙලාද එහෙනම් මෙන්න විසදුම, ඒ වෙනුවට ඔබට ඔබේ මවුත් වොශ් එක භාවිතා කළ හැකිය. එය ඔබේ මූහුණේ අතිරික්ත වේශ නිරූපණය සහ අපිරිසිදුකම ඉවත් කිරීම සිදු කරනවා පමණක් නෙමෙ, කුරුලෑ සමඟ සටන් කිරීමත් කරනවා. කපු බෝලයකට මවුත් වොශ් ටිකක් එක් කර ඔබේ මුහුණට ආලේප කරන්න, නමුත් ඔබට රසායනික සංවේදී සමක් තියෙනවනම් මෙය උත්සහ කිරීමට යන්න එපා. 

06. ආසාදන වළක්වයි

මවුත් වොශ් ඔබේ සම වේගයෙන් සුව කිරීමට සහ ආසාදන වැලැක්වීමට සහාය වෙනවා. සෑම දිනකම බිබිලි මත මෙම මවුත් වොශ් ටිකක් යොදන්න. ඔබට ටැටූ එකක් වගේ දේවල් තිබෙනවා නම් මෙය භාවිතා කරන්න පුලුවන්. 

07. තැලීම් වළක්වයි

අප්‍රසන්න තැලීම් වලින් ඔබත් පීඩා විදිනවාද ?  ඔබට මෙය සුව කර ගැනීමට හෝ අවම වශයෙන් එහි පෙනුම අඩු කර ගැනීමට මෙ‍ය උත්සහ කරන්න. කපු බෝලයක් මතට මුඛ සේදීම ටිකක් දමා හානියට පත් ප්‍රදේශය මත මෙය තබන්න.

08. හොඳ ඩියෝඩ්‍රන්ට් එකක් විය හැකිය

ඔබට අපහසුතාවයක් ගෙන දෙන අවස්ථා වලින් ඔබව බේරා ගැනීමට මෙය කදිම උපක්‍රමයක්. කපු බෝලයක් ගෙන එය මවුත් වොශ් වල පොඟවා ඔබේ කකුල් වලට දැමීම සිදු කිරීමට ඔබට හැකී. 

09. උකුණන් වළක්වයි

හිස උකුණන් මැරීම සඳහා මේ මවුත් වොශ් ඔබට ඉතා ඵලදායී වෙනවා. ඔබ කල යුත්තේ මවුත් වොශ් වලින් ඔබේ හිසකෙස් සංතෘප්ත කිරීමයි. පසුව ෂවර් කැප් එකක් දමා විනාඩි 15-20 අතර කාලයක් මෙය තබන්න. කාලය අවසන් වූ විට, හිසකෙස් වතුරෙන් සෝදා මෙයට පිළියමක් යොදන්න. 

10. ඔබේ පාද රිලැක්ස් කීරීමට. 

වෙහෙසකර පාද සනසාලීම සඳහා උණුසුම් ජලය සහ මවුත් වොශ් 2 ක් හෝ 3 ක් සහිත භාජනයක ඔබේ දෙපා ගිල්වා තබන්න.අවම වශයෙන් විනාඩි 15 ක්වත් මෙසේ වාඩි වී සිටින්න. 

11. බෝතල් පිරිසිදු කිරීමට.

බෝතල්වල ඇතුළත පිරිසිදු කිරීම සහ ඒවායින් එන නරක සුවද ඉවත් කිරීම සදහා මෙය ඔබට භාවිතා කරන්න පුළුවන්. ඔබ බෝතලය තුළට එක් කොටසක් මවුත් වොශ් සහ ජලය කොටස් 3 ක් එක් කර මිශ්‍ර කර මෙය එක් රැයක් තබන්න. 

12. ඔබේ දත් බුරුසුව පිරිසිදු කරන්න

මවුත් වොශ් වල විෂබීජ නාශක ගුණ අන්තර්ගත වනවා.මේ නිසා ඔබට මෙය ඔබේ දත් බුරුසුව පිරිසිදු කිරීම සඳහා අගනා ද්‍රවයයක්. ඔබේ දත් බුරුසුව මිනිත්තු කිහිපයක් මවුත් වොශ් වල පොගවා තබන්න. එක් රැයක් පමණ මෙය තැබීම වඩා හොදයි. පසුව උණු වතුරෙන් සෝදා හරින්න. 

13. ඔබේ කණ්නාඩි පිරිසිදු කිරීම සදහා.

ඔබ මවුෂ් වොෂ් ටිකක් ආලේප කර මෘදු රෙද්දකින්  ඔබේ කණ්නාඩිය පිරිසිදු කරන්න. එයට පරිපූර්ණ පිරිසිදු කමක් ලැබේවි.

14. ඔබේ නාන කාමරය පිරිසිදු කරන්න

ඔබේ අඳුරු ටයිල් වලට අළුත් පෙනුමක් ලබා ගැනීමට ඔබට අවශ්‍යද, එසේනම් ඔබ මෙය සිදු කරන්න, වතුර කෝප්ප 1 ක් සහ මවුත් වොශ් කෝප්ප භාගයක් මිශ්‍ර කර මිශ්‍රනයක් සාදා ඔබේ නාන කාමරය පිරිසිදු කරන්න. වැසිකිළි පෙදෙසෙහි ඇති විෂබීජ හා ගන්ධයන් ඉවත් කිරීම සඳහා, ඔබේ වැසිකිළියට මවුත් වොශ් කෝප්ප භාගයක් වත් කර පැයක් පමණ සිටින්න. වැසිකිළි බුරුසුවකින් එය වටා ඇතිල්ලීම සිදු කිරීමටද ඔබට හැකී. 

15. මදුරුවන් ඉවත් කර තැබීමට.

කෘමීන් මෙන්තොල් සුවඳට ප්‍රිය නැති නිසා ඔබට මැස්සන්, මදුරුවන් සහ කුහුඹුවන් පවා පලවා හැරීම සදහා මෙම මවුත් වොශ් භාවිතා කරන්න පුළුවන්.

ඔබේ නිවසේ ඔවුන්ට සැඟවිය හැකි ස්ථාන වලට මෙම මවුත් වොශ් 1ක කොටසකට ජලය මිශ්‍ර කර සදාගත් මිශ්‍රනය ඉසින්න. 

16. ඔබේ මල් නැවුම්ව තබා ගන්න.

ඔබත් නැවුම් මල් වලින් ඔබේ නිවස සරසන කෙනෙක්ද ? එසේනම් ඔබටත් මෙය බොහෝ වැදගත් වේවි.  සෑම ජලය ලීටරයක් ​​සඳහාම මවුත් වොශ් කොටස් 3ක් එක කර ඒ මිශ්‍රනයට ඔබේ මල් දමා තබන්න. මේ තුළින් මල් දිගු කල් පවතින අතර වඩා හොඳ පෙනුමක් ලබා ගැනීමටත් මෙය ඔබට සහාය වෙනවා. 

Leave a Reply

Your email address will not be published.