මානසික ආතතියෙන් මිදීමට මනෝවිද්‍යාත්නයින් භාවිතා කරන ක්‍රම 8 ක්

අපට සන්සුන්ව හා සෞඛ්‍ය සම්පන්නව සිටීමට හැකි වන පරිදි ගැටලු විසඳීමට, බිය දුරු කිරීමට සහ අපගේ හැඟීම් නිරාකරණය කිරීමට උපකාර කරන පුද්ගලයින් තමා මනෝ විද්‍යාඥයින් කියල කියන්නේ. නමුත් මොවුන්ටද මානසික ආතතීන් ඇති වෙන්න පුළුවන්. ඔවුනුත් සියල්ලන් වගේම මනුෂ්‍යයින්. 

අද අපි ඔබට අරගෙන ආවේ මෙම ආතතිය නැති කර ගැනීමට මෙම වෘත්තිකයන් පවා භාවිතා කරන විශේෂ ක්‍රම කිහිපයක්.ඔබටත් මෙය බොහෝ වැදගත් වේවි. කියවලම බලන්නකෝ. 

08. මතකයට එන සෑම දෙයක්ම ලියන්න.

මානසික ආතතිය අඩු කිරීම සඳහා මෙසේ සටහන් තැබීම ඉතාමත් හොද බව පවසා තිබෙන්නේ සායනික මනෝ විද්‍යාඥයෙකු හා නහඹර වියේ දරුවන් ඇති දැඩි කිරීම පිළිබඳ පොතක කතුවරයා වන ජෝන් ඩෆි විසිනි. ඔහු මෙසේ පවසා ඇත “මගේ ආතතිය අවම කර ගැනීම සදහා සටහන් තැබීම සිදු කරනවා. සිතුවිලි, තත්වයන්, මිනිසුන් සමඟ සබඳතා, ලිපි අදහස් මේ සියලුම දෑ මම සටහන් තැබීම සිදු කරනවා. මාගේ මනසට එන සියලුම දෑ මම ව්‍යූහ ගත කරනවා. ගැටළු අමතක කර, අපගේ හිස පැහැදිලි වන අතර, ආතතිය පහව යන බැවින් මෙය ඇත්තෙන්ම ඉතාමත් අගනා ක්‍රමයක්.”

07. ඔබට පිසීමට අවශ්‍ය කෑමක් සඳහා අමුද්‍රව්‍ය මිලදී ගැනීමේදී තෝරා බේරා ගන්න.

 ජෙෆ්රි සුම්බර් මානසික ආතතිය සමඟ කටයුතු කිරීමට හරිම අපූරු ක්‍රමයක් තමා භාවිතා කරන්නේ. මනෝචිකිත්සකයෙක්, ලේඛක‍යෙක් සහ ගුරුවරයෙක් ලෙස මෙම පුද්ගලයා හදුන්වන්න පුළුවන්. 

“මට මානසික අවපීඩනයක් දැනෙන විට, මම කෑමට කැමතියි. නමුත් එය සෞඛ්‍ය සම්පන්න ආහාරයක් හෝ මම මීට පෙර කවදාවත් සාදා නොතිබූ කෑමක් විය යුතුයි. මම සාප්පු ගොස් අමුද්‍රව්‍ය තෝරා ගැනීම සදහා බොහෝ කාලයක් ගත කරනවා. ඉන්පසු මම ඒවා හොඳින් කපනවා , සාදා සෙමින් අනුභව කරනවා. මගේ මිතුරන් ඊර්ෂ්‍යා වන පරිදි මම බොහෝ විට ප්‍රතිඵල ෆේස්බුක් එකේ පල කරනවා”.

06. ඔබේ සියලු මාංශ පේශි තද කරන්න.

ප්‍රගතිශීලී මාංශ පේශි ලිහිල් කිරීමේ ක්‍රමය ඇමරිකානු මනෝචිකිත්සක කෙවින් චැප්මන් විසින් භාවිතා කරනවා. මෙය 1920 දී වර්ධනය කරන ලද්දක්.

මෙහි අදහස ඉතාම සරලයි. ඔබට මෙහි අත්දැකීම් ඇති. ඕනෑම දැඩි ආතතියකට පසු ඔබට ඉතාමත් සැහැල්ලු බවක් දැනේවි. මෙසේ, ඔබ සිදු කල යුත්තේ තප්පර 10 බැගින් මාරුවෙන මාරුවට ඔබේ මාංශ පේශි තද කර ලිහිල් කිරීමයි. 

එක් එක් මාංශ පේශි කණ්ඩායම් කෙරෙහි අවධානය යොමු කරමින් මෙය සිදු කිරීමට අමතක කරන්න එපා. 

05. නිවැරදිව ප්‍රතික්‍රියා කරන්න හෝ කිසිසේත් ප්‍රතික්‍රියා නොකරන්න.

මානසික ආතතියට එරෙහිව සටන් කිරීම සිදු කරන් නෑ මනෝ විද්‍යාඥයකෙු වන සුසාන් ක්‍රවුස් විට්බර්න් විසින්. ආතති සහගත තත්වයකට පත්වූ විට ඇය අනුගමනය කරන්නේ වෙන විශේෂ ක්‍රමයක්. ඇය සැම විටම පවසන්නේ “මට තත්වය වෙනස් කළ නොහැකි නමුත් මගේ ප්‍රතික්‍රියාව වෙනස් කළ හැකිය.” යන්නයි. 

මානසික ආතතිය වළක්වා ගැනීම සදහා ඔබට ඍනාත්මක තත්ත්වයන් වලට ධනාත්මක ප්‍රතිචාර දැක්වීමට හැකියාවක් තිබෙනවා. ඔබ එය අභියෝගයක් ලෙස ගත්විට ඔබට ඉන් අත්දැකීම් ලබා ගැනීමට හැකි වෙනවා.අවසානයේ ඔබේ වැරදිවලින්ද ඔබටම ඉගෙන ගැනීමට හැකි වෙනවා. 

04. ඔබේ සිතුවිලි ගැලීමට ඉඩ නොදෙන්න.

ඔබේ හිස සැහැල්ලු කර ගැනීම සදහා උපකාරී වන පහසු සහ ජනප්‍රිය ක්‍රමයක් මනෝ විද්‍යාඥ මාටින් සෙලිග්මන් විසින් නිර්දේශ කරනවා. 

අත්පුඩි ගසා කෑ ගැසීම ඔබට කල හැකී, ඔබට එය අපහසුතාවයක් ගෙන දෙන දෙයක් ද ? එසේනම් ඔබට මෙය කල හැකී. ඔබට ඔබේ මැණික් කටුව අසලින් පටියක් පැළඳිය හැකි අතර,  ඔබට ප්‍රයෝජනවත් නොවන දෙයක් ගැන සිතීමට පටන් ගන්නා සෑම විටම එය අදින්න. සිතුවිලි චක්‍රය නැවැත්වීමට වගේම යම් කාලයක් සඳහා ගැටලුවක් කල් දැමීමට මෙවැනි උපක්‍රම භාවිතා කිරීමට ඔබට හැකියාවක් තිබෙනවා. 

03. ඔබේ විනෝදාංශය සහ ඔබ කැමති දේ සඳහා පැයක් ගත කරන්න.

කියවන්න, අඳින්න, උයන්න, ව්‍යායාම කරන්න වැනි ඔබ සතුටු වන ඕනෑම දෙයක් සිදු කිරීමට මනෝචිකිත්සක වෛද්‍ය ඇමී ප්‍රෙස්වෝර්ස්කි ඔබට නිර්දේශ කරනවා. මෙහි ඔබට අපහසුතාවයට පත් කරන කිසි දෙයක් නොතිබිය යුතුය.

02. ඔබේ ස්නායු උත්තේජනය කරන්න.

කායික විද්‍යාව මත පදනම් වූ අසාමාන්‍ය නමුත් ඵලදායී ක්‍රමයක් ටෝනි බර්න්හාර්ඩ් විසින් යෝජනා කරනවා. 

ඔබ කල යුත්තේ ඔබේ දර්ශක ඇඟිල්ලෙන් ඔබේ තොල් ඇතිල්ලීමයි. තොල් මතුපිට පිහිටා ඇති ස්නායු වලට ස්පර්ශ කිරීම මෙම චලනයෙන් සිදු වෙනවා. මෙය පැරසයිම්පතී ස්නායු පද්ධතිය උත්තේජනය කිරීම සිදු කරන අතරම ඔබව සන්සුන් කිරීම මෙය සිදු කරනවා. 

01. විවිධ සම්භාව්‍ය ක්‍රම අත්හදා බලන්න.

ඔබ දන්නවාද ? මානසික ආතතියෙන් මිදීමට විවිධ සම්භාව්‍ය ක්‍රම පවතිනවා.

සායනික මනෝ විද්‍යාඥයකෙු සහ ලිවින් විත් ඩිප්‍රෙෂන් ‍යන පොතෙහි කතුවරයා වන ඩෙබොරා සෙරානි ඇගේ සිරුරට අවශ්‍ය සියල්ල ලබා දීමට උත්සාහ කරනවා. “මගේ හැඟීම් ස්පර්ශ කරන සෑම දෙයක්ම මම භාවිතා කරමි. නිදසුනක් වශයෙන්, මම මගේ මෝටර් රථයේ වාඩි වී ගුවන් විදුලියේ  සවන් දෙයි, චිත්‍ර ඇදීම සිදු කරයි, උණුසුම් තටාකයේ විවේක ගැනීම හෝ රසවත්  තේ රස විඳියි. ”

AA සාමාජිකයන් අතර පොදු ක්‍රමයක් භාවිතා කිරීම කරනවා චිකිත්සක ජොයිස් මාටර් විසින්. ඔබේ සිතුවිලි ඉවත් කිරීමට, ඔබට ප්‍රයෝජනවත් යමක් කළ යුතුයි කියා තමා ඔවුන් පවසන්නේ. උදාහරණයක් ලෙස, වැඩබිම පිරිසිදු කරන්න, පිඟන් සෝදන්න සහ යනාදිය ගත හැකී. එය ඔබේ අවධානය වෙනතකට හැරවීමට උපකාරී වනවා පමණක් නොවේ එය ඔබව ආතතියට පත් කරන දේවල් වලින් ඉවත් කිරීම සිදු කරනවා. 

ඔබගේ මිතුරන්ට වඩා හොඳ විෂ නාශකයක් නොමැති බව තමා මනෝ විද්‍යාඥ සුසාන් නිව්මන් විසින් පවසන්නේ. සර්කස්, යෝගා, ක්‍රීඩා හෝ විවේකය හා නින්ද වෙත යොමු වීම වඩා හොද බව පවසනවා වෛද්‍ය ස්ටෙෆනි විසින්. 

ප්‍රධාන සංකල්පය

ටික වේලාවක් ගැටලුවෙන් ඈත් වී සිටීම තුළින් ඔබට ආතතියෙන් මිදීමට හැකියාවක් ඇත. මෙය ආතතියෙන් මිදීමේ ප්‍රධාන සංකල්පය ලෙස ගත හැකී. ඔබ එය හොදින් කළමණාකරණය කල හොත් ඔබට වඩා හොද ප්‍රතිඵල ලබා ගැනීමට හැකියාවක් ඇත. 

ආතතිය සමඟ කටයුතු කිරීමේ ඔබේම ක්‍රමයක් ඔබට තිබේනම් අපත් සමග බෙදා ගැනීමට අමතක කරන්න එපා. 

Leave a Reply

Your email address will not be published.