මාසයක් හිස් බඩ ජලය පානය කල අයෙකුට වන දේ

ජපන් කාන්තාවන් නිකැළැල්, පෝසිලේන් වගේ සමක් වගේම සිහින් හැඩකාර සිරුරක් ලබා ගන්න මොනවද කරන්නේ? දවසක් මම කල්පනා කළා. ඒ ගැන මදක් සොයා බැලූ විට දැන ගන්න ලැබුණේ ඔවුන් සෑම උදෑසනකම චාරිත්‍රයක් ලෙස අවදි වූ වහාම හිස් බඩ ජලය පානය කරන බවයි.

බොහෝ අධ්‍යයනවලට අනුව, මෙම සරල පුරුද්දෙන් නොයෙකුත් රෝගාබාධවලට ධනාත්මක ප්‍රතිඵල ලැබෙනවා. මේ නිසා මාත් මෙය මාසයක් පුරා සිදු කළා. මෙහි දැක්වෙන්නේ එයින් ලැබුණු අත්දැකීම් සහ ප්‍රතිඵලයි.

වැඩි ශක්තියමත් බවක් ශරීරයට දැනෙන්න නම් කුමක්ද කළ යුත්තේ කියා මම දැන සිටියේ නැහැ. මගේ සම සහ හිසකෙස් අඳුරු පෙනුමක් තිබුණා වගේම  ශරීරයද නිසි ලෙස ක්‍රියා නොකරන බව මට දැනුණා .

වෛද්‍යවරුන් මුණගැසීමට ගියද එකම දෙය පවසන නිසා වගේම වැඩි වැඩියෙන් බෙහෙත් පෙති නියම කරන නිසා මට එපා වෙලයි තිබුණේ. ඒ නිසා ජපන් ජල චිකිත්සාව පිළිබඳව සොයා බලා ඉක්මනින් ක්‍රියාවට නැංවුවා. සරලවම කිව්වොත් මෙයින් ලැබෙන ප්‍රතිඵල පුදුම සහගතයි!

01. වඩාත් නැවුම් සහ සෞඛ්‍ය සම්පන්න බවක් දැනෙන්නට පටන් ගැනීම.

උදෑසන අවදි වූ වහාම ජලය පානය කිරීමට පටන්ගෙන දවස් කිහිපයකට පසුව සැහැල්ලු බවක් දැනෙන්න පටන් ගත්තා. ශරීරය වඩාත් පහසුවෙන් විෂබීජහරණය වන බව දැනුණා.

02. පරිවෘත්තීය ක්‍රියාවලිය වැඩි දියුණු වීම.

මෙමඟින් ආහාර වේල වඩාත් හොඳින් දරා සිටිනවා. වෙනදා සෑම පැයකටම වතාවක් කරදරයක් වී තිබුණු බඩගින්න දැනුනේ නැහැ. ප්‍රධාන ආහාර වේල් අතරමැදින් වෙනත් සුළු ආහාර ගැනීමේ අවශ්‍යතාවය නැති වූ අතර වැඩි ශක්තියක් ලැබුණා.

03. ශරීරයේ බර අඩු කර ගැනීමට උපකාරී වීම.

අඩු බඩගින්නක් දැනෙනවා වගේම, ආහාර ජීර්ණය මන්දගාමී හා බර වීම නතර වුණා. වැඩි ශක්තියක් තිබුණු නිසා වැඩිපුර ව්‍යායාම කිරීමට නැඹුරු වුණා.

04. පපුව පිච්චෙනවා මෙන් දැනෙන අජීර්ණ නැතිවීම.

හැම වෙලේම මම අජීර්ණය සහ අම්ල ප්‍රතිවාහයෙන් එනම් පපුව පිච්චෙනවා මෙන් දැනෙන ගැස්ට්‍රයිටිස් රෝගයෙන් පීඩා වින්දා. මේ ක්‍රමයට ජලය පානය කිරීමට පටන් ගත් පසු, මෙම ගැටළුව නැති වුණා වගේම සෑම ආහාර වේලකටම පසුව වෙනදා දැනුණු අපහසු බව දැනුනේ නැහැ.

05. සමේ පෙනුම වැඩි දියුණු වීම.

ඇත්තම කිව්වොත් මිනිස්සු මට කීවේ මගේ පෙනුම වයසට වඩා වැඩිමහළු බවක් පෙනෙනවා කියා. මේ ජල චිකිත්සා ක්‍රමය පටන් ගත්ත දිනයේ සිට මගේ මුහුණේ රැළි ගතිය අඩු වී නිරෝගී, කාන්තිමත් හා දීප්තිමත් සමක් ලැබුණා!

06. කොණ්ඩයට වඩා හොඳ පෙනුමක් ලැබීම. 

මගේ කොණ්ඩය මොන තරම් දුර්වල සහ ඉක්මනින්ම කැඩෙන සුළුද කිව්වොත් සාමාන්‍යයෙන් කොණ්ඩය මාසයකට දෙවතාවක් කපන්න සිද්ධ වුණා. ජලය පානය කිරීම මඟින් සෞඛ්‍ය සම්පන්න හිසකෙස් වර්ධනයට පමණක් නෙවෙයි ඇදහිය නොහැකි තරම් දිලිසෙන පෙනුමකුත් ලැබුණා!

07. මුත්‍රා ආසාදන ඇතිවීම වළක්වනවා.

වෙනත් කිසිඳු ප්‍රතිජීවක ඔසුවකට සුව කළ නොහැකි ආකාරයට මේ ජාල ප්‍රතිකාරය පීඩාකාරී දැවෙන සංවේදනයන්ගෙන් නැති කර මෙම ගැටළුව සාර්ථකව විසඳනවා. 

08. දිගු කලක් අසනීප නොවී නීරෝගීව සිටිය හැක.

සැබවින්ම මේ සරල පුරුද්දෙන් ප්‍රතිශක්තිකරණ පද්ධතිය වැඩිදියුණු කරගන්න පුළුවන්. මෙමඟින් ඖෂධ ලබා නොගෙන රෝග විශාල ප්‍රමාණයක් වලක්වා ගැනීමේ හැකියාව පවතිනවා.

උදෑසන අවදි වූ වහාම වතුර බීමෙන් උපරිම ප්‍රයෝජන ලබා ගන්නා ආකාරය 

දවස පුරාම ශක්තිමත්ව සිටීමට මෙම ක්‍රමවේදය අනුගමනය කරන්න:

අවදි වූ වහාම, දත් මදින්න කලින් සහ හිස් බඩ වතුර වීදුරු හතරක් බොන්න. වීදුරු හතරක් බීමට අසීරු නම්, එකකින් පටන්ගෙන ක්‍රමයෙන් ප්‍රමාණය වැඩි කරන්න.

එළඹෙන විනාඩි 45 කිසිම දෙයක් කන්න එපා.

ඉන්පසු සාමාන්‍ය පරිදි ආහාර ගන්න.

උදේ ආහාරය, දිවා ආහාරය සහ රාත්‍රී ආහාරයෙන් පසු පැය 2 ක් කිසිවක් කන්න බොන්න එපා.

මෙමඟින් ප්‍රතිඵල අපේක්ෂා කළ හැක්කේ කවදාද?

දියවැඩියාව හෝ අධි රුධිර පීඩන රෝගීන්: දින 30ක්.

මල බද්ධය හා ගැස්ට්‍රයිටිස් රෝගීන්: දින 10ක්.ක්ෂය රෝගීන්: දින 90ක්.

Leave a Reply

Your email address will not be published.