මාසයකින් දිගු විශාල ඇහිබැමක් ලබා ගැනීමට ක්‍රම 10 ක්

ඇහිබැම කියල කියන්නේත් කාන්තාවන් බොහෝ අවධානය යොමු කරන තවත් දෙයක්. ඇහිබැමේ සුන්දරත්වය බොහෝ වැදගත් වෙනවා ඔබේ මුහුණේ සුන්දරත්වය සදහා. මේ නිසාම කාන්තාවන් ඔවුන්ගේ ඇහිබැම සුන්දර කර ගැනීම සදහාත් බෝහෝ වෙහෙසෙනවා. ඉතින් අද අපිට සිතුනා මේ ඇහිබැම දිගු කර ගැනීමට වගේම වර්ධනය කර ගැනීමට ක්‍රම කිහිපයක් ඔබ වෙත අරගෙන එන්න ඕන කියල. කියවලම බලන්නකෝ ඔබටත් මෙය බොහෝ වැදගත් වේවි. 

10. පීරීම

එය ක්‍රියාත්මක වන්නේ ඇයි: හිසකෙස් වර්ධනය උත්තේජනය කිරීම වගේම සංයෝජනය රුධිර ප්‍රවාහ වැඩි දියුණු කිරීම මෙය සිදු කරනවා. 

කළ යුතු දේ: පැරණි මස්කාරා නළයකින් විශේෂ බුරුසුවක් හෝ හොඳින් සේදූ බුරුසුවක් මේ සදහා ඔබට භාවිතා කිරීමට හැකියාවක් තිබෙනවා. විටමින් ඊ බින්දු කිහිපයක් දමා ඔබේ ඇහිබැම මින් පිරීම සිදු කරන්න. දිනකට දෙවරක් මිනිත්තු 5 ක් මෙය සිදු කිරීමෙන් හොදම ප්‍රතිඵල ලබා ගැනීමට ඔබට හැකියාවක් තිබෙනවා. 

09. තෙල්

එය ක්‍රියාත්මක වන්නේ ඇයි: කෙස්වලට පෝෂණය සපයන අතර ඇහිබැමි නිරෝගීව තබා ගැනීමට කාස්ට් රූ ඔයිල්, පොල් සහ ඔලිව් තෙල් වලට හැකියාවක් තිබෙනවා. මීට හේතුව තමා මෙහි මේද අම්ල අන්තර්ගත වීම. 

කළ යුතු දේ: මේවා නින්දට යාමට පෙර ඔබේ ඇහිබැමිවලට ආලේප කිරීම සිදු කරන්න. පිරිසිදු බුරුසුවක් හෝ ඇඟිල්ලක් මත තෙල් බින්දුවක් තබා නින්දට යාමට පෙර මෙය සිදු කරන්න. ඔබට මේ එක් තෙල් වර්ගයක් හෝ මේ සියලුම තෙල් වල මිශ්‍රනයක් වුවත් භාවිතා කිරීමට හැකී. 

08. පෙට්‍රෝලියම් ජෙලි

එය ක්‍රියාත්මක වන්නේ ඇයි: වියළි ඇති ඇහි බැම සමනය කිරීමට මෙය උපකාරී වනවා. 

කළ යුතු දේ: පෙට්‍රෝලියම් ජෙලි බුරුසුවකට හෝ ඇගිල්ලට යොදා නින්දට යාමට පෙර ඔබේ ඇහිබැමේ ආලේප කිරීම සිදු කරන්න. ඇස් ස්පර්ශ කිරීම නම් සිදු කරන්න එපා. උදෑසන ඔබේ ඇහිබැම සෝදා දමන්න. 

07. හොඳ පෝෂණය

එය ක්‍රියාත්මක වන්නේ ඇයි: ඔබේ හිසකෙස් වගේම ඇහිබැමත් නැති වීමට හේතු වෙන්න පුළුවන් විටමින් ඌනතාවයන්. 

කළ යුතු දේ: ඇට වර්ග, මස්, මාළු, බිත්තර, පලතුරු සහ එළවළු.වැනි වැඩිපුර ප්‍රෝටීන්, විටමින් සහ මේද අම්ල බහුල ආහාර අනුභව කිරීම කරන්න. 

06. හරිත තේ

එය ක්‍රියාත්මක වන්නේ ඇයි: ප්‍රතිඔක්සිකාරක සහ විටමින් බහුලව අන්තර්ගත වන දෙයක් තමා හරිත තේ කියල කියන්නේ. රූපලාවණ්‍ය නිෂ්පාදන සහ හිසකෙස් නැතිවීමේ ප්‍රතිකාර සඳහා මේ හරිත තේ බොහෝ ප්‍රසිද්ධයි. 

කළ යුතු දේ: ඔබ කල යුත්තේ ශක්තිමත් හරිත තේ කෝප්පයක් සාදා සිසිල් වීමට ඉඩ දීමයි. පසුව කපු පුළුන් කැබැල්ලක් යොදාගෙන ඔබේ ඇහිබැමෙහි දිනකට දෙවරක් ආලේප කරන්න. 

05. කෝමාරිකා

එය ක්‍රියාත්මක වන්නේ ඇයි: හිසකෙස් ශක්තිමත් කිරීමට සහ පෝෂණය සදහා බොහෝ වැදගත් වෙන ද්‍රවයයක් තමා මේ කෝමාරිකා යුශ වගේම කෝමාරිකා මදය කියල කියන්නේ. 

කළ යුතු දේ: ඔබ ප්‍රථමයෙන්ම කල යුත්තේ නැවුම් කෝමාරිකා කොළයක් ගෙන එහි යුශ මිරිකා ගැනීමයි. පසුව මෙය ඔබේ ඇහිබැමට යොදන්න. එක් රැයක් තබා උදෑසන ඔබේ ඇහිබැම සෝදා හරින්න. කෝමාරිකා යුශ, කාස්ට් රූ ඔයිල් සහ ඔලිව් තෙල් ස්මග මිශ්‍ර කර ආලේප කිරීමෙන් වඩා හොද බලපෑමක් ලබා ගත හැකිය. 

04. සම්බාහනය

එය ක්‍රියාත්මක වන්නේ ඇයි: ඇහිබැම පෝෂණය වැඩි දියුණු කිරීමට වගේම ඒවායේ වර්ධනය උත්තේජනය කිරීමට මේ සම්බාහනය මගින් හැකියාවක් තිබෙනවා. 

කළ යුතු දේ: පළමුව ඔබේ අත් සෝදාගන්න. පසුව ඔලිව් හෝ පොල්තෙල් බින්දු කිහිපයක් ඔබේ ඇඟිලිවලට දමා ගන්න. මෙය යොදාගෙන ඔබේ ඇහිබැම විනාඩි 5 ක් පමණ සම්බාහනය කරන්න.මෙය සතියකට කිහිප වතාවක් නැවත නැවත සිදු කිරීමෙන් වඩා හොද ප්‍රතිඵල ලබා ගැනීමට හැකියාවක් තිබෙනවා. 

03. බිත්තර ආවරණ

එය ක්‍රියාත්මක වන්නේ ඇයි: බයෝටින් සහ බී කාණ්ඩයේ විටමින් බිත්තර වල අන්තර්ගත වෙනවා. මේ නිසා හිසකෙස් හා ඇහිබැමි ශක්තිමත් කිරීමට සහ ඒවායේ නැතිවීම වළක්වා ගැනීමට මෙය සහාය වෙනවා. 

කළ යුතු දේ ; ග්ලිසරින් හෝ පෙට්‍රෝලියම් ජෙලි තේ හැදි 1ක් සහ බිත්තර 1 ක් මිශ්‍ර කර ගන්න. මාස කිහිපයක් සඳහා සතියකට 3 වතාවක් පමණ මෙම මිශ්‍රනය ඔබේ ඇහිබැමට යොදන්න. 

02. පිරිසිදු කිරීම

එය ක්‍රියාත්මක වන්නේ ඇයි:ඔබ ඔබේ මස්කාර එක් රැයක් ඔබේ ඇහිබැමෙහි තබාගෙන සිටිනවා කියන්නේ ඔබ හෙයා ස්ප්‍රේ භාවිතා එක් රැයක් ඔබේ කොණ්ඩයේ තබාගෙන සිටිනවා වගේ වැඩක්. ඔබේ කොණ්ඩයට මින් හානි විය හැකී වගේම ඔබේ ඇහිබැමට ඉන් හානි විය හැකී. 

කළ යුතු දේ: ඔබ ඔබේ මේකප් එක අනිවාර්‍යයෙන්ම ඉවත් කිරීම කල යුතු වෙනවා. ඔබ මෙවා ඉවත් කිරීමේදී මේකප් රිමූවර් එකක් හෝ ඔලිව් තෙල් භාවිතා කරන්න. මෙය හොද පිරිසිදුකාරකයක්ද වෙනවා. 

01. වේශ නිරූපණ
© depositphotos

එය ක්‍රියාත්මක වන්නේ ඇයි: ඔබ භාවිතා කරන ඇතැම් මස්කාරා වල ජලයට ඔරොත්තු නොදෙන සන්රචක තිබිය හැකී. ඇහිබැම වියළි හා බිඳෙනසුලු කිරීමට මීට හැකියාවක් තිබෙනවා. 

කළ යුතු දේ: ඔබේ ඇස් වලට වරින් වරට විවේකයක් දීම සිදු කරන්න. සතියකට 1-2 වතාවක්වත් අවම වශයෙන් මෙය සිදු කරන්න. මාස 3-6 කට වරක් පැරණි මස්කාරා විසි කිරීමටත් අමතක කරන්න එපා. අක්ෂි ආසාදන වළක්වා ගැනීම සඳහාත් මෙය වැදගත් වෙනවා. 

තවත් ඉඟි කිහිපයක්

ඔබේ ඇහිබැම ඇදීම සිදු කරන්න එපා. කර්ලිං අතරතුරදී බොහෝ ගැහැණු ලමයි තම ඇහිබැම ඇදීම සිදු කරනවා. ඔබේ ඇහිබැම එතරම් ශක්තිමත් නැති නිසා මෙය පහසුවෙන හැලීමට පුළුවන් මේ නිසා ඔබේ ඇහිබැම ඇදීම සිදු කරන්න එපා. 

ඒ වගේම ඔබට හොද ඉවසීමක් තිබිය යුතුයි. කිසිම ප්‍රතිඵලයක් දින එකෙන් දෙකෙන් ලැබෙන් නෑ. මේ සදහා සති කිහිපයක් ගත විය හැකී. 

ඇහිබැමිවල සමස්ත තත්වය වැඩිදියුණු කිරීමට නම් දෛනික සත්කාර සිදු කරන්න. මෙහිදී ඔබේ ජාන මීට බලපාන්නේ නැත. 

දිනකට ඇහිබැමි 4 ක් සාමාන්‍ය ලෙස පුද්ගලයෙකුට අහිමි වෙනවා. මීට අමතරව තවත් බොහෝ ඇහිබැම අහිමි වනවා නම් ඔබේ වෛද්‍යවරයා හමුවී ඔබේ තයිරොයිඩ් ග්‍රන්ථිය පරීක්ෂා කර ගැනීම වඩා හොදයි. 

Leave a Reply

Your email address will not be published.