මිනිසුන්ගෙන් කුඩා ප්‍රමාණයකට පමණක් ඇති ශරීර ලක්ෂණ 10 ක්

අපේ ශරීර හරිම අද්භූතයි. අපට කරන්න පුලුවන් දේවල් ගොඩාක් තියනවා. ඒවායින් සමහරක් අපි දන්නෙත් නෑ. සමහර විට ගොඩක් අයට කරන්න බැරි දේවලුත් ඔයාට කරන්න පුලුවන් ඇති. ඒක ඔයා සතු විශේෂ හැකියාවක්.

ඉතින් අද අපි බලමු ලෝකයේ ජනගහනයෙන් විශාල ප්‍රමාණයකට ලේසියෙන් කරන්න බැරි දේවල් මොනවද කියලා.

01. රූබික් කියුබ් එකක් විසදීම ඇත්තටම විශිෂ්ටයි.

ජනගහණයෙන් 6%ක් තරම් සුළු පිරිසකට විතරයි රූබික් කියුබ් එකක් විසඳන්න හැකියාව තියෙන්නෙ. සමහරු කියන්නෙ ඒක දක්ෂතාවක් කියලයි. තවත් අය කියන්නෙ අපි මේ ආකාරයෙන් අපේ ඇඟිලි භාවිතා කරන්නේ කොහොමව කියලා දැනගෙනම ඉපදිලා තියන බවයි. කොහොම වුණත්, ඒ වගේ ප්‍රහේලිකාවක් විසඳීමට ඇඟිලිවල හොඳ දක්ෂතාවයක් සහ විශාල පාලනයක් අවශ්‍ය බව නම් පැහැදිලියි.

එහි තිබෙන සංකීර්ණ බව නිසා, රූබික් කැටයක් විසඳීම ක්‍රීඩාවක් බවට පවා පත්වෙලා තියනවා. රූබික් කැටයක් ඉක්මනින් විසඳීම ඊටත් වඩා ලොකු අභියෝගයක් වන අතර එයට ලොකු පුහුණුවක් තියෙන්න ඕන.

02. නාස්පුඩු පිම්බීම

ශරීරයේ බොහෝ කොටස්වලට විශේෂ ශරීර උපක්‍රම තියනවා. පුද්ගලයන්ගෙන් 30%කට පහසුවෙන් එයාලගෙ නාස්පුඩු පුම්බන්න පුලුවන්. නාස්පුඩු ඉතා වේගයෙන් චලනය කිරීමේ හැකියාව ගොඩක් දුර්ලභයි.

මේ චලනය සඳහා සහභාගී වන මාංශ පේශී නාසලිස් මාංශ පේශි ලෙස හැඳින්වෙනවා. එය නාස් පොල්ල සම්පීඩනය කරනවා. ගොඩක් වෙලාවට, ගැඹුරු හුස්මක් ගන්නකොට හෝ හෝ ඉතා හැඟීම්බර අවස්ථාවකදි මේ දේ සිදුවෙන්න පුලුවන්.

03. හැමෝටම එයාලගෙ කන් සොලවන්න බෑ.

ඔයාගෙ කන් දෙක ඉතා වේගයෙන් චලනය කරන්න උත්සාහ කරන්න. ඒක ඔයාට කරන්න පුලුවන් නම්, ඔයත් මේ ශරීර උපක්‍රමය කළ හැකි 10% සිට 20% දක්වා පිරිසෙන් එක්කෙනෙක්.

මේ චලනය සතුන් අතර බහුලව දකින්න ලැබෙන දෙයක් වන අතර, මිනිසුන්ට පවා එය කරන්න පුලුවන්.

04. මාපටැඟිල්ල නවන්න පුලුවන්.

ගොඩ දෙනෙකුට තම මාපටැඟිල්ලෙන් මේ උපක්‍රමය කරන්න බෑ. ඒත් අපි අතරෙන් සමහර අයට මහපටැඟිලි දෙක අංශක අනූවක් දක්වා නැමීමේ හැකියාව තියනවා.

මේක මහපටැඟිල්ලේ අධි සංචලනය  ආකාරයක්. ඒ වුණාට මෙය වේදනාකාරී නොවන අතර, සෞඛ්‍යමය වශයෙන් මේ හැකියාව එම පුද්ගලයාට කිසිම තර්ජනයක් එල්ල කරන්නෙත් නෑ.

05. චිම්පන් වැනි දෙපා ඇති අය ඉන්නවා.

අපේ කකුල් උපතින්ම තරමක් නැමිලා තියනවා. කොහොම වුණත් මේ වගේ පාද තියෙන්නෙ පුද්ගලයන් 13කින් එක්කෙනෙක්ට විතරයි. මෙයින් අදහස් කරන්නේ ඔවුන්ගේ පාද ගස් නැගීම සඳහා හොඳින් අනුවර්තනය වී ඇති බවයි.

අපගෙන් බොහෝ දෙනෙකුට කුඩා අස්ථිබන්ධයක් ඇති අතර එය දිගු කළ හැකියි. ඒත් චිම්පන් වැනි පාද ඇති පුද්ගලයින්ට තියෙන්නෙ මෘදු අස්ථි බන්ධනයක්. එයාලට මේ විදිහට කකුල් නමන්න හැකියාව තියෙන්නෙ ඒ නිසයි.

06. සමහර පුද්ගලයන්ට කිසිදා හිසරදයක් හැදෙන්නෙ නෑ.

හිසරදය කියන්නෙ මිනිසුන් අතර බහුලවම දකින්න ලැබෙන රෝග තත්වයක්. ඒත් කවදාවත්ම ඔලුවෙ කැක්කුමක් හැදිලා නැති අයත් කලාතුරකින් ඉන්නවා.

අධ්‍යයනවලින් පෙනී යන්නේ, වයස අවුරුදු 18  සිට ළමයින්ට එයාලගෙ ජීවිතයේ එක් අවස්ථාවක හරි හිසරදය හෝ ඉරුවාරදය අත්විඳින්න ලැබිලා තියනවා. ඒත් ඒ ළමයි අතරින් 10% කට කවදාවත්ම හිසරදයක් හැදිලා නෑලු.

07. ලිවීමට අත් දෙකම භාවිත කළ හැකි අය ඉන්නවා.

සාමාන්‍යයෙන් අපිට අත් දෙකෙන් එක අතක් හොඳටම හුරුයි. ඒත් සමහර අයට එයාලෆෙ අත් දෙකෙන්ම වැඩ කරන්න පුලුවන්. මේ විදිහට අත් දෙකම හුරු අයව හඳුන්වන්නෙ අම්බෙඩ්ස්ට්‍රෝස් පුද්ගලයින් ලෙසයි. ජනගහනයෙන් ආසන්න වශයෙන් 1%කට මේ හැකියාව තියනවා. ඒ කියන්නෙ මෙයාලට හුරු අතක් කියලා එකක් නෑ. අත් දෙක්‍ර්න්ම එක වගේ වැඩ ගන්න පුලුවන්.

කොහොම වුණත්, මේ ambidexterity කියන හැකියාව ගැන තාමත් අධ්‍යයන සිදු වෙමින් පවතිනවා. විද්‍යාඥයින් මේ වන විට නිගමනය කරලා තියෙන්නෙ මේ දෙබිඩි බව ජාන විද්‍යාවට සම්බන්ධ නොවන බවයි. අත් චලනය පාලනය කරන මොළයේ අර්ධගෝල මගින් මේ හැකියාව ලබාදෙන බවයි ඔවුන් කියන්නෙ.

08. බොහෝ දෙනෙකුට Perfect-Pitch හඳුනාගන්න බෑ.

සටහනක තාරතාව ඉක්මනින්ම සහ නිවැරදිව හඳුනාගන්න පුලුවන් අය ලෝකයේ ගොඩක් අඩුයි.

මේ ගැන අධ්‍යයන රාශියක් සිදු කරලා තිබෙනවා. ඇත්තටම මේ හැකියාව ඉතා දුර්ලභයි. සෑම පුද්ගලයන් 10,000කින් එක් අයෙකුට විතරයි මේ වගේ හැකියාවක් පිහිටන්නෙ.

09. සමහර පුද්ගලයන්ට පාරජම්බුල දෘෂ්ටිය තියනවා.

අපේ ඇස්වලට සමහර දර්ශනීය හැකියාවන් තිබෙනවා. ඇස් සම්බන්ධ ජානමය තත්වයන් සමහර විට කෙනෙකුගේ වටපිටාවේ අද්විතීය රූප නිර්මාණය කරන්න පුලුවන්. මේ කොන්දේසි වලින් එකක් ඇෆාකියා ලෙස හැඳින්වෙනවා.

අක්ෂි කාචය නොමැති වීම නිසා තමයි මේ තත්ත්වය ඇති වෙන්න. මේ අක්ෂි කාචය පාරජම්බුල වර්ණවලින් අපව ආරක්ෂා කරනවා. ඇත්තටම මේ තත්ත්වය තියන අයට සාමන්‍යයෙන් මිනිසුන්ට දකින්න පුලුවන් සීමාවට වඩා වැඩිපුර පේනවා.

10. සුපිරි රස පරීක්ෂකයින් ඉන්නවා.

අපේ රස අංකුර සමග සම්බන්ධ වෙන තවත් ජානමය තත්වයක් තියනවා. දිවේ තියන රස අංකුර සංඛ්‍යාව අනුව, මිනිසුන් වර්ග දෙකක් ඉන්නවා. සාමාන්‍ය ප්‍රමාණයටම රස අංකුර තිබෙන අය සහ සාමාන්‍ය ප්‍රමාණයට වඩා වැඩි රස අංකුර ප්‍රමාණයක් ඇති අයත් ඉන්නවා. මේ අයට අනෙක් අයට වඩා හොඳට රස දැනෙනවා.

ජනගහනයෙන් ආසන්න වශයෙන් 25% කට මේ තත්ත්වය තිබෙනවා. රස අංකුර ප්‍රමාණය වැඩි වීම මගින් ආහාර ගන්න ප්‍රමාණයත් වැඩි වෙනවා.

Leave a Reply

Your email address will not be published.