මිනිසුන් 5% කගේ පමණක් ඇති ශරීර ලක්ෂණ 10 ක්

අපි සියලුම දෙනා එක වගේ නෑ. අපි බොහෝ දෙනාට තමාටම ආවේණික වූ රූපයක් වගේම තාමටම ආවේණික වූ ගති ලක්ෂනත් පිහිටලා තිබෙනවා. මේ අතර සමහර පුද්ගලයින් ඉන්නවා හරිම විශේෂයි. මේ පුද්ගලයින්ගේ තිබෙන විශේෂත්වය තමා මොවුන්ට හරිම දුර්ලභ ලක්ෂන පිහිටා තිබීම. මෙහෙම අය ඉන්නේ සියයට කිහිපයක් පමණයි. අද අපිට සිතුනා මෙන්න මේ වගේ ලක්ෂණ කිහිපයක් පිළිබද ඔබට අරගෙන එන්න ඕන කියල. සමහර විට මේ දේවල් ඔබ අහල වගේම දැකලත් ඇති කියවලම බලන්නකෝ.  ඔබට මෙය රසවත් ලිපියක් වේවි. 

01. ඇදහිය නොහැකි තරම් ශක්තිමත් අස්ථි. 

අස්ථි ඛනිජකරණයට වගකිව යුතු LRP5 ජානය අධ්‍යයනය කිරීම් සිදු කරන පර්‍යේෂකයින් අස්ථි බිඳෙනසුලු රෝග සමඟ ඇති වන විකෘති පිළිබදව සොයාගන්නා ලදි. පුද්ගලයෙකුට කැඩීමට නොහැකි තරම් සුපිරි ශක්තියක් ඇති අස්ථි තිබීම මේ සොයාගන්නා ලද ජාන විකෘති වලින් එකක් වෙනවා.  ඔබට හිතෙනවා ඇති එහෙම තිබෙන එක කොච්චර දෙයක්ද කියල. එසේ පෙනුනත් ඇත්තටම මෙහි අඩුපාඩු තිබෙනවා. ඔබ වයසට ගිය විට ඔබට අස්ථි වල කිසියම් රෝගයක් මතුවුවහොත් එහෙම වෛද්‍යවරුන්ට ඔබට ප්‍රතිකාර කිරීම නම් ඇත්තෙන්ම ලේසි පහසු වෙන එකක් නම් නෑ. 

02. “රන්” රුධිරය

වචනානුසාරයෙන්ම රුධිරය රන්වන් පැහැ ගැනීමක් පිළිබදව නෙමේ මේ අදහස් කරන්නේ. නමුත් මෙහි අද්විතීය ලක්ෂණ දක්නට තිබෙනවා. මෙම රුධිරයෙහි ප්‍රතිදේහජනක නොමැති වීම මෙම අද්විතීය ලක්ෂනයක්. 1961 දී තමා මේ පිළිබදව ප්‍රථමයෙන්ම සොයාගෙන තිබෙන්නේ. Rh-null රුධිරය ඇති පුද්ගලයින් 40 ක් පමණ දැනට හදුනාගෙන තිබෙනවා. මින් 9 දෙනෙක් හරිම පරිත්‍යාගශීලී මිනිසුන් මොවුන් තම රුධිරය දන් දීම නිතරම සිදු කරනවා. මේ රුධිරය ඕනෑම පුද්ගලයෙකු සදහා සුදුසු වෙනවා. 

03. දිගු palmar මාංශ පේශි

මෙම මාශ පේශින් උරුම වී තිබෙන්නේ ගස් නැගීමට හුරු වී සිටි අපේ මුතුන් මිත්තන්ගෙන්. ඔබටත් මේවා උරුම වී තිබේදැ‍යි ඔබට පරික්ෂා කර බැලීමට හැකියාවක් තිබෙනවා. ඔබේ අත්ල පැතලි මතුපිටක් මත තබා ඔබේ කුඩා ඇඟිල්ල සහ මාපටැඟිල්ල ස්පර්ශ කර ඒවා තරමක් එසවීම සිදු කරන්න. ඔබ දිගු තල් මාංශ පේශි වල හිමිකරුවෙකු වෙනවා ඔබේ මැණික් කටුවෙහි අස්ථි බිඳීමක් ඔබ දුටුවහොත්. එසේ නොවේ නම් කලබල වන්න එපා. නූතන ජීවයින්ට එය ඇත්තෙන්ම වැදගත් වන්නේ නෑ. 

04. ජානමය චිමරිසම්

සිංහයෙකුගේ හිස සහ බෙල්ල, එළුවෙකුගේ කඳ සහ සර්පයෙකුගේ වලිගය සහිත සත්වයෙකු ලෙස පුරාණ ග්‍රීක මිථ්‍යාවන් විසින් චයිමේරා විස්තර කර තිබෙනවා. අතිරේක ඩීඑන්ඒ සමූහයක් ලෙස මෙම මානව චිමරිසම් හදුන්වන්න පුළුවන්. චයිමරිස්වාදය භයානක නැති වුවත් පවුල් ගැටළු ඇති කිරීමට මීට පුළුවන්. එක් අවස්ථාවක් තිබෙනවා මෙම ගැටලුව නිසා මවකට තම දරුවන් අහිමි වුණු. මීට හේතුව වන්නේ ජානමය විශ්ලේෂණයකින් ඔවුන් අතර සම්බන්ධයක් නැති බව සොයාගැනීමයි.

05. “ද්විත්ව” ඇහිපිහාටු

මෙය දුර්ලභ ජානමය ආබාධයක්. “ඩිස්ටිචියාසිස්” ලෙස තමා මෙය හදුන්වන්නේ. මෙම ආබාධයෙන් සිටි ප්‍රසිද්ධ හොලිවුඩ් තරුවක් තමා එලිසබෙත් ටේලර් කියල කියන්නේ. සාමාන්‍යයෙන් කිසිදු අපහසුතාවයක් මෙම “ද්විත්ව” ඇහිපිහටු වලින් මෙම ආබාධය ඇති පුද්ගලයින්ට ලැබෙන් නෑ. නමුත් දෙවන පේළියේ ඇහිපිහාටු ඇසේ ශ්ලේෂ්මල පටලයට වඩා සමීප විය හැකි බැවින් කෝපයක් ඇති කිරීම සිදු කරන්න පුළුවන්.

06. කණ අසල සිදුරක්

භ්‍රෑණ වර්ධනයේ දී පිහිටුවන ලද සංජානනීය ඇරිකියුලර් ෆිස්ටුලයක් තමා මෙය. මෙය 5% ක් පමණ දෙනා තුළ හටගන්නා තත්ත්වයක්. කන් එකක් හෝ දෙකම මත පැවතිය හැකි මෙය බොහෝ විට ජානමය වශයෙන් උරුම වී තිබේ. ශල්‍යකර්මයකින් මෙය ඉවත් කර ගැනීමට හැකියාවක් ඇත. නමුත් මෙය භායනක වන්නේද නැත. අවශ්‍ය නම් ඉවත් කර ගැනීමට හැකියාවක් තිබේ. 

07. අතිරේක ඉළ ඇට

මෙය බොහෝ විට කාන්තාවන් තුළ දක්නට ලැබෙන තත්තවයක් වේ. ගැබ්ගෙල කොඳු ඇට පෙළේ මෙම ඉළ ඇට බොහෝ විට පිහිටා තිබෙන බැවින් මෙය ගැබ්ගෙල ලෙසද හදුන්වනවා. මේවා කුඩා වන අතරම සමහර ඉළ ඇට විශාල ලෙසද පිහිටා තිබේ. පුද්ගලයෙකුගේ සෞඛ්‍යයට සහ යහපැවැත්මට මෙය බොහෝ අවස්ථාවන් වලදී බලපාන්නේ නැත. නමුත් තරමක් විශාල ලෙස මේවා පිහිටා තිබුනොත් යම් අපහසුවක් ඇති කිරීම මෙය සිදු කරනවා. 

08. “අදෘශ්‍යමාන” වර්ණ වටහා ගැනීමේ හැකියාව

ටෙට්‍රාක්‍රොමැසි  ලෙස හදුන්වන මෙය වැඩිපුරම දක්නට ලැබෙන්නේ කාන්තාවන් තුලය. සෙවනැලි පරාසයක් දැකගැනීමේ හැකියාව මෙම තත්තවය ඇති පුද්ගලයෙකුට ඇත. මෙම තත්වය X වර්ණදේහයේ විකෘති නිසා ඇතිවේ.මෙම වෙනස මිනිසුන්ට වර්ණ මිලියන 99 ක් දක්වා දැකීමට ඉඩ සලසයි. නමුත් සාමාන්‍ය පුද්ගලයෙකුට මිලියනයකට වඩා වර්ණ දැකගැනීමට හැකියාවක් නැත. 

09. නිදා ගැනීමට ඇති කුඩා අවශ්‍යතාවය.

මෙම පුද්ගලයින්ට අප බොහෝ දෙනාට වඩා දෙගුණයක් වේගයෙන් ශක්තිය නැවත ලබා ගැනීමට හැකියාවක් පවතිනවා. මාග්‍රට් තැචර්, සැල්වදෝර් ඩාලි, වින්ස්ටන් චර්චිල් සහ නිකොලා ටෙස්ලා වැනි පුද්ගලයින් මෙවැනි වාසනාවන්ත පුද්ගලයින්. අඩු නින්දේ සිටින පුද්ගලයින් තුළ දක්නට ලැබෙන කුඩා විකෘතියක් තමා DEC2 ජානය කියල කියන්නේ. DEC2 විකෘතියක් ඇති පුද්ගලයින්ට එකම කාර්යයන් අඩු කාලයක් තුළ ඉටු කළ හැකි බව කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ පර්‍යේෂකයින් සොයාගෙන තිබෙනවා. 

10. කොලෙස්ටරෝල් වර්ධනයට ඇති නොහැකියාව

කොලෙස්ටරෝල් ගැන කරදර නොවී ඕනෑම දෙයක් ආහාරයට ගන්න පුළුවන් කට්ටියත් ඉන්නවා කියල කිව්වොත් ඔබ නම් පුදුම වේවි. ඒත් ඇත්තටම එහෙම අය ඉන්නවා. ඔවුන්ගේ හෘද රෝග ඇතිවීමේ අවදානම 90% කින්ම අඩුයි. ඔවුන්ට PCSK9 ජානයේ ප්‍රමාණවත් වැඩ පිටපත් නොමැති වීම තමා මීට හේතුව වන්නේ . 

Leave a Reply

Your email address will not be published.