මුහුණපුරා වැවෙන රෝම ඉවත් කිරීමට සාර්ථකම ක්‍රම 9 ක්

අසාමාන්‍ය ප්‍රදේශවල වැඩිපුර රෝම වැවෙන එක විද්‍යාවේ හඳුන්වන්නෙ හර්සුටිස්වාදය කියලයි. හැම වයස් කාණ්ඩයකම කාන්තාවන්ගෙන් 5-10% කට විතර මේ තත්වය බලපානවා. කොහොම වුණත් අපි කොයි තරම් සෞඛ්‍ය සම්පන්නව හිටියත්, අපි හැමෝම වරින් වර මුහුණේ රෝම ඉවත් කරන්න ත්‍රෙඩිං හෝ වැක්සිං වගේ ක්‍රම භාවිතා කරනවා. ඒත් මුහුණේ අනවශ්‍ය රෝම ඉවත් කරන්න ඒ වගේ වේදනාකාරී ක්‍රම භාවිතා කරන්නම ඕන නෑ කියලා දැන් හොයාගෙන තියනවා. ගෙදරදි පහසුවෙන් හොයාගන්න පුලුවන් ස්වභාවික අමුද්‍රව්‍ය තියනකොට වැක්ස් කරන්නයි ත්‍රෙඩිං කරන්නයි දුක් විඳින්නෙ මොකටද ඉතින්?

අද අපි ඔයාට කියලා දෙන්නෙ අඩු වියදමකින් හා පහසුවෙන් ගෙදරදි හොයාගන්න පුලුවන් ස්වභාවික දේවල් මගින් මුහුණේ අනවශ්‍ය රෝම ඉවත් කරන්නේ කොහොමද කියලයි. බලන්නකෝ මේවා කොයි තරම් ලේසිද කියලා.

09. මුං ඇට කුඩු + රෝස වතුර

අමුද්‍රව්‍ය:

  • කුඩුකරගත් මුං ඇට මේස හැඳි 1-2
  • රෝස වතුර මේස හැඳි 1-2
  • ලෙමන් යුෂ මේස හැඳි 1

හදන්නේ මෙහෙමයි:

මුං ඇට සහ රෝස වතුර භාජනයකට දමා හොඳින් මිශ්‍ර කරන්න. එයටම ලෙමන් යුෂ එකතු කරලා ආයෙත් හොඳින් මිශ්‍ර කරන්න.

පාවිච්චි කරන්නේ මෙහෙමයි:

සමේ අනවශ්‍ය රෝම තියන තැන්වල හදාගත් මිශ්‍රණය හොඳින් ආලේප කරන්න. මිශ්‍රණය සම්පූර්ණයෙන්ම වියළී යන තෙක් විනාඩි 20-25 ක් විතර ඉන්න. අන්තිමට ඇඟිලිවලින් මාස්ක් එක ඉවත් කරන්න.

සතියකට 3-4 වතාවක් නැවත කරන්න.

ප්‍රතිඵල: කුඩුකරගත් මුංඇටවලට හොඳින් ඉවත්කිරීමේ ගුණ තියනවා. එය රෝස වතුර සමඟ එකතු වුණාම හිසකෙස් වර්ධනයට බාධා ඇතිකරනවා.

ඕනෑම වර්ගයක සමක් සඳහා මේ සත්කාරය සුදුසුයි.

08. ළූණු + බේසිල් කොළ

අමුද්‍රව්‍ය:

  • මධ්‍යම ප්‍රමාණයේ ළූණු ගෙඩි 2
  • බේසිල් කොළ 10-12 ක්

හදන්නේ මෙහෙමයි:

ළූණු ස්ථර අතර තියන තුනී, විනිවිද පෙනෙන පටල හොයා ගන්න. ඒ පටල බේසිල් කොළවලින් පොඩි කරලා පාප්පයක් හදාගන්න.

පාවිච්චි කරන්නේ මෙහෙමයි:

හදාගත් පේස්ට් එක මුහුණේ අනවශ්‍ය රෝම මත ආලේප කරන්න. විනාඩි 20-25 අතර කාලයක් තියෙන්න හැරලා උණු වතුරෙන් සෝදා ඉවත් කරන්න.

මාස 1-2 ක් පමණ සතියකට 3-4 වතාවක් මේ සත්කාරය නැවත කරන්න.

ප්‍රතිඵල: ළූණු මගින් හිසකෙස් වර්ධනයට උදව් වෙනවා. ඒ වුණාට ළූණු බේසිල් කොළ එක්ක භාවිතා කරනකොට හිසකෙස් වර්ධනය අඩු කරන්නත් මුහුණේ අනවශ්‍ය රෝම ඉවත් කරන්නත් උපකාරී වෙනවා.

ඕනෑම වර්ගයක සමක් සඳහා මේ සත්කාරය සුදුසුයි.

07. ලැවෙන්ඩර් තෙල් + තේ ගස් වලින් ලබාගන්න තෙල්

අමුද්‍රව්‍ය:

  • ලැවෙන්ඩර් තෙල් තේ හැඳි 1
  • තේ ගස්වලින් ලබා ගන්න තෙල් බිංදු 4-6 ක්

හදන්නේ මෙහෙමයි:

තේ ගස්වලින් ගන්නා තෙල් සමඟ ලැවෙන්ඩර් තෙල් එකට මිශ්‍ර කරන්න.

පාවිච්චි කරන්නේ මෙහෙමයි:

හදාගත් මිශ්‍රණය කපු පුළුන් බෝලයකින් මුහුණේ අනවශ්‍ය රෝම මත මත ආලේප කරන්න. අවම වශයෙන් මාස 3 ක් වත් දිනකට 2-3 වතාව බැගින් නැවත නැවත කරන්න.

ප්‍රතිඵල: ලැවෙන්ඩර් හා තේ ගස් තෙල් වල ප්‍රති-ඇන්ඩ්‍රොජනික් ගුණ තියනවා. එමගින් අනවශ්‍ය ‍රෝම ඉවත් කිරීමට උපකාරී වෙනවා.

තෙල් සහිත සමට හා කුරුලෑ ඇති සමට වඩාත් සුදුසුයි.

06. මී පැණි + සීනි

අමුද්‍රව්‍ය:

  • මී පැණි මේස හැඳි 1
  • සීනි මේස හැඳි 2
  • වතුර මේස හැඳි 1

හදන්නේ මෙහෙමයි:

සීනි ටික භාජනයකට දමා එයට මී පැණි හා වතුර එකතු කරන්න. සීනි දිය වෙනකන් මිශ්‍රණය තත්පර 30 ක් විතර මයික්‍රෝවේව් එකේ තියන්න.

පාවිච්චි කරන්නේ මෙහෙමයි:

හදාගත් මිශ්‍රණය මුහුණේ අනවශ්‍ය රෝම තියන තැන්වලට ආලේප කරන්න. ආලේප කරපු මිශ්‍රණයට උඩින් රෙදි පටියක් තියලා තත්පර කිහිපයක් සිසිල් වීමට ඉඩ දෙන්න. දැන් ඔයාගෙ මුහුණේ රෝම වැවෙන පැත්තට ප්‍රතිවිරුද්ධ පැත්තට රෙදි පටිය අදින්න.

අවශ්‍ය හැම විටම නැවත නැවත කරන්න.

ප්‍රතිඵල: මේ පීල්-ඕෆ් මාස්ක් එක මගින් මුහුණේ තියන අනවශ්‍ය රෝම ඉක්මනින් ඉවත් කරනවා. ඒ වගේම සමේ මැරුණු සෛලත් ඉවත් වෙනවා.

මේ සත්කාරය සියලුම වර්ගවල සම සඳහා සුදුසුයි.

05. ඕට් මීල් + කෙසෙල්

අමුද්‍රව්‍ය

  • ඕට් මීල් මේස හැඳි 2
  • ඉදුණු කෙසෙල් ගෙඩියක්

හදන්නේ මෙහෙමයි:

කෙසෙල් ගෙඩියක් අරගෙන ඒක පොඩි කරලා තලපයක් හදාගන්න. ඒකටම ඕට් මීල් එකතු කරලා හොඳින් මිශ්‍ර කරන්න.

පාවිච්චි කරන්නේ මෙහෙමයි:

හදාගත් පේස්ට් එක මුහුණේ අනවශ්‍ය රෝම තියන තැන්වල ගාන්න. ‍රවුමට හොඳින් අතුල්ලන්න. විනාඩි 15-20 කට පසු සීතල වතුරෙන් සෝදලා ඉවත් කරන්න.

මේ සත්කාරය සතියකට 1-2 වතාවක් නැවත කරන්න.

ප්‍රතිඵල: ඕට් මීල්වල ධාන්‍ය වර්ගවල තියන ගුණ අඩංගුයි. ඒ නිසා මුහුණේ සමේ මැරුණු සෛල ඉවත් කරන්නත් අනවශ්‍ය රෝම ඉවත් කරන්නත් ගොඩක් ප්‍රයෝජනවත්.

සියලුම වර්ගවල සම සඳහා සුදුසුයි.

04. ජෙලටින් + කිරි

අමුද්‍රව්‍ය:

  • රස අඩංගු නැති ජෙලටින් කුඩු මේස හැඳි 1
  • කිරි මේස හැඳි මේස හැඳි 3
  • ලෙමන් යුෂ බින්දු කිහිපයක්

හදන්නේ මෙහෙමයි:

බඳුනකට ජෙලටින්, කිරි හා ලෙමන් යුෂ එකට මිශ්‍ර කරන්න. මේ මිශ්‍රණය මයික්‍රෝවේව් එකේ තප්පර 15-20 ක් රත් කරන්න.

පාවිච්චි කරන්නේ මෙහෙමයි:

මයික්‍රෝවේව් උදුනෙන් මිශ්‍රණය ඉවත් කරලා තත්පර කිහිපයක් එය සිසිල් වීමට ඉඩ දෙන්න. ඉන්පසු එය කෙලින්ම ඔයාගෙ මුහුණට ආලේප කරන්න. මාස්ක් එක විනාඩි 5ක් මුහුණේ තියෙන්නට හැර ඇඟිලිවලින් ඉවත් කරන්න.

අවශ්‍ය හැම විටම මේ සත්කාරය කරන්න පුලුවන්.

ප්‍රතිඵල: මේ මාස්ක් එක ගොඩක් ඇලෙන ගතියකින් තියන එකක්. ඒනිසා එයට අනවශ්‍ය රෝම ඉක්මනින් ඉවත් කරන්න පුලුවන්. බ්ලැක් හෙඩ්ස් හා සමේ මැරුණු සෛල ඉවත් කරන්නත් මේ මාස්ක් එක ඔයාට උදව් වෙනවා.

සංවේදී හා කුරුලෑ සහිත සමක් ඇති අය හැර අනෙක් ඕනෑම වර්ගයක සමක් තියන කෙනෙක්ට මේ මාස්ක් එක සුදුසුයි.

03. බිත්තර + කෝන් පිටි
අමුද්‍රව්‍ය:
  • බිත්තර එකක්
  • කෝන්ෆ්ලවර් මේස හැඳි 1/2
  • සීනි මේස හැඳි 1

හදන්නේ මෙහෙමයි:

බිත්තරයක් කඩා සුදු මදය වෙන් කරගන්න. එයට සීනි හා කෝන් පිටි එකතු කරලා සිනිඳු පේස්ට් එකක් වෙනකන් හොඳින් මිශ්‍ර කරන්න.

පාවිච්චි කරන්නේ මෙහෙමයි:

හදාගත් පේස්ට් එක මුහුණට ආලේප කරන්න. විනාඩි 20-25 කාලයක් වියළීමට ඉඩ දෙන්න. පේස්ට් එක වියළුණු පසු එය අල්ලලා ඉරා දමන්න.

සතියකට 2-3 වතාවක් මේ සත්කාරය නැවත කරන්න.

ප්‍රතිඵල: බිත්තර සුදු මදය මුහුණේ අනවශ්‍ය රෝම වලට තදින් ඇලෙනවා. එමගින් අනවශ්‍ය රෝම ඇදලා ඉවත් කරන එක පහසු වෙනවා.

කුරුලෑ සහිත හා සංවේදී සම හැර අනෙක් ඕනෑම සමකට සුදුසුයි.

02. අර්තාපල් + පරිප්පු

අමුද්‍රව්‍ය:

  • කහ පරිප්පු කෝප්ප 1
  • අර්තාපල් 1
  • නැවුම් ලෙමන් යුෂ මේස හැඳි 1
  • මී පැණි මේස හැඳි 1

හදන්නේ මෙහෙමයි:

පරිප්පු ටික රැයක් වතුරේ පොඟවා ගන්න. උදේට නැගිටලා පොඟවා ගත් පරිප්පු ටික හොඳින් ග්‍රයින්ඩ් කරලා ගණකම් මිශ්‍රණයක් ලබා ගන්න. අර්තාපල් පොතු ඇරලා ඒකත් හොඳට ග්‍රයින්ඩ් කරගන්න. පෙරනයක් අරගෙන අඹරාගත් අර්තාපල් එයට දමා යුෂ පෙරා ගන්න. අර්තාපල් යුෂ, පරිප්පු පේස්ට් එක සමඟ මිශ්‍ර කරලා එයටම මී පැණි හා ලෙමන් යුෂ එකතු කරන්න.

පාවිච්චි කරන්නේ මෙහෙමයි:

මුහුණේ අනවශ්‍ය රෝම තියන තැන්වල මේ පේස්ට් එක ගාන්න. මාස්ක් එක සම්පූර්ණයෙන්ම වියළෙන තුරු විනාඩි 20-30 ක් ඉන්න. දැන් ඇඟිලිවලින් එය ඉවත් කරන්න.

සතියකට 1-2 වතාවක් මේ සත්කාරය නැවත කරන්න.

ප්‍රතිඵල: වියළි පරිප්පු මගින් රෝම ඉවතට ගැනීම පහසු කරවනවා. අර්තාපල්වලට ස්වභාවික විරංජක ගුණ තියන නිසා එමඟින් ඔයාගෙ ඉතිරි රෝම සැහැල්ලු කරලා ඒවාගේ පෙනීම අඩු කරනවා.

සියලුම සම වර්ග සඳහා සුදුසුයි. ඒත් ඔයාට තියෙන්නෙ වියළි සමක් නම් මාස්ක් එක ආලේප කිරීමෙන් පසු මොයිස්චරයිසර් භාවිතා කරන්න අමතක කරන්න එපා.

01. පැපොල් + කහ

අමුද්‍රව්‍ය:

  • අමු පැපොල් 1
  • කහ කුඩු තේ හැඳි 1/2

හදන්නේ මෙහෙමයි:

පැපොල් ගෙඩිය පොතු ඇරලා කුඩා කැබලිවලට කපන්න. කපාගත් කැබලි හොඳින් අඹරා පේස්ට් එකක් හදාගන්න. ඒකටම කහ කුඩු ටිකත් එකතු කරලා මිශ්‍ර කරන්න.

පාවිච්චි කරන්නේ මෙහෙමයි:

හදාගත් පේස්ට් එක මුහුණේ අනවශ්‍ය රෝම තියන තැන්වලට ආලේප කරන්න. මුලින්ම සම මත මෘදු ලෙස ආලේප කරලා මාස්ක් එක වියළෙන්න විනාඩි 15-20 ක් තබන්න. උණු වතුරෙන් සෝදා ඉවත් කරන්න.

සතියකට 2 වතාවක් නැවත කරන්න.

ප්‍රතිඵල: අමු පැපොල් වල පැපේන් කියන එන්සයිමය අඩංගු නිසා ස්වභාවිකවම රෝමකූපවල කේෂමූලය දුර්වල කරනවා. එමගින් රෝම කූප ඉක්මනින් ගැලවිලා ඉවත් වෙනවා.

සියලුම වර්ගවල සම සඳහා සුදුසුයි.

අනවශ්‍ය රෝම හරියටම ඉවත් කරගන්නේ මෙහෙමයි.

සාමාන්‍යයෙන් මේ සත්කාර මගින් හොඳම ප්‍රතිඵලයක් ලබා ගන්න ටික කාලයක් යනවා. එතනක් ඉවසීමෙන් බලාගෙන ඉන්න ඕන. ඔයාගෙ සමේ සිදුරු විවර කර ගැනීම සඳහා ඕනෑම දෙයක් භාවිතා කිරීමට කරන්න කලින් මූණට හොඳින් හුමාලය අල්ලන්න. මේ සත්කාරවලින් පසු මුහුණ හොඳින් සෝදා ගන්න. නිතරම ඔයාගෙ සම පිරිසිදුව තියාගන්න. හොඳින් වතුර බොන්න. නිතරම පලතුරු හා එළවළු යුෂ ලෙස පානය කරලා ඔයාගෙ සමට අවශ්‍ය විටමින් ලබා ගන්න. හෝමෝන සමතුලිත කර අනවශ්‍ය රෝම වර්ධනය අඩු කිරීමට, සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ලබා ගන්න. නිතිපතා ව්‍යායාම කරන්න. පියයුරුවල ප්‍රමාණය අඩුවීම, කටහඬ ගැඹුරු වීම හෝ මාංශ පේශි වැඩි වීම වගේ ලක්ෂණ සමඟ අසාමාන්‍ය රෝම වර්ධනයක් දකින්න ලැබෙනවා නම් වෛද්‍යවරයෙක් හමුවෙලා උපදෙස් ලබා ගන්න.

Leave a Reply

Your email address will not be published.