මුහුණේ රෝම වැවීම ස්වාභාවිකවම වැළැක්විය හැකි ක්‍රම 6 ක්

මුහුණේ අනවශ්‍ය රෝම කිහිපයක් තියන එක සාමාන්‍ය දෙයක්. ඒත් සමහර අවස්ථා වලදී, තද, රළු හිසකෙස් මුහුණේ දිස් විය හැකි අතර, දිනපතාම ඔයාට ඒවා ගලවන්න සිදුවෙනවා. මේ අප්‍රසන්න තත්ත්වය හැඳින්වෙන්නෙ හිර්සුටිසම් කියලයි. ගොඩක් වෙලාවට මේ තත්වය ඇති වෙන්නෙ හෝමෝන අසමතුලිතතාවයක් නිසයි. වැක්ස් කිරීම සහ ලේසර් කිරීම මගින්, අනවශ්‍ය රෝම ඉවත් කිරීමට උදවු වෙනවා. ඒත් අනවශ්‍ය රෝම වැවෙන එක අඩු කරගන්න පුලුවන් ස්වභාවික ක්‍රම කිහිපයක් තියනවා.

ඉතින් අද අපි ඔයාට කියන්නෙ මුහුණේ අනවශ්‍ය රෝම වර්ධනය අඩු කිරීමට භාවිතා කරන්න පුලුවන් සරල සත්කාර 6 ක් ගැනයි.

01. ස්පර්මින්ට් තේ බොන්න.

තේ සුවඳ සහ රස විඳින අතර ඔයාගෙ ස්නායු සන්සුන් කිරීමට අමතරව, එමගින් රුධිරය හරහා ගලා යන පිරිමි හෝමෝන ගණන අඩු කරගන්නත් පුලුවන්. මුහුණේ අනවශ්‍ය රෝම ඇති වෙන්න හේතුවෙන පිරිමි හෝමෝන මට්ටම අඩු කිරීමෙන් අනවශ්‍ය රෝම වර්ධනය අඩු වෙනවා. අධ්‍යයනයන් පෙන්වා දී ඇත්තේ දිනකට ස්පියර්මින්ට් තේ කෝප්ප 2ක් පානය කිරීමෙන් මුහුණේ රෝම වර්ධන වේගය අඩු කරගත හැකි බවයි.

02. ලැවෙන්ඩර් සහ තේ ගස් තෙල් ආලේප කරන්න.

සගන්ධ තෙල් සම රැකවරණ සහ රූපලාවන්‍ය සඳහා යුග ගණනාවක් තිස්සේ භාවිතා කරලා තියනවා. ඒවායින් සමහරක් අනවශ්‍ය මුහුණේ රෝම වලට එරෙහිව ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. ලැවෙන්ඩර් සහ තේ ගස් තෙල් ආලේප කිරීමෙන් අධිකව රෝම වැවිම අඩු කරගන්න පුලුවන්.

03. ට්‍රාන්ස් මේද ඉවත් කිරීමට උත්සාහ කරන්න.

වාණිජමය වශයෙන් පිළිස්සූ ආහාරවල ට්‍රාන්ස් මේද අඩංගු වෙනවා. ඒවා මගින් ශරීරයේ කොලෙස්ටරෝල් මට්ටම ඉහළ නැංවීමට සහ හෘද රෝග අවදානම වැඩි කිරීමට හේතු වෙනවා. ඒ විතරක් නෙවෙයි, ට්‍රාන්ස් මේදය අනවශ්‍ය රෝම වර්ධනයටත් හේතු වෙනවා. ඒ නිසා ට්‍රාන්ස් මේදය සහිත ආහාර අඩුවෙන් ලබා ගැනීමෙනුත් අනවශ්‍ය රෝම වර්ධනය අඩු කරගන්න පුලුවන්.

04. ව්‍යායාම සඳහා කාලය හොයාගන්න.

ක්‍රියාශීලීව සිටීම ශරීරයේ සමස්ත යහපැවැත්ම ගොඩක් වැදගත්. දිනකට මිනිත්තු 30ක් පමණ ව්‍යායාම සඳහා වෙන් කිරිමෙන් ශරීරයේ බර පාලනය කිරීමට සහ කරදරකාරී මුහුණේ රෝම වළක්වා ගැනීමට උපකාරී වෙනවා. ඒත් හෘදයට කරන ව්‍යායාම වගේ ටෙස්ටොස්ටෙරෝන් මට්ටම් වැඩි නොකරන ව්‍යායාම සහ බර ඉසිලීම වගේ ඉහළ තීව්‍රතා ව්‍යායාම කිරීමෙන් වළකින්න.

05. කටු චිකිත්සාව සලකා බලන්න.

කටු චිකිත්සාව කියන්නෙ මානසික ආතතිය ලිහිල් කිරීමට සහ ලිහිල් කිරීමට විශිෂ්ට ක්‍රමයක්. ශරීරය ප්‍රබෝධමත් කිරීමට අමතරව එය අනවශ්‍ය රෝම වර්ධනය අඩු කිරීමටත් උදව් වෙනවා. කටු චිකිත්සාව මගින් අනවශ්‍ය රෝම වල ඝනත්වය සහ දිග අඩු කර පිරිමි හෝමෝන මට්ටම අඩු කළ හැකි බව අධ්‍යයනයන් මගිනුත් පෙන්වා දී තිබෙනවා.

06. ප්‍රමාණවත් තරම් ජලය පානය කරන්න.

සජලනය වීම අපේ සෞඛ්‍යය සහ රූපලාවන්‍ය සඳහා ගොඩාක් වැදගත් වෙනවා. ප්‍රමාණවත් තරම් ජලය පානය කිරීම මග්න් පරිවෘත්තීය වැඩි දියුණු කරනවා. සම තරුණව තබාගන්නවා. ඒ වගේම මුහුණේ අධික ලෙස රෝම වර්ධනය වැළැක්වීම වගේ තවත් සෞඛ්‍ය ප්‍රතිලාභ ගොඩක් ලබාදෙනවා. ඔයාගෙ ශරීරයේ බරට සරිලන වතුර ප්‍රමාණයක් පානය කිරිමෙන් ගොඩක් සෞඛ්‍ය ගැටළු අඩු කරගන්න පුලුවන්.

Leave a Reply

Your email address will not be published.