මේකප් නොමැතිව ඔබේ පෙනුම ආකර්ෂණීය කල හැකි ක්‍රම 13 ක්

ලෝකයේ හැම කාන්තාවකටම තමන්ට ආවේණික වූ ස්වභාවික ආකර්ෂණයක් හා සුන්දරත්වයක් තියෙනවා. කෙනෙකුගේ ඇත්තම සුන්දරත්වය අගය කිරීමට ටොන් ගණනක මේකප් එකක් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. පරිපූර්ණ රුවක්  ලබාගැනීමට නම් හැමදාම පාවිච්චි කරන මේ මැජික් එකට ප්‍රයෝජනවත් උපක්‍රම කිහිපයක් එකතු කරගන්න.

මුදල් සහ කාලය නාස්ති නොකර ඔයාගේ සුන්දරත්වය වර්ධනය කරගන්නේ කොහොමද? මේ සඳහා වටිනා උපදෙස් කිහිපයක් මෙහි සඳහන් වෙනවා.

13. මුහුණේ පැහැය වර්ධනය කරගැනීම 

chamomile තේ පානය කිරීමෙන් මුහුණේ සමට නිරෝගී පෙනුමක් ලබාගන්න පුළුවන්. ෆාමසි chamomile මේස හැන්දක් උණුසුම් ජලයට දමා පැසෙන තෙක් විනාඩි 30ක් උණු වතුර බෝතලයක තබන්න. තේ කොළ ටික පෙරා වෙන් කර පානය මදක් නිවෙන තෙක් තබන්න. අන්තිමට, මී පැණි තේ හැන්දක් මිශ්‍ර කරන්න. සති දෙකක් පුරාවට හැමදාම උදෑසන ආහාරයට කලින් මෙම තේ කොප්පයක් සකස් කරගෙන ටික ටික බොන්න.

12. දිගු ඝනකම් ඇස්පිහාටු ලබා ගැනීමට

ඇස්පිහාටු පෝෂණය කිරීමට වඩාත්ම සුදුසු ක්‍රමය නිවසේදීම සකස් කරන ලද තෙල් මිශ්‍රණයයි. ආමන්ඩ්, එඬරු, බර්ඩොක්  තල තෙල් සමාන ප්‍රමාණවලින් ගෙන විටමින් ඊ (ගබඩා ආයු කාලය වර්ධනය කරගැනීමට උදවු වෙනවා) එක්කරන්න. අමුද්‍රව්‍ය සියල්ල බඳුනකට දමා මිශ්‍ර කරන්න. වියළි ඇස්පිහාටු මත මිශ්‍රණය ආලේප කිරීමෙන් අනතුරුව එක රැයක් තබන්න. ප්‍රත්‍යක්ෂ  පුනර්වන ප්‍රතිඵලයක් ලබා ගැනීමට නම් මෙම සත්කාරය සති දෙකක්අඛණ්ඩව සිදු කල යුතුයි.

11. කැඩෙන සුළු සහ අග පැලුණු හිසකෙස් පිටු දකින්න

ඔයාගේ කෙස් කලඹට අප්‍රමාද උපකාරයක් අවැසි නම්, නිවසේදී ලෙහෙසියෙන්ම සකස් කරගත මාස්ක් එකක් පාවිච්චි කරන්න! බිත්තර කහ මදයක් සහ ස්වාභාවික, ආකල නොවන යෝගට් වීදුරු 1/2ක් භාජනයකට දමන්න. එයට එඬරු තෙල් මේස හැන්දක් එකතු කර ඉන්පසු පොල්තෙල් මේස හැන්දක් එක් කරන්න. අන්තිමට, ජොජෝබා හෝ අලිගැට පේර තෙල් මේස හැන්දක් යොදන්න. අමුද්‍රව්‍ය සියල්ලම හොඳට මිශ්‍ර කරන්න. මෙය සකස් කරගැනීමෙන් අනතුරුව, තෙත කොණ්ඩයේ  ගල්වා, පොලිඑතිලීන් තොප්පිය දමාගන්න. මාස්ක්  එක පැයක් විතර තියෙන්නට හරින්න. ඉන්පසු කොණ්ඩය හොඳින් සෝදා පිරිසිදු කරගන්න.

10. දෑත්වලට සාත්තු කරන්න

දෑත්වල සම මෘදු හා ඉතා සිනිඳු කරගැනීමට, හෑන්ඩ් ක්‍රීම් ටිකක් ගෙන එයට අනුරූප වන පරිදි විනාකිරි මිශ්‍ර කරන්න. මෙම ප්‍රතිඵලදායි සත්කාරය සති දෙකක් පුරාවට සෑම සන්ධ්‍යාවකම රාත්‍රී නින්දට පෙර ආලේප කරන්න.

09. මෘදු, බැබළෙන කෙස් කළඹක් ලබාගැනීමට 

කෙසෙල් ගෙඩියක පොතු ඉවත් කර බ්ලෙන්ඩරයට දමා, ඔලිව් ඔයිල් මේස හැන්දක් යොදන්න. අමුද්‍රව්‍ය බීට් කරගෙන, මී පැණි තේ හැඳි දෙකක් හා ආකල නොවන යෝගට් මේස හැන්දක් යොදන්න. කල්කයක් වගේ පේස්ට් එකක් ලැබෙන තෙක් හොඳින් බීට් කරගන්න. තෙත කොණ්ඩයේ සකස් කරගත් පේස්ට් එක ගල්වා, පොලිඑතිලීන් තොප්පිය දමාගන්න. විනාඩි 30 කට අනතුරුව, හිසකෙස් හොඳින් සෝදා මාස්ක් එක ඉවත් කරගන්න. සහතික වශයෙන්ම සිතා ගත නොහැකි සාර්ථක ප්‍රතිඵල ලැබේවි!

08. සමෙහි පොතු අයින් කරගන්න.

මුහුණේ සම මත ඇතිවන සියලුම ආකාරයේ උද්දීපන සඳහා හොඳම විසදුම කෝමාරිකා යුෂ ලෝෂන් එකයි. මෙම ලෝෂන් එක සකස් කරගන්නේ මෙහෙමයි. කෝමාරිකා යුෂ ග්‍රෑම් 100 (අවුන්ස 3.5) ලබාගන්න. උතුරන ලද ජලය මේස හැඳි තුනක් යොදා  මධ්‍යසාර මේස හැඳි තුනක් යොදන්න. හොඳින් මිශ්‍ර කරන්න. හැමදාම මෙම මිශ්‍රණය ඔයාගේ මුහුණේ සහ බෙල්ලේ ආලේප කරගන්න. විනාඩි 10ක් තියෙන්නට හැර සෝදා හරින්න. අවසාන වශයෙන් සම උද්දීපනය (ස්කින් ඉරිටේෂන්) සඳහා භාවිතා කරන ක්‍රීම් එකක් ආලේප කරන්න.

07. සවිමත් සුදුවන් නියපෙළක් ලබා ගැනීමට 

ඔයාගේ නියපෙළට සෞඛ්‍ය සම්පන්න සහ ලස්සන පෙනුමක් ලබා දීමට ඔයාගේ ඇඟිලි ලෙමන් යුෂ වල දමාගෙන ඉන්න. ලෙමන් එකක් ගෙන දෙකට මැදින් කපා භාජනයකට දමාගෙන සිටිනවා මෙන් ඒවා තුලට ඇඟිලි දමාගෙන ඉන්න. වඩා හොඳ  ප්‍රතිඵල අත්විඳීමට ලෙමන් යුෂ තුල මිනිත්තු 15 ක් පොඟවන්න.

06. බ්ලැක් හෙඩ්ස් වලින් නිදහස් වෙන්න.

මෙහිදී සකස් කරගන්නා “DIY බ්ලැක්හෙඩ් ඉවත් කරන මාස්ක්” එක ගොඩක් ඉක්මණින් ඔයාගේ සමේ තියෙන බ්ලැක්හෙඩ්ස් අයින් කර දමනවා. මාස්ක් එක සකස් කිරීමට සක්‍රිය කළ අඟුරු ටිකක් සමඟ විෂ රහිත “පාසල්” වර්ගයේ මැලියම් භාජනයකට දමා මිශ්‍ර කරන්න. මෙය නාසය, කම්මුල් හා සමෙහි සිදුරු අවහිර වී තිබෙන ස්ථානවල ආලේප කරගන්න. මාස්ක් එක වියලෙන තෙක් තබන්න. මාස්ක් එක සෝදා ඉවත් කිරීමෙන් අනතුරුව, සමෙහි සිදුරු සියල්ලම වැසෙන පරිදි ටෝන් කරගන්න.

05. ඉරිතැළුණු තොල් සඳහා ප්‍රතිකාරය 

කැරට් යුෂ සහ sour ක්‍රීම් සමාන ප්‍රමාණවලින් ගෙන මිශ්‍ර කරගන්න. තොල්වල මෙය ආලේප කිරීමෙන් අනතුරුව මිනිත්තු හතක් තියෙන්නට හරින්න. ඉන්පසු සෝදා හරින්න.

04. සුදුවන් දත් දෙපළක් ලබාගන්න

සක්‍රිය කළ අඟුරු කැබලි ටිකක් කුඩු කරගන්න. එම කුඩු භාවිතා කර දත් මදින්න. උපදෙස: මේ ආකාරයට දත් මැදීමට වෙනම දත් බුරුසුවක් වෙන් කරගන්න!

03. ඇස් වටා ඇති අඳුරු පැල්ලම් ඉවත් කරගැනීම 

පැතලි, රවුම් කපු පුළුන් කැබලි දෙකක් සිසිල් කිරි වීදුරුවක පොඟවා, ඇස් යට තියාගන්න. මේ ක්‍රමය ඇත්තටම සාර්ථකයි!

02. හිසකෙස් සඳහා පරිපූර්ණ මෝස්තර භාවිතා කරන්න

ස්ථිතික විදුලිය, හිසකෙස් මෝස්‌තර දමන විට කරදරයක් වෙන්න පුළුවන්. එහි බලපෑම නැති කර ගැනීමට, ඛනිජ වතුර භාවිතා කර අත් සෝදන්න, ඊට පසු කොණ්ඩය මත පිස දමන්න!

01. සෞඛ්‍ය සම්පන්න බැබළෙන සමක් ලබාගන්න

සීනි සහ තක්කාලි සංයෝජනය කරගනිමින් අනර්ඝ ස්ක්‍රබ් එකක් පිළියෙළ කරගන්න පුළුවන්. එය භාවිතා කිරීමෙන් සමේ මැරුණු සෛල අයින් කර සෞඛ්‍ය සම්පන්න බැබළෙන සමක් ලබා දෙනවා. තක්කාලි ගෙඩියක් ගෙන පෙතිවලට කපා ඒවා  මත සීනි ටිකක් ඉසින්න. මෘදු ලෙස වෘත්තාකාර චලනවලින් සම මත අතුල්ලන්න. විනාඩි 10 ක් තියෙන්නට හැර ජලයෙන්  සෝදා පිරිසිදු කරගන්න. මේ ආකාරයට සතියකට 3-4 වරක් කරන්න.

Leave a Reply

Your email address will not be published.