මේකප් නොමැතිව ලස්සන පෙනුමක් ලබා ගැනීමට උපදෙස් 13 ක්

සෑම කාන්තාවක්ම තමන්ටම ආවේණික වූ සුන්දරත්වයකට හිමිකම් කියනවා. සැබෑ සුන්දරත්වය සදහා ටොන් ගණනක මේකප් අවශ්‍ය වන්නේ නෑ. මේ සදහා ඔබට කල යුතු එකම දේ වන්නේ ඔබේ එදිනනෙදා ජීවිතයට පොඩි මැජික් ට්‍රික් ටිකක් එකතු කිරීම පමණයි. ඉතින් අද අපිට සිතුනා ඔබව ස්වභාවිකවම සුන්දර කරන ටිප්ස් ටිකක් ඔයාලට අරගෙන එන්න ඕන කියල. සුන්දර වෙන්න බොහෝ කැමති කෙනෙක් නම් ඔබටත් මෙය බොහෝ වැදගත් වෙ‍යි. කියවලම බලන්නකෝ. 

13. මුහුණේ වර්ණය වැඩි දියුණු කරන්න

ඔබේ සුන්දරත්වයට බොහෝ බලපානවා ඔබේ මුහුණේ සම. චමමයිල් තේ භාවිතා කිරීම තුළින් ඔබට ඔබේ මුහුණේ සම වඩාත් සෞඛ්‍ය සම්පන්න තබා ගැනීමට හැකියාවක් තිබෙනවා. ඔබට මෙම චැමමයිල් තේ ෆාමසි වලින් ලබා ගැනීමට හැකියාවක් තිබෙනවා. ඔබ කල යුත්තේ මෙම තේ මේස හැන්දක් ගෙන උණු වතුර වීදුරුවක් එක් කර විනාඩි 30 ක් පමණ තැබීමයි. පසුව මෙය සිසිල් වීමට ඉඩ දෙන්නේ. මී පැණි තේ හැන්දක් අවසාන වශයෙන් එක් කර ගැනීම සිදු කරන්න. මෙය ඔබ සති දෙකක් පුරාවට උදේ ආහාරයට පෙර ගැනීම සිදු කරන්න. 

12. ඇහිබැම දිගු හා ඝනකමෙන් යුක්තව තියාගන්න. 

ගෙදර හැදූ තෙල් මිශ්‍රණයක් භාවිතා කරමින් ඔබේ ඇහිබැම පෝෂණය කර ගැනීම ඔබට කල හැකී. කාස්ට් රු, ආමන්ඩ්, තල සහ බර්ඩොක් තෙල් සමාන ප්‍රමාණයක් ගෙන විටමින් ඊ එකතු කර ඔබට මෙම මිශ්‍රනය සාදා ගත හැකී. මේ සියල්ල භාජනයකට දමා ගෙන මිශ්‍ර කිරීම සිදු කරන්න. මිශ්‍රනය සූදානම් වූ පසු ඔබේ වියළි ඇහි බැමට මෙය ආලේප කර එක් රැයක් තබන්න. සති දෙකක් මෙය නිරන්තරයෙන් සිදු කරන්න මේ තුළින් ඔබට හොදම ප්‍රතිඵල ලබා ගත හැකි වේවි. 

11. බිඳෙනසුලු හිසකෙස් හා අගපැලී ඇති හිසකෙස් ඉවත් කරන්න. 

ඔබට ගෙදර හැදූ හිස්කෙස් ආවරණයක් භාවිතා කිරීමට හැකියාව පවතිනවා ඔබේ කොණ්ඩයට ක්ෂණික උපකාර අවශ්‍ය වූ විටකදී. ඔබට මෙම හිසකෙස් ආවරණය සාදා ගැනීම සදහා බිත්තර කහ මදය, යෝගට් වීදුරු භාගයක්, සුදුළූණු, කාස්ට් රූ තෙල් මේස හැන්දක් අවශ්‍ය වෙනවා. මේ සියල්ලටම පසුව ඔබට මීට පොල් තෙල් මේස හැන්දක් එක් කර ගැනීම සිදු කර ගත යුතුයි. තව ඉවර නෑ. ඔබට තව මේකට එක් කර ගත යුතුයි අලිගැට පේර හෝ ජොජෝබා තෙල් මේස හැන්දක් බැගින්. අවසානෙයේ මේ සියල්ල එක් කර හොදින් මිශ්‍ර කර ගැනීම සිදු කරන්න. එය ඔබේ තෙත් හිසකෙස් මත ආලේප කිරීම සිදු කරන්න. පසුව පොලිතීන් තොප්පියක් පැළද මෙය ඔබේ හිසකෙස් වල පැයක පමණ කාලයක් තැබීම සිදු කරන්න. අවසාන වශයෙන් ඔබේ හිසකෙස් හොදින් සෝදා ගන්න. 

10. ඔබේ දෑත් Nourish කර ගන්න. 

ඔබේ දෑත් වලට යොදන ක්‍රීම් ස්වල්පයක් ගෙන විනාකිරි ඊට අනුරූපව මිශ්‍ර කිරීම සිදු කරන්න. පසුව මෙය ඔබේ දෑත් වල ආලේප කරන්න. ඔබේ අත්වල සම මෘදු කර ගැනීමට මෙය ඔබට බොහෝ  සහාය වේවි. හොදම ප්‍රතිඵල ලබා ගැනීම සදහා සෑම දිනකම සවස නින්දට පෙර සති දෙකක් මෙය ආලේප කිරීම සිදු කරන්න. 

09. ඔබේ හිසකෙස් වලට සිනිඳු හා දිලිසෙන පෙනුමක් ඇති කරන්න

ඔබට මේ සදහා කෙසෙල් වගේම ඔලිව් තෙල් අවශ්‍ය වෙනවා. ඔබ මේ සදහා කල යුත්තේ කෙසෙල් එකක් ගෙන බ්ලෙන්ඩර් කර ගැනීමයි. පසුව මීට ඔලිව් තෙල් මේස හැන්දක් එක් කරන්න. මේ විතරක් නෙමේ සුදුළූණු, මි පැණි තේ හැදි 2ක්, යෝගට් මේස හැන්දක් මීට එක් කර ගන්න. පසුව මෙය හොදින් බීට් කර ගැනීම සිදු කරන්න. ඔබ මෙය බීට් කර ගත යුතුයි ඔබට පල්ප් එකක් වැනි මිශ්‍රනයක් ලැබෙන තුරුම. පසුව මෙය ඔබේ තෙත් හිසකෙස් වල ආලේප කර ගැනීම සිදු කරන්න. පොලිතින් තොප්පියකින් ආවරණය කර ගෙන පැය බාගයක් පමණ සිටින්න. ඔබටත් විශ්මිත ප්‍රතිඵල ලබා ගත හැකි වේවි. 

08. ඔබේ පීලින් සම ඉවත් කරන්න. 

සියළුම ආකාරයේ මුහුණේ සමේ ඇතිවන කැක්කුම් සදහා ප්‍රතිකාරයක් ලෙස කෝමාරිකා ජෙල් හදුන්වන්න පුළුවන්. ඔබට කෝමාරිකා යුශ සකස් කර ගැනීමට අවශ්‍ය නම් මේ සදහා ඔබට කෝමාරිකා ග්‍රෑම් 100ක් පමණ අවශ්‍ය වෙනවා. ඔබ කල යුත්තේ මේ කෝමාරිකා තම්බා වතුර මේස හැදි 3ක් හා මධ්‍යසාර මේස හැඳි තුනක් එක් කර තරයේ බීට් කර ගැනීමයි. පසුව මෙය ඔබට ඔබේ මුහුණේ සහ බෙල්ලේ ආලේප කර ගත හැකී. එය මිනිත්තු 10ක් පමණ තබා සෝදා හරින්න. 

07. නියපොතු ශක්තිමත් කර සුදු කරන්න

ලෙමන් යුෂ වලින් ඔබේ ඇඟිලි සේදීම තුළින් ඔබේ නියපොතු වලට නිරෝගී හා ලස්සන පෙනුමක් ලබා ගැනීමට හැකියාවක් තිබෙනවා. ඔබ කල යුත්තේ ලෙමන් ගෙඩිය දෙකට කපා ඔබේ ඇඟිලි තුඩු ගැසීමට හැකි පරිදි මෙය සෑදීමයි. ඔබේ නියපොතු විනාඩි 15ක් පමණ මෙසේ තබා ලෙමන් යුශ වල ගිල්වා ගෙන සිටීමෙන් ඔබට හොද ප්‍රතිඵල අත්කර ගත හැකිය. 

06. බ්ලැක් හෙඩ්ස් ඉවත් කරන්න

බ්ලැක් හෙඩ්ස් ඉවත් කිරීමට උපකාරී වන දෙයක් තමා පීල් ඔෆ් මාස්ක් කියල කියන්නේ. ඔබට මේ සදහා ගෙදරීදීම මුහුණු ආවරණයක් සකසා ගැනීමට හැකියාව තිබෙනවා. ඔබට මීට අවශ්‍ය වෙන්නේ විෂ සහිත නොවන මැලියම් සමග activated charcoal ස්වල්පයක්. ඔබේ නාසය, කම්මුල් සහ සිදුරු අවහිර කර ඇති වෙනත් ප්‍රදේශවලට මේවා යෙදීම සිදු කරන්න. වෙස්මුහුණ වියළී යන තුරු තබා ඉවත්  කරන්න. පසුව ඔබේ මුහුණ ටෝන් කරන්න. 

05. තැළුණු තොල් සමඟ කටයුතු කරන්න

sour cream සහ කැරට් යුෂ සමාන ප්‍රමාණ වලින් ගෙන මිශ්‍ර කරන්න. මෙම මිශ්‍රනය ඔබේ තොල් වල ආලේප කර විනාඩි 7ක් පමණ තබා සෝදා ඉවත් කරන්න. 

04. ඔබේ දත් සුදු කරන්න

activated charcoal tablets ( අගුරු ) කිහිපයක් ගෙන පොඩි කර ගන්න.  ඔබට මේවා යොදාගෙන ඔබේ දත් මැදීම සිදු කර ගත හැකී.  හැබැයි ඔබ මේ සදහා වෙනත් බුරුසුවක් මිලදී ගැනීමට අමතක කරන්න එපා. 

03. ඔබේ ඇස් යට අඳුරු කව ඉවත් කරන්න

වටකුරු කපු පුළුන් දෙකක් සීතල කිරි වීදුරුවක පොගවා ගන්න. මේවා ඔබේ ඇස් යට තබා වෙනස හදුනාගන්න. මෙය ඇත්තෙන්ම ඔබට ඵලදායි ක්‍රමයකි. 

02. පරිපූර්ණ කොණ්ඩා මෝස්තරයක් සාදන්න

ස්ථිතික විදුලිය ඔබට කරදරයක් විය හැකී ඔබ කොණ්ඩ මෝස්තර සිදු කරන විට. ඛනිජ ජලයෙහි ඔබේ දෑත් සෝදා ඔබේ හිසකෙස් වල ඒවා පිසදමන්න. මෙයින් ඔබට මෙම කරදරයෙන් මිදීමට හැකියාවක් ඇත. .

01. දීප්තිමත් හා නිරෝගී සමක් ලබා ගන්න

සීනි සහ තක්කාලි යොදාගෙන ඔබට විස්මිත ෆේෂල් ස්ක්‍රබ් එකක් සාදා ගත හැකී. ඔබේ මියගිය සම ඉවත් කර ඔබේ සමට දීප්තියක් ලබා දීමට මින් හැකියාවක් තිබෙනවා. ඔබ කල යුත්තේ තක්කාලි ගෙන පෙති වලට කපා ගෙන මීට සීනි ඉසීමයි. පසුව මෙය යොදාගෙන කුඩා රවුම් චලිතයකින් ඔබේ සම මෘදු ලෙස අතුල්ලන්න. මෙය මිනිත්තු 10ක් පමණ තබා ඉවත් කරන්න. මෙය සතියකට 3-4 වතාවක් නැවත නැවත කිරීම තුළින් හොද ප්‍රතිඵල ලබා ගත හැකිය. 

Leave a Reply

Your email address will not be published.