මේකප් භාවිතා නොකර ලස්සන වීමට ක්‍රම 10 ක්

‌කාන්තාවන් ගොඩාක් වේලා ගත කරනවා ඔබ දැක ඇති කොහෙ හරි යන්න සූදානම් වෙද්දී. මීට හේතුව තමා ඔවුන්ගේ මේකප් එක දාගන්න ටිකක් කල් වෙලා ගත වීම. සමහර කාන්තාවන් ඉන්නවා මොවුන් පොඩි ගමනක් ගියත් ඔවුගේ මේකප් එක නම් අමතක කරන්නේ නෑ. මේක සමහර වෙලාවල් වලදී ඔවුන්ට ඇත්තෙන්ම වදයක් වෙන අවස්ථාත් නැතුවම නෙමේ. ඔබට මේකප් නැතුවම මේකප් කලා වගේ ලස්සන පෙනුමක් තිබෙනවා නම් කොච්චර දෙයක් ද ? ඔන්න අද අපි ඔබට කියන්න යන්නේ මේකප් කරන් නැතුවම මේකප් කලා වගේ ලස්සන පෙනුමක් ලබා ගන්න පුලුවන් අපූරු විදි කිහිපයක් ගැන. මේ ලිපිය කියෙව්වාට පස්සේ ඔයාට නම් ආපහු මේකප් ඕන වෙන එකක් නෑ වගේම මේකප් නැතුව උනත් එළියට යන්න පුළුවන් විශ්වාසයක් ඔබට ඇති වේවි. කියවලම බලන්නකෝ.

01. ඔබේ ඇහිබැමට පරිපූර්ණ පෙනුමක් ලබා ගන්න.

‌මේකප් දාන් නැති මුහුණක කැපිල පේන දෙයක් තමා ඇහිබැම කියල කියන්නේ. ඔබේ ඇහිබැම සකක් කිරීම බොහෝ වැදගත් වෙනවා ඔබේ මුහුණේ හැඩය සදහා. ඔබට අවශ්‍ය නම් ඔබේ ඇහිබැම ටින්ට් කිරීම හෝ ඩයි ( හෙනා ) ආලේප කිරීම සිදු කරන්න පුළුවන්. නමුත් ඔබ මෙහිදී බොහෝ සැලකිලිමත් විය යුතුයි ඔබ තොරාගන්නා වර්ණය පිළිබද. ඔබ තෝරා ගන්න වර්ණය ඔබේ හිසකෙස් වර්ණයට බොහෝ සමාන විය යුතුයි. ඒ වගේම ඔබට ඝන ඇහිබැමක් අවශ්‍ය නම් දිනපතා ඔබේ ඇහි බැම සඳහා castor oil සහ විටමින් ඒ භාවිතා කරන්න පුළුවන්. සතියකට පමණ පසු ඔබට සැබෑ වෙනසක් අත්විදීමට හැකි වේවි.

02. ඔබේ ඇස් උද්දීපනය කරන්න

ඔබේ පෙනුම තවත් වැඩි කර ගැනීමට ඔබට පුළුවන් ඔබේ ඇස්පිහාටු අයිලෑෂ් කර්ලර් එකකින් කර්ල් කර ගත්තොත් එහෙම. ඊට පස්සේ ඔබ අමතක නොකරම තවත් දෙයක් කරන්න ඕන ඒ තමා විනිවිද පෙනෙන ජෙල් ඔබේ ඇස් පිහාටු වලට යෙදීම. තවත් ඔබට ඔබේ ඇස් ලස්සන කර ගැනීමට අවශ්‍ය නම් eyelash extensions භාවිතා කරන්න හැකියාව පවතිනවා.

‌ඔබේ ඇස් යට ඔබේ මුහුණ අවලස්සන කරන අදුරු කව පිහිටල තිබෙනවාද ? එසේනම් ඔබ වහාම ඔබේ ආහාර වේල පිළිබදව අවධානය යොමු කල යුතු වෙනවා. යකඩ හෝ බී විටමින් වල ඌනතාවයන් නිසා ඔබට මෙවැනි තත්ත්ව ඇති වෙන්න පුළුවන්. ඔබට අයි ක්‍රීම් තොරා ගැනීමේදී රෙටිනෝල් අන්තර්ගත අයි ක්‍රීම් භාවිතා කිරීම සිදු කරන්න. මින්ට් සමග හරිත තේද ඔබට මේ සදහා ගුණදායී වේවි.

03. ඔබේ දත් සුදු කරන්න

දීප්තීමත් සිනහවක් ඔබට කෙතරම් වැදගත් වෙනවාද කියල ඔබට එතරම් හැගීමක් නොමැතිව ඇති. ඒත් ඔබේ පෙනුම බොහෝ වැඩි කරන්න සමත් වෙනවා මේ දීප්තිමත් හිනාව. ඔබ වයින් එසේත් නොමැති නම් කෝපි පානය කල විට සුදු කිරීමේ දන්තාලේප භාවිතා කිරීම අනිවාර්‍යයෙන් සිදු කරන්න. නමුත් මෙම දන්තා ලේප තරමක් කටුක නිසා මේවාත් අධික ලෙස භාවිතා කිරීම සිදු කරන්න එපා. සමහර පුද්ගලයින්ගේ දත් ස්වභාවිකවම අළු හෝ කහ පැහැයක් ගන්නවා ඔබ දැක ඇති එවිට නම් ඔබ වෘත්තීය වශයෙන් මේවා සුදු කර ගැනීම සිදු කල යුතුයි.

04. ඔබේ තොල් ගැන අමතක නොකරන්න

ඔබ සිතන්නේ ඔබ සිදු කරන හැම ප්‍රතිකාරයක්ම සිදු කල යුත්තේ ඔබේ මුහුණට පමණක් කියලද. එසේ සිතනවා නම් ඔබ ඉන්නේ හරිම ගැටලුවක තමා. ඔබ සිදු කරන හැම ප්‍රතිකාරයක්ම ඔබේ තොල් වලටත් සිදු කරන්න අමතක කරන්න එපා. සැමවිටම ඔබ ලිප් බාම් භාවිතා කරන්න අමතක කරන්න එපා ඒ වගේම ඔබට ඇතැම් අවස්ථාවල ලිප් බාම් වෙනුවට ඔලිව් ඔයිල් හෝ ස්වභාවික තෙල් වර්ගයක් භාවිතා කරන්න හැකියාව තිබෙනවා. සතියකට වරක් ඔබේ තොල් මෘදු දත් බුරුසුවකින් හෝ ඇඟිලි තුඩකින් සම්බාහනය කරන්නත් අමතක කරන්න එපා.

05. ඔබේ හිසකෙස් ගැන සැලකිලිමත් වන්න

ඔබේ හිසකෙස් කියල කියන්නෙත් මේකප් එකක් නැති මුහුණකට බොහෝ වැදගත් වෙන දෙයක්. ඔබේ ස්වභාවික පෙනුම රැක ගැනීම සදහා ඔබ ඔබේ හිසකෙස් වලට යොදන විලාසිතා ගැන වගේම ඔබේ හිසකෙස් වලට යොදන වර්ණ‍ය ගැනත් බොහෝ සැලකිලිමත් විය යුතුයි. ඔබේ හිසකෙස් නිසි පරිදි කප්පාදු කිරීමටත් අමතක කරන්න එපා. ඔබේ හිසකෙස් වලට දීප්තියක් එක් කිරීමට වගේම හිසේ කැක්කුම, වියළි බව සහ වෙනත් ගැටළු වලට එරෙහිව සටන් කිරීමටත් සහාය වෙන දෙයක් තමා මේ පොල්තෙල් කියල කියන්නේ. මේ නිසා පොල්තෙල් භාවිතා කිරීමත් ඔබ නිතරම සිදු කරන්න අමතක කරන්න එපා.

06. හිරු ආවරණ භාවිතා කරන්න

නොමේරූ රැළි සහ වයස්ගත වීමේ වෙනත් අප්‍රසන්න දෑ වර්ධනය කර වීම සිදු වෙනවා පාරජම්බුල කිරණ මගින්. එය සමේ පිළිකා ඇතිවීමට ද හේතු විය හැකි අතර සැහැල්ලු සමක් ඇති පුද්ගලයින්ට වැඩිපුරම බලපෑම් නිසා එස්පීඑෆ් සහිත නිෂ්පාදන ගිම්හාන කාලයේදී පමණක් නොවේ අවුරුද්ද පුරාම භාවිතා කිරීම සිදු කරන්න.

07. ඔබේ සම කෙරෙහි අවධානය යොමු කරන්න

අප දිනකට දෙවරකට වඩා අපගේ මුහුණ සෝදා නොගත යුතු බව තමා සම පිළිබද විද්‍යාඥඥියින් පවසන්නේ. උදෑසන ඔබට පිරිසිදු කිරි, දියර හෝ අයිස් කැට භාවිතා කර මුහුණ පිරිසිදු කර ගත හැකි අතර රාත්‍රී කාලයේදී පමණක් ඔබේ මුහුණ සේදීම සිදු කරන්න. ඔබේ සම ඕනෑවට වඩා ඇතිල්ලීම සිදු කිරීමත් ඔබේ සමට හොද නැත. ඔබේ සම ඉතා සංවේදී නොවේ නම්, විවිධ මුහුණු ආවරණ භාවිතා කිරීමට ඔබට හැකිය.

08. ප්‍රමාණවත් නින්දක් ලබා ගන්න

අවම වශයෙන් පැය 7-9 ක් වත් නිසි නින්දක් පුද්ගලයෙකුට අත්‍යවශ්‍යය වේ. ඔබේ සම පරිපූර්ණ තත්ත්වයේ තබා ගැනීමට මෙය බොහෝ වැදගත් ය. මධ්‍යම රාත්‍රියෙන් පසු ශරීරය ප්‍රධාන “රූපලාවණ්‍ය හෝමෝන” නිපදවීමට ආරම්භ වන නිසා රාත්‍රී 11 වන විට නින්දට යාම සිදු කරන්න.නොමේරූ රැළි පෙනුම අඩු කිරීම සඳහා මෙය ඔබට බොහෝ වැදගත් වේ.

09. ඔබේ ආහාර වේල පිළිබද සැලකිලිමත් වන්න.

අධ්‍යයනවලින් සනාථ වී ඇති පරිදි අපගේ සමේ තත්වය සහ අප ගන්නා ආහාර අතර සම්බන්ධතාවයක් ඇත. තෙල් සහිත සමුද්‍ර මාළු, එළවළු තෙල්, බීජ සහ ඇට වර්ග වඩාත් වැදගත් ආහාර ලෙස හැදින්විය හැකිය. මේද අම්ල, විටමින් ඊ සහ කැරොටින් මෙහි අන්තර්ගත වේ. සෞඛ්‍ය සම්පන්න මයික්‍රොෆ්ලෝරා අන්තර්ගත වන නිසා කිරි නිෂ්පාදනද ඔබේ මෙනුවට ඇතුළත් කර ගන්න.

‌10. ඔබේම වර්ණය සොයා ගන්න

ඔබේ සමේ පෙනුමට උචිත වර්ණ සහිත ඇදුම් ඔබ සැමවිටම භාවිතා කරන්න. ඔබේ සමේ අඩුපාඩු සැඟවීමට සහ ඔබේ පෙනුම වඩාත් ප්‍රකාශිත කිරීමටත් මෙය ඔබට බොහෝ සහාය වේවි. අධික අඳුරු සහ සීතල පාට ඇදුම් භාවිතා කිරීම සිදු නොකරන්න. සුදු වර්ණයද සැම විටම සුදුසු නැත. පිරිසිදු දීප්තිමත් වර්ණ සැම විටම තෝරා ගන්න. නිල්, ටර්කියුයිස්, මරකත, පීච් වැනි වර්ණ ඔබව තවත් සුන්දර කරාවි.

Leave a Reply

Your email address will not be published.