මේ ගුණාංග 10 ඔබටත් ඇතිනම් ඔබත් පරිණත කෙනෙක්

වැඩිහිටි වියට පැමිණීම හෝ නීත්‍යානුකූල වයසට පැමිණීම මගින් ඔයාව ඉබේම පරිණත පුද්ගලයෙක් කරන්නෙ නෑ. සමහර පුද්ගලයන් ශාරීරිකව නැතත්, චිත්තවේගීයව වර්ධනය වෙනවා. එයාලට වැඩිහිටියන් වෙන්න තව ගොඩකාලයක් තියෙන්න පුලුවන්.

ඉතින් අද අපි ඔයාට කියන්නෙ පරිණත පුද්ගලයෙක්ව පහසුවෙන් හඳුනාගත හැකි වැදගත් ලක්ෂණ 10 ක් ගැනයි.

01. තමන්ගේ හැඟීම් පාලනය කර ගැනීම

වෙනත් කෙනෙකු කරන දෙයක් නිසා ලේසියෙන්ම තරහ ගන්නවා වෙනුවට, පරිණත පුද්ගලයෙක් තමන්ගේ හැඟීම් පාලනය කරගන්න උත්සාහ කරනවා. පරිණත වීම කියන්නෙ තමන් තමන්ගේම හැඟීම්වලින් යටපත් වී විනාශකාරී ලෙස ප්‍රතික්‍රියා කිරීමට තියන ඉඩකඩ අඩු බවයි.

02. තමන් සහ තමන් කරන වැඩ සඳහා වගකීම භාර ගැනීම

මිනිසුන් හැම දිනකම තේරීම් කරන අතර එම තේරීම්වලට ප්‍රතිවිපාකත් ලැබෙනවා. පරිණත කෙනෙක් තමන් කරන දේවල්වල වගකීම ගන්නවා. තමන් ක්‍රියාශීලීව තමන් ගැන, තමන්ගේ සතුට, සහ තමන්ගේ තේරීම් නිසා තමන්ට බාධා කරන දේවල් ගැන සැලකිලිමත් වෙනකොට ඒ කෙනා පරිණතයි කියලා අපි කියනවා.

03. තමන්ට තියන දේ ගැන ස්තුතිවන්ත වීම

පරිණත පුද්ගලයෙකුගේ තවත් ලක්ෂණයක් තමයි, තමන්ට නැති දේ ගැන පැමිණිලි කිරීම වෙනුවට, තියන දේ ගැන සතුටු වීම. හැම කෙනෙකුම වාසනාවන්ත නොවන බව පරිණත පුද්ගලයින් දන්නවා.

04. තමන්ට තමන් කවුද කියලා පිළිගන්න පුලුවන්.

විශේෂයෙන් ඔයා වෙනස් විය යුතු බව අනිත් අය ඔයාට කියනකොට, ඔයාටත් ඔයාව ඔයා විදිහට පිළිගන්න අපහසු වෙනවා. ඒත් ඔයා පරිණත වුණාම, ඔයා කවුද කියලා ඔයා තේරුම් ගන්නවා. එතකොට අනිත් අය ඉස්සරහ වෙනත් කෙනෙක් වගේ හැසිරෙන්නෙ නැතුව සැහැල්ලුවෙන් ඉන්න පුලුවන් වෙනවා.

05. තමන් හැමදේම නොදන්නා බව අවබෝධ කර ගැනීම

හැමදේම දන්න අය කවුරුත් නෑ. ඉතින් කෙනෙක් තමන් දන්නෙ නැති ගොඩක් දේවල් තියනවා කියලා පිළිගන්නවා නම් ඒ කෙනා පරිණතයි. ඔයා පරිණත නම්, ඔයා ඔයාගෙ ආඩම්බරකම පැත්තකින් තියලා ඔයාට වඩා වයසින් අඩු කෙනෙකුගෙන් වුණත් ඔයා නොදන්න දේවල් ඉගෙන ගන්න උත්සාහ කරනවා.

06. අන් අය ගැන දැනුවත් වීම සහ සැලකිල්ල දැක්වීම

අනුකම්පාව දැක්වීමත් පරිණත වීමේ කොටසක්. එතකොට ඔයා හැම විටම ඔයා කැමති දේවල්වලට මුල් තැන දීම වෙනුවට වෙනත් පුද්ගලයන් ගැනත් හිතන්න පටන් ගන්නවා. ඔයාගෙ ආශාවන් පසුපස හඹා යන්න කලින් අන් අය වෙනුවෙන් කැපකිරීම් කරන්න වෙනවා. වෙනත් පුද්ගලයින් සාර්ථක වුණාම, එයාලට ඉරිසියා නොකර සතුටු වෙන්න පුලුවන් වෙනවා.

07. නිහතමානී වීම

ඔයා පරිණත පුද්ගලයෙක් නම්, මොන දේ වුණත් ඔයා මිනිසුන්ට සාධාරණව සහ ගෞරවාන්විතව සලකනවා. ඒ වගේම අනිත් අයට වඩා උසස් වෙන්න ඕන කියලා ඔයාට හිතෙන්නෙත් නෑ.

08. නම්‍යශීලී බව පෙන්වීම

දේවල් හැම විටම අපි සැලසුම් කරපු විදිහටම සිදුවෙන්නෙ නෑ. එතකොට ඒ දේවල්වලට මුරණ්ඩු වීම, දෘඪ වීම සහ ඇඟිලි දිගු කිරීම වගේ ප්‍රතිචාර දක්වන්නෙ පරිණත නැති අයයි.

09. විවෘත මනසකින් යුක්ත වීම සහ විනිශ්චය නොකිරීම

අලුත් දැක්මකින් දේවල් දිහා බැලීමට පරිණත පුද්ගලයින් උත්සාහ කරනවා. තමන්ට වඩා වෙනස් පුද්ගලයින් ලේබල් කිරීම වෙනුවට, එයාලා එන්නෙ කොතනින්ද කියලා බලලා තමන් සහ ඔවුන් අතර තියන ඔඅරතරය පියවගන්න පරිණත පුද්ගලයින් නිතරම උත්සාහ කරනවා.

10. වර්ධනය වීමට සහ වැඩිදියුණු කිරීමට සැම විටම ඉඩ ඇති බව දැන සිටීම

පරිණත වීම කියන එකෙන් අදහස් වෙන්නෙ ඔයා කිසිවිටෙක තෘප්තිමත් නොවනු ඇති අතර දැනටමත් පරිපූර්ණ හෝ වැඩීමට තරම් වයසින් වැඩි බව සිතීමයි. වැඩිදියුණු කිරීම සඳහා සැමවිටම ඉඩ ඇති බව ඔයා විශ්වාස කරනවා. ජීවිතය කියන්නෙ ඉගෙනීම වන අතර ඔයාට දැන් ඉන්නවට වඩා හොඳ කෙනෙක් වෙන්න හැමවිටම උත්සාහ කරන්න පුලුවන්.

Leave a Reply

Your email address will not be published.