මේ ලක්ෂණ 8 ඔබට පහළ වී ඇත්නම් ඔබ විවේකයක් ගත යුතුයි

අපෙන් බොහොම දෙනෙක් සදුදට වැඩට ගොස් සිතන්නේ ඉක්මනටම සිකුරාදා දිනය ඇවිත් සෙනසුරාදා ඉරිදා නිවාඩුව ගත කිරීම ගැනයි. වැඩ කිරීම මානසිකව ආතතියක් වුවත් ඔබ අනිවාර්යයෙන් වැඩ නතර කර විවේකයක් ගත යුතු බව ඔබේ ශරීරයෙන් ඔබට පවසන ලක්ෂණ තිබේ. යුවතිය අපි කියන්න යන්නෙ එවැනි ලක්ෂණ 8 ක් ගැනයි.

01. හිසරදය

ඔබේ හිසට අපහසුතාවයක් ඇතිවී එයට විවේකයක් අවශ්‍ය වූ විට එය ඔබේ ශරීරයට සංඥා නිකුත් කරන අතර එ‍ය හිසේ, බෙල්ලේ සහ ඇස්වල දරුණු වේදනාවක් ලෙස ඇති කරයි. එපමණක් නොව අධික ආතතියක්, ඉරුවාරදය ඇති කිරීමටත් හේතුවක් විය හැකිය.

02. ආහාර දිරවීමේ ගැටළු

ඔබේ මොලය දීර්ඝ වෙලාවක් එක දිගටම ක්‍රියාකරන විට ඔබේ ආහාර ජීර්ණ පද්දතිය පීඩා විදිති. ඇත්ත වශයෙන්ම එය එක්තරා විදිහක කම්පනයකට භාජනය වන අතර මෙම තත්වයේ දී වැඩියෙන්ම විය හැකි ප්‍රතිවිපාකය වන්නේ බඩේ විවිධ ප්‍රදේශවල ඇති වන මල ආබාධ සහ කැක්කුම සමග ඇති වන කෝපාවිෂ්ට බඩවැල් සින්ඩ්‍රෝමයයි.

03. නිතරම සෙම්ප්‍රතිශ්‍යාව ඇති විම.

මානසික ආතතිය නිසා ඔබේ හෘද ස්පන්දන වේගය වැඩි කර රුධිර සංසරණය වේගවත් කරයි. එම ක්‍රියාවලිය සහ රුධිර පීඩනය වැඩිවීම නිසා ප්‍රතිශක්තීකරණ ගැටලු ඇති කල හැකි අතර එම නිසා අපට සෙම්ප්‍රතිශ්‍යාව ඇති වේ.

04. නොගැලපෙන ශරීර බර.

ඔබේ සිරුරේ බර වේගවත්ව වැඩි වීමට බලපාන හේතුවක් තමයි ආතතිය කියන්නෙ මෙය වැඩ කරන්නේ කෝටිසෝල් හෝමෝන වැඩිවීම නිසා ඔබට ලග ඇති ඇස් වලට දකින ඕනෑම දෙයක් ආහාරයට ගැනීමට අවශ්‍ය වේ. ඉතින් ඔබට ආතතිය ඇති වෙනව කියන්නෙ ඔබේ බරත් වැඩි වෙනව කියන එක තමයි.

05. බඩේ අමාරුව

ඔබට මානසික ආතතිය ඇති වූ විට ඔබේ ආහාර ජීර්ණ පද්ධතිය පීඩා විදින බව අපි දැනටමත් ඉහතදී කතා කර ඇති අතර මෙය නිසා ඔබට බඩේ අමාරුව ඇති වේ.

06. තෙහෙට්ටුව

ඔබට තෙහෙට්ටු ගතියක් දැනෙනවානම්, ඉදගෙන ඉදල නැගිටීමේදී අමාරු නම් හෝ නිතරම නිදි කිරා වැටෙනවානම් ඒවාට හේතුව ඔබ අධික ලෙස මහන්සි වී වැඩ කිරීම බව අමතක කරන්න එපා.

07. පපුවේ වේදනාව

මානසික ආතතිය නිසා ඇති වන පපුවේ වේදනාව හෝ කැක්කුම බොහෝ විට හදවතත් සමග කිසිම සම්බන්ධයක් නැති අතර ඒවා සම්බන්ධ වන්නේ ස්නායු පද්දතිය සමගයි. ඔබේ පපුවේ වේදනාව නිතරම ඇති වනවා නම් පළමුවෙන් එය ඔබටම රිලැක්ස් කර ගැනීමට පුලුවන්ද කියා බලන්න. කොහොම වුවත් මානසික ආතතිය නිසා ඔබට පපුවේ අමාරුවක් වුවත් ඇති විය හැකි අතර ඔබට පපුවේ අමාරුවක් ඇති බව සිතෙනවානම් වහාම වෛද්‍යවරයා හමු විය යුතුය.

08. ලිංගික ක්‍රියාකාරකම් අඩුවීම.

ලිංගිකත්වය සදහා සියලුම රසායනික දෑ නිපදවීම මොළය විසින් සිදු කරන අතර මෙම ආතතිය වැනි තත්වයන් නිසා එයට ඇති ආසාව නැති වී යයි. ඔබ හෝ ඔබේ සහකරු මෙවැනි අවස්ථාවකට මුහුණ දී සිටිනවානම් හොද විවේකයක් ලබා ගැනීම මගින් ඔබට මෙම තත්වයෙන් මිදීමට හැකිය.

Leave a Reply

Your email address will not be published.