යොවුන් වියේදී ඔබ අනිවාර්යයෙන්ම දැන සිටිය යුතු දේවල් 11ක්

අපි හැමෝම නව යොවුන් විය පහු කරගෙන ආපු අය. ඉතින් ඒ කාලෙ අපිට තිබුණු ප්‍රශ්න නම් හරිම අමුතුයි. දැන් ඔයාට ඒ ගැන මතක් වෙද්දිත් හිනා යනවා ඇති. හැම දේටම බොලඳ විදිහට වැඩ කරපු හැටි ඔයාට මතකද? ඇත්තටම මේ දේවල් ඔයාට විතරක් තිබුණ ප්‍රශ්න නෙවෙයි. නව යොවුන් වයසෙදි ඕනම කෙනෙක් හැසිරෙන්නෙ මේ විදිහටයි. ඒක හරිම සාමාන්‍ය දෙයක්.

නව යොවුන් වියේදි, අපි කරන වැරදි දේවල් වලින් පාඩම් ඉගෙනගෙන ඒවා හදාගන්න එක ගොඩක් වැදගත් දෙයක්. ඉතින් අද අපි මේ ලිපියෙන් ඔයාට කියන්නෙ, තරුණයෙක් විදිහට ඔයා හිතන්න ඕන දේවල් 11ක් ගැනයි.

01. අසාර්ථක වීම ඔයාට සිදු විය හැකි හොඳම දේ වෙන්න පුලුවන්.

වැරදි කිරීම සහ අසාර්ථක වීම කියන්නෙ ලැජ්ජාවක් තමයි. හැබැයි හොඳම දේ තමයි, වටදින තැන්වලින් අපිට ගොඩක් දේවල් ඉගෙන ගන්න පුලුවන් වීම. අසාර්ථක වන වැඩිහිටියෙකුට වඩා උත්සාහ කරලා වරදින තරුණයෙක් වෙන එක හොඳයි.

වැඩිහිටියන් පවා ෆේල් වෙන අවස්ථා තියනවා. වැදගත්ම දේ තමයි ඔයාගෙ අසාර්ථකත්වයන්ගෙන් පුලුවන් තරම් පාඩම් ඉගෙන ගැනීම සහ ඒවා ඔයාගෙ ශක්තීන් බවට පරිවර්තනය කරන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න එක.

02. මුලින්ම ඔයා ගැන සැලකිලිමත් වෙන්න ඉගෙන ගන්න.

මේකට කියන්නෙ ආත්මාර්ථකාමී වීම කියලා නෙවෙයි. ඔයා ඔයා ගැන සැලකිලිමත් වන්නේ කොහොමද කියලා දන්නෙ නැත්නම් ඔයාට අනිත් අයට උදව් කිරීමට සහ රැකබලා ගැනීමටත් බෑ. සීමාවන් සැකසීමට, ඍණාත්මක බව ඉවත් කිරීමට, භාවනා කිරීමට, ඔයාගෙ ශක්ති මට්ටම් නැවත පිරවීමට, මිනිසුන් හඳුනාගැනීමට, සන්ස්ක්‍රීන් භාවිතා කිරීමට සහ ප්‍රමාණවත් තරම් ජලය පානය කිරීමට ඉගෙන ගන්න. නිරෝගීව, සතුටින් හා ආකර්ෂණීයව සිටීම මගින් විශ්වාසය ගොඩනැගීමට සහ මිනිසුන් ආකර්ෂණය කර ගැනීමට උපකාරී වෙනවා.

03. නියමයි කියලා හිතාගෙන ඉන්න ළමයින් එතරම් නියම නෑ.

ගොඩක් ජනප්‍රිය උසස් පාසල් පිරිමි ළමයින් හා ගැහැණු ළමයින් අපි හිතන තරම් නියම නෑ. එයාලගෙ හැසිරීම යාන්ත්‍රිකයි. එයාලත් ඔයා වගේන තරුණයෙක් වීම ගැන කලකිරීමෙන් ඉන්නෙ. ගැහැණු ළමයෙකුගේ උසස් පාසැල් අවධියේදී ඇගේ සුන්දරත්වය මල් පිපෙනවා නම්, ඒක ඇගේ 30 ගණන්වලදී වියැකී යාමට විශාල අවස්ථාවක් තියනවා.

04. උසස් පාසල සහ විද්‍යාලය කියන දෙකේ ලොකු වෙනසක් තියනවා කියලා හිතනවා

අධ්‍යාපනය අපි හැමෝටම ගොඩාක් වැදගත් දෙයක්. හැබැයි ඔයා හොඳින් තේරුම් ගන්න ඕන ඔයාට ඉස්සරහට කරන්න ඕන මොක්ක්ද කියලා. විද්‍යාඥයෙකු හෝ වෛද්‍යවරයෙකු වීමට අවශ්‍ය නම් මිසක් ඔයාට එම ආචාර්ය උපාධිය අවශ්‍ය නෑ. ඔයා කැමති දෙයක් සහ ඔයා දක්ෂ දෙයක් සඳහා ඔයාගෙ කාලය හා මුදල් වැය කරන්න උත්සාහ කරන්න. ඔයා ඒකෙන් අසමත් වුණත්, ඔයාට ජීවිතයේ කරන්න පුලුවන් දේවල් ගැන අධ්‍යයනය කරන එක නවත්වන්න එපා.

05. තවත් අය මුණගැහෙනවා.

සමහර විට ඔයා මේකෙන් දිනන්නත් පුලුවන්. ඒක සම්බන්ධයකින් හෝ මිත්‍රත්වයයෙන් අවසන් වුණත්, ඔයාගෙ ජීවිතය තාමත් එහෙමම පවතිනවා. කවදහරි ඔයා ඒක දිනනවා. එය හොඳින් අවසන් වුණේ නැතත්, ඔයාගෙ ජීවිතයේ කොටසක් වීම ගැන ඒ පුද්ගලයාට ස්තූතිවන්ත වෙන්න. මිනිස්සු අපේ ජීවිතයට යනවා එනවා. ඒ වගේම මිනිස්සු හරිම ඉක්මනින් වෙනස් වෙනවා. මේක තේරුම් අරන් ඔයාගෙ වැඩ කටයුතු කරගන්න උත්සාහ ගන්න.

ඔයාට හමුවන හැම පුද්ගලයෙක්ම ඔයාට යම් පාඩමක් කියලා දෙනවා. ඒ නිසා දාලා ගියපු අය ගැන හිතමින් කාලෙ නාස්ති කරන්නෙ නැතුව හොඳ කෙනෙක් මුණගැහෙනකම් ඔයාගෙ අරමුණුවලට යන්න.

06. වයසින් වැඩිවෙන එකෙන් ප්‍රශ්නවලට විසඳුම් ලැබෙන්නෙ නෑ.

ඔයා වයස 25 සහ 30 දිත් අවුරුදු 16 දී වගේම සමහර දේවල් ගැන නොදන්නවා වෙන්න පුලුවන්. ඒ නිසා ජීවිතය වෙනස් කරන වැදගත්ම තීරණ ගැන ඔයාව විශ්වාස කරන්න ඉගෙන ගන්න.

07. ඔයාගෙ ආකල්පය වෙනස් වෙනවා

වයසත් එක්ක ඔයා සමහර දේවල් ගැන දරපු ආකල්ප වෙනස් වෙනවා. දේශපාලනය, ආගම හෝ සංගීතය වගේ ඕනම දෙයක් වුණත්, වයස 16 දී ඔයාට තිබුණු සිතුවිලි තව අවුරුදු පහක් යනකොට වෙනස් වෙනවා. ඒකට හේතුව තමයි වයසත් එක්ක ඔයා දේවල් ඉගෙන ගැනීම, පරිණත වීම සහ වඩාත් නම්‍යශීලී වීම සහ විවිධ දෘෂ්ටි කෝණයන් පිළිගැනීමට සහ ඉවසීමට ඉගෙන ගැනීමයි.

08. අවස්ථා ලබාගන්න.

නව යොවුන් වියේදී, ඔයාට ඔයාගෙ නිදහස් කාලය ඔන්ලයින් ගේම් ගහමින් ගත කරන්න පුලුවන්. නැත්නම් ජීවිතය ඔයාට ලබා දෙන හැම අවස්ථාවක්ම භාවිතා කිරීමට ඔයාට මේ කාලය භාවිතා කරන්නත් පුලුවන්. ඔයාගෙ දෙමාපියන් එක්ක නිවාඩුවක් ගත කරනවාද? නියමයි! පිටරටක ගොවිපලක ස්වේච්ඡාවෙන් සේවය කරනවාද? ලතින් නැටුම් පන්තියක් වෙනුවට බොක්සිං පන්තියකට යන්න උත්සාහ කරනවාද? කියලා ඔයාම හිතන්න. මේවා මගින් ඔයාගෙ සීමාවන් පුළුල් කරන අතර ඔයාට ඊළඟට කිරීමට අවශ්‍ය දේ අවබෝධ කර ගැනීමට උදව් කරනවා.

09. හැම විටම අතුරුපසක් ගන්න.

“පරිපූර්ණ ශරීරයක්” කියලා දෙයක් නැති නිසා ඔයාගෙ ශරීරය කිසි විටෙකත් පරිපූර්ණ නොවන බව පිළිගන්න. හැබැයි, ඔයා ඇත්තටම ඔයාට ආදරය කරනවා නම්, ඔයාව සෞඛ්‍ය සම්පන්න ආහාර වලින් පෝෂණය කරන්න. ප්‍රමාණවත් තරම් ජලය පානය කරන්න. ප්‍රමාණවත් නින්දක් ලබා ගන්න. ඒකෙන් ඔයාට හොඳ පෙනුමක් ලබා ගන්න පුලුවන්. වැදගත්ම වෙන්නෙ ආත්ම විශ්වාසය. ඒ නිසා හැම විටම අතුරුපසක් ගන්නත් අමතක කරන්න එපා.

10. බඩේ සමනලුන් පියාඹන හැඟීම ආදරය නෙවෙයි.

ඇත්තටම මේක ඔයාගෙ හැඟීම් සහ හෝමෝන සම්බන්ධ දෙයක්. සැබෑ ආදරය කියන්නෙ වැඩිහිටියන් දෙදෙනෙකුගේ එදිනෙදා හිතාමතා තෝරා ගැනීම් ගැන දෙයක්. වැඩිහිටියන් කියන්නෙ වයස නොව තීරණ ගැනීමට සහ ඒවායේ වගකීම භාර ගැනීමට තිබෙන පුද්ගලික හැකියාවයි. එතන, ආදරය සහ රාගය ඇති අතර, යෞවනයෙකු ලෙස, එකිනෙකාගෙන් එකිනෙකා වෙන්කර හඳුනා ගැනීමට හැකිවීම ඉතා වැදගත් වෙනවා

11. දෙමාපියන් කියන්නෙත් ඔයාගෙ වයස පහුකරගෙන ආපු අයයි.

දෙමාපියන් ඔයාගෙ නරකම සතුරන් කියලා ඔයා හිතනවා නම්, එයාලත් ඔයාගෙ වයස පහුකරගෙන ආපු අය බව මතක් කර ගන්න. එයාලා දැන් දැඩි නම්, ඒකෙන් අදහස් කරන්නේ එයාලා නව යොවුන් වියේදී කළ මෝඩ දේවල් එයාලට මතක නිසා ඔයත් ඒකම කරයි කියලා එයාලා බයෙන් ඉන්නවා කියන එකයි. ඒ නිසා හැම ප්‍රශ්නයකටම රණ්ඩු වෙනවා වෙනුවට කතා කරලා ඒවට හේතු තේරුම් ගන්න උත්සාහ කරන එක වඩා තේරුමක් ඇති දෙයක්. ඒක අමාරු වැඩක් වෙන්න පුලුවන්, හැබැයි ඔයාට ගොඩක් වැදගත් දෙයක්.

Leave a Reply

Your email address will not be published.