රසායනික ද්‍රව්‍ය භාවිතයෙන් තොරව ඉස්හොරි නැවැත්වීමට ක්‍රම 10 ක්

වියළි සම නිසා හිස්සොරි ඇති වෙනවා කියලා අපි විශ්වාස කරනවනෙ. කොහොම වුණත් මේක මිථ්‍යාවක්. මොකද අධික තෙල් සහිත සම මත තමයි හිස්සොරි ඇති කරන්න හේතු වෙන්නෙ. සම මත ජීවත් වන යීස්ට්, සමේ තෙල් ඉවත් කරන ගමන් වර්ධනය වීමට පටන් ගන්නවා. ඔයත් මේ කරදරකාරී ගැටලුවට මූණ දෙනවා නම්, ඒක සුව කරන්න මිල අධික දේවල් මිල දී ගන්න ඕනෙ නැහැ. මොකද ඔයාගෙ සාක්කු හිස් නොකර හිස්සොරි නැති කරන්න උපකාරී වෙන ප්‍රතිකර්ම කිහිපයක්ම තියෙනවා.

ඒ නිසා අද අපි කතා කරන්නෙ හිස්සොරිවලට එරෙහිව සටන් කරන්න පුලුවන් නමුත් හෝමෝන සහ වෙනත් හානිකර අමුද්‍රව්‍ය අඩංගු වෙන්නෙ නැති පිළියම් ගැනයි.

01. ලෙමන් යුෂ සමග දොඩම් ලෙලි

දොඩම් ලෙල්ලේ තියන කැල්සියම්, මැග්නීසියම්, විටමින් C, සහ ආහාරමය තන්තු සියල්ලම අපේ ශරීරයට ගුණදායකයි. හිස්සොරි සුව කිරීමට ගන්න වට්ටෝරුවක් මෙන්න.

  1. දොඩම් ලෙලි අරගෙන ඒවා බඳුනකට දාන්න. ඒකටම ලෙමන් යුෂ මිරිකා ගන්න.
  2. අමුද්‍රව්‍ය පේස්ට් එකක් වෙන තුරු අඹරන්න.
  3. පේස්ට් එක ඔයාගෙ හිස්කබලේ ආලේප කරලා විනාඩි 30ක් තියන්න.
  4. ෂැම්පු වලින් ඒක සෝදලා ඉවත් කර ගන්න.
02. ඇස්පිරින් මිශ්‍ර කළ ෂැම්පු

ඇස්පිරින් වල සැලිසිලික් අම්ලය තියනවා. ඒක හිස්සොරිවලට එරෙහිව සටන් කරන්න සාර්ථකම අමුද්‍රව්‍යවලින් එකක් විදියට විශ්වාස කරනවා. මොකද ඒකට හිසේ ඇති අධික තෙල් ඉවත් කිරීමට තිබෙන හැකියාව නිසයි.

හිස්සොරි සඳහා ඇස්පිරින් භාවිතා කරන්නෙ මෙහෙමයි. ඇස්ප්‍රින් පෙති 2ක් සිහින් කුඩු වෙන්න තලලා ඔයාගෙ සාමාන්‍ය ෂැම්පු එකටම කලවම් කරන්න. මිශ්‍රණය හිසකෙස් මත ආලේප කරලා මිනිත්තු කිහිපයක් තියලා පසුව සෝදලා හරින්න.

03. උළුහාල් ඇට පේස්ට් එක

උළුහාල් ඇටවල ප්‍රතිඔක්සිකාරක ගුණ තිබෙන නිසා හිස්සොරි අඩු කරන්න මේ සරල වට්ටෝරුව අනුගමනය කරන්න පුලුවන්.

  1. උළුහාල් ඇට කිහිපයක් කුඩා වතුර භාජනයකට දාලා එක රැයක් පොඟවා ගන්න.
  2. උදෙන්ම, ඇට ටික පේස්ට් එකක් ලෙස අඹරගෙන ඒකටම ලෙමන් යුෂ ටිකක් එකතු කරලා හොඳින් මිශ්‍ර කරන්න.
  3. පේස්ට් එක ඔයාගෙ හිස්කබලේ සහ හිසකෙස් මත ආලේප කරලා විනාඩි 30ක් වියළීමට තියන්න.
  4. එය ෂැම්පු වලින් සෝදන්න.
04. විනාකිරි සහ කෙසෙල්

ඔයාට ඕන වෙන්නෙ සම්පූර්ණ කෙසෙල් ගෙඩි 1ක් , ඇපල් සයිඩර් විනාකිරි කෝප්ප 2ක් විතරයි. කෙසෙල් ලෙල්ල ඉවත් කරන්න. ඇපල් සයිඩර් විනාකිරි එකතු කරන්න, පේස්ට් එකක් ලැබෙන තෙක් හොඳින් මිශ්‍ර කරන්න. මේ පේස්ට් එක ඔයාගෙ හිසකෙස් වල ආලේප කරලා සම්බාහනය කරන්න. මිනිත්තු 20කට පස්සෙ, ඔයාගෙ සාමාන්‍ය ෂැම්පු එක ආලේප කරලා උණුසුම් වතුරෙ සෝදන්න.

05. බැසිල් කොළ සහ නෙල්ලි කුඩු
  1. බැසිල් කොළ කිහිපයක්, නෙල්ලි කුඩු තේ හැඳි 2ක් සහ වතුර තේ හැඳි 2ක් එකතු කරන්න.
  2. මේ අමුද්‍රව්‍ය මිශ්‍ර කරන්න.
  3. පේස්ට් එක ඔයාගෙ හිස්කබලේ ආලේප කරලා විනාඩි 30ක් වේලෙන්න ඉඩ දෙන්න.
  4. සාමාන්‍ය වතුරින් සෝදන්න.

මේ පිළියම දිනපතා කලොත් ඔයාගෙ හිසකෙස් වල ශක්තිය වැඩි කරන්න වගේම හිසකෙස් ගැලවී යාම අවම කරන්නත් උපකාරී වෙනවා.

06. ලෙමන් සමඟ පොල් තෙල්
  1. පොල් තෙල් මේස හැඳි 2 ක් රත් කරලා ලෙමන් යුෂ සමාන ප්‍රමාණයක් සමඟ මිශ්‍ර කරන්න.
  2. මිශ්‍රණය ඔයාගෙ හිස් කබලෙ ආලේප කර හිසකෙස් මෘදු ලෙස සම්බාහනය කරන්න.
  3. ඒක විනාඩි 20ක් තියලා පසුව ෂැම්පු ස්වල්පයකින් සෝදන්න
07. කොහොඹ කොළ යුෂ
  1. ඝන තලපයක් ලබා ගැනීමට කොහොඹ කොළ කිහිපයක් කොටාගන්න.
  2. ඒක ඔයාගෙ හිස්කබලට සහ හිසකෙස් වලට ආලේප කර විනාඩි 10ක් තියන්න.
  3. දැන් වතුරෙන් සෝදා හරින්න.
08. ජොජෝබා තෙල් සමඟ අබ තෙල්

අබ තෙල් කිය්න්නෙ ප්‍රති-ක්ෂුද්‍ර ජීවී නාශකයක් සහ ප්‍රති-දිලීර නාශකයක්. ඒ වගේම ජොජෝබා තෙල් ඛනිජ වලිනුත් පොහොසත්. අබ තෙල් මේස හැඳි 1ක් ජොජෝබා තෙල් මේස හැඳි 1ක් සමඟ මිශ්‍ර කරලා හිස් කබලේ ආලේප කරන්න. මෘදු ලෙස සම්බාහනය කරන්න. දැන් සාමාන්‍ය ෂැම්පු වලින් හිස සෝදන්න.

09. ලෙමන් යුෂ සමග යෝගට්

යෝගට් කියන්නෙ හැම හිසකෙස් වර්ගයකටම ගැලපෙන බෙහෙතක්. හිස්සොරිවලට එරෙහිව සටන් කරන්නත් යෝගට් උදව් වෙනවා. යෝගට් සහ ලෙමන් යුෂ මිශ්‍රණයක් හදා ගෙන ඒක හිසකෙස් මත ආලේප කරලා විනාඩි 20ක් තියන්න. පසුව උණුසුම් ජලයෙන් සෝදන්න.

10. මී පැණි සමඟ සුදුළූණු

සුදුළූණු එහි තියන දිලීර නාශක සහ ප්‍රති-යීස්ට් ගුණ සඳහා ප්‍රසිද්ධයි. සුදුළූණු කිහිපයක් මී පැණි මේස හැඳි 1ක් සමඟ මිශ්‍ර කර හිසකෙස්වල ආලේප කර විනාඩි 15ක් තියන්න. පසුව ෂැම්පු වලින් මිශ්‍රණය සෝදන්න.

ඕනෑම සත්කාරයක් කරන්න කලින් පැච් ටෙස්ට් එකක් කරන්න අමතක කරන්න එපා.

හිස්කබලට හෝ සමට සත්කාරයක් කරන්න කලින් ඒක සමට අසාත්මික නොවන බව සහතික කර ගැනීමය පැච් ටෙස්ට් එකක් කරන්න අමතක කරන්න එපා. පාවිච්චි කරන මිශ්‍රණයෙන් කුඩා ප්‍රමාණයක් හිස්කබලේ හෝ මැණික් කටුවේ සම මත කුඩා ප්‍රදේශයක ආලේප කරලා, මිනිත්තු 10-15 කින් සෝදා ඉවත් කර පැය 24ක් ඉන්න.

මැණික් කටුවේ සම කැසීමකින්, දැවිල්ලක් හෝ රතු පැහැයකින් තොරව නොවෙනස්ව තියනවා නම්, ඒ කියන්නෙ ඔයාට ඒ මිශ්‍රණය අසාත්මික නොවන බවයි. පැය 24කට පස්සෙ සමේ වෙනසක් දැක්කොත් මිශ්‍රණය ඔයාගෙ හිසකෙස්වල හෝ හිස්කබලේ ආලේප කරන්න එපා.

Leave a Reply

Your email address will not be published.