රාජකීය කාන්තාවන් කවදාවත් කඩ නොකරන රූපලාවන්‍ය නීති 8 ක්

රාජකීය පවුලේ සාමාජිකයන් සෑමවිටම මහජනතාවගේ අවධානයට ලක්වන අතර රාජකීය විවාහ උත්සව වැනි අවස්ථාවන් වලදී මුලු ලොවම ඔවුන් දෙස අවධානය යොමු කරයි. කෙසේ වුවත් රජකීය කාන්තාවන්ගේ කොණ්ඩය, ඇදුම් පැලදුම් සහ මේකප් වැනි දේ කිසිම වැරැද්දක් නැතිව අංගසම්පූර්ණව සිදු කරයි. ඉතින් යුවතිය අපි ඔබට ඔවුන්ගේ කැපී පෙනෙන රූපලාවන්‍ය නීති නවයක් ගැන විස්තර ඔබ වෙත රැගෙන ආවෙමි.

01. දීප්තිමත් ලිප්ස්ටික් භාවිතා නොකරයි.

ඔබට කවදාවත් දකින්නට නොලැබෙන දෙයක් තමයි රාජකීය කාන්තාවක් තද පාට ලිප්ස්ටික් භාවිතා කිරීම. රතු සහ බෙරී පැහැය ඔවුන්ට තහනම් අතර රෝස සහ සරාගී වර්ණ භාවිතා කිරීමද නුසුදුසු බව ඔවුන් සලකයි. මෙම නීතියේ ඇති වාසියක් නම් ඔවුන් කවදාවත් දත් මත ලිප්ස්ටික් සමග කැමරාවකටවත් හසු නොවීමයි.

02. තදට කම්මුල් මේකප් නොකිරීම.

කිම්කාර්ඩාෂියන් ඉන්ස්ටග්‍රෑම් හී රැජින වන අතර ඇය කම්මුල් මේකප් කිරීමෙහි දැඩි රසිකාවියක් වේ. ඒ වගේම ස්වීඩනයේ අනාගත රැජින වන වික්ටෝරියා ඔටුන්න හිමි කුමාරියගේ කම්මුල් මේකප් කිරීමට කිසිසේත් ඉඩ ලබා නොදෙන අතර රාජකීය කාන්තාවන් සෑම විටම ස්වභාවික මේකප් වලට සීමා වී සිටිය යුතුයි. ඔවුන්ගේ කැමැත්තක් ඇතිනම් මදක් බ්ලශ් කර මුහුණට නැවුම් බවක් ලබා ගත හැකිය.

03. තදට ඇස් මේකප් නොකිරීම.

රාජකීය කාන්තාවන් කවදාවත් බොරු පිහාටු, අයි ලීනර් වැනි දෑ කවදාවත් භාවිතා නොකරන අතර ඔවුන් ඇස් වලට මේකප් දමන්නේ සාමාන්‍ය අයුරින් ය. තද මේකප් දැමීම ඔවුන්ට අපකීර්තිමත් දෙයක් ලෙස සලකනු ලබයි.

04. මේකප් දිගු කලක් පැවතිය යුතුයි.

බිසෝවරුන්, කුමාරිකාවන් සහ වෙනත් කාන්තාවන් සාමාන්‍යයෙන් එළියේ පැවතෙන විවිධ ආකාරයේ උත්සව අවස්ථාවලට සහභාගී වන අතර සමහර අවස්ථාවන් වලදී මෙම උත්සව පැය ගණන් පැවැත්වෙයි. කෙසේ හෝ කොතරම් කාලයක් පැවතුනත්, රස්නයක් දැනුනත් කුමන හෝ කාළගුනයක් පැවතුනත් මේ අවස්ථාවන් වලදි මේකප් එකටනම් කිසිම හානියක් නොවන පරිදි ඉහළම ගුණාත්මයෙන් යුතු මේකප් බඩු වර්ග භාවිතා කර වේශ නිරූපනය කරයි.

05. ප්‍රසිද්ධියේ ස්පර්ශ නොකිරීම.

රූපලාවන්‍ය ආචාර විදිවිදාන වලට අනුව පොදු ස්ථාන වල මේකප් භාවිතා කිරීම වැනි දෑ තහනම් වන අතර සාමාන්‍ය කාන්තාවන් මග තොටදීද මේකප් භාවිතා කරයි.

06. තද පැහැති නිය ආලේපන භාවිතා නොකරයි.

රාජකීය කාන්තාවන් තම නියපොතු කොට කර නිය ආලේපන නොගල්වා තබා ගැනීමට කැමැත්තක් දක්වන අතර ඔවුන්ට ඇති නීතිය වන්නේ ඔවුන්ගේ අත් සරළව පිළිවෙලට තබා ගැනීමයි.

07. හිසකෙස් නිසි ආකාරයට හැඩ ගස්වා ගත යුතුය.

රාජකීය නීති සංග්‍රහය සරලව පිළිවෙලට ඇති කොණ්ඩා මෝස්තර අනුමත කරනු ලබයි. උදාහරණයක් විදියට ගතහොත් කේම්බ්‍රිජ්හී ආදිපාදවරිය, කැතරින් මිඩ්ල්ටන්ට ඇයගේම අත්සන සහිත කොණ්ඩා මෝස්තරයක් ඇති අතර කොණ්ඩය අව්ල්ව තබා ගැනීම, බෝල ගැටගැසීම, පාට කිරීම තහනම් වේ.

08. විශේශ උත්සව සදහා භාවිතා කරන තොප්පි.

රාජකීය ඇදුම් පැළදුම් සංග්‍රහයට අනුව මංගල උතසව වලට සහ සියලුම උත්සව වලට තොප්පි පැළදීම අනිවාර්‍යය වේ. ඔටුනු පැළදිය හැක්කේ රැජිනකට හෝ රජෙකුට පමනක් වන අතර කාන්තාවකගේ විවාහ දිනයේදී ටියාර පැළදිය හැකිය.

Leave a Reply

Your email address will not be published.