රෑ 10 වෙද්දි නිදාගන්න ගියොත් ඔබේ සිරුරට සිදුවන දේ

Kim Kardashian, Anna Wintour, සහ Oprah Winfrey වගේ අය රෑට කලින් නිදාගන්න බව කියනවා. මෙතරම් වේලාසනින් නිදා ගැනීම අපගේ ශරීරයට සහ මනසට බොහෝ ධනාත්මක බලපෑම් ඇති කරන්න පුලුවන් බව මේ කාන්තාවන් දැනගෙන ඉන්න ඇති. අද සමහර සාර්ථක කාන්තාවන් අද ඉතා ඉක්මනින් තම දවස අවසන් කර නින්දට යන්නෙ ඊලඟ දවස වඩාත් සාර්ථක කරගන්න ඕන නිසා වෙන්න පුලුවන්.

රෑ 10 වෙනකොට නින්දට යාමෙන් අපේ ශරීරයට වගේම මනසටත් ලබාගන්න පුලුවන් පුදුමාකාර ප්‍රයෝජන 6 ක් ගැනයි අද අපි ඔයාව දැනුවත් කරන්නෙ.

01. නින්දෙන් උපරිම ප්‍රයෝජන ලබාගන්න පුලුවන් වෙනවා.

අපේ නින්ද, විනාඩි 90 චක්‍රවලට බෙදෙනවා. තද හා සැහැල්ලු නින්දේ සිට වේගවත් නොවන අක්ෂි චලනයන් සහ වේගවත් අක්ෂි චලනයන් කියලා. අපේ නින්දේ ගැඹුරුම සහ විවේකී කොටස ලඟාවෙන්නෙ රාත්‍රී 10 සහ අලුයම 2 අතර කාලයේදියි.

ඒ වගේම, අධ්‍යයනයක් මගින් පෙන්නුම් කළේ ඉක්මනින් නින්දට ගිහින් වැඩි වෙලාවක් නිදාගන්න අයට අසුබවාදී සිතුවිලි නිසා රෑ මැද නින්දෙන් ඇහැරෙන්නෙ නෑ කියලයි.

02. අපේ ශරීරයට ලස්සන හැඩයක් ලැබෙනවා.

ගැඹුරු නින්දක ඉන්නකොට, අපේ ශරීරය වර්ධනය හා හෝමෝන අලුත්වැඩියා කිරීමෙන් සුව වෙනවා. මේ තීරණාත්මක ක්‍රියාකාරකම නිසා, විශේෂයෙන්ම මලල ක්‍රීඩා කරන පුද්ගලයන්ට ඊළඟ දවසෙ හොඳින්ම තරඟවලට මුහුණ දෙන්න විශ්වාසය ලැබෙනවා.

03. අපේ ආතති මට්ටම පහත වැටෙනවා.

ප්‍රමාණවත් නින්දක් නොලැබීම නිසා සිරුරේ ආතති හෝමෝනය අධික මට්ටමකට පත් වෙනවා. ඒකෙන් අපිව ආතතියට පත් කරනවා. අධික කෝටිසෝල් මට්ටම නිසා අපව කනස්සල්ලට පත් කළ හැකි අතර එය අපේ සෞඛ්‍යයටත් බලපානවා. ඒත් රෑට කලින් නිදා ගැනීමට පටන් ගත්තම, දීර්ඝ වෙලාවක් ගැඹුරු නින්දේ ඉන්න ලැබෙන නිසා කෝටිසෝල් මට්ටම පාලනය වෙනවා.

සම්පූර්ණ රාත්‍රියක හොඳ නින්දක් ලබා ගැනීමෙන් ආතති මට්ටම පහත වැටෙන නිසා ඔයාගෙ මනසට සහ ශරීරයට හොඳ විවේකයක් ලැබෙනවා.

04. රෝග ඇතිවීමේ අවදානම අඩු වෙනවා.

අධ්‍යයන කිහිපයකින් පෙන්වා දෙන්නේ රාත්‍රී මුර වැඩ කරන අයට හෝ රාත්‍රී බකමූණන්ට සාපේක්ෂව, කලින් නිදා ගන්නා අය සෞඛ්‍ය සම්පන්න බවයි. ප්‍රමාණවත් තරම් ගැඹුරු නින්දක් ලබා ගැනීමට අපොහොසත් වන පුද්ගලයින්ට දෙවන වර්ගයේ දියවැඩියාව, හෘද රෝග, සහ අධි රුධිර පීඩනය වැනි රෝග ඇතිවීමේ අවදානම වැඩි බවත් හොයාගෙන තියනවා.

ගැඹුරු නින්දේ අවධිය රාත්‍රී 10 සහ පාන්දර 2 අතර බවයි පර්යේෂකයන් කියන්නෙ. අපේ ප්‍රතිශක්තිකරණ සෛල සඳහා ගැඹුරු නින්ද ගොඩක් වැදගත් වෙනවා. ගැඹුරු නින්දක් නොතිබූ පුද්ගලයින්ට වෛරස්වලට ප්‍රතිදේහවලින් ප්‍රතිචාර දැක්වීමේ හැකියාව අඩු වන නිසා ඔවුන් පහසුවෙන් රෝගවලට ගොදුරුවන බවත් අධ්‍යයන මගින් හොයාගෙන තියනවා.

05. අපට අපේ හැඟීම් වඩා හොඳින් පාලනය කරගත හැකි වෙනවා.

අපි ප්‍රමාණවත් තරම් ගැඹුරු නින්දක් නොලබන විට අපේ හැඟීම් පාලනය කිරීමට අපහසු වෙන නිසා ඒවා වඩාත් අස්ථායී වෙනවා. ඒ වගේම, කලින් නිදාගැනීම කියන්නෙ කලින් අවදි වීමට උපකාර වෙන දෙයක් නිසා අපට වැඩිපුර දිවා ආලෝකය සහ මනෝභාවය වැඩි කරන සෙරොටොනින් ලබාගන්න පුලුවන් වෙනවා.

06. අපට මිනිසුන්ගේ හැඟීම් වඩා හොඳින් තේරුම් ගන්න පුලුවන් වෙනවා.

අධ්‍යයනයකින් පෙන්වා දෙන්නෙ හොඳ රාත්‍රී නින්දක් මඟ හැරීම නිසා සතුට හා දුක දැනෙන ව්ක තේරුම් ගන්න අමාරු වෙනවා කියලයි. අධ්‍යයනයට අනුව, හොඳ රාත්‍රී නින්දක් ලබාගන්නෙ නැති අයගෙ හැඟීම් ගැන සියුම් සලකුණු මග හැරෙනවා.

කොහොම වුණත්, කෝපය සහ බය වගෙ හැඟීම් කියවන එක නම් පහසුයි. සමහර විට ඒවා අපේ වඩාත් ප්‍රාථමික, පැවැත්ම මත පදනම් වුණු සහජ බුද්ධියක් වන අතර, අනතුරක් අවබෝධ කර ගැනීම සඳහා අවශ්‍ය වෙන නිසා වෙන්න පුලුවන්.

Leave a Reply

Your email address will not be published.