ලස්සන කාන්තාවන් කවදාවත් නොකියන සම පිළිබද රහස් 9 ක්

‌බොහෝ කාන්තාවන් හීන මවන දෙයක් තමා මේ නිකලැල් සමක් කියල කියන්නේ. කාන්තාවන් නිකැලැල් සමක් ලබා ගැනීමට නොකරන දෙයක් නැති තරම්. බොහෝම මුදල් වැය කරමින් ඔවුන් විවිධ දෑ මිලදී ගැනීම පවා සිදු කරනවා මේ නිකැලැල් සමක් ලබා ගැනීම සදහා. නිකැලැල් සම කියන දේ අපිට ස්වභාවදර්මෙයෙන් ලැබෙන දෙයක් නෙමේ මේක අපි අපේ නිවැරදි චර්යාවෙන් හිමිකර ගන්න ඕන. අද අපි ඔබට අරගෙන ආවේ ඔබ හීන මවන නිකැලැල් සම ලබා ගැනීමට හැකි ක්‍රම කිහිපයක් ගැන. නිකැලල් ලස්සන සමක් තිබෙන කාන්තාවන් නම් හැබැයි ඔබට කවදාවත් කියන එකක් නෑ. මේ දේවල් ගැන නම්.

01. සෝදන විට “4-2-4” මූලධර්මය පාවිච්චි කරන්න 

මෙයින් අදහස් වෙන්නේ; 

හයිඩ්‍රොෆිලික් තෙල් මුහුණේ ගල්වා මිනිත්තු 4ක් තබන්න.

ඉන්පසු පිරිසිදු කිරීමේ ක්‍රීම් (පියුරිෆයින් ක්‍රීම්)  ආලේප කර මිනිත්තු 2ක් තබන්න.

මෙය අවසන් වූ පසු තවත් විනාඩි 4ක් තියෙන්නට හැර වතුරෙන් සෝදා පිරිසිදු කරගන්න.

මේ විදියේ පිරිසිදු කිරීමේ ක්‍රියාවලියක් දෙවන මට්ටමේ පිරිසිදු කිරීමේ ක්‍රියාවලියක් කියා හඳුන්වනවා.

02. කොන්ජැක් ස්පොන්ජ් එකක් පාවිච්චි කරන්න.

මේ ස්පොන්ජ් එක නිෂ්පාදනය කරන්න භාවිතා වෙන්නේ කොන්ජැක් ශාකයේ මුල්. ඔයාගේ සම ගොඩක් ප්‍රවේශමෙන්  පිරිසිදු කරගන්න ඕනි නම්, මේ ආකාරයට නිෂ්පාදනය කළ විශේෂ කොන්ජැක් ස්පොන්ජ් එක පාවිච්චි කරන්න පුළුවන්. මේක පාවිච්චි කරන්න කලින් මෙය විනාඩි කිහිපයක් ඔබ උණු වතුරේ පෙගවිය යුතුයි. මෙය සිදු කරන්නේ මෙය මෘදු කර ගැනීම සදහා. මේ ආකාරයට පොඟවා ගත් පසු ටිකක් මිරිකා වතුර හැර වෘත්තාකරව චලනය කරමින් නළලෙන් පටන්ගෙන නිකට දක්වා ගමන් කරමින් මුහුණ පිරිසිදු කරගන්න.

03. සෙරම්, ඉමල්ෂන් හා සාරය යනාදිය අන්තර්ගත විශේෂ රූපලාවණ්‍ය නිෂ්පාදන භාවිතා කර සතියකට වරක් මුහුණ පිරිසිදු කරගන්න.

උදාහරණයක් විදියට, ආසියාතික කාන්තාවන්ට තමන්ගේ මුහුණේ සම ආරක්ෂා කරගන්න භාවිතා කළ හැකි රූපලාවන්‍ය නිෂ්පාදන 17ක් විතර තියෙනවා! 

විශේෂ රූපලාවන්‍ය නිෂ්පාදන සියල්ලම පාවිච්චි කරන්න ඕනි මේ විදියටයි: මුලින්ම, සැහැල්ලු නිෂ්පාදන ආලේප කරන්න, ඊළඟට බර නිෂ්පාදන, අන්තිමටම ඝනකමින් වැඩි ක්‍රීම් සහ ඉමල්ෂන් ආලේප කරන්න. මේ ආකාරයට සිදු කලවිට, සමට මෙම නිෂ්පාදනවල අන්තර්ගතය උපරිමයෙන්ම අවශෝෂණය කරගන්න හැකියාව ලැබෙනවා. 

04. වසර පුරාවට නිරාවරණය වන පාරජම්බුල කිරණ හේතුවෙන් ඇති වන ප්‍රතිවිපාකවලින් ඔයාගේ මුහුණ ආරක්ෂා කරගන්න. 

ඔයාගේ කුඩය සහ අව් කණ්ණාඩිය පිටතට ගන්න! මොකද ඒක තමයි ඔයාගේ සම අහිතකර හිරු කිරණෙන් ආරක්ෂා කරගන්න පාවිච්චි කරන්න පුළුවන් වඩාත්ම කාර්යක්ෂම ක්‍රමය. මීට අමතරව ගොඩක් දෙනා ඉර එළියට නිරාවරණය වීමෙන්  සමට සිදු වන වයස්ගත වීමේ බලපෑම් වලින් ආරක්ෂා වෙන්න SPF ක්‍රීම් පාවිච්චි කරනවා.

05. ලස්සන සමක් ලබාගැනීමට සහල් වතුර පාවිච්චි කරන්න 

සියවස් ගණනාවක් පුරාවට සමෙහි මෙන්ම කෙස් කළඹේ සුන්දරත්වය වර්ධනය කරගැනීමට සහල් සේදූ වතුර පාවිච්චි කර තිබෙනවා. සම නම්‍යශීලී සහ සිනිදු වෙනවා වගේම පැහැය සහ තානය වර්ධනය කර ගැනීමට ඔබට හැකී මේවා භාවිතා කිරීම තුළින්. සහල් වතුර හිසකෙස් වලට භාවිතා කිරීමෙන් හිසකෙස් වල තත්වය වර්ධනය කරගත හැකියි. හිසකෙස්වලට ෂැම්පූ යෙදීමෙන් අනතුරුව සේදුම්කාරකයක් ලෙස මෙය භාවිතා කර තවත් වඩා හොද ප්‍රතිඵල ලබා ගැනීමට ඔබට හැකී.

06. ඔයාගේ රූපලාවණ්‍ය ගබඩාවට හරිත තේ සහ මින්ට් එක් කරන්න 

සම ආරක්ෂා කරගැනීමේ වැදගත් අංග ලෙස සලකන්න පුළුවන් මේ හරිත තේ සහ මින්ට්. වියපත් වීම වළක්වන ක්‍රීම්, තෙල් වර්ග, ෆේස් මාස්ක්, ඉමල්ෂන්ස් සහ තැම්බුම්සාර වල මේවා අන්තර්ගත වෙනවා. සෞඛ්‍ය සම්පන්න සහ බැබලෙන සමක් ලබා ගැනීම සදහා මින්ට් සහ හරිත තේ නිතරම පාවිච්චි කිරන්න අමතක කරන්න එපා.

07. මුහුණේ නිෂ්පාදන ආලේප කරගන්න කලින් පෙණ වලට හරවා ගන්න.

සමෙහි රූපලාවණ්‍ය නිෂ්පාදන ආලේප කරන විට කෙලින්ම ආලේප නොකළ යුතුයි . මෙ‍ය කාන්තාවන්ට පමණක් අදාළ වන දෙයක් නෙමේ. පිරිමි පුදගලයින්ටත් මෙය අදාල වෙනවා. ඒ වෙනුවට, ඒවා තෙත මාත්තු කළ යුතුයි. මෙමඟින් සමට සැපයෙන රුධිර ප්‍රවාහය සවිමත් වීමේ ප්‍රතිඵලයක් ලෙස  පුනරුත්ථානය ක්‍රියාවලීන් සවිමත් වී ප්‍රතියුවීකරණයට සහයෝගය ලබා දෙනවා. මෙම නිෂ්පාදන පෙණ බවට පත් කිරීමට ඒ වෙනුවෙන්ම විශේෂයෙන් සකස් කර ඇති දැල් බෑග් පාවිච්චි කරන්න.

08. නිකැළැල් පැහැපත් සමක් ලබා ගන්න

මෙහිදී වඩාත් හොඳ ප්‍රතිඵලයක් ලබාගන්න නම්, ස්ක්‍රබ් එකක් සහ සම පැහැපත් කරවන ෆේස් මාස්ක් එකක් පාවිච්චි කරන්න වෙනවා. 

සඳුන් කුඩු තේ හැන්දක් සහ සීනි තේ හැන්දක් ගෙන හොඳට මිශ්‍ර කරගන්න. ස්ක්‍රබ් එකක් සකසා ගෙන තක්කාලි පෙති වලින් ස්ක්‍රබ් කිරීම සිදු කරන්න. විනාඩි 5-10ක් මෘදු ලෙස ස්ක්රබ් කරන්න. තක්කාලි පොඩි කරමින් එහි යුෂ නිවැරදිව ආලේප කරගන්න. ඉන් අනතුරුව සාමාන්‍ය ජලයෙන් මුහුණ සෝදා පිරිසිදු කරගන්න.

සම පැහැපත් කරවීමේ  කිරීමේ ෆේස් මාස්ක් එකක් පිළියෙළ කරගැනීමට අර්තාපල් ගෙඩියක් අඹරා පෙරහනක් භාවිතා කර යුෂ වෙන කරගන්න. භාජනයක් ගෙන එයට හාල් පිටි තේ හැඳි 2 ක් ද, මී පැණි තේ හැන්දක්ද, අර්තාපල් යුෂ තේ හැඳි 4 ක්ද  ලෙමන් යුෂ තේ හැඳි 3 ක්ද යොදා මිශ්‍ර කරන්න. සම මත ඝන ස්ථරයක් ලෙස ආලේප කර මිනිත්තු 30-40 අතර තිබෙන්නට හරින්න. දැන් මෘදුව විනාඩි 2-5 ක් සම්බාහනය කරන්න. අවසාන වශයෙන් ඇල්මැරුණු ජලය භාවිතා කර සෝදා හරින්න.

09. තෙල් වර්ග පාවිච්චි කරන්න.

මුහුණට විතරක්ද මේ දේවල් අවශ්‍ය වෙන්නේ. ඔබේ ශරීරයත් ලස්සනට තබා ගත යුතුයි. ඔබට ඔබේ ශරීරයේ විවිධ කොටස් සඳහා සහ විවිධ බලපෑම් එල්ල කල හැකි විවිධ තෙල් වර්ග තිබෙනවා. පොල්තෙල්, අලිගැට පේර තෙල් සහ ඔලිව් තෙල් වැනි දෑ උදාහරණ ලෙස ගන්න පුළුවන්. ඔබේ සමට හානියක් නොවන පරිදි දෝෂ රහිත තානයක් ලබා දීමට ඔලිව් තෙල් වලට හැකියාවක් ඇති අතර ඔබේ සම පෝෂණය කිරීමට පොල් තෙල් වලට හැකියාවක් ඇත.

Leave a Reply

Your email address will not be published.