ලස්සන වෙන එන්නත් තරම් නරක නැති රැළි සමග සටන් කරන නිෂ්පාදන 5 ක්

අද වෙනකොට ගොඩදෙනෙක් තරුණ පෙනුම ආරක්ෂා කරගන්න ප්ලාස්ටික් සැත්කම්, බොටොක්ස් ප්‍රතිකාර, සහ රූපලාවන්‍ය එන්නත් වගේ විවිධ ක්‍රමවලට යොමු වෙනවා. ඒත් ඔයා ඒ වගේ දරුණු ක්‍රියාමාර්ග වලට සූදානම් නැත්නම්, ඔයාට තරුණ පෙනුමක් ලබා දිය හැකි පුළුල් පරාසයක නිෂ්පාදන රැසක් තවමත් ලෝකයේ තිබෙනවා.

ක්‍රීම් සහ සීරම් සමඟ වෙන වෙනම සහ, එකතු කරලා භාවිත කළ හැකි, වයසට යාම වැළැක්වීමේ බලපෑම් සහිත ඉතාම හොඳ නිෂ්පාදන ලැයිස්තුවක් තමයි අද අපි ඔයාට අරගෙන ආවෙ. මේ නිෂ්පාදන මිල දී ගන්න කලින්, ඔයාගෙ රූපලාවණ්‍ය ශිල්පියාගෙන් ඒ ගැන උපදෙස් ලබාගෙන ඉයාගෙ සමට ඒ නිෂ්පාදන ගැලපෙනවද කියලා දැනගන්න. ඒ වගේම භාවිතා කිරීමට පෙර, සමේ කුඩා ප්‍රදේශයක ආලේප කරලා ආසාත්මිකතාවයක් ඇතිවෙනවද කියලත් පරීක්ෂා කරන්න.

01. Argireline හෙවත් ඇසිටිල්

Argireline පෙප්ටයිඩයක් වන නිසා එය සමට තරමක් විනිවිද යන අතර එහි ඇතැම් ක්‍රියාවලීන් උත්තේජනය කරනවා. මෙමගින් මුහුණේ මාංශ පේශි ලිහිල් කරන නමුත් ඒවා අවහිර කරන්නෙ නෑ. Argireline විෂ සහිත නොවන අතර එය ශරීරය විසින් ඉවත් කරනු ලබන නමුත් බලපෑම ඉතිරි වෙනවා. ඒ වගේම මේ පෙප්ටයිඩයේ ඉහළ සාන්ද්‍රණයක් අඩංගු නිෂ්පාදනවලින් ඉතා ඉක්මන් බලපෑමක් ලබාගන්න පුලුවන්.

02. සර්ප විෂ පෙප්ටයිඩ

මේ පෙප්ටයිඩය සර්ප විෂ ලෙස හඳුන්වනු ලබන්නේ එයට සමාන බලපෑමක් ඇති නිසයි. සර්ප විෂ සහ Argireline වගේම, එය මාංශපේශී ලිහිල් කරනවා. කැක්කුම නතර කරනවා. සමේ කුඩා සහ මධ්‍යම ප්‍රමාණයේ රැලි අඩු කරනවා. නේ පෙප්ටයිඩය යොදා නිෂ්පාදනය කළ බොටොක්ස්-ප්‍රයෝග ක්‍රීම් වර්ග බොහොමයක් තිබෙනවා.

03. Matrixyl

Matrixyl හෝ Palmitoyl pentapeptide-4 කියන්නෙත් පෙප්ටයිඩයක් එය සම නැවත උත්පාදනය කර එහිම කොලජන් සහ හයුලූරොනික් අම්ලය නිපදවබවා. මේ පෙප්ටයිඩ සහිත රූපලාවන්‍ය ද්‍රව්‍ය වයසට යාමේ සලකුණු අවම කිරීමට උපකාරී වෙනවා.

04. ගොළුබෙල්ලන්ගේ සෙවල සාරය

ගොළුබෙල්ලන්ගේ සෙවල සාරය සහිත රූපලාවණ්‍ය නිෂ්පාදන ප්‍රතිජනන බලපෑමක් ඇති කරනවා. ඒවා සම සියුමැලි කිරීමට, මොයිස්චරයිසින් කිරීමට සහ කුරුලෑ ලකුණු  ඉවත් කිරීමටත් උපකාරී වෙනවා.

05. ප්‍රතිඔක්සිකාරක

ප්‍රතිඔක්සිකාරක කල් තබා ගන්නා ද්‍රව්‍ය ලෙසද හඳුන්වනු ලබන්නේ ඒවා වයසට යාමේ වේගය අඩු කරගන්න උදව් වෙන නිසයි. නිෂ්පාදනයක ප්‍රතිඔක්සිකාරක වැඩි වන තරමට වඩා හොඳයි. ඒ ඒවා මගින් නිෂ්පාදනයේ ප්‍රතිඵල වැඩි කරන නිසයි. මෙන්න වඩාත් ඵලදායී ප්‍රතිඔක්සිකාරක ලැයිස්තුවක්:

  • විටමින් C මුළු මුහුණටම එකම පාටක් ලබා දෙනවා. සමේ දැවිල්ල නතර කරනවා. කොලැජන් ප්‍රමාණය වැඩි දියුණු කරන්නත් උපකාරී වෙනවා.
  • මිදි ඇට සාරය කියන්නෙ කොලජන් සහ ඉලාස්ටින් නිෂ්පාදනයට උපකාර වන ප්‍රබල ප්‍රතිඔක්සිකාරකයක්.
  • ග්‍රීන් ටී සාරය මගින් හානි වූ සෛල නැවත අලුත්වැඩියා කර දැවිල්ල නතර කරනවා.
  • සින්ක්, කොලජන් නිෂ්පාදනය වැඩි කරන අතර සමේ වයසට යෑමට එරෙහිව සටන් කරනවා.
  • Tocopherol (විටමින් E) පුනර්ජනනය උත්තේජනය කරන අතර සම එල්ලා වැටීම අඩු කරනවා. එමගින් සම ටිකක් සැහැල්ලු කිරීමත් සිදුකරනවා.
  • රෙටිනෝල් (විටමින් A) කොලජන් නිෂ්පාදනය වැඩි කරන අතර රැලි වැටීම් සහ සමේ වයසට යෑමට එරෙහිව සටන් කරනවා.
  • දෙළුම් සාරය වයසට යාමේ වේගය අඩු කිරීමට උපකාරී වෙනවා.

Leave a Reply

Your email address will not be published.