ලෙගින් අදින්න කැමති අය ඒවා අදින විට කරන වැරදි 9 ක්

ගොඩක් වෙලාවට අපි හිතන්නෙ ලෙගින් තියෙන්නෙ, ජිම් යනකොටයි ක්‍රීඩා කරනකොටයි අඳින්න විතරක් කියලනේ. හැබැයි මේ ලෙගින් විලාසිතාව ඕනම අවස්ථාවකට ගැලපෙන විදිහට වෙනස් කරගන්න පුලුවන්. ඒ වගේම ලෙගින් කියන්නෙ හරිම සුවපහසු ඇඳුමක්. හැබැයි තමන්ට ගැලපෙන විදිහට විලාසිතා කරන්න ගොඩක් අය දන්නෙ නෑ.

අද අපි ඔයාට කියන්නෙ ලෙගින් තෝරාගැනීමේදී ඔයා සැලකිලිමත් වෙන්න ඕන කරුණු 9 ක් ගැනයි.

01. ඉණ උසින් තියන ලෙගින් තෝරගන්න.

ඉණ පහළින් තියන ලෙගින් මගින් ඔයාගෙ ඇඟේ සමහර කොටස් අනවශ්‍ය විදිහට ඉස්මතු වෙනවා. ඒක නරක දෙයක් නෙවෙයි. ඒත් ඔයා ඒ විදිහට කැමති නැත්නම්, ඔයාට තියන හොඳම විසඳුම තමයි, ඉණ උඩට තියන ලෙගින් තෝරගන්න එක. එයින් ඔයාගෙ ඉණෙහි සමහර කොටස් සඟවා තබනවා වගේම, ඔයාට වඩාත් සිහින් පෙනුමකුත් ලබා දෙනවා.

02. දීප්තිමත් ප්‍රින්ට් එකක් තියන ලෙගින් තෝරගැනීමෙන් වළකින්න.

විශාල රටා සහ ඉතා දීප්තිමත් වර්ණවල ප්‍රින්ට් සහිත ලෙගින් මගින් ඔයාගෙ ඇඳුමේ සම්පූර්ණ අවධානය ලෙගින් එකට විතරක් යොමු කරවගන්නවා. ඒ වගේම ලොකු ලොකු ප්‍රින්ට් තියන ඇඳුම්වලින් ඔයාගෙ පෙනුම විශාල කරලා පෙන්වනවා. ඔයාට සිහින් පෙනුමක් ලබාගන්න ඕන නම්, සරල, තද වර්ණවල ලෙගින් තෝරගන්න.

03. දිගු ලෙගින් අඳින්න.

සමහර අය කෙටි ලෙගින් අඳින්නත් කැමතියි. ඒක සමහර විට සුවපහසු වුණත්, කෙටි ලෙගින් මගින් ඔයාගෙ කකුල්වල හැඩය හා කකුල්වල අඩුපාඩු වැඩිපුර ඉස්මතු කරනවා. ඒ වගේම කකුල් මහතට පේනවා. ඔයා සිහින් කකුල් දෙකක් ලබාගන්න කැමතියි නම්, දිගු ලෙගින් තමයි ඒකට ගැලපෙන්නෙ. ඒ වගේම දිගු ලෙගින් මගින් ඔයාට උස පෙනුමකුත් ලැබෙනවා. ඒ නිසා ශරීරයට ගැලපෙන ලෙගින් එකක් තෝරගන්න වගබලාගන්න.

04. ගැලපෙන වර්ණ තෝරාගන්න අමතක කරන්න එපා.

ඕනම වර්ගයක ඇඳුමක් අඳිනකොට වගේම, ලෙගින් එකක් අඳිනකොටත් උඩට අඳින ඇඳුමට ගැලපෙන ලෙගින් එකක් තෝරගන්න ඕන. ඒ වගේම ලෙගින් එකේ පාට ඔයාගෙ සමට හා හිසකෙස් වර්ණයට ගැලපෙන්නත් ඕන. වඩාත් ලස්සන පෙනුමක් ලබා ගැනීමට නම්, ලෙගින් එකට සමාන හෝ තද පාටක බ්ලවුස් එකක් තෝරා ගන්න.

05. ඒවා ක්‍රීඩා ඇඳුම් විතරක් බව නොසිතන්න.

ගොඩක් අය හිතාගෙන ඉන්නෙ ලෙගින් අඳින්නෙ ව්‍යායාම හෝ ක්‍රීඩා කරනකොට විතරක් කියලයි. ඒත් ලෙගින් විලාසිතාව ඕනෑම අවස්ථාවකට ගැලපෙනවා. පාටියකට වුණත් නරක නෑ. මොකද ලෙගින් එකක් ඇන්දම ඇඟට හරිම පහසුවක් දැනෙනවා. අවස්ථාවට ගැලපෙන විදිහට බ්ලවුස් එකක් හෝ ජැකට් එකක් ඇඳලා, ලස්සන හීල්ස් හෝ බූට්ස් දෙකක් දැම්මම ඔයාට ලැබෙන පෙනුම ගැන ඔයාම පුදුමයට පත්වෙයි.

06. ඇඳුම් හෝ සායක් යටට ලෙගින් අඳින්න එපා.

2000 දශකයේ දී, ලෙගින් සහිත සායක් හෝ ඇඳුම් ඇඳීම ප්‍රසිද්ධ පුද්ගලයින් හා සාමාන්‍ය ජනතාව අතර ට්‍රෙන්ඩ් එකක් බවට පත් වුණා. ඒත් අද වෙනකොට නම් මේ විලාසිතාව කල්පැනලා ගිහින්. ඒ කියන්නෙ ඒ ට්‍රෙන්ඩ් එක මේ කාලෙට ගැලපෙන්නෙ නෑ. ඔයාට ලෙගින් එකකට තවත් විලාසිතා එකතු කරගන්න ඕන නම්, බොරු ලෙදර් ජැකට් එකක් හෝ උපාංග කිහිපයක් පළඳින්න පුලුවන්.

07. දිගු ස්වෙටර් අඳින එක ගැලපෙන්නෙ නෑ.

ඇඟට ගොඩක් ලොකුවට තියන ස්වෙටර් එකක් මගින් ඔයාගෙ ඇඟේ හැඩය ලස්සනට ඉස්මතු කරන්නෙ නෑ. ඒ වෙනුවට ඉණ උඩ ලෙගින් එකට කොට ස්වෙටර් එකක් අඳින්න උත්සාහ කරන්න.

08. එකම පාට හැමවිටම හොඳ තේරීමක් නෙවෙයි.

ඇඳුමට වඩාත් අලුත් පෙනුමක් ලබාගන්න කැමති අයට එකම පාට ඇඳුම් ගැලපෙන්නෙ නෑ. මොකද ලෙගින් එකේ පාටටම උඩ ඇඳුමත් ඇන්දම ජිම් ගිහින් එනවා වගේ පෙනුමක් ලැබෙනවා. ඔයාගෙ ඇඳුම නවීකරණය කරලා වඩාත් විලාසිතාමය පෙනුමක් ලබා ගන්න නම්, සරල ලෙගින් එකට ගැලපෙන වෙනත් වර්ණයකින් උඩට අඳින ඇඳුම තෝරගන්න.

09. සමේ පාටට ගැලපෙන ලෙගින් තෝරගන්න.

ලෙගින් විතරක් නෙවෙයි, ඕනම ඇඳුමක් තෝරගන්නකොට ඔයාගෙ සමේ පාට ගැන හිතන්න ඕන. මොකද හැම පාටක්ම ඔයාගෙ සමට ගැලපෙන්නෙ නැති වෙන්න පුලුවන්. සමේ පාට වගේම ඔයාගෙ කොණ්ඩයේ පාට ගැනත් සැලකිලිමත් වෙන්න ඕන.

Leave a Reply

Your email address will not be published.