ලෙදර් ඇදුම් ප්‍රොෆෙශනල් විදිහට අදින්න නියම ක්‍රම 10 ක්

ඇඳුමක් අඳින විදිහ වගේම ඒකෙන් අනිත් අයගෙ ආකර්ෂණය දිනාගන්න විදිහත් ගොඩක් වැදගත් දෙයක්. එමගින් ඔයාට වේලාව සහ ස්ථානය නොසලකා හැම විටම හොඳ පෙනුමක් ලබා ගැනීමට ඉඩ සලසනවා හැබැයි ඉතින්, වෙනත් ඇඳුමක් එක්ක ගලපගන්න අමාරු සමහර ඇඳුම් තියනවා. සම් හෙවත් ලෙදර් ඇඳුම් කියන්නෙ අන්න එහෙම ඇඳුම් වර්ගයක්.

ඉතින් මේ වගේ විලාසිතාවක් කරනකොට සැලකිලිමත් වෙන්න ඕන කරුණු ගොඩක් තියනවා. වැදගත් ආකර්ෂණීය පෙනුමක් ලබාගන්න ලෙදර් ඇඳුම් අඳින්නෙ කොහොමද කියලා අපි අද කතා කරමු.

01. කොට සාය විලාසිතාව

කොට සාය කියන්නෙ හරිම විලාසිතාමය සහ ආකර්ෂණීය ඇඳුමක්. ඒක සම් වලින් හැදුවම ගොඩක් ලස්සනයි. එමගින් ඔයාගෙ කකුල්වලට සිහින් සහ දිගු පෙනුමක් ලබා දෙනවා. ඔයාට පුළුල් උකුලක් තියනවා නම්, කළු පාට කොට සායක් ඔයාට හොඳින් ගැලපෙනවා. සාමාන්‍ය ටී-ෂර්ට් එකක්, ටෙනිස් සපත්තු හෝ වළලුකරට තියන සපත්තු එක්ක මේ කොට සාය අඳින්න පුලුවන්.

02. පාට තේරීම

ඇඳුම් අඳිනකොට වර්ණ ගැලපීමත් ඉතාම වැදගත් වෙනවා. සම් ඇඳුම් එක්ක අඳින අනික් ඇඳුම් මොකක්ද කියලා තෝරගන්න එක වැදගත් වෙන්නෙත් ඒ නිසයි. ඔයාට සම් ඇඳුම වෙත මිනිසුන්ගේ අවධානය යොමු කිරීමට අවශ්‍ය නම්, ඒකට ප්‍රතිවිරුද්ධ පාටක ඇඳුමක් සමග අඳින්න පුලුවන්. එතකොට ඔයාගෙ ඇඳුම්වල ලස්සන ඉස්මතු වෙනවා.

03. ජැකට් එකක ආකර්ෂණය

සම් ජැකට් කියන්නෙ සාම්ප්‍රදායික ඇඳුමක්. අවුරුදු කීයක් ගියත්, තාමත් සම් ජැකට් විලාසිතාව එහෙමම තියනවා. ඒ වගේම සම් ජැකට් හරිම බහුකාර්යද ඇඳුම් වර්ගයක්. ඔයා කැමති ඕනම ඇඳුමක් එක්ක සම් ජැකට් ගැලපෙනවා.

04. හැම දේකම රහස

විලාසිතා සම්බන්ධයෙන් ගත්තම, වඩාත් වැදගත් කුසලතාවන්ගෙන් එකක් තමයි, ඇඳුමේ රෙදි වර්ගය, වර්ණ සහ මෝස්තර ගලපගන්නෙ කොහොමද කියලා දැන ගැනීම. උදාහරණයක් ලෙස, ඔයාට ඔයාගෙ ඇඟේ ඉහළ කොටසට තද ලෙදර් ඇඳුමක් අඳින්න ඕන කියලා හිතන්න. එතකොට ඔයාට, බොහෝ විට පහළ කොටසෙහි කොටස ලිහිල් කරගන්න වෙනවා. අන්න ඒ විදිහට උඩට සහ යටට අඳින ඇඳුම් දෙක එකිනෙකට ගලපගන්න එක වැදගත් වෙනවා.

05. අමතර උපාංග වල බලය

ලෙදර් ඇඳුම් ගැන හිතනකොට, කලිසම්, සායක් හෝ ජැකට් වගේ ඇඳුම්වලට විතරක්ම කොටු වෙන්න ඕන නෑ. තවත් ඕනතරම් විකල්ප තියනවා. ඔයාට සම් වලින් සාදන ලද උපාංගවලින් ඇඳුමට මෝස්තරයක් එකතු කරගන්නත් පුලුවන්. ලෙදර් පර්ස්, බෙල්ට්, ග්ලවුස් වගේ දේවල් වුණත් ඇඳුමට ගලපලා එකතු කරගන්න පුලුවන්.

06. සම්පූර්ණ කළු ඇඳුම්

දැන් අවුරුදු කිහිපයක සිටම මේ ට්‍රෙන්ඩ් එක තියනවා. සමහර විට එහි සරල බව සහ වැදගත් පෙනුම නිසා සම්පූර්ණයෙන්ම කළු ඇඳුම්වලට කාන්තාවන් වැඩිපුර යොමුවෙනවා. ඕනෑම අවස්ථාවක, සියලු කළු පැහැයෙන් ඇඳීම තරුණ පරම්පරාවල ප්‍රියතම විලාසිතාවක් බවට පත් වෙලා තියනවා.

07. නියෝන් පාට ඇඳුම්

සම්පූර්ණ කළු ඇඳුම්වලට වගේම, මෑතකදී, නියොන් පාටවලුත් ගොඩාක් ප්‍රසිද්ද විලාසිතාවක් බවට පත් වුණා. එමගින් ප්‍රබෝධමත් පෙනුමක් ලබා දෙන නිසා ගොඩක් ප්‍රසිද්ධ පුද්ගලයන් අතර ප්‍රියතම විලාසිතාවක් වුණා.

08. කොට කලිසම් මෝස්තර

ලිහිල් ගැළපෙන සහ ඉණ සහිත කොට කලිසම් කියන්නෙ වර්තමානයේ වඩාත් ජනප්‍රිය ඇඳුම් වර්හගයක්. මේ ඇඳුම ඔයාගෙ ඉඟටිය උද්දීපනය කරන බෙල්ට් එකක් සමඟ එකතු කර ඇති අතර එමඟින් අලංකාර හැඩයක් සහ වඩා සමබර හැඩයක් නිර්මාණය කරනවා. ඔයා මේ කොට කලිසම් ලෙදර් වලින් අඳිනවා නම්, ඒක ඔයාට ගාම්භීර පෙනුමක් ලබා ගන්නත් උදව් වෙනවා.

09. ලෙගින්ස් වල ලස්සන
© Ralph, PacificCoastNews/EAST NEWS© Isaac V/Broadimage/EAST NEWS

ලෙදර්වලින් හෝ කපුවලින් නිර්මාණය කරපු ලෙගින් වුණත්, අඳිනකොට ඔයාගෙ පෙනුම ගැන සැලකිලිමත් වෙන්න ඕන. මොකද එමගින් ඔයාගෙ ඇඟේ හැඩය ඕනෑවට වඩා ඉස්මතු වෙන්න ඉඩ තියනවා. ලෙගින් අවින්න තෝරගන්නකොට, ඒත් එක්කම ඉණ ආවරණය වන දිගු කමිස හෝ ස්වෙටර් තෝරගන්න වගබලා ගන්න.

10. සත්ව මුද්‍රණය සහිත ලෙදර්
© Robert Hepler/Everett Collection/ East News© PacificCoastNews/EAST NEWS

ඕනම විලාසිතාවකට ඔට්ටු කෙනෙක්ට අත්හදා බලන්න පුලුවන් තවත් විලාසිතාවක් තමයි මේ සත්ව මුද්‍රණ ලෙදර් වලින් කරපු ඇඳුම් කියන්නෙ. තනිපාට කමිසයක් හෝ බ්ලවුසයක් සමඟ ලස්සන කුඩා ලෙදර් සායක් හොඳින් ගැලපෙනවා.

Leave a Reply

Your email address will not be published.