ලෝව පුරා භාවිතා කරන රූපලාවන්‍ය හැක්ස් 13 ක්

අපි නිතරම කාන්තාවන්ගේ සුන්දරත්වය වර්ණනා කරනවා. පිටතින් බලන විට එය ස්වභාවික සහ මහන්සි නොවී අත්කර ගත හැකියි කියා පෙනුනත් ඇත්තටම ජානමය ලොතරැයියක් ජයග්‍රහණය කර නොමැති නම් ඒ සඳහා දැඩි පරිශ්‍රමයක් දැරිය යුතුයි.

සෑම රටක් සතුවම පරම්පරා කීපයකින් පැවත එන සාම්ප්‍රදායික සුන්දර වීමේ රහස් තිබෙනවා.

මෙහි දැක්වෙන්නේ ඒවායින් වඩාත්ම සිත්ගන්නා සුන්දර වීමේ රහස් කීපයකි.

01. ඕස්ට්‍රේලියාව

හිස්සොරි සහ වියලි අත්‍රතචය කැසීම යනාදී ගැටළු සඳහා පිළියමක් වශයෙන්, ඕස්ට්‍රේලියානු කාන්තාවන් ෂැම්පු එකට තේ ශාකයේ තෙල් (tea tree oil) බිංදු කීපයක් එක්කරනවා. නමුත් මේ සඳහා කම්මැලිකමක් දැනෙනවා නම් මෙම තෙල් වර්ගය අඩංගු හිසකෙස් නිෂ්පාදන විශාල ප්‍රමාණයක් වෙළඳ පලේ දක්නට ලැබෙනවා.

02. බ්‍රසීලය 

ඊළඟ වතාවේ මුහුදු වෙරළට යන විට, සෙලියුලයිට් (මේද කැටිවීමක්, විශේෂයෙන් කතුන්ගේ ඉනේ හෝ කලවාවල) තත්වය අවම කරගැනීමට මෙම සරල උපක්‍රමය උත්සහ කර බලන්න. තෙත් වැලි ස්වල්පයක් ගෙන ගැටළු සහිත ප්‍රදේශවල මෘදුව අතුල්ලන්න. මෙවැනි සම්බාහනයකින් රුධිර සංසරණය වර්ධනය වී සම මෘදු කරවනවා.

03. ඊජිප්තුව

කිරි වලින් ස්නානය කිරීමෙන් ලැබෙන මායාකාරී ප්‍රතිලාභ පිළිබඳව සොයාගත් මුල්ම කාන්තාව ක්ලියෝපැට්රා යි. සරලවම සාමාන්‍ය බාත් ටබ් එකකට යොදය සහිත උණුසුම් කල කිරි ලීටර් 1-2ක් සහ මී පැණි ග්‍රෑම් 100ක් එක්කරන්න. විනාඩි 15-20කට පසු, සම මෘදු සහ වඩා ප්‍රත්‍යස්ථ වේවි. ඔයා කිරි නාස්ති කිරීමට අකමැති නම්, ලැක්ටික් අම්ලය සහිත සම් සත්කාර නිෂ්පාදනයක් මේ වෙනුවට පාවිච්චි කරන්න.

04. කොලොම්බියාව 

ලතින් ඇමරිකානු රටවල සුන්දර වීමට යොදා ගන්නා සත්කාර සඳහා වඩාත්ම ප්‍රසිද්ධ ක්‍රියාකාරී සංඝටකය අලිගැට පේරයි. ෆේෂල්, හිසකෙස් සහ ශරීරයට යොදන මාස්ක් සඳහා මේවා භාවිතා වෙනවා. 

බැබළෙන මෘදු කෙස් කළඹක් ලබා ගැනීමට, අලිගැට පේර සහ කෙසෙල් පොඩි කර, ඔලිව් ඔයිල් මේස හැන්දක් එක්කර, හිසකෙස් වල ආලේප කර මිනිත්තු 30ක් තබන්න. ෂැම්පු යොදා සෝදා හරින්න.

05. චීනය

සමෙහි රැලි ඇතිවීම වලක්වා ගැනීමට, සහල් වතුරෙන් මුහුණ සේදීම උත්සහ කර බලන්න. සහල් විනාඩි 20ක් ජලයේ පොඟවාගෙන, පෙරාගන්න. නිතිපතා මෙම ජලය භාවිතා කර මුහුණ පිස දමන්න, ඉක්මනින්ම විශාල වෙනසක් දැකගත හැකි වේවි.

06. ජපානය

ජපන් කාන්තාවන්ගේ සම නිතරම පෝසිලේන් මෙන් බැබලෙන ආකාරය ඔයා දැක තිබෙනවද? එය සරලවම ජාන පමණක් නොවෙයි. නිරෝගී සහ දිදුලන සමක් පවත්වා ගැනීමට නම් සමට සෘජුව පතනය වන හිරු එළියෙන් ආරක්ෂා විය යුතුයි. මේ නිසා වසන්ත කාලයේදී ජපන් කාන්තාවන් නිතරම කොහේ ගියත් කුඩයක් රැගෙන යන අතර අත් දිග ඇඳුම් අඳිනවා. 

තරුණ බව රැකගැනීමට සහ නිරෝගී වීමට තවත් රහසක් වන්නේ අයඩින් අන්තර්ගත ආහාර වැඩිපුර පරිභාජනය කිරීමයි.

07. ඉන්දියාව

ඉන්දීය කාන්තාවන් සූර්ය වන්දනාවට අදාල ව්‍යායාම කරන්නේ හරිම කැමැත්තෙන්. මෙයින් ඔවුන්ගේ පරිවෘත්තිය ක්‍රියාවලිය ක්‍රමවත් වෙනවා.

ඉන්දීය කාන්තාවන් අතර වඩාත්ම ජනප්‍රිය ව්‍යායාම් කට්ටලය සූර්ය වන්දනාවයි. එමඟින් පරිවෘත්තිය සහ ශක්ති මට්ටම් වර්ධනය වෙනවා. තවදුරටත් මෙය  පිරිමි, ගැහැණු, සහ ළමයින් යන සියලුම දෙනාට සුදුසුයි. 

ක්‍රමය:ඉහත පින්තූරය දෙස බලන්න. ඉහලම ඇති සිටගෙන සිටීමේ ඉරියව්වෙන් ආරම්භ කරන්න, ඉන්පසු මෘදුව දෙවන ඉරියව්වට යන්න. සිදු කරන අතරතුර, පාද දකුණේ සිට වමට මාරු කරමින් සම්පූර්ණ කට්ටලයම දෙවතාවක් කරන්න.

08. කොස්ට රිකා

සමේ සිදුරු තද කර සමේ වර්ණය නැවත ප්‍රාණවත් කරගැනීමට, දොඩම් යුෂ භාවිතා කරන්න පුළුවන්. ජලය සමඟ 1:1 අනුපාතයෙන් මිශ්‍ර කරන්න. කපු පෑඩ් එකක් මඟින් මුහුණේ ආලේප කර මිනිත්තු 10ක් තබා, සෝදා හරින්න. විනෝද වෙන්න.

09. බල්ගේරියාව

බල්ගේරියානු රූපලාවන්‍ය සංස්කෘතිය සඳහා විශාල වශයෙන් යොදා ගන්නේ ලෝක ප්‍රසිද්ධ බල්ගේරියානු රෝස තෙල් සහ රෝස පෙති. දිනපතාම රෝස වතුරෙන් (හෝ රෝස පෙති තේ) මඟින් සම පිසදමන්න. එමඟින් සමෙහි තෙතමනය පවත්වා ගන්නා අතර මෘදු වෙනවා.

10. ෆීජී

ෆීජීවල මිනිසුන් සුදුමැලි සම සුන්දර බව සිතන නිසා ශතවර්ෂ කීපයක සිටම එවැනි සමක් ලබා ගැනීමට උත්සහ කරනවා (බොහොමයක් බටහිර රටවල් විශ්වාස කරන්නේ මෙහි ප්‍රතිවිරුද්ධ දෙයයි, එනම් වසර පුරාම සම දුඹුරු පැහැ කරගැනීමයි). සම සුදු කරගැනීමට භාවිතා කල හැකි සත්කාරය පහසුවෙන්ම නිවසේදීම සකස් කරගත හැකියි. අවශ්‍ය වන්නේ මී පැණි මේස හැඳි 2ක් සහ මිරිකාගත් දොඩම් යුෂ මේස හැඳි 3ක් සහ සීනි මේස හැන්දක් පමණයි. අමුද්‍රව්‍ය සියල්ලම බඳුනකට දමන්න. මිශ්‍රණයෙන් ස්වල්පයක් සමේ ආලේප කර, දොඩම් බෑයක් මඟින් සුදු විය යුතු ප්‍රදේශය අතුල්ලන්න. මිශ්‍රණය අවශ්‍ය පරිදි ආලේප කරමින් මෙම ක්‍රියාවලිය මිනිත්තු 25ක් පුරාවට සිදු කරන්න. ඇතිල්ලීමෙන් අනතුරුව, නැවුම් සහ මෘදු සමක් ලැබේවි. එමඟින් සමේ පැහැය ඒකාකාර කරගත හැකියි.

11. ග්‍රීසිය

ග්‍රීසියේ ආහාර සඳහා පමණක් නොව, සම පිරිසිදු කරගැනීමට, පිළිස්සුම් සුව කරගැනීමට සහ දෑත් වලින් නිෂ්පාදිත අපූරු ෂැම්පු එකක් පිළියෙළ කරගැනීමේදී ක්‍රියාකාරී සංඝටකයක් ලෙස ඔලිව් තෙල් භාවිතා කරනවා. යෝගට් කෝප්පයකට ඔලිව් තෙල් මේස හැන්දක් මිශ්‍ර කර සෝදාගත් හිසකෙස් වල ආලේප කර මිනිත්තු 5ක් තබන්න. ඉක්මනින්ම හිසකෙස් මෘදු සහ සිනිදු බවට පත් වේවි..

12. ස්කැන්ඩිනේවියානු රටවල්

සම වියපත් වීම සහ වියළීමෙන් ආරක්ෂා කර ගැනීමට ස්කැන්ඩිනේවියානු කාන්තාවන් සරල සහ ඵලදායී ක්‍රම භාවිතා කරනවා. ඛනිජ ජලයෙන් මුහුණ පිස දැමීම, සෘජු හිරු එළිය වලක්වා ගැනීමට උත්සහ කිරීම සහ නිරෝගී ආහාර වේලක් පවත්වාගෙන යාම.

13. මෙක්සිකෝව

තේ හැන්දක් භාවිතා කර ඇස් පිල්ලම් වක්‍ර කරගැනීමේ ක්‍රමය මුල්වරට හඳුන්වා දුන්නේ කවුරුන්ද කියා දන්නේ නැහැ. නමුත් අද වන විට, ලොව පුරා කාන්තාවන් තම දෑස් කැපී පෙනෙන පරිදි සකස් කරගැනීමට මෙම උපක්‍රමය භාවිතා කරනවා. මෙක්සිකෝවේ මෙය විශාල වශයෙන් භාවිතා කරනවා. 

මදක් උණු ජලයට අල්ලා සිටීමෙන් හැන්ද රත් කරගන්න. හැන්දේ කෙලවර ඇහි පිහාටුවල මුල ස්පර්ශ වන පරිදි හැන්ද ඇස්වලට ලංකරන්න. ඇඟිල්ලක් භාවිතා කර ඇහි පිහාටු හැන්දට තද කරගෙන තත්පර 30ක් තබන්න. ඉන්පසු මස්කාරා ආලේප කරන්න.

අනතුරු ඇඟවීම: හැන්දේ තියුණු දාර තිබිය නොහැකියි.

Leave a Reply

Your email address will not be published.