වඩා හොඳ දිවියක් ගත කිරීමට පිළිපැදිය යුතු සරල පුරුදු 10ක්

ධනාත්මක ගෝලීය වෙනස්කම් කෙනෙකුගේ දිවියට එක්කරගැනීමට අවශ්‍ය නම් මුලින්ම තමන්ගේ ජීවන රටාව දෙස හැරී බැලිය යුතුයි. එක් දිනක් ඇතුලත අපි සිදු කරන බොහොමයක් දේ සිදු කරන්නේ ස්වයංක්‍රීයවයි. ඉතින් ඇයි අපිට මේවා ජීවිතයට වාසිදායක පුරුදු බවට පත් කරගන්න? එය ඒ තරම් ආපසු දෙයක්වත් කම්මැලි දෙයක්වත් නොවෙයි.

ඔයාගේ ජීවිතය යහපත් කරවන එවැනි ප්‍රයෝජනවත් පුරුදු 11ක් මෙහි සඳහන් වෙනවා.

10. ලෙමන් එකතු කළ ඇල්වතුර වීදුරුවකින් දවස පටන් ගන්න.

ලෙමන් යුෂ සහ cayenne pepper එකතු කළ ඇල්මැරුණු වතුර වීදුරුවක් බීම දෛනිකව පිළිපැදිය යුතු නීතියක් බවට පත් කරගන්න. මෙහි ප්‍රතිඵලය ලෙස උදේ ආහාරය ගැනීම පටන් ගන්න විට පරිවෘත්තීය ක්‍රියාවලියත් පටන් ගන්නවා. cayenne pepper මඟින් පරිවෘත්තීය ක්‍රියාවලිය ඉක්මන් කරවනවා. ඒ වගේම ලෙමන් යුෂ වල විටමින් සී අන්තර්ගත වන නිසා ක්ෂුද්‍ර ජීවී ප්‍රතිශක්තිය වර්ධනය වෙනවා. මෙය පුරුද්දක් වශයෙන් ටික කාලයක් කිරීමෙන් සමේ තත්වය හොඳින් වර්ධනය වෙනවා. 

09. chamomile කසාය අයිස් කැට භාවිතා කර මුහුණ පිස දැමීම.

උදෑසනම මෙම අයිස් කැට භාවිතා කර මුහුණ පිස දැමීමෙන් අභිරූපක රැලි ඉවත් කරගැනීමට හැකි වෙනවා. ඒ වගේම, සමෙහි හුවමාරු ක්‍රියාවලි උත්තේජනය වෙනවා. මෙසේ සිදු කිරීමෙන් අනතුරුව, උදෑසනම මුහුණේ දක්නට ලැබෙන ඉදිමුම වෙනුවට, සුසිනිඳු සමෙහි නැවුම් රතු පැහැයක් දැකගත හැකියි.

08. සැහැල්ලු කෙටි කෑම ලඟින් තියාගන්න.

අනර්ථකාරී ආහාර අනුභවය කියන්නේ නිරෝගී දිවි පෙවෙතක ප්‍රධාන සතුරායි. චොකලට් බාර් එහෙම නැත්නම් කුකීස් කෑම නතර කරන එක ඒ තරම අසීරු දෙයක් නෙවෙයි. මේ කොහොම වුණත් සංඛ්‍යා ලේඛ කියා පාන්නේ වෙනම දෙයක්. දිනකට ලබාගන්නා ප්‍රධාන ආහාර වේල්වලට අමතරව ශරීර සෞඛ්‍යයට හානිකර කෙටි කෑම ආහාරයට ගැනීමේ ආශාව මැඩ පවත්වා ගැනීම සඳහා සෞඛ්‍ය සම්පන්න කෙටි කෑම ගෙන යන්න. සෞඛ්‍ය සම්පන්න කෙටි කෑම ලෙස මෙහිදී හඳුන්වන්නේ පලතුරු, ක්‍රිස්ප් පාන් හෝ යෝගට් වැනි ආහාරයි. මේ ආකාරයට සරල කාබෝහයිඩ්‍රේට් අන්තර්ගත වෙන්නේ නැති කෙටි කෑම වර්ග ගැනීමෙන් මාසයක් ඇතුලත සාර්ථක ප්‍රතිඵල ඔයාට බලාගන්න පුළුවන්.

07. දන්ත ෆ්ලෝස් පාවිච්චි කිරීම.

කෙනෙකුගේ දත්වල ස්වභාවය සඳහා ශරීර සෞඛ්‍ය සෘජුවම බලපානවා. දත් සහ හදවත් රෝග අතර ඇති සබඳතාවය තහවුරු කිරීමට විද්‍යාඥයින්ට හැකි වී තිබෙනවා. පුද්ගලයෙකුගේ මුඛ කුහරයට ප්‍රතිකාර කරන විට දන්ත ෆ්ලෝස් පාවිච්චි කල යුත්තේ මේ නිසයි. එමඟින් ලඟා වීමට අසීරු, දත් අතර ඇති හිස්තැන් අතර සිරවී තිබෙන ආහාර කොටස් ඉවත් කර පිරිසිදු කිරීමට පහසු වෙනවා. 

06. සෑම කෑම වේලකින් අනතුරුවම ඇපල් ගෙඩියක් කන්න.

ආහාර ගැනීමෙන් පසු දත් මැදීම වඩාත් සුදුසුයි. ඒත් හැම වෙලාවේම එහෙම කරන්න බැහැනේ. මේ ගැටලුවට ගොඩක් සරල වගේම රසවත් පිලියමක් තියෙනවා. ඒ තමයි කෑම ගැනීමෙන් අනතුරුව ඇපල් ගෙඩියක් ආහාරයට ගැනීම. මෙමඟින් දත් පිරිසිදු කරන අතර දත් අතර සිර වී ඇති ආහාර කැබලි ඉවත් කර, විදුරුමසෙහි ලේ ගමනාගමනය වර්ධනය කර, මුඛයේ ආම්ලිකතාවය සාමාන්‍ය අතට පත් කරනවා. නැවුම් එළවලු පලතුරු තෝරාගන්න, ඔයාට කවදාවත් periodontitis තත්වයෙන් පීඩා විඳීමට සිදු වෙන්නේ නැහැ.

05. හැමදාම සන්සන්දනාත්මක ස්නානයක් ලබාගන්න.

විනාඩි කීපයක් විතරක් මේ ක්‍රමයට ස්නානය කිරීමෙන් සෞඛ්‍යයට ඉතාම ප්‍රයෝජනවත් ප්‍රතිලාභ අත්විඳින්න හැකි වෙනවා. සන්සන්දනාත්මක ස්නානයක් මඟින් ස්නායු පද්ධතිය මෙන්ම රුධිර නාලද සවිමත් වෙනවා. නහර ඉදිමීම ඇති වීම වැළැක්වීම මෙන්ම ප්‍රතිකාර කිරීමත් මෙමඟින් සිදු වෙනවා.

04. වැඩ කරන මේසය උඩ වතුර බෝතලයක් තියාගන්න.

ගොඩක් දෙනා තමන් විජලනයෙන් පෙළෙනවා කියාවත් දන්නේ නැහැ. නිරෝගී දිවි පෙවතක් ගත කිරීමේ මූලික සහ ප්‍රධාන රහස වැඩිපුර වතුර බීම යි. කෝපි, තේ හා කාබනීකෘත බීම මෙම ලැයිස්තුවට අදාළ වෙන්නේ නැහැ. හැම වෙලාවේම පිරිසිදු වතුර බෝතලයක් ඔයා ළඟ තියාගන්න, තවත් එකක් වැඩ කරන මේසය මත තියාගන්න. මේ ආකාරයට සිදු කල විට දැඩි පරිශ්‍රමයකින් තොරව වතුර වැඩිපුර ප්‍රමාණයක් පානය කිරීමට හැකි වෙනවා. වඩා හොඳ ප්‍රතිඵලයක් ලබා ගැනීමට අවශ්‍ය නම් හැම පැයකටම වතාවක් වතුර බීමට දුරකතනයේ රිමයින්ඩර් එකක් එනම් මතකයක් දමා ගන්න. 

03. ඇට වර්ග ආහාරයට ගන්න.

ඔයා කැමතිම ඇට වර්ගවලින් දවසකට ග්‍රෑම් 50කට නොඅඩුව ආහාරයට ගන්න. ඒවායේ අන්තර්ගත වන මේද අම්ල හා ඔමේගා-3 හේතුවෙන් හෘද වාහිනී පද්ධතිය, හිසකෙස් හා නියපොතු සවිමත් කරනවා. මේවට අමතරව ඇට වල  ප්‍රතිඔක්සිකාරක, සෙලේනියම්, විටමින් ඊ, ශාක ස්ටෙරෝල් (ශරීරයට අහිතකර කොලෙස්ටරෝල් මට්ටම අවම කරන ද්‍රව්‍ය), මැග්නීසියම්, පොටෑසියම්, යකඩ, කැල්සියම් හා සින්ක් අන්තර්ගත වෙනවා. කොටින්ම කියනවානම් මේවා විටමින් ඇතුළු  පෝෂ්‍ය පදාර්ථ ගබඩාවක් ලෙස සලකන්න පුළුවන්.

02. නිදාගන්නා විට මේස් පළඳින්න.

ග්‍රීෂ්ම ඍතුවේදී කපු මේස් පාවිච්චි කරන්න. ශ්‍රීත ඍතුවේදී ලොම් මේස් තෝරාගන්න. ස්නානය කිරීමෙන් පසු සහ නිදාගැනීමට කලින් මින්ට් ඔයිල් බින්දු කීපයක් මිශ්‍ර කල පොල්තෙල් කකුල්වල වැඩිපුර ආලේප කරන්න. තෙල් හොඳින් අවශෝෂණය වන පරිදි සම්බාහනය කර රාත්‍රියේදී මේස් දමාගන්න. මෙහි සාර්ථක ප්‍රතිඵල උදේ වන විට දැක ගන්න ලැබේවි. ඔයාගේ දෙපා මෘදු සහ සිනිඳු වේවි. මේ ආකාරයට මාසයක් සිදු කල විට යටි පතුලේ රළු සම පිළිබඳව ඔයාටම අමතක වෙලා යාවි.

01. දිනපතාම කියවන්න.

කියවීම කොන්දේසි පැනවීමකින් තොරව දෛනික පුරුද්දක් කරගත යුත්තේ එමඟින් මතක ශක්තිය, තර්ක කිරීමේ හැකියාව  සහ පරිකල්පන ශක්තිය වර්ධනය වන නිසයි. නිතරම කියවීම මඟින් ඇල්සයිමර් රෝගය සහ චිත්ත වික්ෂේපය වැනි මානසික තත්ත්ව මන්දගාමී කිරීමට (හෝ සුව කිරීමට පවා) හැකියාව ලැබෙන බව තහවුරු වී තිබෙනවා. කියවීම ඉක්මනින්ම පුරුද්දක් බවට පත් කරගැනීමට නාන කාමරය, මුළුතැන් ගෙය, ඇඳ අසල ඇතුළු ගෙදර අස්සක් මුල්ලක් නෑරම පොත් තියන්න. අත් බෑගයේද පොතක් තබා ගැනීම මඟින් පොදු ප්‍රවාහන සේවය භාවිතා කරන විට නැත්නම් යහළුවෙකු එන තෙක් කැෆේ එකක සිටින කාලය එම පොත කියවීමට යොදා ගන්න පුළුවන්. කියවීමේ පුරුද්දට අලුතින් එකතු වුණු කෙනෙක් නම් විනාඩි 15-20 ක් කියවීම සඳහා කාලය යොදවා ඉන්පසු ක්‍රම ක්‍රමයෙන් කාලය වැඩි කරන්න.

බෝනස් : යහපත් ආහාර විකල්පවලට යොමු වන්න.

සවිමත් සහ නිරෝගී සිරුරක් ලබා ගැනීමට මෙම විකල්ප භාවිතා කරන්න.

හැමදාම පෙපර්මින්ට් කොළ 3- 5ක් හැපීමෙන් සවිමත් පෙනහළු ලබාගත හැක.

උණු වතුර බඳුනකට පෙපර්මින්ට් තෙල් බින්දු කීපයක් එකතු කර වාෂ්ප ඇල්ලීම මඟින් නාස් තදබදය සුව කරගන්න පුලුවන්.

ආහාර පිසින විට අමු ඉඟුරු භාවිතා කරන්න.අතිරේක ලබාගැනීම සඳහා වෛද්‍ය උපදෙස් ලබා ගන්න.

Leave a Reply

Your email address will not be published.