වයස අවුරුදු 25දී සිටියාටත් වඩා හොඳ පෙනුමක් ලබාගත හැකි ක්‍රම 7ක්

වයස්ගත වනවාත් සමඟ සමේ වියපත් ලප, රැළි සහ සිහින් රේඛා වැනි විවිධ වෙනස්කම් ඇති වෙනවා. මේවයින් සමහරක් ඇතිවීමට හේතුව ස්වභාවිකව වයසට යාම (නිසර්ග වයස්ගත වීම) නිසා ඒ පිළිබඳව අපිට වැඩි දෙයක් කරන්න බැහැ. නමුත් අප ජීවත් වන පරිසරය සහ ජීවන රටාව යන වෙනත් හේතු නිසා වයස්ගත වීම (පරායන්ත වයස්ගත වීම) නවත්වාලිය හැකියි.

කවදාවත් නැති ආකාරයට ඔයාගේ සමට ලස්සන පෙනුමක් ලබාගත හැකි රූපලාවන්‍ය ක්‍රම 7ක් මෙහි දැක්වෙනවා.

01. කැරට් සහ බිත්තර මාස්ක් 

ක්‍රමය:

කුඩා කැරට් අලයක් ගෙන අඹරන්න. බිත්තරයක් බීට් කර, අඹරාගත් කැරට් තේ හැන්දක් එකතු කර මිශ්‍ර කරන්න. පිරිසිදු කරගත් මුහුණ සහ බෙල්ල මත මෙම මාස්ක් එක ඇඟිලි තුඩුවලින් සම්බාහනය කරමින් ආලේප කරගන්න. පැය භාගයක් තියෙන්නට හැර, සිසිල් ජලයෙන් සෝදා හරින්න. මයිස්චරයිසර්  හෝ ආමන්ඩ් තෙල් ටිකක් ගල්වන්න.

මෙම මාස්ක් එක අඛණ්ඩව දවස් 10ක් ආලේප කරන්න. ඉන්පසු සතියක විවේකයක් ගෙන, දිගටම සතියකට දෙතුන් වරක් භාවිතා කිරීමට පටන්ගන්න. මාසයකට පමණ පසු, ඔයාගේ සම වඩා මෘදු සහ නැවුම් බවකින් යුක්ත වේවි.  

02. පාස්ලි මාස්ක් 

ක්‍රමය:

අඹරාගත් නැවුම් පාස්ලි කොළ තේ හැන්දක් සමඟ ලෙමන් යුෂ සහ ඔට්මිල් තේ හැන්ද බැගින් මිශ්‍ර කරන්න. මුහුණේ මෘදුව ආලේප කර මිනිත්තු 20ක් තබා, සිසිල් ජලයෙන් සෝදා හරින්න. මොයිස්චරයිසර් එකක් ආලේප කරන්න. ඔයාගේ සම තෙල් සහිත හෝ සාමාන්‍ය නම් හැම දවසකම මෙම මාස්ක් එක භාවිතා කරන්න පුළුවන්. සම වියලි නම සතියකට දෙවතාවක් යොදන්න. 

මෙයට පැහැපත් කිරීමේ සහ සම එසවීමේ හැකියාව පවතින අතර සමෙහි තෙතමනය රඳවා මෘදු කරවනවා.

03. කෙසෙල් මාස්ක්

ක්‍රමය:

කෙසෙල් ගෙඩියක් ගෙන පොඩි කරගන්න. ඔයාගේ සම ගොඩක් වියලි නම්, කාබනික sour cream (ඇඹුල් ක්‍රීම්) ටිකක් එකතු කරන්න. මුහුණේ ආලේප කර විනාඩි 20-30ක් තබා සිසිල් ජලයෙන් සෝදා හරින්න. මෙම මාස්ක් එක සතියකට කිහිප වරක් දැමිය හැකියි. 

මෙමඟින් සමට නැවුම් සහ නිරෝගී පෙනුමක් ලැබෙනවා. එමෙන්ම එය වයස්ගත ලප ඉවත් කරමින් මෘදු පොත්තක් ලෙස ක්‍රියා කරනවා. 

04. මුහුණේ රැලි වලට විරුද්ධ ජවසරඹ 

මුහුණ සඳහා වූ යෝගා සහ ජවසරඹ දිනෙන් දින ප්‍රසිද්ධියට පත්වෙනවා. සරල සහ ආරක්ෂාකාරී ව්‍යායාම මඟින් සමෙහි තරුණ බව රැකගෙන රැලි වලින් ආරක්ෂා කරනවා.මෙම ව්‍යායාම දිනපතාම හෝ අවම වශයෙන් සතියකට 4-5 වතාවක්වත් කල යුතුයි. මුලින්ම මුහුණ සහ දෑත් පිරිසිදු කරගන්න. 

ඇස් වටා ප්‍රදේශය සඳහා 

දබර ඇඟිල්ල ඇහිබැම පහළින්ද මහපටැඟිල්ල දෑස්වලට පහළින්ද තබන්න. අස්ථියට එදිරිව අල්ලාගෙන, උඩ බලා ඇහිබැම උස්සන්න. දැන් සෙමින් දෑස් වසා උඩ සහ පහල ඇසිපිය එකවිට වහන්න. මෙම ව්‍යායාමය කීප වරක් කරන්න. 

නළලේ තිරස් රැලි මෘදු කිරීම  

අත් දෙකේම දබර ඇඟිලි ඇහිබැමිවලට මිලිමීටර් කීපයක් ඉහලින් තබාගන්න. ඇහිබැමිවලට සහ සමට චාලනය විය නොහැකි ආකාරයට සමට එදිරිව ඇඟිලි තද කරන්න. බැම අකුළන නිසා ඒවායේ දෙපස ඉහලට, එනම් නළලේ දෙකෙළවර අදින්න. මේ ආකාරයට තත්පර 5ක් තියෙන්නට හැර, නිදහස් කරන්න. මෙම ව්‍යායාමය තුන් වරක් කරන්න.

නළලේ සිරස් රැලි ඉවත් කිරීම

සම ඇදෙන පරිදි ඔයාගේ ඇඟිලි ඇහිබැමිවල සහ නළලේ තබා තද කරන්න. බැම අකුලනවා නම් ඒවා චලනය කිරීමට උත්සහ කරන්න. මෙම ඉරියව්ව වෙනස් නොකර තත්පර 15-20ක් ඉන්න. විවේක ගන්න. මෙම ව්‍යායාමය තුන් වරක් කරන්න.

05. ඇපල් සයිඩර් විනාකිරි 

ඇපල් සයිඩර් විනාකිරි වල හයිඩ්‍රොක්සි අම්ල අඩංගු වන නිසා වයස්ගත ලප ඉවත් කිරීමට භාවිතා කල හැකි අපූරු අමුද්‍රව්‍යකි. විනාකිරි ස්වල්පයක් වයස්ගත ලපවල ආලේප කර රාත්‍රියක් තබන්න. වියලි බව මඟහරවා ගැනීමට තෙල් ස්වල්පයක් එකතු කල හැකියි.  

06. එඬරු තෙල් 

එඬරු තෙල් සතුව පුදුමාකාර සුව කිරීමේ බලයක් පවතිනවා. මෙයින් බින්දු කීපයක් සමේ වයස්ගත ලප තිබෙන ස්ථානවලට දමා සම්බාහනය කරන්න. දිනපතාම උදේ සහ හවස මේ ආකාරයට කරන්න. මාසයක් කල පසු, මෙම පැල්ලම් අති විශාල ලෙස අඩු වී පවතීවි.

07. විටමින් C

සම වයස්ගත වනවාත් සමඟ, නිරෝගී සහ ප්‍රත්‍යාස්ථ සමක් පවත්වා ගැනීමට ගොඩක් වැදගත් වන විටමින් C ඌණ වීමට පටන් ගන්නවා. ප්‍රමාණවත් තරම් විටමින් C මුඛ අතිරේකයක් ලෙස හෝ කාලීන විටමින් C අන්තර්ගත විශල්කනයක් ලෙස ලබාගන්න පුළුවන්.මෙමඟින් සමෙහි පවතින සියුම් රේඛා සහ සමෙහි අවපැහැ ගැන්වීම් අවම කරගත හැකියි.

Leave a Reply

Your email address will not be published.