වයස අවුරුදු 4 ට පෙර සිදු වූ දේවල් අපට මතක නැති වීමට හේතුව

අපේ පෞරුෂය හැඩගැසී ඇත්තේ අපේ ළමා කාලය තුළ බව හැමෝම කිව්වත්, අපිට අපේ පොඩිම කාලෙ වුණු කිසිම දෙයක් මතක නෑ නේද? ඒක ඇත්තටම පුදුමාකාරයි. මේ සංසිද්ධිය අපි හැමෝටම වගේ පොදුයි. සාමාන්‍යයෙන් අපිට වයස අවුරුදු 4 ට කලින් අපි කරපු දේවල් කිසිම දෙයක් දැන් මතක නෑ.

ඉතින් අද අපි ඔයාට කියලා දෙන්නෙ ළමා කාලයේ සිදුවුණු සිදුවීම් අමතක වීමට බලපාන සංසිද්ධිය ගැන ඔයා දැනගෙන හිටියෙ නැති තොරතුරු කිහිපයක්.

ළමා මතකය අමතක වීම කියන්නෙ මොකක්ද? එය තිබෙන්නෙ මොන කාලයේදීද?

චයිල්ඩ්හුඩ් ඇමිනීසියා කියන්නෙ වැඩිහිටියන්ට, වයස අවුරුදු 4 ට කලින් සිදුවුණු කිහිදෙයක් මතක නැති වීමටයි. පර්යේෂකයන් හොයාගෙන තියන විදිහට අවුරුදු 7 ට අඩු ළමයින්ට එයාලගෙ කුඩා කාලයේ සිදුවුණු දේවල් මතක තබාගැනීමේ හැකියාව 60% ක් වන අතර වයස අවුරුදු 8  සහ 9 දරුවන්ට ඒ හැකියාව තියෙන්නෙ 40% ක විතර ප්‍රමාණයකින් බවයි. මේකෙන් පැහැදිලි වෙන්නෙ අපි වයසින් වැඩෙනකොට කුඩා කාලයේදි වුණු සිදුවීම් අමතක වීමේ සම්භාවිතාව වැඩි වෙන බවයි.

අපගේ මතකයන් අපේ කථා කිරීමේ හැකියාවට ගොඩාක් සම්බන්ධයි.

අපේ ලදරු කාලයේ මතකයන් අපේ මොළයේ ගබඩා වෙන්නෙ නැත්තෙ ඇයි කියලා හොයලා බලනකොට දැනගන්න ලැබුණු ප්‍රධාන හේතුවක් තමයි, අපේ මතකයන් සහ අපේ කතා කිරීමෙ හැකියාව එකිනෙකට සම්බන්ධ බව. ගොඩක් ළදරුවන් වයස අවුරුදු 2 ට කලින් කතා කරන්න පටන් ගන්නෙ නෑ. ඒ නිසා එයාලට ඒ වයසට කලින් වුණු දේවල් මතක තියෙන්නෙ නෑ.

අපේ මොළයේ වර්ධනයත් ලොකු කාර්යභාරයක් ඉටු කරනවා.

දැන් අපි ළමා කාලයේ මතකය අමතක වීම ගැන තියන ජීව විද්‍යාත්මක පැහැදිලි කිරීම ගැන කතා කරමු. අපි වයසින් වැඩෙනකොට, අපේ මොළය ලොකු බරක් උස්සගෙන ඉන්න පටන් ගන්නවා. අධ්‍යයනයක් මගින් හෙළිවුණේ මොළයේ සෛල ගොඩක් වැඩෙන්න පටන් ගන්නකොට ඒවා මගින් දිගු කාලීන මතක මතකයේ රඳවගන්නෙ නෑ කියලයි.

අපි යම් යම් සිදුවීම් සිහිපත් කරන ආකාරය අපේ දෙමාපියන් දැඩි ලෙස වෙනස් කරනවා.

තවත් අධ්‍යයනයක් යෝජනා කරන්නේ අපේ ළමා කාලයේ මතක වෙනස් කිරීමට අපේ දෙමාපියන්ට හැකි බවයි. අපේ දෙමාපියන් වැදගත් යැයි සලකන සිදුවීම් අපට මතකයි. මේ අධ්‍යයනයෙන්ම සොයාගනු ලැබුවේ දරුවන් තම මව්වරුන් සමඟ නොව, තමන්ගේ පියවරුන් සමඟ සාකච්ඡා කිරීමෙන් පසු එම සිදුවීම වෙනස් ආකාරයකින් සිහිපත් කරන බවයි. ඒ නිසා ළමයින්ට හොඳ මතකයන් පමණක් තබා ගැනීමට සහ ඒවා නිවැරදිව වටහා ගැනීමට උපකාර කිරීම ගොඩක් වැදගත් වෙනවා.

ඒ සියල්ල අපට කල්පවත්නා හැඟීමක් ඇතිකළ දේට බැඳෙනවා.

ළමා මනෝවිද්‍යාඥයෙක් කියන්නෙ, ළමයින්ට වැඩිපුරම මතක තියෙන්නෙ හැඟීම්බර සිදුවීම් කියලයි. ඒවා හොඳ වුණත් නරක වුණත් එහෙමයි. ඒ වගේම කුඩා දරුවන්ට එයාලගෙ ඇසින්ම දැකපු දේවල් හොඳින් මතක බවත් ඔහු පවසනවා. ඒ නිසා ඔයාට මුල් මතකයක් මතක් කර ගත හැකි නම්, ඒක ඔයාට ගොඩක් වැදගත් වන අතර ශක්තිමත් චිත්තවේගීය ප්‍රතිචාරයක් ඇති කරන්නත් සමත් වෙනවා.

Leave a Reply

Your email address will not be published.