වැඩියෙන් අනුභව කලොත් ශරීරයට හොද නැති ගුණාත්මක ආහාර 6 ක්

කොයිතරම් හොඳ දෙයක් වුණත් ඕනෑවට වඩා ගන්න හොඳ නෑ. අපෙන් ගොඩ දෙනෙක් පළතුරු සහ එළවලු, සීනි හෝ සෝඩියම් තරම්ම හානිකර විය හැකි බව දන්නේ නැතුව ඒවා අනුභව කිරීමේ උගුලට අහුවෙනවා. වාසනාවකට වගේ, මධ්‍යස්ථව ආහාර ගැනීමෙන් අපට මේ සියලු අතුරු ආබාධ වළක්වා ගන්න පුලුවන්.

ඉතින් අද අපි ඔයාට කියන්නෙ ඕනෑවට වඩා ගැනීමෙන් ශරීරයට අහිතකර ප්‍රතිඵල ලබාදිය හැකි ප්‍රසිද්ධ ආහාර වර්ග 6 ක් ගැනයි.

01.කෙසෙල්

කෙසෙල් වැඩිපුර ආහාරයට ගැනීම දත් දිරායාමට හේතු විය හැකියි. සීනි වගේම, කෙසෙල් මගින් දත් එනමලයට හානි කරන, දත් ​​වලට හානි කරන බැක්ටීරියා නිපදවනවා. හැබැයි කෙසෙල් වල සීනි අඩංගු වෙන්නෙ අඩු සාන්ද්‍රණයකින්. ඒත් ඉදුණු කෙසෙල් වල ඉරුවාරදයට හේතු වෙන ටයිරමයින් බහුල නිසා ඉදුණු කෙසෙල් වැඩිපුර කෑමෙන් හිසරදය ඇතිවෙන්න පුලුවන්.
වෛද්‍යවරු නිර්දේශ කරන්නේ දිනකට කෙසෙල් ගෙඩි 2කට වඩා ආහාරයට ගන්න එපා කියලයි.

02. ඕට්ස්

ඔයා ඕට්ස් අධික ලෙස අනුභව කරනවා නම්, ඔයාට බඩ පිපීම සහ බඩවැල් සෙලවීම වගේ ගැටළු ඇතිවෙනවා. ආහාර තන්තු ප්‍රමාණය අඩු කිරීමෙන් මල බද්ධයේ රෝග ලක්ෂණ සැලකිය යුතු ලෙස අඩු කළ හැකි බව පර්යේෂණ මගිනුත් ඔප්පු වෙලා තියනවා. ඒ වගේම ඕට්ස් වැඩිපුර ආහාරයට ගැනීම කැල්සියම්, මැග්නීසියම් සහ සින්ක් අවශෝෂණය සීමා කරනවා. මීට අමතරව, වැඩිපුර ඕට්ස් බර වැඩිවීමට හේතු වෙනවා. විශේෂයෙන් ඔයා ඒකට වැඩිපුර ටොපිංස් එකතු කරනවා නම්.
දෛනික කැලරි ප්‍රමාණය අනුව දිනකට අවුන්ස 3-6ක ප්‍රමාණයක් ඕට්ස් ආහාරයට ගැනීම ප්‍රමාණවත් බවයි විශේෂඥයින් කියන්නෙ.

03. චීස්

චීස් වල විශාල කොටස් ඔයාට හෘද රෝග වැළඳීමේ අවදානම වැඩි කරනවා. කිරීටක හෘද රෝග ඇති කිරීම සඳහා ප්‍රසිද්ධ මේද වර්ග චීස්වල බහුලව පවතිනවා. චීස් බොහෝ විට හදවතේ දැවිල්ල ඇති කරන කොලොයිස්ටොකිනින් නම් හෝමෝනය වැඩිපුර ස්‍රාවය කිරීමට හේතු වෙනවා.

04. සහල්

බත් කියන්නෙ රසවත් ආහාරයක් වුණත්, එහි ඇත්ත වශයෙන්ම විටමින් අඩංගු වෙන්නෙ ඉතාම ස්වල්ප ප්‍රමාණයක් විතරයි. ඔයා වැඩිපුර බත් අනුභව කරනවා නම්, අනෙක් සියලුම විටමින් ඔයාට නොලැබී යනවා. එමගින් ඔයාගෙ ඉන්සියුලින් මට්ටමත් ඉහළ ‍යනවා. වැදගත්ම දේ තමයි, බත් වල ආසනික් අඩංගු නිසා දුර්වල මානසික ක්‍රියාකාරීත්වයට හේතු වෙන්නත් පුලුවන්.
දිනකට සාමාන්‍යයෙන් නොපිසූ සහල් ග්‍රෑම් 90 ක් පමණ ආහාරයට ගැනීම ප්‍රමාණවත්.

05. බ්‍රොකොලි

බ්‍රොකොලි හි තයිරොයිඩ හෝර්මෝන අධිකව නිෂ්පාදනය කිරීමට හේතුවෙන තයිසයනේට් අඩංගු වෙනවා. එහි ප්‍රතිඵලයක් විදිහට, ඔයාට හිසකෙස් ගැලවී යාම, මුහුණ ඉදිමීම, සහ වෙනත් ප්‍රතිවිපාක ඇතිවෙන්න ඉඩ තියනවා. බ්‍රොකොලි මගින් නාසය හිරවීමක් ඇති කළ හැකි අතර සමේ කැසීම වගේ වෙනත් අසාත්මිකතා ඇති කරන්නත් හේතුවෙනවා.
දිනකට කෝප්ප 4කට වඩා ආහාරයට නොගැනීම වඩා හොඳයි.

06. බ්ලූබෙරීස්

බ්ලූබෙරීස් දියවැඩියා රෝගීන්ට භයානක වන රුධිර ග්ලූකෝස් සාමාන්‍ය මට්ටමට වඩා අඩු කරනවා. බෙරි වලට රුධිරය තුනී වෙනවා. ඒ නිසා ප්‍රවේශම් වන්න. විශේෂයෙන් ඔයා යම් බෙහෙත් පෙති වර්ගයක් පානය කරනවා නම්, බ්ලූබෙරීස් ඔයාගෙ ඖෂධවලට බාධා ඇති කරන්න ඉඩ තියනවා. බ්ලූබෙරීස් වල විටමින් K ඉහළ මට්ටමක පවතින නිසා හුස්ම ගැනීමේ අපහසුතාවය හෝ අක්‍රමවත් හුස්ම ගැනීම වගේ තත්ව ඇති කරන්නත් පුලුවන්.
දිනකට බ්ලූබෙරීස් කෝප්ප 1ක් සෞඛ්‍ය සම්පන්න ප්‍රමාණයක් ලෙස වෛද්‍යවරු නිර්දේශ කරනවා.

Leave a Reply

Your email address will not be published.