වැඩි දෙනෙක් නොදන්නා වමත් කරුවන් ගැන විද්‍යාත්මක කරුණු 7 ක්

පුරාණ කාලවලදී, සහජයෙන්ම වම් අතින් සියලු ක්‍රියාකාරකම් සිදු කිරීම නිසා (ආහාර ගැනීම, ඇඳීම, සෙලවීම, හෝ බෝලයක් විසි කිරීම වගේ) වමත හුරු අය අනික් අය අතරේ ගොඩක් අප්‍රසාදයට පත් වුණා. වාසනාවකට වගේ, අද වෙනකොට ඒ යුගය වෙනස් වෙලා තියනවා. අපි අපේ ශරීරයේ එක පැත්තක් ප්‍රධාන වශයෙන් භාවිතා කිරීම පිටුපස තියන දේ ගැන හොයාගන්න විද්‍යාඥයන් පර්යේෂණ සිදු කරනවා.

ඉතින් අද අපි ඔයාට කියන්න යන්නෙ ලෝකෙ පුරාම ඉන්න වමත්කරුවන් ගැන අපි මෙතෙක් කාලයක් නොදැන හිටපු දේවල් 7 ක් ගැනයි. ලිපියේ අන්තිමට අපි සඳහන් කරලා තියන වැදගත්ම දේ කියවන්නත් අමතක කරන්න එපා.

01. ලෝකයේ පුද්ගලයින් 10 දෙනෙකුගෙන් එක් අයෙක් වමත්කරුවෙකි.

2020 අප්‍රේල් මාසයේදී, වමත්කරුවන් ගැන කරපු පරීක්ෂණයකින් හෙළිවුණේ, ලෝකයේ මිනිසුන්ගෙන් අවම වශයෙන් 10.6%කට උපතින්ම වමත හුරු බවයි. ඒ කියන්නෙ දළ වශයෙන් මිනිසුන් 10කින් එක්කෙනෙක් වමත්කරුවෙක් වන බවයි.

සමහර රටවල සහ කලාපවල වමත්‍කරුවන් සංඛ්‍යාව 9.3% සිට 18% තරම් ඉහළ අගයක් ගන්නවා. සමහර රටවල මේ ජානමය ගති ලක්ෂණය හොඳ නැති එකක් කියලා සලකනවා.

02. වම් අත තරඟකාරීත්වයේ ඉහළ මට්ටමකට සම්බන්ධයි.

වමත් මිනිසුන් ගැන කුතුහලය දනවන දෙයක් තමයි, වෙනස් ආධිපත්‍යය දරන අතක් තිබීම මගින් ඔවුන්ට තරඟකාරී ක්‍රියාකාරකම් වලදී වැඩිපුර වාසි හිමිවෙනවා. මේකට හේතුව දකුණත හුරු මිනිසුන් එයාලගෙ කුසලතාවලට අභියෝග කරන්නෙ නැති පුද්ගලයින් සහ මෙවලම් එක්ක ගනුදෙනු කරන්න පුරුදු වෙලා සිටීමයි.

කොහොම වුණත්, එදිනෙදා ජීවිතයේදී, වම් අත හුරු පුද්ගලයින්ට දකුණු අත හුරු අය සඳහා නිර්මාණය කර ඇති මෙවලම්වලින් අතිමහත් බහුතරයක් සමඟ කටයුතු කිරීමට සිදු වෙනවා. එයාලගෙ ශරීරයේ ප්‍රතිවිරුද්ධ පැත්ත සමඟ ක්‍රියා කරන පුද්ගලයන් සමඟ සහජීවනයෙන් ඉන්නත් මේක හේතු වෙනවා.

03. වමත්කරුවෙක් වීම ජාන වලම පවතින දෙයක්.

ළදරුවෙකු උපදින්නේ වමත් හෝ දකුණත් හුරු කෙනෙක් වෙලාද කියන එක ජාන වලින්ම තීරණය කරන දෙයක්.

දෙමව්පියන්ගෙන් එක් අයෙකු වමත්කාරයෙක් වීම එයාලගෙ දරුවනුත් ලක්ෂණය සමඟින් ඉපදීමේ සම්භාවිතාව වැඩි කරන්නත් හේතු වෙනවා.

04. කාන්තාවන්ට වඩා වම් අත හුරු පිරිමින් වැඩියි.

අපේ ග්‍රහලෝකය හැදිලා තියෙන්නෙ වමත්කාරයන්ට වඩා දකුණත්කාරයන්ගෙන්. හැබැයි, ලෝකයේ වමත හුරු වැඩිම පිරිසක් ඉන්නෙ පිරිමින්. පිරිමින්ට වමත්කරුවන් වීම 12% හැකියාවක් ඇති අතර, කාන්තාවන් සඳහා එම ප්‍රතිශතය 10% ක් වෙනවා.

එක්සත් රාජධානියේ ජනගහනයේ කාන්තාවන්ගෙන් 8.6%ක් වමත් අත භාවිත කරන අතර, වමත භාවිත කරන පිරිමි ප්‍රතිශතය 10.6%ක් වෙනවා.

05. ගොඩක් කැන්ගරුවන් වම් අත හුරු අයයි.

අධ්‍යයනයන් මගින් හොයාගෙන් තියනවා, කැන්ගරුවන්ගෙන් වැඩි ප්‍රමාණයක් උපත ලබන්නෙ වමත හුරු අය විදිහට බව. රතු කැන්ගරු, නැගෙනහිර අළු කැන්ගරු, රතු බෙල්ල සහිත කැන්ගරු, සහ ගස් කැන්ගරු වගේ විවිධ වර්ග අධ්‍යයනය කළ රුසියානු විද්‍යාඥයින් කණ්ඩායමක් විසින් තමයි මේක නිරීක්ෂණය කළේ.

06. ලෝකයේ වැඩිම වමත්කරුවන් පිරිසක් සිටින රට නෙදර්ලන්තයයි.

අපි දැන් දන්නවා මිනිසුන්ගෙන් 10% ක් පමණක් වම් අත උපන් අය කියලා. කොහොම වුණත්, ඒක ලෝකය පුරාම එකම විදිහකට පැතිරෙන්නෙ නෑ. සංඛ්‍යාලේඛනවලට අනුව, නෙදර්ලන්තය කියන්නෙ විශාලතම වමත් ජනගහනයක් සිටින රට වන අතර, ඊලඟට වැඩිම වමත්කරුවන් ඉන්නෙ එක්සත් ජනපදයේයි.

වමත හුරුඅය අඩුවෙන්ම ඉන්න කලාප තමයි, ජපානය සහ චීනය කියන්නෙ. ඒවායේ ජනගහනයෙන් පිළිවෙලින් 4.70% සහ 3.50% ක් වමත්කරුවන් ඉන්නවා.

07. අපේ සුරතල් සතුන් වම් අත හුරු අය වීමට වැඩි ඉඩක් තියනවා.

වමත හුරු අය වෙන්න පුලුවන් කැන්ගරුවන් විතරක්ම නෙවෙයි. මේ ජානමය විශේෂත්වය අපේ සුරතල් සතුන්ටත් තියනවා. අධ්‍යයනයකින් හෙළි වුණේ බල්ලන්ගෙන් 32%ක් දකුණු පැත්ත හුරු අය වන අතර, 31%ක් වම් පැත්ත භාවිතයට කැමැත්තක් දැක්වු බවයි.

බළලුන් සම්බන්ධ කරගෙන සිදු කරපු පරීක්ෂණයකින්, 75%ක් ගැහැණු බළලුන් පිරිමි බළලුන්ට වඩා දකුණත් වීමට ඉඩ ඇති බවත් හොයාගන්න ලැබුණා.

බෝනස්: අපි හොඳින්ම දන්න කීර්තිමත් පුද්ගලයන් බොහොමයක් වමත්කරුවන් වේ.

සංගීතය, විද්‍යාව, රංගනය සහ කලාව වගේ විවිධ ක්ෂේත්‍රයන් තුළත් අද වෙනකොට වමත්කරුවන් බොහෝදෙනෙක් ප්‍රසිද්ධ වෙලා ඉන්නවා.

ඒ අතරින් කිහිපදෙනෙක් තමයි, ඇන්ජලීනා ජොලී, සාරා ජෙසිකා පාකර්, ටිම් ඇලන්, ඩේවිඩ් බෝවි, බෙන් ස්ටිලර්, ජෙනිෆර් ලෝරන්ස්, ඔවන් විල්සන්, ස්කාලට් ජොහැන්සන්, හග් ජැක්මන්, නොකොල් කිඩ්මන්, ටිනා ෆේ, ටොම් කෲස්, ජිම් කැරී, ලිසා කුද්‍රෝ කියන්නෙ.

Leave a Reply

Your email address will not be published.