වැළකී සිටීමෙන් ඔබට ඉතාම හොද රූපලාවන්‍ය ක්‍රියාවන් 8 ක්

අන්තර්ජාලයේ රූපලාවණ්‍ය උපදෙස් ඕනතරම් තියනවා. හැබැයි ඒ අතරින් සමහර ඒවා මහින් ඔයාට යහපතට වඩා වෙන්නෙ හානියක්. මොකද, අපේ සම විවිධාකාරයි. ඉතින් එක්කෙනෙක්ට ගැලපෙන රූපලාවණ්‍ය ආලේපනයක් තව කෙනෙක්ට නොගැලපෙන්න පුලුවන්. විශේෂයෙන් ඔයාට තියෙන්නෙ ගොඩක් සංවේදී සමක් නම්, ආලේපනයට කහ එකතු කිරීමෙන් ඔයාගෙ මුහුණේ කැසීම් ඇතිවෙන්න ඉඩ තියනවා.

රූපලාවණ්‍ය ක්‍රියා පිළිවෙලවල් අනුගමනය කිරීමෙන් සිදු විය හැකි හානිය වළක්වා ගැනීමට ඔයාට උදව් කරන්න අපි හිතුවා. ඉතින් අද අපි ඔයාට කියන්නෙ රූපලාවණ්‍ය ක්‍රම නිසා සමට සිදුවිය හැකි හානිය වළක්වගන්න සිදු කරන උපක්‍රම කිහිපයක් ගැනයි.

01. ෆේස් මාස්ක් දැමීම

ස්වාභාවික ෆේස් මාස්ක් අපේ සමට ප්‍රයෝජනවත් විය හැකි වුණත් ඔයා භාවිතා කරන අමුද්‍රව්‍ය ගැන පරිස්සම් වෙන්න. සමහර ඒවා මගින් මුහුණ අසාමාන්‍ය ලෙස කහ පැහැයකට හැරෙන්නත් ඉඩ තියනවා.

02. මුහුණට පොල්තෙල් භාවිතය

පොල්තෙල් වල ප්‍රතිඵලයක් විදිහට සමේ සිදුරු අවහිර වන නිසා කැසීම් සහ කළු ලප ඇතිවීමේ වැඩි ඉඩක් තියනවා. ශරීරයේ සමටත් එහෙමයි. ඔයාට ඔයාගෙ සම ගැන සැලකිලිමත් වෙන්න ඕන නම් සමට ගැලපෙන ක්‍රීම් වර්ග තෝරාගන්න.

03. සම පැහැපත් කිරීමට ලෙමන් භාවිතා කිරීම

ලෙමන් වල pH අගය 2-3 ක් වන අතර එමගින් සමේ ආරක්ෂක බාධකයට හානි සිදුවිය හැකියි. ඒ වගේම අපේ සමේ pH අගය 4-5 අතර අගයක් ගන්නවා. ලෙමන් භාවිතා කිරීමෙන් ඔයාගෙ මුහුණ තරමක් පැහැපත් කරගත හැකි වුණත්, හිරු එළියට නිරාවරණය වීමෙන් පසු සමට බිබිලි සහ කැසීම් ඇති වෙන්න පුලුවන්.

04. ශරීරයේ දුගඳ නැති කිරීමට ඇපල් සයිඩර් විනාකිරි භාවිතා කිරීම

ශරීරයේ දුගඳ නති කිරීම සඳහා ඇපල් සයිඩර් විනාකිරි භාවිතා කරනවා වුණත්, එහි ඇති ශක්තිමත් අම්ල නිසා සමේ පිලිස්සුම් තුවාල වෙන්න පුලුවන්. ඒ නිසා ඔයා සමට ඇපල් සයිඩර් විනාකිරි භාවිතා කරන්න කලින් එයට වතුර ටිකක් මිශ්‍ර කරලා තනුක කරගන්න අමතක කරන්න එපා.

05. බේකිං සෝඩා සහ කෝපි ‍යොදා සම ස්ක්‍රබ් කිරීම

බේකිං සෝඩා වලට සම ඉවත් කිරීමේ කාරකයක් ලෙස ක්‍රියා කළ හැකි අතර එමගින් සමේ මිය ගිය සමේ හා බැක්ටීරියා ඉවත් කළ හැකියි. හැබැයි එමගින් ඔයාගෙ සමේ තෙතමනය නැති වී වියලි වීමට ඉඩ තිබෙනවා. සමේ තෙතමනය සඳහා තිබෙන බාධකය නැතිවීම නිසා සම මතුපිට බැක්ටීරියා වර්ධනය වෙන්නත් හේතු වෙනවා.

06. කුරුලෑ හැකිලීමට දන්තාලේප යෙදීම

කුරුලෑ වියලීම සඳහා දන්තාලේප යෙදීමෙන් වැළකී සිටීම වඩා හොඳයි. දන්තාලේප මගින් ඔයාගෙ සම, විශේෂයෙන් ඔයාගෙ මුහුණ පිළිස්සීමට හා කෝපයට පත් කිරීමට ඉඩ තියනවා. ඊට අමතරව, එමගින් ස්පර්ශක ඩර්මැටිටිස් ලෙස හැඳින්වෙන කුෂ්ඨ රෝගය ඇති වෙන්නත් හේතු වෙනවා.

07. සමට හුමාලය ඇල්ලීම

අධික ලෙස වාෂ්ප ඇල්ලීමෙන් ඔයාගෙ සම කෝපයට පත් වී වියළීමට ඉඩ තියනවා. ඒ නිසා නිතරම හුමාලය ඇල්ලීමත්, වාෂ්පයේ උෂ්ණත්වය පාලනය කිරීමටත් වග බලා ගන්න. තාපය නිසා සමේ කොලජන් බිඳ දැමිය හැකි අතර එමඟින් මුහුණ ඉක්මනින් රැළි වැටෙන්න පටන් ගන්නවා.

08. මුහුණට බොඩි ලෝෂන් භාවිතා කිරීම

ලෝෂන් නිපදවා තිබෙන්නෙ ඔයාගෙ ශරීරය සඳහා පමණයි. ඒවා මුහුණේ ආලේප කලොත් ඔයාගෙ මුහුණේ තියන සංවේදී සම වියළීමට සහ ආසාදන ඇති වීමට හේතු වෙනවා. ශරීරයේ සම ඝනකම් නිසා ශක්තිමත් සුවඳ සහිත විලවුන් වර්ග හා මිල අඩු රූපලාවණ්‍ය ද්‍රව්‍ය ශරීරයට ආලේප කලාට ප්‍රශ්නයක් නෑ.

Leave a Reply

Your email address will not be published.