විද්‍යාවට අනුව ඔබේ බර වැඩි වීමට හේතු 9 ක්

ලොව පුරා බිලියන භාගයකට වඩා වැඩි පිරිසක් තරබාරු බව ඔබ දන්නවාද ? නමුත් අපගේ බර බොහෝ සාධකවල ප්‍රතිඵලයක් ලෙස හදුන්වන්න පුළුවන්. අපි ආහාරයට ගන්න කුණු කෑමම විතරක් නෙමේ මේකට වග කියන්න ඕන. අපි අද ඔබට අරගෙන ආවේ අධික බර හා තරබාරු වීමට හේතු කිහිපයක්.  මෙය ඇත්තෙන්ම ඔබට වැදගත් වේවි. ඔබත් මේ හේතු ඇහුවාම පුදුම වෙනවා නම් නොඅනුමානයි. කියවලම බලන්නකෝ. 

01. ගෙදර ආහාර ගැනීමෙන් වැළකීම. 

පවුලේ ආහාර වේලෙන් තරබාරුකමෙන් හා අධික බරින් ආරක්ෂා විය හැකි බව අධ්‍යයනවලින් පෙනී ගොස් තිබෙනවා. ආහාර ගැනීම සඳහා පවුලේ සාමාජිකයන් එකට එකතු වීම තුළින් චිත්තවේගීය සම්බන්ධතා ඇති කර ගැනීමටත් සෞඛ්‍ය සම්පන්න ආහාර පුරුදු දිරිගැන්වීමත් සිදු වීම මීට හේතු ලෙස දක්වලා තිබෙනවා. අවම වශයෙන් සතියකට තුන් වතාවක් පවුලේ ආහාර ලබා ගත් දරුවන් සෞඛ්‍ය සම්පන්න ආහාර අනුභව කර තිබෙන බව තවත් ඉදිරියට සිදු කරන ලද අධ්‍යන වලදී සොයාගෙන තිබෙනවා.

02. උපන් වර්ෂය

පර්යේෂකයකින්  තවත් සොයාගත් දෙයක් තමා ඔබේ ස්ථූලතාවය රදා පවතින්නේ ඔබේ උපන් වර්ෂය මත බව. FTO නමින් ජානයක් පවතිනවා මෙය මේද ස්කන්ධය හා තරබාරුකම හා සම්බන්ධ ජානයක් ලෙස හදුන්වන්න පුළුවන්. ඔබ 1942 න් පසු උපත ලැබුවන් පිළිබද අවධානය යොමු කරන්න. 1942 න් පසු ඉපදුනු බොහෝ දෙනා තරබාරුකමට ගොදුරු වන පුද්ගලයින්.

03. අවන්හල්වල සම්භාව්‍ය සංගීතය

අධ්‍යයනයකින් හෙළි වී ඇති පරිදි ශාස්ත්‍රීය සංගීතය පසුබිමේ වාදනය කරන අවන්හල්වල වැඩි ආහාර හා කෝපි පරිභෝජනය කිරීම සිදු වෙනවා. ඔබ අදින් පසු ආහාර පාන ලබා ගැනීමට අවන්හලකට යනවා නම් මේ පිළිබදවත් සලකා බලන්නට අමතක කරන්න එපා. 

04. රාත්‍රියේ වැඩ කිරීම

මිනිසුන්ට ආලෝකය නොමැති විට නිදා ගැනීමට සහ දිවා කාලයේදී ආහාර ගැනීමට තමා ස්වභාවදර්මය විසින් සැලසුම් කරල තියෙන්නේ. රාත්‍රියේ වැඩ කිරීමෙන් ඔබේ බර වැඩි වීම සිදු වෙනවා. මීට හේතුව වන්නේ එය භෞතික විද්‍යාත්මක චක්‍රය බිඳ දැමීම නිසා සමස්ත දෛනික බලශක්ති වියදම් අඩුවීමයි. ඔබ රාත්‍රියේ වැඩ කරන්නේ නම් බර වැඩිවීම වළක්වා ගැනීමට ඔබට තවමත් පුළුවන්. මීට එකම විසදුම වන්නේ ඔබ අඩු ආහාර ප්‍රමාණයක් ලබා ගැනීමයි.

05. නින්ද අවම වීම.

විද්‍යාත්මකව ඔප්පු වී ඇති දෙයක් තමා ඔබ නින්ද අවම ලෙස ලබා ගත් විට ඔබ මහත් වෙනවා කියන එක. බලශක්ති පරිවෘත්තීය ක්‍රියාවලියෙහි නින්ද වැදගත් කාර්‍යය භාරයක් සිදු කරනවා. මේ නිසා අප නින්ද අඩුවෙන් ලබා ගත් විට අපට බොහෝ ආහාර ගැනීමට කැමැත්තක් ඇති වෙනවා. මෙහිදී අපගේ අවධි‍යෙන් සිටීම පාලනය කිරීමට ඇති එකම මග කෑම වීම නිසා තමා අපි ආහාර ලබා ගැනීම සිදු කරන්නේ. 

06. පරිසර දූෂණය

මෙයනම් ඔබට ඇත්තටම අලුත් දෙයක් වෙන්න ඇති. ඔබ මෙය කලින් ආසා නැතුව ඇති බොහෝ විට. ඒත් ඔබ දන්නවාද?  ඇතැම් පාරිසරික දූෂනවලට නිරාවරණය වීමෙන් තරබාරු වීමේ අවදානම තීව්‍ර වීම සිදු වෙනව. සමහර අපවිත්‍ර ද්‍රව්‍ය මේද පටක වල ගොඩ නැගීම තමා මීට හේතුව වන්නේ.  මස් හා මේද මාළු වැනි අධික මේද සහිත ආහාර මගින් තමා මෙම අපවිත්‍ර ද්‍රව්‍ය ශරීරයට ළඟා වීම සිදු වන්නේ. 

07. ඕනෑවට වඩා රූපවාහිනිය නැරඹීම

තරබාරු වීමේ අවදානම 23% කින් වැඩි කිරීම සිදු කරනවා සෑම දිනකම පැය දෙකකට වඩා රූපවාහිනිය ඉදිරිපිට වාඩිවීම තුළින්. රූපවාහිනිය බලමින් නිදාගැනීම මෙම අවදානම තවදුරටත් වැඩි කිරීම සිදු කරනවා.  රාත්‍රියේ නිදා සිටියදී කෘතිම ආලෝකයට නිරාවරණය වීමෙන් තරබාරුකම හා දියවැඩියාව ඇති කරන පරිවෘත්තීය ආබාධවලින් අපව ආරක්ෂා කරන මෙලටොනින් නම් හෝමෝනය අඩු කරන බව අධ්‍යනයකට අනුව සොයාගෙන තිබෙනවා. 

08. ආතතිය, මානසික අවපීඩනය, කාංසාව .

පශ්චාත් කම්පන සහගත ආතතියෙන් පෙළෙන කාන්තාවන් තුල වේගයෙන් බර වැඩිවන අතර තරබාරුකමට ගොදුරු වීමේ අවදානම මෙම තත්වයට පත් නොවන අයට වඩා වැඩි බව සොයාගෙන තිබෙනවා. නමුත් තවත් හොද දේකුත් මෙහි තිබෙනවා. මෙම ආබාධයේ රෝග ලක්ෂණ අඩු වන විට තරබාරු වීමේ අවදානම බෙහෙවින් අඩු වීමද මෙහි සිදු වෙනවා.  මිනිසුන්ගෙන් අඩකට වඩා වැඩි ප්‍රමාණයක් ආහාර ගැනීමෙන් ආතතියට ප්‍රතිචාර දැක්වීම කරන බව ඔබ සමහර විට නොදැන ඉන්න ඇති, විශේෂයෙන් මේද හා සීනි අධික ආහාර මොළයේ විපාක මධ්‍යස්ථානයට බලපානවා.

09. ‘අඩු මේද’ ආහාර අනුභව කිරීම

අධික මේද සහිත කිරි ආහාරයට ගැනීමෙන් මධ්‍යම තරබාරුකම ඇතිවීමේ අඩු අවදානමක් ඇති බව අධ්‍යනයකට අනුව සොයාගෙන තිබෙනවා. මේවා මේද රහිත හෝ සැහැල්ලු නිෂ්පාදනවලට වඩා ඇත්තෙන්ම හොදයි.  අඩු මේද ලෙස ප්‍රචාරය වන බොහෝ නිෂ්පාදනවල කැලරි ප්‍රමාණයට වඩා වැඩි කැලරි ප්‍රමාණයක් ඇති බවත් ඇතැම් අධ්‍යයනවලින් සොයාගෙන තිබෙනවා. 

Leave a Reply

Your email address will not be published.