විද්‍යාවට අනුව ඔබේ මුහුණ සේදිය යුතු වාර ගණන මෙන්න

ඔයා ඔයාගෙ යාලුවො පස් දෙනෙක්ගෙන් එයාලා දවසට කොපමණ වාර ගණනක් මුහුණ සෝදනවද කියලා ඇහුවොත් ඔයාට එකිනෙකට වෙනස් උත්තර පහක් ලැබෙයි. ඇත්තටම සම පිරිසිදු කරන්න ඕන නිශ්චිත වාර ගණනක් නෑ. ඒත් අපි අපේ සම පිරිසිදු කරන්න ඕන ආකාරය අපේ වයස, අපි දවස පුරා කරන වැඩ, කාලගුණය වගේ හේතු මත වෙනස් වෙනවා.

ඉතින් අද අපි ඔයාට කියන්නෙ ඔයාගෙ සමේ තත්වය අනුව, ඔයා දවසේ කරන වැඩ අනුව දවසට කී වතාවක් මුහුණ පිරිසිදු කරන්න ඕනෙද කියලයි.

01. සම වියළි හෝ සංවේදී නම්,

වියලි සමක් තියන මුහුණක් නිතරම වතුරෙන් සෝදනකොට ඇත්තටම එයින් යහපතකට වඩා වෙන්නෙ හානියක්. ඔයාගෙ සම වියළී හා ඕනෑවට වඩා සංවේදී නම්, කිසිම නිෂ්පාදනයක් භාවිතා නොකර උදේට උණුසුම් වතුරෙන් මුහුණ සෝදන්න. රෑට නින්දට කලින් මෘදු සහ තෙල් මත පදනම් වූ නිෂ්පාදනයක් භාවිතා කිරීමෙන් සමට කෝපයක් ඇති නොකර මුහුණ සෝදගන්න.

02. සම තෙල් සහිත නම්,

ඔයාට තියෙන්නෙ සිනිඳු, දිලිසෙන සමක් වුණත්, දිනකට දෙවරකට වඩා මුහුණ සේදීමෙන් වළකින්න. මොකද එමගින් සෙබම් නිෂ්පාදනය වැඩි කරලා කුරුලෑ කරන්න හේතුවෙනවා. ඔයාගෙ සමේ තෙල් ගතිය පාලනය කර ගැනීමට, ඇසිඩ් බේස් ක්ලෙන්සර් එකක් මගින් මුහුණ පිරිසිදු කරන්න. ඒත් අනවශ්‍ය විදිහට වැඩි වෙලාවක් මුහුණ සේදීම සුදුසු නැති බව මතක තබා ගන්න.

03. ගොඩක් මේකප් කරනවා නම්,

හොඳ මේකප් එකකින් ඔයාගෙ පෙනුම වගේම පෞරුෂයත් වැඩිදියුණු කරන්න පුලුවන් බව අපි දන්නවා. හැබැයි, නිතරම මුහුණේ මේකප් නිෂ්පාදන ගොඩක් ආලේප කරගෙන ඉන්නකොට ඒවා සමේ සිදුරු ඇතුළට ගිහින් සිදුරු අවහිර වෙනවා. එමගින් සම අකලට වයසට යන්නත් පටන් ගන්නවා. ඒ නිසා මේකප් ඉවත් කිරීමේදී හොඳ ක්ලෙන්සර් එකක් භාවිතා කරන්න අමතක කරන්න එපා. දිනපතාම හොඳින් මුහුණ සේදීමෙන් ඔයාගෙ සම දිගු කලක් නැවුම්ව සහ තරුණව තබාගන්න පුලුවන්.

04. දිනපතාම ජිම් එකට යනවා නම්,

ක්‍රියාශීලීව ඉන්නකොට ශරීරයේ බර පාලනය කරගෙන ජවසම්පන්නව ඉන්න ලැබෙනවා. ඒත් ඔයා ව්‍යායාම කරන්න කලින් මේකප් ඉවත් කරගෙන ඉන්න වගබලාගන්න ඕන. මොකද ජිම් එකේ ව්‍යායාම කරද්දි මුහුණට දාඩිය දානවා වගේම මැරුණු සමත් එකතු වෙනවා. එතකොට සමේ සිදුරු අවහිර වෙන නිසා ව්‍යායාම කරන්න කලින් මේකප් ඉවත් කරන එක සමට ගොඩක් වැදගත්. ඒ වගේම ව්‍යායාමය අවසන් වුණු ගමන් හොඳින් සම සේදීමෙන් කුරුලෑ ඇති කළ හැකි බැක්ටීරියා ඉවත් කරගන්න පුලුවන් වෙනවා.

05. කාලගුණයට අනුව වෙනස්වන සමක් තිබෙනව නම්,

ඔයා සමට ගැලපෙන හොඳම නිෂ්පාදනයක් තෝරගත්තම, ඒක හැමදාම පාවිච්චි කරන්න පුරුදු වෙනවා. ඒත් අපේ සම ආරක්ෂණ දින චර්යාව විවිධ කාල වකවානුවලට අනුව හැඩගැස්වීමෙන් කරදරකාරී සමේ තත්ත්වයන් රැසක් වළක්වා ගන්න පුලුවන්. ඒ වගේම සම අකලට රැළි වෙන්නෙත් නෑ. සීත කාලෙදි වාතය සිසිල් සහ වියළි වන නිසා, දිනකට එක් වරක් මුහුණ සෝදා සමේ තෙතමනය රඳවා තබාගත හැකි ක්‍රීම් එකක් හෝ සීරම් එකක් ආලේප කරන්න.

Leave a Reply

Your email address will not be published.