විද්‍යාවට අනුව ඔබේ සෞඛ්‍යයට සහ පෞරුෂයට උපන් මාසය බලපාන අයුරු

මැයි මාසයේ උපන් අය ශුභවාදී වීමට නැඹුරු වන අතර නොවැම්බර් මාසයේ උපන් අය වෙනස්ම ඇසකින් ලෝකය දකින්න නැඹුරු වෙනවා. අධ්‍යයනයකින් කියවුනේ ඔයාගෙ උපන් කාලය සහ මාසය ඔයාගෙ පෞරුෂයට සහ කුසලතාවලට බලපෑම් ඇති කරන බවයි.

ඉතින් දැන් අපි බලමු ඔයා ඉපදුණු මාසය අනුව ඔයාගෙ පෞරුෂය සහ සෞඛ්‍යය ගැන කියවෙන දේවල් මොනවද කියලා.

01. ජනවාරි

ඇත්ත වශයෙන්ම, ජනවාරි මාසයේ උපන් අය වෛද්‍ය වෘත්තිය, ණය-එකතු කිරීම හෝ ක්‍රීඩක ක්‍රීඩිකාවන් වීමට පවා නැඹුරු වෙනවා. ඒ වගේම ඔවුන් නිර්මාණශීලී සහ ප්‍රසිද්ධ වීමට වැඩි ඉඩක් තිබෙනවා.

ඔයාගෙ සෞඛ්‍යය සාමාන්‍යයට වඩා හොඳ වීමට නැඹුරු වන අතර ඔයා ගොඩක් ගැටලුවලින් ආරක්ෂා වෙලත් තියනවා. චිත්තවේගීය සෞඛ්‍යය ගැන වැඩි අවධානයක් යොමු කරන්න. භින්නෝන්මාදය සහ බයිපෝල අක්‍රමිකතාව ජනවාරියේ උපන් අය අතර බහුලව දක්නට ලබෙනවා.

02. පෙබරවාරි

පෙබරවාරි මාසයේ උපන් අය එයාලගෙ ජීවිත තුළ සහ වෘත්තීය ජීවිතය තුළ සතුටින් සිටීමට නැඹුරු වෙනවා. පෙබරවාරි කියන්නෙ නිර්මාණශීලීත්වයේ මාසය වන අතර ඔයා කලාකරුවෙකු ලෙස වෘත්තීය මාවතක් අනුගමනය කරමින් ප්‍රසිද්ධ පුද්ගලයෙකු බවට පත් වෙන්න ඉඩ තියනවා.

පෙබරවාරි මාසයේ ඉපදුණු අය බොහෝ රෝගවලින් ගොඩක් දුරට ආරක්ෂා වෙලා තිබෙනවා. ඒ වගේම, ඔයාට ස්නායු රෝග වගේන ශ්වසන සහ ප්‍රජනක රෝගවලට එරෙහිව යම් ආරක්ෂාවකුත් තියනවා.

03. මාර්තු

මාර්තු මාසයේ උපත ලද බොහෝ අය හැමවිටම හොඳ මනෝභාවයකින් සහ ධනාත්මකව ජීවත් වෙනවා.

සෞඛ්‍යය සම්බන්ධයෙන් ගත්තම, මාර්තු මාසයේ උපන් අයට එයාලගෙ හෘද වාහිනී පද්ධතිය ගැන වැඩි අවධානයකින් ඉන්න වෙනවා.

04. අප්‍රේල්

මාර්තු මාසයේ උපන් මිනිසුන්ට වගේම, අප්‍රේල් මාසයේ උපන් අයත් ශීත, ගිම්හාන සහ සරත් සෘතුවේ උපන් මිනිසුන්ට සාපේක්ෂව ධනාත්මක බවින් වැඩියි. වෘත්තිය සම්බන්ධයෙන් ගත්තම, අප්‍රේල් උපන් අය විවිධ වෘත්තීය අවස්ථා වලින් තෝරා ගැනීමට අවස්ථාවක් තියනවා.

ඔයාට ගොඩක් සෞඛ්‍ය ගැටළවලට එරෙහිව ඉතා හොඳ ආරක්ෂාවක් තිබෙනවා. ඒත් ඔයා ඔයාගෙ හෘද වාහිනී පද්ධතිය ගැන සැලකිලිමත් වෙන්න ඕන. හැබැයි, ඔයාට ADHD වැළඳීමට ඇති ඉඩ අඩුයි.

05. මැයි

මේ මාසයේ උපන් බොහෝ අය වාසනාවන්තයන් ලෙස සලකන්න පුලුවන්. ඔයා ඉපදුණේ ශුභවාදියෙක් වෙන්නයි. මැයි වල ඉපදුණු අයගෙ තේරීම් පුළුල් නිසා එයාලා තනි වෘත්තියක් කෙරෙහි පමණක් අවධානය යොමු කරන්නෙ නෑ.

සෞඛ්‍යය සම්බන්ධයෙනුත් ඒක එහෙමයි. මැයි මාසෙ උපන් අය සාමාන්‍යයෙන් කිසිදු අධි අවදානම් රෝගයකට ගොදුරු නොවන අතර ඒවාට එරෙහිව ඉහළ ආරක්ෂාවක් තිබෙන අයයි. කොහොම වුණත්, අධ්‍යයනයන්ට අනුව, එයාලා ශුභවාදී වුණත්, මානසික අවපීඩනයට ගොදුරු වෙන්න ඉඩ තියනවා.

06. ජූනි

ජුනි මාසයේ උපන් අය මනෝභාවය වෙනස් වීමට වැඩි නැඹුරුවක් දක්වන අතර එයාලගෙ සතුට ගොඩක් වේගයෙන් ඇති සහ නැති වෙනවා. මේ මාසයේ උපන් අයට පොදු දෙයක් තමයි, පාසල් ප්‍රවේශය ප්‍රමාද වීම. නමුත් අධ්‍යයනවලින් පෙන්වන පරිදි පාසල ආරම්භ කිරීමට පෙර පරිණත වීමට වැඩි කාලයක් තියන නිසා ජුනිවල ඉපදුණු අය විශිෂ්ඨ අධ්‍යයන ජයග්‍රහණ අත්කරගන්නවා.

සෞඛ්‍යයට අනුව, සුළු ශ්වසන සහ හෘද වාහිනී අවදානම් තිබිය හැකි නමුත්, ජුනි මාසයේ ළදරුවන් ගොඩක් සෞඛ්‍ය සම්පන්නයි. ඊට අමතරව, එයාලට ප්‍රජනක රෝග වලින් යම් ආරක්ෂාවක් තියනවා.

07. ජුලි

අධ්‍යයනයකට අනුව ජූලි මාසයේදී ඉපදුණු අයට තමන්ගේ චිත්තවේගීය ජීවිතය සහ ආක්‍රමණශීලීත්වය තනිවම පාලනය කරගන්න හැකියාව තියනවා. ජූලි වල උපන් ගොඩක් අයට කලාත්මක හැකියාවන් ඇති අතර වම් අත හුරු අය බොහොමයක් ඉපදිලා තියෙන්නෙත් ජුලි මාසයේයි.

මෙයාලට ප්‍රජනක සහ සමස්ත සෞඛ්‍යයට එරෙහිව ආරක්ෂාවක් තිබෙනවා. ඒ වගේම ජුලි මාසයේ උපත ලද ගැහැණු ළමයින් වැඩිවියට පත් වෙන්න ටිකක් කල් යනවා.

08. අගෝස්තු

අගෝස්තු මාසයේ උපත ලබන අයගේ අධ්‍යයන ඉලක්ක අඩුයි. සංඛ්‍යාලේඛනවලට අනුව, වසර 16ක වටිනා දත්ත පෙන්නුම් කරන්නේ බොහෝ මිනිසුන් අගෝස්තු මාසයේ උපත ලබා ඇති බවයි. ඒ වගේම, අගෝස්තුවේ උපන් අය සුබවාදියි. ධනාත්මක සිතුවිලිවලින් යුක්තයි.

ඕනෑවට වඩා ධනාත්මක වීමත් සමඟ එන මනෝභාවය වෙනස්වීම් බයිපෝල රෝග සඳහා අවදානම අඩු කරනවා. කාන්තාවන්ට වැඩිහිටි අවධියේදී සෞඛ්‍ය සම්පන්න ජීවිතයකුත් ලැබෙනවා.

09. සැප්තැම්බර්

සරත් සෘතුවේ උපන් අයගේ මානසික අවපීඩනය අඩු මට්ටමක පවතිනවා හැබැයි සැප්තැම්බර් මාසයේදී ඉපදෙන අය මානසික අවපීඩනය සමඟ සටන් කරලා මලල ක්‍රීඩාවලිනුත් සාර්ථක වෙනවා.

සැප්තැම්බරයේ උපන් අයට රෝග වර්ධනය වීමේ මධ්‍යස්ථ අවදානමක් ඇති නමුත් ඇදුම සඳහා ඉහළ අවදානමක් තිබෙනවා.

10. ඔක්තෝම්බර්

සැප්තැම්බර් මාසයේ උපන් අය වගේම, ඔක්තෝම්බර් මාසයේ උපන් අයත් සාමාන්‍යයෙන් ක්‍රීඩාවට විශිෂ්ටයි. සරත් සෘතුවේ උපත ලැබූ බොහෝ මිනිසුන් උස වන අතර, ඔක්තෝබර් මැද උපන් අය ඊටත් වඩා උස වෙන්න පුලුවන්.

ඔක්තෝබර් මාසයේ උපත ලැබූ අයට රෝග වර්ධනය වීමේ සම්භාවිතාව බෙහෙවින් වැඩියි. හැබැයි මෙයාලට හෘද වාහිනී ගැටළු සඳහා තියෙන්නෙ අඩු අවදානමක්.

11. නොවැම්බර්

නොවැම්බර් මාසය ඇතුළුව, සරත් සෘතුවේ උපන් අය, අධි අවධානයට ලක් වෙනවා. ඔවුන්ට මානසික අවපීඩනයේ ඇතිවෙන්න තියෙන්නෙ අඩු අවදානමක්. එය ඔවුන්ගේ ඉලක්ක කරා ළඟා වන විට ඔවුන්ගේ ජීවිතයේ වාසියක් වෙනවා.

අනෙකුත් මාසවල උපන් පුද්ගලයින් හා සසඳන විට නොවැම්බරයේ උපත ලබපු අයට ගොඩක් දේවල්වලට ඉහළ අවදානමක් තියනවා. විශේෂයෙන්ම ශ්වසන රෝග ඇතිවීමේ අවදානම වැඩියි. නොවැම්බර් මාසයේ උපන් අය අතර ADHD උපරිම බවත් පර්යේෂකයන් කියනවා.

12. දෙසැම්බර්

දෙසැම්බර් මාසයේදී ඉපදුණු අය ලොව විරලතම මිනිසුන්ගෙන් කෙනෙක් විය හැකි බව සැලකෙනවා. හැබැයි මනෝභාවය සම්බන්ධයෙන් ගත්තම, ඔයා ලේසියෙන් කෝපයට පත් නොවන අතර ග්‍රීෂ්ම ඍතුවේ උපන් අයට වඩා ස්ථීර මත දරණවා.

දෙසැම්බරයේ උපත ලැබූ අයට ප්‍රජනක පද්ධතිය ආශ්‍රිත රෝග ඇති වීමේ ඉහළ අවදානමකුත් පවතිනවා.

Leave a Reply

Your email address will not be published.