විද්‍යාවෙන් තවමත් පිළිතුරු සොයන ලෝකය පිළිබද ප්‍රශ්න 9 ක්

‌මිනිසා කෙතරම් දියුණු උනත් තවමත් මිනිසාට සොයාගැනීමට හැකියාවක් ලැබී නැති දේවල් කිහිපයක් තිබෙනවා. විශ්වය කෙතරම් ලොකුද. අපි සමහර විට සොයාගෙන තිබෙන්නේ හරිම ස්වල්පයක් වෙන්න ඇති. ලෝකයේ අප පුදුම කරන තවත් බොහෝ පුදුමසහගත අභිරහස් දේවල් තව කොතරම් නම් ඇත්ද. මේ වගේ සමහරක් පුදුම සහගත දේවල් කිහිපයක් තමා අද අපි ඔබට අරගෙන ආවේ.

මේ උදා වී තිබෙන්නේ ජීවිතයේ සංකීර්ණ භාවයෙන් නැවතත් පුදුම විය යුතු කාලයක්. කව්ද දන්නේ? සමහර විට මිනිස් වර්ගයා මේ අභිරහස් විසඳාවි.  

01. ස්වභාව ධර්මය කාන්තාවන්ට විශාල පියයුරු ලබා දුන්නේ ඇයි? 
© Arsenic Magazine

ගැහැණු වානරයන්ගේ මෙන් කාන්තාවන්ගේ පියයුරු විශාල වන්නේ තම අලුත ඉපදුණු දරුවාට මව්කිරි පෙවීමට සිදු වූ විට පමණි. නමුත් සතුන් මෙන් නොව, කාන්තාවන් මව්කිරි ලබා නොදෙන විට පවා පියයුරු සංසන්ධනාත්මකව විශාලව පවතිනවා. ප්‍රවීණයින් නිතරම මෙසේ වීමට හේතුව පිළිබඳව වාද කරනවා. 

පරිණාම ජීවවිද්‍යාඥයින් වැඩි ප්‍රමාණයක් විශ්වාස කරන්නේ පියයුරු වල අරමුණ විරුද්ධ ලිංගිකයින් ආකර්ෂණය කරගැනීම බවයි. එමඟින් තනි කාන්තාවක් ලෙස වුවත් ඔවුන්ගේ දරුවන්ට රැකබලා ගැනීමට හැකියාව ඇති බව අනාගත සහකරුවන්ට පෙන්නුම් කරනවා. 

නමුත් මානවවිද්‍යාඥයින් මෙම අදහස සැක කරන්නේ, බොහොමයක් සංස්කෘතීන්වල කාන්තා පියයුරු, පිරිමි ජනග්‍රහණය අතර ලිංගික ආකර්ෂණයක් ලෙස නොසලකන බැවිනි.

02. තල්මසුන් වෙරළට තල්ලු වන්නේ ඇයි?

ඇරිස්ටෝටල්ගේ කාලයේ සිටම තල්මසුන් සහ ඩොල්ෆින් මසුන් රංචු පිටින් මුහුදු වෙරළට ඇදී ඒමට හේතුව තවමත් මිනිසුන්ට අභිරහසක්. නොගැඹුරු ජලයේ සිර වීමෙන් ඉක්මනින්ම ඔවුන් මරණයට පත්වෙනවා. මෙය පැහැදිලි කිරීමට දුසිම් ගණනින් උපකල්පන තිබෙනවා.

සුළඟේ ඇතිවන මාරුවීමක් හේතුවෙන් ජලයෙහි පාවෙන ශාක විත මුහුදු වෙරල දෙසට පාවී යනවා, මෙය සතුන්ව වියළි පොලොව දෙසට ඒමට පොළඹවනවා. 

පැහැදිලි කල නොහැකි ආකාරයට සූර්යය කුණාටු මඟින් මෙම ක්ෂීරපායින්ට බලපෑම් ඇති වෙනවා.

මේ සඳහා වගකිව යුත්තේ විලෝපියන්ය.

සාගරයේ ශබ්ද දූෂණය හේතුවෙන් තල්මසුන්ගේ ශ්‍රවන ඉන්ද්‍රීන්ට හානි වන බැවින් තාමන්ගේ දිශානතිය සොයාගත නොහැකි වෙනවා.

03. තාරකා ජෙලි (star jelly) කියන්නේ මොනවාද?

ලෝකය පුරා විවිධ ස්ථානවලින් ආරම්භයක් නොදන්නා අමුතු ජෙලි වගේ දෙයක් තණකොළ මත තිබෙන ආකාරය මිනිසුන් දැක තිබෙනවා. විශ්ලේෂණය කළ විට මේවා තුල බැක්‍ටීරියා සහ පණුවන්ගේ DNA හඳුනාගෙන තිබෙනවා. මෙයට හේතුව එම ජෙලි කොටස් පොළවේ තිබීම වෙන්න පුළුවන්.

විවිධ පැහැදිලි කිරීම්වලට අනුව, මේවා නිෂ්පාදනය කරන්නේ කොළ-නිල් ඇල්ගී විශේෂය හෝ උභය ජීවින් විසිනි. මෙය දිලීර වර්ගයක නවතම ආකාරයක් යනුවෙන්ද මතයක් පවතිනවා.

මේ පිළිබඳව නිශ්චිත පිළිතුරක් අද වනතෙක් නැතත්, උල්කා මඟින් පෘථිවියට ආ බව විශ්වාස කරන බැවින්  අභ්‍යවකාශ ජෙලි (Space jelly) නමින්ද මේවා හඳුන්වනවා.

04. සෙනසුරු ග්‍රහයා මත විශාල ෂඩාස්‍ර ආකෘතියක් ඇති වුණේ කෙසේද?

සෙනසුරු ග්‍රහලෝකය මත දක්නට ලැබෙන ආකර්ෂණීය නමුත් අද්භූත සිදුවීමක් වන්නේ වර්ග කිලෝමීටර් 25,000ක් පුරා විහිදී පවතින ෂඩාස්‍රාකාර වළකුළු සැකැස්මයි. තේරුම් ගත හැකි දුරට මේ තිබෙන්නේ ගොඩක්  අසාමාන්‍ය සුළි කුණාටු සැකැස්මක්.

විද්‍යාඥයින්ට මේ සැකැස්ම විද්‍යාගාර‍යක් තුල ආදර්ශනය කිරීමේ හැකියාව ඇතත්, සෙනසුරු මත මේ ආකාරයට ඉතාම සුන්දර සැකැස්ම ඇති වූ විධිය පිළිබඳවත්, එය නොවෙනස්ව මේ තරම් දිගු කලක් පැවතීමට හේතුව අද වන තෙක් විද්‍යාඥයන් සොයාගෙන නැහැ.

05. කවදා හෝ අපට රොබෝවරු සමඟ සංවාදයක් කල හැකි වේවිද?

කෘත්‍රිම බුද්ධිය අඛණ්ඩව දියුණු වුවත්, රොබෝවරු සමඟ නිදහසේ සංවාදයක් කිරීමේ මට්ටමට අපි කවදා හෝ පැමිණේවිද යන්න තවමත් දන්නේ නැහැ.

දැනට මිනිසෙකු සමඟ කතා කිරීමට පරිගණකයකට සිදු කර ඇති ඉගැන්වීම් සියල්ලම අසාර්ථක වී තිබෙනවා.

06. ජීවය ආරම්භ වූයේ කෙසේද?

වර්තමානයේ පවතින අතිප්‍රමුඛ මූලධර්මයට අනුව ජීවය ආරම්භ වී තිබෙන්නේ රසායනික හා  භෞතික ක්‍රියාවලි මඟින් හටගත් අකාබනික මූලද්‍රව්‍ය මඟිනි.

ඒත් අද වනතුරු පදාර්ථයක ජීවි සහ අජීවි බව නිවැරදිව නිර්ණය කරන සලකුණ දන්නේ නැහැ. එමෙන්ම එක් අණුවක් තවත් අණුවකට ජානමය ලක්ෂණ උරුම කරන්නේ කෙසේද කියා දන්නෙත් නැහැ.

07. භූමි කම්පා ඇතිවීමට පෙර සතුන්ට ඒ බව දැනෙනවා කියන්නේ ඇත්තක්ද?

කිසියම් ආකාරයක ස්වාභාවික විපතක් සිදුවීමට පෙර ගෘහස්ත සතුන්ගේ අසාමාන්‍ය හැසිරීම් නිරීක්ෂණය වන බව අතීත ග්‍රීසියේ සිටම වාර්තා වෙලා තියෙනවා.

ඒත් මේ පිළිබඳව අද වනතුරු පැහැදිලි කල නොහැක්කේ ස්වාභාවික විපත් ප්‍රතිනිර්මාණය කිරීමට  හැකියාවක් විද්‍යාව සතුව නොපවතින බැවිනි.

‌මේ පිළිබඳව පල වී ඇති එක මතයක් වන්නේ භූමිකම්පා හටගැනීමට පෙර වා තලයට මුසු වන ආරෝපිත අංශු වලින්  සතුන් මේ පිළිබඳව දැනගන්නා බවයි. නමුත් මේ බව තවමත් තහවුරු වී නැහැ.

08. අඟහරු ග්‍රහයා මත දක්නට ලැබෙන තද පැල්ලම් මොනවාද?

අඟහරු ග්‍රහයා මතුපිට සමහර විට කළු පාට තීරු හටගැනීමට හේතුව කාලාවර්තක ලෙස වතුර ගලා යාම කියා අඟහරු පිළිබඳව අධ්‍යනය කරන විද්‍යාඥයන් විශ්වාස කරනවා.

රතු ග්‍රහයා මතුපිට බෑවුම් තියෙන සහිත ස්ථානවල දක්නට ලැබෙන මේ සළකුණු, සීත සෘතුව එළඹෙන විට නැවත නොපෙනී යනවා. මෙම සලකුණු සෑම වසරකම එකම ස්ථානවල දක්නට ලැබෙනවා.

මෙය සිදුවන්නේ ඇයි කියා තවමත් සම්පූර්ණයෙන්ම හඳුනාගෙන නැතත්, වතුර ගලායාමක් නිසා ඇති වූ බව කියන මතය සමහර ප්‍රවීණයින් බැහැර කරනවා.

09. සුමේරියානුවන් ආවේ කොහි සිටද? ඔවුන් කතා කළ භාෂාව කුමක්ද? 

බැබිලෝනියානු හා ඇසිරියානු ශිෂ්ටාචාර තමන්ටම අවේණික සංස්කෘති සකස් කරගත්තේ සුමේරියානු ශිෂ්ටාචාරය මත පදනම්වයි. සුමේරියානුවන් යනු  තාරකා විද්‍යාවේ සිට භෞතික විද්‍යාව දක්වා ඉතා පුළුල් විෂය ක්ශේත්‍ර ගණනාවකම පුරෝගාමිත්වය ලබාගත් අතිදක්ෂ පිරිසකි.

අදටත් ඔවුන්ගේ සමාජය ඇති වූ ආකාරය සොයාගෙන නැහැ.. සුමේරියානු භාෂාව හා අනෙක් භාෂා අතර සමානාත්මතාවයක් සොයා ගැනීමත් ඒ වගේම අසීරු වී තිබෙනවා, සුමේරියානු කීලරූපි ලේඛන පරිවර්තනය කරන්නේ අකාඩියන් නමැති භාෂාව භාවිතා කරගෙනයි, එය සහ ලෝකයේ අනෙක් භාෂා සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා.

Leave a Reply

Your email address will not be published.