විවාහයෙන් පසුව ඔබට ඇති වන ගැටළු සහ ඒවාට විසදුම් 13ක්

‌ අපි සියලු දෙනාට විවිධ අවස්ථා වලදී අර්බුධ වලට මුහුණ දීමට සිදු වෙනවා. විවාහ උනාම මෙම අර්බුධ ඉතින් ටිකක් වැඩි වෙනවා. මේවා සමහර විට හරිම පොඩි ගැටලු වෙන්න පුළුවන් ඒ වගේම මේ අර්බුධ විශාල ඒවාත් වෙන්න පුළුවන්. ඉතින් මේ අර්බුද නිසාම සමහර යුවළයන් විවාහ වෙලා හරිම පොඩි කාලයෙකින් වෙන් වෙනවා. මේ අතරම තවත් සමහර පුද්ගලයින් නම් තම විවාහ ජීවතේ කොතරම් අර්බුධ ආවත් ඒවා ලස්සනට විසද ගෙන හරිම ලස්සනට ජීවත් වෙනවා. මේ වාසනාව නිසාම නෙමේ මීට බුද්ධිමත් කමත් බලපානවා. ඔබ විවාහ වුනු පුදගලයෙක් නම් ඔබ මතක තබා ගත යුතු දෙයක් තිබෙනවා ඒ තමා ඔබට විවාහ ජීවතයේ පැමිණෙන සියලු ගැටලුවක්ම ඔබ දෙදෙනාගෙන වන බවයි. ඕනෑම ගැටලුවකට මුහුණ දීමට ඔබට හැකී ඔබ දෙදනාම එකා මෙන් සිටියහොත්.

අද අපි ඔබට අරගෙන ආවේ මේ වගේ ගැටලු කිහිපයක් සහ ඒවා විසදා ගන්නා ආකාර කිහිපයක් පිළිබදව.

01. අමතර බර

ඔබ දැක ඇති බොහෝ පුද්ගලයින් විවාහ උනාට පස්සේ ටිකක් මහත් වෙනවා. අලුත විවාහ වූ යුවළයන් ඔවුන්ගේ විවාහ ජීවිතයේ පළමු වසර තුළදී රාත්තල් 3-5ක් පමණ බර වැඩි වීම සිදු වෙන බව ග්ලාස්ගෝ විශ්ව විද්‍යාලයේ සිදු කරන ලද පර්‍යේෂනයකින් ඔප්පු වෙලා තිබෙනවා. තනිකඩ අයට වඩා රාත්තල් 13 ක් බරින් වැඩී විවාහ වුනු පුද්ගලයෙක්. බොහෝ විට මෙය තමන්ගේ මනසේ සන්සුන් භාවය සමගත් සම්බන්ධ වෙනවා. එකිනෙකා අතර හොද විශ්වාසයකින් සිටිනවා නම් එය ඔබේ මනසට බොහෝ සැහැල්ලුවක් වේවි.

මේ සදහා ඔබ කල යුතු දේ

ඔබ අසල තවත් බර අඩු කර ගැනීමට කෙනෙක් සිටින නිසා දැන් ඔබ දෙදෙනාටම එක් වී මේ සදහා හොද සටනක් දෙන්න හැකියාවක් තිබෙනවා. නමුත් මෙහිදී පර්‍යේෂකවරුන් පවසන පරිදි පිරිමි පුදගලයින් තම බර අඩු කර ගත්තද කාන්තාවන් මෙහිදී ඇතැම් විට පසුබෑමකට ලක් වේ. ඔබට හැකී දෙදෙනාත් සමගම හවසට ඇවිදින්න යන්න, බයිසිකල් පදින්න, එහෙමත් නැත්තනම් උඩ පනින්න ( ස්කිපින්) හොද ප්‍රතිඵල ලබා ගත හැකි වේවි.

02. දරුවන්ගේ උපත සමග මූලයය අර්බුධයන්ට මුහුණ දීමට සිදු වීම.

තරුණ පවුලක මූල්‍යමය ගැටලු ඇති වීමට හේතුවක් තමා දරුවෙකු ලැබීම කියල කියන්නේ. දෙමව්පියන් සෑම විටම පාහේ දරුවන් ලැබීමට සූදානම් නැති බවත් එය ඔවුන්ගේ මූල්‍ය තත්වය මත රඳාපැවතීම මීට හේතුව බවත් නර්ඩ් වොලට් විසින් කරන ලද සමීක්ෂණවලින් පෙනී ගියේය. මධ්‍යම පාන්තික හා අඩු ආදායම්ලාභී පවුල් වල මෙය බොහෝ දක්නට ලැබේ.

මේ සදහා ඔබ කල යුතු දේ

ඔබ මේ සදහා කල් තියාම සූදානම් වෙන්න. ඔබේ පළමු දරුවාගේ උපතට බොහෝ කලකට පෙර මුදල් ඉතිරි කිරීම ආරම්භ කර අනවශ්‍ය වියදම් නතර කිරීම ඔබට කල හැකී.

03. නැන්දම්මා සමඟ ගැටුම්

“ලේලි සහ නැන්දම්මා” හෝ “බෑණා සහ නැන්දම්මා” අතර ඇති සම්බන්ධය පිළිබදව ඔබ නිතරම අසා ඇති. බොහෝ වෙලාවට මේ සම්බන්දය හොද සම්බන්දයක් වෙන්නේ නම් ඉතාම අඩුවෙන්. මෙම ගැටලු නිසා ඔබේ නිරෝගි කමට වගේම ඔබේ නැනදාමාගේ නිරෝගි කමටත් හානි සිදු වෙන්න පුලුවන්. මේ නිසා ඔබ සැමවිටම මෙවැනි තත්තවයන් පාලනය කර ගැනීමට උත්සහ කරන්න.

2/3ක්ම නැන්දම්මාවරුන් තම පුතාගේ බිරිඳ ගැන සෑහීමකට පත් නොවන අතර ලේලියන් තම ස්වාමිපුරුෂයාගේ මව්වරුන් කෙරෙහි නිෂේධාත්මක ආකල්පයක දරන බව 1954 දී කරන ලද පර්යේෂණයකින් හෙළි වුනේය. ඒ වගේම ලේලිය සහ නැන්දම්මා අතර ගැටලු බොහෝ ආතතියක් ගෙන දෙන ගැටළු බවත් සොයගෙන ඇත. නැන්දම්මා සමඟ ජීවත් වන කාන්තාවන්ට හෘද රෝග ඇතිවීමේ වැඩි ඉඩක් ඇති බවද පර්‍යේෂන වලින් සොයාගෙන ඇත.

මේ සදහා ඔබ කල යුතු දේ

මේ සදහා තිබෙන හොදම මෙන්ම එකම විසදුම වන්නේ ඔබ වෙනම ජීවත් වීමයි. මෙය ඔබට සමහර විට මූලයයමය වශයෙන අසීරූ වේවි. නමුත් ඇත්තෙන්ම ඔබ විවාහ වූ විගස තනිව ජීවත් වීම බොහෝ වැදගත් වෙනවා ඔබේ ජීවතය සාර්ථක කර ගැනීම සදහා. ඒ වගේම ඔබ සැමවිටම ඔබේ ස්වාමිපුර්ෂයා සමග පිලිසදරේ යේදීමට අමතක කරන්න එපා. එය ඔබේ සිත සැහැල්ලු කරාවි.

04. ඔබ මුදල් වෙනස් ආකාරයකින් වියදම් කරයි.

දික්කසාද වීමට පළමු හේතුව මුදල් සම්බන්ධ ගැටුම් බව සංඛ්‍යාලේඛනවලට අනුව හෙළි වී ඇත. විවාහයෙන් පසු ඔබට පමණක් නොවේ බොහෝ විට ඔබේ සහකරුටත් වියදම් කිරීමට සිදු වෙනවා. ඒ තමා ස්වභාවය. නමුත් සමහරක් පුද්ගලයින්ට නම් මෙය ටිකක් පීඩනයක් ගෙන දෙන දෙයක් මේ නිසා ඔවුන් අතර ගැටුම් ඇති වීම සිදු වෙනවා.

මේ සදහා ඔබ කල යුතු දේ

ඔබ මේ සදහා කල යුත්තේ ඔබේ සහකරුවා සමග ඔබේ මුලයයමය දෑ පිළිබදව සාකච්ඡ්ා කිරීමයි. ඔබ දෙදෙනම එක්ව ඔබේ මුදල් පාලනය පිළිබදව සැලැස්මක් සකසා ගන්න.

05. ඔබේ සහකරුගේ පුරුදු නිසා ඔබ කෝපයට පත් වීම.

ඔබේ විවාහයෙන් ටික කාලයකට පසුව ඔබේ සහකරුගේ හෝ සහකාරියගේ ඇතැම් පුරුදු ඔබට කරදරයක් ලෙස දැනීමට හැකිය. ඔබ විවාහයට පෙර ඔහුගේ හෝ ඈයගේ ආස කල බොහෝ දෑ විවාහයෙන් පසුව හිසරදයක් ලෙස දැකිය හැකිය. බොහෝ පුද්ගලයින්ට මෙය සිදු වෙන බව සොයාගෙන ඇති අතර මින් අදහස් වෙන් නෑ ඔබේ ආදරය අවසන් වී ඇති බව. ක්‍රීඩාවට ඇති ඇල්ම, කියවීමට ඇති ආශාව, මිතුරන් අතර ජනප්‍රියත්වය වැනි දෑ මේ සදහා නිදසුන් ලෙස ගන්න පුළුවන්.

මේ සදහා ඔබ කල යුතු දේ

ඔබ මතකයට ගත යුතුයි ඔබ මේ පුරුදු ඔබේ සහකරු හෝ සහකාරියගෙ තිබෙන බව දැනගෙනම විවාහයට ගත් බව වගේම ඔබ මේවාට ඉතාම ඇලුම් කර බව. ඔබට මේ දේවල් නිසා කෝපයට පත් වෙන අවස්ථාවල ඔබේ අවධානය වෙන අතකට යොමු කරමින් එය මැඩපවත්වා ගැනීමට උත්සහ කරන්න.

06. වැදගත් දිනයන් අමතක කිරීම

ඔබේ ආදරණීයයා ඔබේ විවාහ දිනය, ඔබේ උපන් දිනය හෝ ඔබේ පළමු හාදුව දිනය අමතක කරන්නේ කොහොමද ? එවිටනම් ඉතින් ඔබට ටිකක් කේන්ති යන්න පුළුවන්. ඒ වගේම මෙය ඔබව දුකට පත් කරන දෙයක්. ඔබ දන්නවාද? බොහෝ පරිපූර්ණ පුදගලයින්ට පවා ඇතැ,ම් දේ අමතක වෙන්න පුළුවන්. මීට හේතුව අධික වැඩ එසේත් නොමැති නම් මනසේ නිදහසක් නැති කම වෙන්න පුළුවන්. මින් අදහස් වෙන් නෑ ඔබව ඔබේ සහකරුට හෝ සහකාරියට වැදගත් නොවන බව. ජීවිතයේ වැදගත්ම දෙය වන්නේ ඔබේ සම්බන්ධතාවය මිස දින දර්ශනයේ ලකුණු නොවන බව සැමවිටම මතකයට ගන්න.

මේ සදහා ඔබ කල යුතු දේ

ඔබට ඔබේ සහකරුට මතක් කර දිය හැකී ඔබගේ පවුලේ ජීවිතයේ වැදගත් දිනයන් සහ සිදුවීම් පිළිබදව. බලාපොරොත්තු සුන්වීම වළක්වා ගැනීමට මෙය ඔබට බොහෝ උපකාරී වේවි.

07. ඔබට කම්මැලියි.

‌විවාහ ජීවතයේ හැම දිනයක්ම හනිමුන් කාලෙ වගේ සුන්දර නෑ. ටික කාලයකින ඔබට ලැබෙන මල්, හාදු, ආදර සන්ධ්‍යාවන් අඩු වෙන්න ගන්නවා. ඊට පස්සේ ඔබට ඔබේ සහකරු සමග ඒකාකාර්‍ර් ජීවතයකට කොටු වෙන්න සිදු වෙනවා. හවුල්කරුවන් දෙදෙනාගේ අපේක්ෂාවන් මෙන්ම ජීවිත අත්දැකීම් නොමැතිකම නිසා ඔබට මහා හිස්කමක් දැනීමට ඉඩ තිබෙනවා. බොහෝ යුවළයන් මෙයට සාර්ථකව මුහුණ දෙන අතරම තවත් අය මේ නිසා තමාගේ විවාහ ජීවිතය අඩාල කර ගන්නවා.

මේ සදහා ඔබ කල යුතු දේ

ඔබ ඔබේ ජීවිතය කම්මැලි කර ගන්නේ ඔබ විසින්මයි. විවාහ වුනු පුද්ගලයින්ට ආදරේ කරන කාලේ වගේ නෙමේ ඔබ දෙදෙනාට තනියම දිනයක් ගත කිරීමට යාමේදී පවා විවිධ බාධා ඇති වෙනවා. ඔබට දරුවන් සිටිය හැකී. වෙනත් මූලයයම‍ය ගැටලු තිබිය හැකී. මේ නිසා ඔබ මේ සියලු දේ කල් තියාම කලමණාකරණය කර ගත යුතුයි. ඉතින් ඔබ විවාහ වුනා කියල ඔබ දෙදෙනා ගත කරන ආදර දිනයන් අවම කරන්න එපා. ඔබට හැකි විට ඔබේ ජීවිතය විදින්න.

08. පැය 24ම එකට සිටීමත් කරදරයක්.

සම්බන්ධතාවය ශක්තිමත් කිරීම සදහා සැම විටම ආදරය කරන යුවළක් එකට සිටීම හොද‍යි කියල කියනවා. නමුත් ටික කාලයක් ගත වන විට මෙය ඇත්තෙන්ම හරිම වදයක් වෙන්නත් පුළුවන්. තම තමන්ට විවිධ විනෝදාන්ශ තිබෙනවා. මේ විනෝදාන්ශ වල නියැලීම ඇත්තෙනම වැදගත් අපගේ මනසේ නිරෝගි කම සදහා. නමුත් මීට පවා බාදා ඇති වෙන්න පුළුවන් ඔබ 24/7 ඒම එකට සිටීමේදී.

මේ සදහා ඔබ කල යුතු දේ

ඔබ ඔබේ සති අන්තය වෙන වෙනම ගත කිරීම ඇත්තෙන්ම ගැටලුවක් නෑ. හවුල්කරුවන් දෙදෙනාම අනෙකාට උනන්දුවක් නොදක්වන ඔවුන්ගේම විනෝදාංශ තිබෙනවා නම් ඒවා සිදු කර ගැනීමට මෙය බොහෝ වැදගත් වේවි. මෙය ඔබේ සම්බන්දතාවය ශක්තිමත් කරාවි.

09. නරක මිතුරන්

ඔබ විවාහ වූ පසු ඔබට අලුත් නෑදෑයෝ විතරක් නෙමේ අලුත් යාලුවොත් එකතු වෙන්න පුළුවන්. මෙහිදී ගැටලුව මතු වෙන්නේ ඔබේ මිතුරන්ට ඔබේ හවුල්කරු ප්‍රිය නොකරන විටදීය. මිතුරන් පවුලේ ජීවිතයේ වැඩි ඉඩක් ගන්නා බවත්, ඔවුන් තම ජීවිතයට අයහපත් ලෙස බලපෑ හැකි බවත් ඔබේ සහකරු හෝ සහකාරිය සිතීමට ඉඩ තිබෙනවා.

මේ සදහා ඔබ කල යුතු දේ

පවුල තුළ හොඳ සබඳතා පවත්වා ගැනීමට මිතුරන් වැදගත් බව මේරිලන්ඩ් විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරයකු වන ජෙෆ්රි ග්‍රීෆ් පවසා තිබෙනවා. ඔබේ සහකරුට වෙනත් පුද්ගලයින් සමඟ සන්නිවේදනය කිරීම ඇත්තෙන්ම අවශයය දෙයක්. මේ නිසා හොද මිතුරෙකු ආශ්‍රය කිරීමේ කිසිදු නරකක් නැත.

ඔබ මතක තබා ගත යුතු එක් දෙයක් තිබෙනවා ඔබ ඔබේ ආදරණීයවාව විවාහ කර ගත්තත් ඔබට ඔවුන්ව තම යටතට මුළුමනින්ම ගත් නොහැකිය. ඔබේ සහකරුවාගේ අවශයයතා වන් ආශාවන් පිලිබදවත් ඔබ සිතිය යුතු වේ

10. ඔබට විවිධ නිදි පිළිවෙත් ඇත.

උදේ පාන්දරින්ම අවදි වන, ක්‍රියාශීලී හා ශක්තියෙන් පිරි පුද්ගලයින් විනෝදකාමි පුද්ගලයින් වන බවත් සවස ක්‍රියාශීලී පුද්ගලයින් බකමුණෝ බවත් 70 දශකයේ දී විද්‍යාත්‍යින් සොයාගෙන ඇත. මේ දෙගොල්ලන්ම එක් වූ වොත් කුමක් සිදු වෙයිද ? මේ නිසා ඔබ දෙගොල්ලන් අතර විවිධ මත භේද ඇති වේවි.

මේ සදහා ඔබ කල යුතු දේ

ඔබේ සහකරු හෝ සහකාරිය නිදා සිටියදී, ඔබට පවුලට ප්‍රයෝජනවත් වන බොහෝ කාර්යයන් ඔබට සිදු කල හැකී. මෙය ඔබ දෙදෙනාම කතාබහ කර සම්මමුතියකට පැමිණි ය යුතු දෙයක්‍ වේ. මෙ‍ය ඔබේ ජීවිතයට කිසිදු බාදාවක් කර ගන්න එපා.

11. ගෘහස්ථ රාජකාරි අසමාන ලෙස බෙදී තිබීම

‌මෙය බොහෝ නිවෙස් මුහුණ දෙන ගැටලුවකි. ඔබ කෙතරම් දෑ සිදු කලත් ඔබේ ගෘහස්ථ රාජකාරි අතපසු කිරීමද සිදු නොකල යුතුය. මෙය එක් අයෙකුට පමණක් අදාළ නොවේ. දෙදෙනාම තම රාජකාරි අතපසු නොකර සිදු කිරීම වැදගත් වේ. ඔබේ දරුවන් බැලීම, ගෙවල් පිරිසිදු කිරීම, රෙදි සේදීම අදී සියලු දෑ ඔබේ බිරිදගේ රාජකාරි පමණක් බව කිසිලෙසක්ත් නොසිතන්න.

මේ සදහා ඔබ කල යුතු දේ

ඔබ ජීවත් වන විද්‍යාත්මක හා තාක්ෂණික ප්‍රගතියේ යුගයෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට උත්සාහ කරන්න. පිඟන් සෝදන යන්ත්ර, බහු කුකර්, වොශින් මැෂින් වැනි දෑ මිලට ගැනීමට ඔබට හැකී. ඔබේ බිල්පත් ගෙවීම වැනි දෑ සදහා ස්මාර්ට් දේවල් භාවිතයට ගන්න. අද වන විට පිරිමි පුද්ගලයා මෙන්ම කාන්තාවද එලෙසම මුදල් ඉපයීමට මහන්සි වන නිසා ගෙදර වැඩ කටයුතු සම සමව බෙදාගෙන ජීවිතය පහසු කර ගන්න.

12. සුළු දේවල් ගැන වාද කිරීම

හවුල්කරුවන්ගේ අතෘප්තිය උපරිමයට පැමිණි විට සෑම විවාහයකම අර්බුද ඇති වීමට පටන් ගනී. නමුත් ඇත්තෙන්ම මෙහිත් වරදක් නැතුවම නොවේ. මින් ඔබේ ජීවිත අලුත් වීම සිදු වෙනවා. ඔබේ සම්බන්ධතාවය නැවුම් කර එය නව තලයකට මාරු කිරීමට අවස්ථාවක් ලැබෙනවා මේ සුළු සුළු වාද නිසා. නමුත් මෙය සිදු වෙන්නේ ඔබේ සහකරු කරුණාවන්ත් වගේම ඔබව තේටුම් ගත හැකි පුද්ගලයෙක් නම් පමණි. එසේ නොවී ඔබේ සහකරු කේපාවිශ්ඨ පුද්ගලයෙක් නම් මෙය ඇත්තෙන්ම එසේ නොවේ.

මේ සදහා ඔබ කල යුතු දේ

ඔවුන්ගේ මතයට සවන් දීමට ඉගෙන ගන්න. ඔබේ සහකරු වෙනස් කිරීමට උත්සාහ කිරීමෙන මෙය තවත් බර පතල විය හැකිය. එකිනෙකාට සමීප පුද්ගලයන් එකිනෙකාට රිදවිය හැක්කේ ඔවුන් එකිනෙකාගේ අවදානමට ලක්විය හැකි ස්ථාන දන්නා නිසා වීම ඇත්තෙම අවසනාවකි. ඔබගේ විවාහය අර්බුදයකින් මිදීමට හැකී ඔබේ සහකරුගේ හැඟීම් වලට ඉවසීම සහ ගෞරවය දැක්වීම තුළින්.

13. ඔහු අනෙක් ගැහැණු ළමයින් දෙස බලයි.

ඔබ ඔබේ සහකරු වෙනත් ගැහැණු ළමයි දෙස බලනවා කියා කන්ස්සල්ලෙන්ද සිටින්නේ. සමහර කාන්තාවන් පවසනවා ඔබේ සහකරු වෙනත් කාන්තාවන් දෙස බැලී ඇත්තෙන්ම ඔවුන්ට බොහෝම කනස්සල්ලක් වගේම මෙය ඔබේ අනාගහේ අදූරු කරාවි යැයි ඔවුන්ට බය බව. නමුත් ඇත්තෙන්ම පිරිමි පුද්ගලයින්ට නම් තිබෙන්නේ මේ පිළිබද වෙනත් මතයක්. ඔවුන් පවසන පරිදි එසේ සිදු කලාට එය කිසිසේත්ම ඔවුන්ගේ භාර්‍යයවන් රැවටීම සදහා නොවන බවයි.

මේ සදහා ඔබ කල යුතු දේ

ඔබ නිෂ්ශබ්දව සිටීමෙන් ඔබේ සිතේ අතෘප්තිය වැඩි දියුණු වන බැවින් සැම විටම ඔබට කනස්සල්ලට පත් වන දෙයක් සිදු වූ විට එය ඔබේ සහකරුට පවසන්න. මෙය ඔබට සැහැල්ලුවක් ගෙන දේවි. සමහර විට ඔහු නරක දෙයක් ගැන නොසිතන්නට ඇති අතර එයට හේතුව ඔබේම සැකය වන්නත් පුලුවන්. මෙය මතක තබා ගන්න.

Leave a Reply

Your email address will not be published.