විවිධ රටවල පිරිමින්ගේ විලාසිතා රටාව සෑදී ඇති අයුරු

පිරිමි පුද්ගලයෙක් කොයි වගේ වෙන්න ඕනෙද කියන එක ගැන තිබෙන ප්‍රධාන අර්-ත දැක්වීම රටින් රටට වෙනස් වෙනවා. කාන්තාවන් වගේම, ගොඩක් පිරිමි අයත්, තමන්ව වඩාත් ආකර්ශනීය විදියට දකින්න පොදු රූපලාවන්‍ය ට්‍රෙන්ඩ්ස් අනුගමනය කරන්න උත්සාහ කරනවා.

ලෝකය පුරා ගොඩක් රටවල පරමාදර්ශී පිරිමින් රූපලාවණ්‍යය ප්‍රමිතිය ලෙස සලකන දේ ගැන අපි කරපු පර්යේෂණයක ප්‍රතිඵල තමයි අද අපි ඔයාට අරගෙන ආවෙ.

01. එක්සත් ජනපදය සහ කැනඩාව
VALERIE MACON/AFP/East News, Lia Toby / WENN.com/agefotostock/East News, Invision/Invision/East News

පීපල්ස් සඟරාවට අනුව, පසුගිය වසර 3 තුළ එක්සත් රාජධානියේ ආකර්ෂණීයම පිරිමින් ලෙස, Paul Rudd(Ant man), Michael B. Jordan( Black panther) හා ගායක john legend නම් කරලා තිබෙනවා.

එක්සත් රාජධානියේ හා කැනඩාවේ පිරිමින්ගෙ සුන්දරත්වය මාංශපේශී ශරීරය, දැඩිබව හා රන්වන් පාට සම මත තීරණය වෙතවා. කොහොම වුණත්, පසුගිය වසර කිහිපය තුළ, විශේෂයෙන් තරුණ පරම්පරාව අතර, androgynous පෙනුම වඩාත් ප්‍රියජනක වෙලා තියනවා.

02. ඉන්දියාව
Mary Evans/Allstar/FD/East News, Niu bo – Imaginechina/EAST NEWS, Briquet Nicolas/ABACA/EAST NEWS

ඡන්ද විමසීකමට අනුව, ඉන්දියාවේ ගොඩක්ම ආකර්ෂණීය පිරිමින් විදියට Shah Rukh Khan (Don 2), Aamir Khan (Like stars on Earth), හා Hrithik Roshan (Zindagi Na MilegiDobara) තේරී තිබෙනවා. මේ අතරින් Shah Rukh Khan ප්‍රථම ස්ථානය ලබා ගත්තත්, එයා නම් කියන්නෙ ඉස්සර එයා කැතයි කියලා ගොඩක් අය කියන්න පුරුදු වෙලා හිටියලු.

ඉන්දියාවේ නම් ලා පාට හම මගින් තමයි මේක තීරණය කරන්නෙ. රූපවාහිනියෙත් ඒක ගොඩක් ඉස්මතු කරනවා. ඊට අමතරව, ඉන්දියාවෙ ප්‍රමිතීන් ඇමරිකාවෙ ඒවට ගොඩක් ආසන්නයි: උස, මාංශපේශී , පැහැදිලි සමක් සහ හිස කෙස් වගේ දේවල් එයාලා මෙහිදී සලකා බලනවා.

03. එක්සත් රාජධානිය
Invision/Invision/East News, TOLGA AKMEN/AFP/East News

2021 ඡන්ද විමසීමකට අනුව, එක්සත් රාජධානියේ වඩාත් ආකර්ෂණීය මිනිසුන් ලෙස Tom Hardy (Inception), Richard Madden (Game of Thrones) දෙන්නට වැඩි ඡන්දයක් හම්බුණා.

පර්යේෂණ දත්ත අනුව බ්‍රිතාන්‍ය ජාතික පිරිමින්ට කාර්යශූර ඇඟක්, දුඹුරු ඇස්, තද දුඹුරු හිසකෙස් සහ මුහුණේ ‍රැවුල තිබෙනවා. ඇත්තටම, රැවුල ඇති පිරිමින් රැවුල නැති පිරිමින්ට වඩා 60%කට වඩා ආකර්ෂණීය බවත් ඔවුන් සොයාගෙන තියනවා.

04. පිලිපීනය
© josh_cullen_s / Instagram© aldenrichards02 / Instagram

පිලිපීනයේ වඩාත්ම ආකර්ශනීය පිරිමින් ලෙස SB19 පිරිමි කණ්ඩායමේ Josh Cullen Santos සහ නළු Alden Richards (Imagine You & Me) තේරී තිබෙනවා.

පිලිපීනයේ රූපලාවන්‍ය ප්‍රමිතිය වෙනස් වෙලා වගේම පිරිමින් එයාලගෙ පෙනුම ගැන බොහෝ සැලකිල්ලක් දක්වනවා. ඒ නිසා එයාලා ෆේෂල් කර ගන්න රූපලාවන්‍යාගාර වෙත යනවා. ඒ වගේම තද පාට හිසකෙස් තිබීම, අවම වශයෙන් 5’9“ උස, සහ වැඩි “mestizo” තිබීම, එනම් සුදු පැහැයෙන් මිශ්‍ර වීමත් මේ ලක්ෂණවලට ඇතුළත් වෙනවා.

05. දකුණු කොරියාව
© bts.bighitofficial / Instagram, Everett Collection/East News

බටහිර රටවල් ගොඩක් ක්‍රීඩාශීලී පිරිමින්ට කැමතියි වගේ, දකුණු කොරියාව කෙට්ටු, androgynous පෙනුමක් ඇති ශරීරයකට (ගොඩක් කෙට්ටු නැති ගොඩක් මහතත් නැති) වැඩිපුර කැමතියි. ඒ වගේම එයාලට සිහින් මුහුණේ ලක්ෂණ, දීප්තිමත් සමකුත් තියෙන්න ඕන.

දකුණු කොරියාවේ ප්‍රසිද්ධ පිරිමි පුද්ගලයන් වුණත් මේක්අප් භාවිත කරන්න, කොණ්ඩය පාට කරන්න පසුබට වෙන්නෙ නැහැ.

06. මෙක්සිකෝව
VALERIE MACON/AFP/East News, Gilbert Flores/Broadimage/EAST NEWS

මෙක්සිකානුවන් කැමති දකුණු කොරියාවට ප්‍රතිවිරුද්ධව එනම් අතිශයින්ම පිරිමි වීමටයි. වඩාත්ම ආකර්ශනීය පිරිමි ලැයිස්තුවට නළුවන් වන Diego Boneta (Luis Miguel) සහ Ryan Guzman (9-1-1) ඇතුළත් වෙනවා.

07. ජර්මනිය
firo Sportphoto/Marcel Engelbrecht/DPA/East News, © thoreschoelermann / Instagram

පර්යේෂණයකට අනුව, ජර්මානු කාන්තාවන් එයාලගෙ පිරිමින් උස, කළු හෝ දුඹුරු කෙටි හිසකෙස් සහිත වෙනවට ගොඩක් කැමතියි. ඒ අයගෙන් ලොකු පිරිසක් තමන්ගෙ සැමියාට හැඩි දැඩි පෙනුමක් තියෙනවට කැමති බවත් පවසනවා.

පාපන්දු ක්‍රීඩක Marco Reus සහ නළු Thore Schölermann වඩාත් ආකර්ෂණීය මිනිසුන් ලෙස නම් කරලා තියනවා.

08. ඉතාලිය
Mary Evans/Allstar/Graham Whitby Boot/East News, Invision/Invision/East News

ඉතාලියේ පිරිමින් ඕනෑවට වඩා පිරිමි වීම මගින් එයාලගේ ආකර්ශනීය බව නැති කරන බව පිළිගන්නවා. ඇත්තටම, ඉතාලි පිරිමින් රෝස, දම් වගේ ගැහැණු පාටවලින් විලාසිතා කරන්න ලැජ්ජ වෙන්නෙ නෑ.

වඩාත් ආකර්ශණීය පිරිමි පුද්ගලයන් විදියට Raoul Bova සහ Giulio Berruti සැලකෙනවා.

09. ඕස්ට්‍රේලියාව
Invision/Invision/East News, face to face/FaceToFace/REPORTER/East News

ඕස්ට්‍රේලියානු පිරිමින්ගේ රූපලාවන්‍ය ප්‍රමිතිය, භෞතික ප්‍රමාණය සහ මාංශපේශී මත තීරණය වෙනවා. කාන්තාවන් එයාලගෙ ශරීරය බරින් වැඩි කියලා සලකනවා වගේ පිරිමින් එයාලා ගොඩක් කෙට්ටුයි කියලා සලකනවා. Hemsworth brothers මේ අතරින් උඩින්ම ඉන්නවා.

10. නෙදර්ලන්තය
© arieboomsmainstagram / Instagram© michielhuisman / Instagram

නෙදර්ලන්තය තමයි ලෝකයේ උසම මිනිස්සු ඉන්න රට. කාන්තාවකගේ සාමාන්‍යය උස 5’7 “(සෙ.මී. 170 ක් පමණ) හා පිරිමින් 6’0” (සෙ.මී. 173 ක්) වෙනවා. ලන්දේසි කාන්තාවන් තමන්ට වඩා උස පිරිමි සහකරුවෙක් හොයනවා.

Arie Boomsma සහ නළුවෙක් වන Michiel Huisman වඩාත් ආකර්ෂණීය ලන්දේසි පිරිමින් දෙදෙනා ලෙස නම් කරලා තියනවා. Boomsma  6’5″ ක් (සෙ.මී. 198  පමණ) Peelen, 6’1″ ක් (සෙ.මී. 185  පමණ) උසයි. සැලකිය යුතු කරුණ වෙන්නෙ මේ දෙන්නම පිරිපුන් මාංශපේශී සහ මුහුණේ රැවුල ඇති අය වීමයි.